ගේම් ඔෆ් ත්‍රෝන්ස්වල Nymeria Sand විදියට රගපාපු සහ ස්ටාර් වෝර්ස් ෆෝස්
අවේකන් මූවී එකේ පයිලට් කෙනෙක් විදියට රගපාපු Jessica Henwickව අයන්
ෆිස්ට් ටීවී සීරීස් එකේ කොලීන් වින්ග් විදියට තෝරගෙන තියෙනවා..
ගොඩක් අය කොලීන් වින්ග් ගැන දන්නෙ නැතුව ඇති.. ඒ නිසා මේ ලිපිය Colleen Wing ගැන..
නිව් යෝර්ක්වල කොලොම්බියා විශ්වවිද්‍යාලයේ පෙරදිග ඉගැන්වීම් සම්බන්ධ
මහාචාර්යවරයෙක් වන ප්‍රොෆෙසර් ලී වින්ග් සහ අසුමි ඔසාවාගේ එකම දුව කොලීන්
වින්ග්.. කොලීන් කුඩා අවධියේදිම ඇගේ මව හදුනානොගත් ප්‍රහාරකයෙක් අතින් මියයනවා.. කොලීන් හැදුණේ වැඩුණේ තමන්ගේ සීයා වෙන කෙන්ජි ඔසාවා එක්ක ජපානයේ හොන්ශුවල උතුරු කදුකර ප්‍රදේශයේ..
දෙවන ලෝක යුද්ධය නිසා කෙන්ජි ඔසාවාගේ දරුවෝ හැමෝම මියගිහින් හිටියේ.. ඒ
නිසා කෙන්ජි තමන්ගේ එකම මිණිබිරියට කුඩා කාලයේ ඉදන්ම සමුරායි සටන් කලාව
ඉගැන්නුවා..
තරුණ වියට ආවට පස්සේ කොලීන් ආයෙත් ඇමරිකාවට එනවා.. නිව් යෝක් නගරයේ තමන්ගේ පියා ජීවත් උන නිවසේම කොලීනුත් පදිංචි වෙනවා..
මෑන්හැටන්වලදි වෙඩි තියාගැනීමකට මැදිවෙන කොලීන්ව පොලිස් නිලධාරිනියක් වෙන
Misty Knight බේරගන්නවා.. මේ දෙන්නා පස්සේ හොදම යාළුවෝ බවටත් පත් වෙනවා..
අපි දැනටමත් දන්නවා ලූක් කේජ් ටීවී සීරීස් එකේදි මිස්ටි නයිට් විදියට Simone Missick රගපානවා කියලා..
අයන් ෆිස්ට් ටීවී සීරීස් එකේදි කොලින් වින්ග් සහ මිස්ටි නයිට්ගේ කණ්ඩායම
වෙන Nightwing Restorations, Ltd හෙවත් ඩෝටර්ස් ඔෆ් ඩ්‍රැගන් ටීම් එක
දකින්න පුළුවන් වෙයි..
මේ කණ්ඩායම හැදෙන්නේ මිස්ටි තමන්ගේ නැති උන අත
වෙනුවට බයොනික් ස්ටීල් ආර්ම් එකක් දාගත්තට පස්සේ කොලීන් වින්ග් එක්ක එකතු
වෙලා පුද්ගලික විමර්ශක සමාගමක් පටන් ගන්නවා.. මේ සමාගමේ නම Nightwing
Restorations, Ltd..
අයන් ෆිස්ට්ගේ ප්‍රධානම සතුරෙක් වෙන ස්ටීල්
සර්පන්ට් එක්ක සටන් කලාට පස්සේ තමයි මේ දෙන්නට ඩෝටර්ස් ඔෆ් ඩ්‍රැගන් නම
ලැබෙන්නේ.. ඒ නිසා අයන් ෆිස්ට් ටීවී සීරීස් එකේ ප්‍රධාන සතුරා ස්ටීල්
සර්පන්ට් වෙන්න පුළුවන්..
කොලීන්ගේ තාත්තා ලී වින්ග් හාමුදුරු නමකගෙන් දැන ගන්නවා අයන් ෆිස්ට් එන්නේ
කන් ලන්වල ඉදන් කියලා.. අයන් ෆිස්ට් නිව්යෝර්ක්වලට එන කාලය ගණනය කරලා
කොලීන්ව යවනවා අයන් ෆිස්ට් හම්බෙන්න.. කොලීන් සහ ප්‍රොෆෙසර් වින්ග් අයන්
ෆිස්ට්ගේ හොද යහළුවො බවට පත් වෙනවා..
වරක් කොලීන්ව පැහැරගත්ත මාස්ටර්
ඛාන්, ඇන්ගර් ද ස්ක්රීමර් ලවා අයන්ෆිස්ට්ව මරන්න කොලීන්ව බ්‍රේන් වොශ්
කරනවා.. අයන්ෆිස්ට් කොලීන්ව බේරගන්න ආවාම කොලීන් අයන්ෆිස්ට්ට පහර දෙනවා..
අයන්ෆිස්ට් කොලීන්ගේ මනස එක්ක සම්බන්ධ වෙලා ඇන්ගර්ගේ බලපෑමෙන් කොලීන්ව
මුදවගන්නවා..
කොලීන් සමුරායි සටන් කලාවේ ප්‍රවීණයෙක්.. ඒ වගේම
කොලීන්ට zen සමාධියට ඇවිත් තමන්ගේ සුවවීම වේගවත් කරගන්න පුළුවන්.. ඒ එක්කම
තමන්ගෙම chi පාලනය කරන්නත් පුළුවන්..
chi කියන චීන වචනයේ තේරුම පවත්නා ජීවය.. චී කියන එක කයි, පර්නා කියන නම්වලිනුත් හදුන්වනවා..
විශ්වයේ හැමදෙයක්ම තුළ හා හරහා ගමන් කරන මූලික ජීව ශක්තිය විදියට මූලිකව
හදුන්වන්න පුළුවන්.. ස්ටාර් වෝර්ස්වලදී ෆෝස් යනුවෙන් හදුන්වන්නෙත් මේ චී
ශක්තියමයි.. මේ චී ශක්තිය බොහෝ විට යොදාගැනෙන්නේ සුවකිරීම් සහ ජීවය ලබා
දීමට.. චී ශක්තිය යොදාගෙන භෞතික හැකියාවනුත් වැඩි දියුණු කරගන්න පුළුවන්..
චී ශක්තියෙන් පහරදීමත්, චී ශක්තිය වෙනත් ශක්තීන්ට පරිවර්තනයත් බොහෝ
ප්‍රබන්ධ කතාවල දකින්න පුළුවන්..
kungfu panda 3 එකේ තනිකර සීන් එක යන්නෙ චී එක ගැනනෙ.
ReplyDelete