''Meet the New Boss'' - Recap & Review
*** >> Spoiler Alert << ***
- Spoilers Everywhere.. Read at Your own Risk
මුලින්ම පහුගිය දවස් ටිකේ අසනීපෙන් හිටපු නිසා review වැඩේ පරක්කු වුණාට සමාව ඉල්ලනවා. Ghost Riderගේ ආගමනයත් එක්ක Agents of S.H.I.E.L.D. කථාමාලාව දැන් දැන් හොඳ ජනප්රියතාවයකින් යුතුව විකාශනය වෙන්නට පටන් අරන් තියෙන්නේ. ඒ වගේම ඔන්න අද ඉදන් review එක පොඩ්ඩක් වෙනස් විදියට ගේන්න හිතුවා. දිගටම මේ අලුත් විදියට review එක ගේන එක හොදයිද නැද්ද කියලා අදහස් පළකරන්න කියලා ඉල්ලන ගමන්ම කෙලින්ම කථාවේ සිදුවීම් වලට යමු...
The Good
1 - The opening scene
මේ පාර season එක ටිකක් dark theme එකට බරවෙලා තමයි පටන් ගත්තේ. ඒ ගතිය මේ episode එකෙත් අපිට දකින්න ලැබෙනවා. කථාව පටන් ගන්න මිනිත්තු කිහිපය නිකන් horror movie එකක් වගේ කියලයි මට නම් දැනුනේ. අපි ගිය පාර episode එකෙ දැක්ක ghost තමයි මේ පාර episode එකේ ආරම්භක අවස්ථාවෙන් දකින්නේ. පේන විදියට නම් මෙයා මොනවා හරි/කාව හරි හොයනවා වගේ. මේ ghostගේ සිද්ධියෙන් පස්සේ Robbie Reyes Hell Charger එක සූදානම් කරගෙන වැඩට යන්න ලෑස්ති වෙන රූප පෙල දක්වා යන කොටස දකිද්දී Supernatural කථාව මතක් වුණේ කාටද?
2 - The big Doctor Strange connection
Agents of S.H.I.E.L.D. කථාමාලාව Marvel Cinematic Universe එකේ movies එක්ක සම්බන්ධ වෙනවා කියන එක Marvel රසිකයෝ හැමෝම දන්නවානේ. ඔන්න මේ පාර November 4 වෙනිදා ලොව පුරා ප්‍රචාරය වීමට නියමිත Doctor Strange movie එකත් එක්ක AOS කථාව සම්බන්ධ වෙන්නයි හදන්නේ. ඒකට ලොකුම ඉඟිය මේ episode එකේදී අපිට අහන්න ලැබෙනවා. ඒ තමයි Drakhold කියන පොත. මේ ගැන මේ ලිපියේම ඉදිරියට විස්තරාත්මකව කරුණු සඳහන් වෙනවා.
3 - Daisy is Using her Powers
ගියපාර season එකේ අපි දැක්කා Daisy තමන්ගේ powers use කරලා පියාඹන විදිය. ඒක පියෑඹීමකට වඩා මතුපිට පෘෂ්ඨයෙන් ඉහළට පැනීමක් හැටියටයි සඳහන් කරන්න වෙන්නේ. ඔන්න මේ season එකෙත් අපිට Daisy powers use කරන විදිය හොඳින් බලාගන්න පුළුවන්. Powers use කරනකොට Daisyගේ අතේ ඇතිවන ආබාධයත් එක්ක comic වලදී අපිට දකින්න ලැබෙන Quakeගේ ලොකු gauntlet බලාගන්න ලැබේවි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.
4 - Team Fitz and Mack
Season 2 වලදී Fitz මානසිකව අවුල් ගිහින් ඉද්දී Fitzව යථා තත්වයට ගන්න උදව් කරපු කෙනා තමයි Mack කියන්නේ. ඔන්න සෑහෙන කාලෙකට පස්සේ Mack සහ Fitz දෙන්නට එකතුවෙලා වැඩ කරන්න අවස්ථාවක් ලැබෙනවා. මේ වගේම Bobby Hunter දෙන්නාවවත් ආයෙ ගෙන්නුවානම් තමයි වටින්නේ.
5 - Shotgun-Axe is back!!
Agents of S.H.I.E.L.D. Season 2 වලදී ජනප්‍රිය වෙච්ච දෙයක් තමයි Mackගේ Shotgun-Axe එක. ගිය Season එකෙත් අපි Shotgun-Axe එක දැක්කා. මේ පාරත් Mackගේ signature weapon එක වෙලා තියෙන්නේ මේ Shotgun-Axe එක තමයි. පේන විදියට නම් Shotgun-Axe එකට upgrade එකක් ලැබිලා වගේ. ඒ කියන්නේ දිගටම මේ Season එකේ අපිට Mack Shotgun-Axe එක use කරනවා බලාගන්න පුළුවන් වේවි.
6 - The new director is Inhuman
මෙන්න මේක තමයි episode එකේ කාටවත්ම හිතාගන්න බැරිවෙච්ච සිද්ධිය. කවුද හිතුවේ SHIELD එකේ Director Inhuman කෙනෙක් වේවි කියලා. ඒ වගේම අපිට මේ කෙනාගෙ බලයන් ගැන අදහසක් ලබා දෙන්නත් මේ episode එක සමත් වෙනවා. ඒ වගේම මෙයාගේ නමේ කොටසක් [Jeffrey] අහන්නත් ලැබෙනවා. Agent May අපේ අලුත් Directorට අසිහියෙන් පහර දෙද්දී ඒ පහරවල් එකකින්වත් Jeffreyට රිදෙන බවක් නම් පෙණුනේ නැහැ. අසීමාන්තික කාය ශක්තියක් සහ දරාගැනීමේ හැකියාවක් මොහුට තිබෙන බවයි පෙනෙන්නේ. ඒ වගේම මෙතනදී අපිට දැනගන්න ලැබෙන තවත් වැදගත් කරුණක් වන්නේ Coulson Director තනතුරෙන් උවමනාවෙන්ම ඉවත්වී ඒ සඳහා බලයන් සහිත කෙනෙක් යෙදවිය යුතුයි යැයි තීරණය කළ බවයි. ඒ කියන්නේ Sokovia Accords එක තවදුරටත් SHIELD එක තුළ බල ගැන්විය යුතුයි කියන මතය ඔහු තුළ පවතිනවා කියන එකද?
7 - The Badass Ghost Rider
AOS කථාමාලාවේ දැනට ජනප්‍රියම චරිතය සහ දැනට බලගතුම චරිතය තමයි Robbie Reyes aka Ghost Rider. මෙයාගෙ වැඩ කිඩ ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. ඔන්න මේ පාර අර ඉන්න Ghostලා එක්කෙනෙක් එක පාරින්ම අළු කරලා දානවා. මේ නිසාම අලුත් Ghost Rider series එකක් හැදෙන්නත් ලොකු ඉඩක් තියෙනවා.
The Bad
1 - Jemma is giving tours
මම නම් හිතන්නේ මේක නොසිදුවිය යුතු දෙයක් කියලයි. SHIELD එකේ හොඳම විද්‍යාඥවරියක් මේ විදියේ guide කෙනෙක් කරන එක මෝඩ වැඩක්. ගිය season එකේ අපි දැකපු adventurous Simmonsව මේ Season එකේත් දකින්න ලැබෙන එකයි හොඳ. කොහොම හරි ඊලඟ episode වලදිවත් Simmonsට සුදුසු විදියේ රාජකාරි ලැබේවි කියලා අපි හිතමු.
2 - Agent May's situation
මට හිතෙන හැටියට නම් Agent May කියන්නේ ලේසියෙන් ග්‍රහණයට ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ නිසා මේ storyline එක Agent Mayට ගැලපෙන්නෙ නැති අවස්ථා ගොඩයි. කොහොම හරි මේ දේ ඉවර කරලා Mayව යථා තත්වයට ඉක්මනටම අරගෙන කලින් season වල අපි දැක්ක badass Mayව ඉස්මතු කරාවි කියලා. ඒ වගේම අන්තිමට අපිට දකින්න ලැබෙන්නේ politiciansලා පිරිසක් සමඟ එකම jet එකේ Agent Mayව ගැටගසා යවන බවයි. SHIELD එක ආයෙත් නමක් හදාගෙන එන්න යනවා නම් ඇයි මේ වගේ risk එකක් ගන්නේ?
The Questions
1 - Will Quake and Ghost Rider help each other?
Episode එක අන්තිමට අපි දකිනවා Robbie Daisyට මේ වෙන දේවල් ගැන කියන්න තීරණය කරන බව. මේ හැමදේම සම්බන්ධවෙන හැටි ගැන තමයි මේ කියන්න හදන්නේ. ඒත් මේ දෙන්නා ගන්න actions අතින් දෙන්නා මාවත් දෙකක ඉන්න නිසා දෙන්නාගේ එකතුවීම කොච්චර සාර්ථක වෙයිද කියලා කියන්න අමාරුයි. ඒත් Season එක ඉවර වෙනකන්ම Ghost Riderව බලන්න ආස නිසා Robbie SHIELD එකත් එක්ක එකතු වෙනකන් බලන් ඉන්නේ මං විතරද?
2 - Who is “he?”
අර Ghostලා තුන්දෙනා එකතුවෙලා කතා කරන වෙලාවේ හැමවෙලේම ''he'' කියලා කථා වෙනවා. ''What did he do to us?'', ''He has to pay'' මෙහෙම කියන්නේ කා ගැනද? Ghost Rider ගැනද? නැත්නම් වෙන කෙනෙක් ගැනද?
3 - They’re going to save May, right?
Ghostලාගේ ඊලඟ ගොදුර වුණේ Agent Mayයි. දැනට තියෙන තත්වයන් එක්ක Mayගේ තත්වය බරපතලයි වගේ. මේ season එකේදී Agent May කියන්නේ peak character එකක් නෙවෙයි වගේ. ඒත් Mayගේ අත්දැකීම් සහ හැකියාවන් එක්ක බලද්දි ඒ වගේ කෙනෙක් නැති කරගන්න එක SHIELD එකට ලොකු පාඩුවක් වේවි.
The Marvel-ous Connections
1 - Canelo’s Auto Body
කලින් episode එකෙත් අපිට Canelo’s Auto and Body service එක ගැන දකින්න ලැබුණා. මේ පාර අපිට කෙලින්ම නමම අහන්න ලැබෙනවා. All-New Ghost Rider comic series එකේදීත් Robbie Reyes වැඩ කරන්නේ මේ ගරාජ් එකේයි.
2 - Till your Uncle will pick you up
මෙතනදී කියවෙන්නේ Robbie Reyesගේ මාමා නොහොත් Elias Morrow ගැනයි. Comic වලදී Robbie Reyesගේ Dodge Charger එකට අරක්ගත් හොල්මන බවට පත්වන්නේ මියගිය Elias Morrowයි. ඒත් SHIELD කථාමාලාවේදී මේක කොයි ආකාරයට වේවිද කියලා කියන්න අමාරුයි. ඒත් මෙතනදී Elias Morrow ගැන Daisy කියපු එකත් වටිනවා.
3 - Jeffrey
අපිට මේ Jeffrey කියන නම Marvel Comics වලදී හම්බෙන්නේ තැන් කිහිපයකදීයි. එතනින් විශේෂම කෙනා තමයි Jeffrey Mace කියන නම. Jeffrey Mace කියන්නේ Patriot කියලා comic වල හමුවෙන කෙනාටයි. මේ කෙනා Captain Americaට ගරු කරා නිසාම දෙවන ලෝක යුද්ධයේදී vigilante කෙඑක් විදියට නාසි හමුදාව සමඟ සටන් කර තිබෙනවා. ඒ වගේම කිහිප වරකම Captain Americaව බේරා ගන්නටද සමත් වනවා. මේ නිසාම සමහර අවස්ථාවලදී මෙයාව Captain America ලෙසද හදුන්වාගෙන දී තිබෙනවා. AOS කථාමාලාවේදී නම් අපිට මෙයා දැන්ම Patriot වේවි කියලා හිතන්න අමරුයි ඒත් ඉස්සරහට ඒ දේවල් සිදු වෙන්නත් පුළුවන්.
4 - Tobias Ford
Thor: The Dark World චිත්‍රපටියට අනුරූපව විකාශනය වුණු Agents of S.H.I.E.L.D. Season1 වලදී අපිට මේ Tobias Fordව හමුවෙනවා. Thor: The Dark World චිත්‍රපටියේදී dimensions මාරු වෙන සිදුවීමේදී බලපෑමක් වෙලා මෙයාව dimensions දෙක අතර සිරවෙනවා. මේ නිසා මෙයාව පේන්නෙ නෑ. මේ season එකේදී ghostsලා හමුවුණු විට Jemma, Tobiasව මතක් කරන්නේ මේ අය හොල්මන් නෙවෙයි කියලා පවසන්නයි.
5 - Peggy Carter
අපි හැමෝම දන්නවා Agent Carter series එක cancel වුණා කියලා. මේ නිසාමද දන්නෙ නෑ Coulson එක තැනකදී කියනවා “there’s so many stories that were never recorded” කියලා. ඒ කියන්නේ Marvelලා Agent Carter series එක තව ගෙනියන්න හිතන් හිටියත් fan base එක අඩු නිසා ඒක නවත්තන්න වුණු බව කියන්න මේ වාක්‍යය යොදාගත්තා කියලයි මට නම් හිතෙන්නේ.
6 - The Darkhold
මේ හැම සිදුවීමකටම මුල මේ පොත කියලයි මට හිතෙන්නේ. මේ Darkhold කියන පොත නිර්මාපණය කරන්නේ Chthon කියන Archdemon විසිනුයි. මේ පොත විනාශ කළෑ නොහැකි කඩදාසි වර්ගයකිනුයි තනා තිබෙන්නේ. තමන් දන්නා magic සියල්ලම Chthon විසින් මේ පොතේ අඩංගු කර තිබෙනවා. Chthonගේ කථා පුවතේදී ඔහු විසින් මායාකාරියන්, werewolves වගේ මායාවන් හා සම්බන්ධ ජීවීන් නිර්මාණය කොට තිබෙනවා. මේ නිසාම මේ පොතේ අඩංගු වෙන මායා බලයන් භාවිතා කරන ඕනෑම කෙනෙක් Chthonට පාලනය කරන්නටද හැකියාව ලැබෙනවා. මේ නිසාම Doctor Strange සමඟ ආරවුල් කිහිපයකටම Chthon පැටලී තිබෙනවා. ඒ හේතුවෙන් comic වලදී Chthonව මරා දමන්නට ආසන්න වන අවස්ථාද බොහොමයි.
මේ පොත භාවිතා කරන කෙනෙක්ට Doctor Strangeගේ තරම් බලයක් ලබාගන්නටත් පුළුවන්. තමන්ගේ ආත්මය Chthonට ඇපයට තියලා තමයි ඒ තත්වයට පත්වන්න සිදුවන්නේ. වරක් Mephisto විසින් මේ පොත භාවිතයෙන් සියළුම අඳුරු ආත්මයන් සහ ජීවීන්ව සිරකර දමා තිබෙනවා. මේ පොත යොදාගෙන ඉදිරි episodes නිර්මාණය වෙනවා නම් මේ පාර AOS කථාමාලාව අපි නොහිතන විදියට අඳුරු කතා තේමාවක් දක්වා ගෙනයන්නත් හැකියාව තියෙනවා.
7 - Steve Rogers went AWOL
SHIELD එකේ අලුත් Director Jeffrey කියනවා Steve Rogers went AWOL කියලා. මේ කියන්නේ Captain America: Civil War Movie එකෙන් පස්සේ Cap ගැන විස්තර හොයාගන්න නැති එක ගැනයි. ඒ වගේම දැන් Captain America අතුරුදහන් නිසා සමහරවිට Jeffrey Patriot වෙන්නත් ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් මේ දෙබස Coulson එක්ක වෙන නිසා මට හිතෙන්නේ Coulson තමන්ට පස්සේ SHIELD එකේ Director බවට Capව පත්කරන්න හිතන් හිටියා කියලයි. දැන් Cap Wakandaවේ හැංගිලා ඉන්න නිසා අපේ අලුත් Directorව පත් කරන්න ඇති.
Comic reference ගොඩක් එක්ක ආපු නිසාද මන්දා මේ episode එක ගැන ගොඩක් කතා කරන්න සිදු වුණා. කොහොම නමුත් හොඳ සාර්ථක episode එකක් හැටියටයි මම මේක දකින්නේ.
Episode Score:
#SmAsHeR
elama sahoo
ReplyDelete