Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Logan Trailer Break Down

Logan Trailer Break Down
Logan Official Trailer Break Down


ඔන්න ගොඩක් අය, එනකන් බලාගෙන හිටපු ට්‍රේලර් දෙකක් ආවා.. ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි වොල්යුම් 2 සහ ලෝගන්.. අපි ලෝගන් ට්‍රේලර් එකේ නොපැහැදිළි තැන් පැහැදිළි කරගමු..
ට්‍රේලරේ බැලුවේ නැත්නම් මෙන්න ට්‍රේලර් එක බලන්න


මේ තියෙන්නේ රෙඩ් බෑන්ඩ් ට්‍රේලර් එක

ට්‍රේලර් එකේ පළවෙනි දර්ශනයෙම පෙන්නන්නේ ලෝගන්ගේ අත වෙවුලනවා.. ලෝගන් වයසට ගිහින් කියන එක ගැන පළවෙනි ඉගිය..



ඒ දර්ශනය ඇතුළෙම ප්‍රොෆෙසර් එක්ස්ගේ කටහඩ ඇහෙනවා.. 'වට් ඩිඩ් යූ ඩූ?'

ලෝගන් ෆිල්ම් එකේ ප්ලොට් එක ඕල්ඩ් මෑන් ලෝගන් කොමික් සීරීස් එකට අනුව යනවා නම්, ලෝගන් විසින් එක්ස් මෙන් ටීම් එක මරා දැමීම සම්බන්ධවද දන්නෙ නෑ ප්‍රොෆෙසර් මේ අහන්නේ..

මේ කතාව සිද්ධ වෙන කාල රාමුව 2024 කියලා සදහන් වෙලා තියෙන නිසා මේ කාල සීමාව ඇතුළේ මොනාද ලෝගන් කලේ?



මුඩුබිම් ප්‍රදේශයක ගරාවැටුණු තැනක ලෝගන් තනියම වාඩි වෙලා ඉන්න දර්ශනයක් දකින්න ලැබෙනවා..



මෙන්න අපිට ට්‍රේලර් එකේ මුල්ම වතාවට ලෝගන්ගේ ක්ලොස් අප් එකක් දකින්න ලැබෙනවා.. ඕල්ඩ් මෑන් ලෝගන් කොමික් එකේ පෙනුමට හුගාක් ආසන්නයි.. හැබැයි කොමික් එකේ කතාව ගලාගෙන යන්නේ ලෝගන් එක්ස් මෙන් කණ්ඩායම මරා දලා අවුරුදු 50කට පස්සේ..



වනාන්තරයක් ඇතුළේ කවුරු හරි(බොහෝ විට ලෝගන්) අපහසුවෙන් දිව යන දර්ශනයකට පසු ලෝගන් කනත්තකට වෙලා බොන දර්ශනයක් පෙන්නනවා.. කනත්තේ භූමදානයක් සිද්ධ වෙනවාත් අපිට දකින්න පුළුවන්.. බොහෝ විට මියුටන්ට් කෙනෙක්ගේ මරණයක් වෙන්න ඉඩ තියෙනවා..



පසුබිමින් 'ද වර්ල්ඩ් ඊස් නොට් ද සේම් ඈස් ඉට් වෝස්.. මියුටන්ට්ස් ආ ගෝන්' යනුවෙන් ලෝගන් ප්‍රොෆෙසර් එක්සේවියර්ට පිළිතුරු දෙනවා ඇහෙනවා..



ලෝගන් වයසට ගිහින් නිසා(ඩේස් ඔෆ් ෆියුචර් පාස්ට් අන්තිමටත් ලෝගන්ගේ හිස කෙස් තරමක් සුදු වෙලා තියෙනවා දකින්න පුළුවන්) හෝ 2013 වුල්වරීන් ෆිල්ම් එකේ සිල්වර් සමුරායි ලෝගන්ගේ හීලින් ෆැක්ටර් එකෙන් තරුණ වීමට උත්සාහ කල එකේ අතුරු ඵලයක් විදියට හෝ ලෝගන්ගේ හීලින් ෆැක්ටර් එක දුර්වල වෙලා.. ක්ලෝව්ස් පිටතට එනකොට සිදු වෙන තුවාළ සුව වෙලා නෑ.. කොමික් එකේ නම් ලෝගන් දිවුරනවා ආයෙත් ක්ලෝව් පාවිච්චි කරන්නෙ නෑ කියලා.. ඒ නිසාම ලෝගන් හුදකලාව ජීවත් වෙන්න උත්සාහ කරනවා වගේ පෙන්නේ..



ලෝගන්ගේ පිටේ තියෙන තුවාල සහ සුව උන තුවාලවල කැළැල් අනුව ලෝගන්ගේ හීලින් ෆැක්ටර් එක සාමාන්‍ය මිනිසෙක්ගේ තරමට ඇවිත් කියලා දකින්න පුළුවන්..



අනික් මියුටන්ට්ලා මිය ගිහින් නම් ප්‍රොෆෙසර් එක්ස් කොහොමද බේරුණේ? ගොඩාක් වයස්ගත සහ දුර්වල් ශරීරයක් ඇති ප්‍රොෆෙසර් එක්ස්ව අපිට දකින්න ලැබෙනවා..
ප්‍රොෆෙසර් ඉන්නේ මේ ලෝගන් ඇතුළට යන කඩා වැටිච්ච වතුර ටැංකිය ඇතුළෙ කියලා තීරණය කරන්න වෙන්නේ ටැංකිය පිටත තියෙන සිදුරුත්, ඇතුළෙ තියෙන සිදුරුත් සමානයි වගේ පෙනෙන නිසයි..


සමහර විට ප්‍රොෆෙසර් එක්ස් මේක ඇතුළේ ජීවත් වෙන අතරේ සෙරීබ්‍රෝ එකක් විදියට පාවිච්චි කරනවා වෙන්නත් බැරි නැහැ.. ලෝගනුත් ජීවත් වෙන්නේ ඒ අහළ පහළම වගෙයි..



ගොඩනැගිල්ලක් ඇතුළේ ගැහැණු ළමයෙක් වාඩි වෙලා ඉන්නවා දකින්න ලැබෙනවා.. මේ ඉන්නේ ලෝරා වෙන්න ඕන..

ඒ එක්කම ලෝගන් අහනවා 'වට් ඊස් ශී?' කියලා..



ලෝරාගේ මුහුණ ට්‍රේලර් එකේ පළවෙනි පාරට පෙන්නන අතරේ, පසුබිමින් ප්‍රොෆෙසර් එක්ස් කියනවා 'ශී ඊස් ලයික් යූ.. වෙරි මච් ලයික් යූ' කියලා.. ඇත්තෙන්ම ලෝරා කිනෙයි හෙවත් එක්ස් 23 ලෝගන්ගේ කාන්තා ක්ලෝනයක්.. එක්ස් මෙන් ඒජ් ඔෆ් ඇපකැලිප්ස් ෆිල්ම් එකේ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකේ පෙන්නපු විදියට මිස්ටර් සිනිස්ටර්ගේ එසෙක්ස් කෝපරේශන් එකෙන් ලෝගන්ගේ ලේ සාම්පලයක් ලබා ගන්නවා.. ඒ ලේ සාමපලයෙන් ලෝරා නිර්මාණය කරන්නේ.. මම ලෝරා ගැන වෙනම ලිපියකින් හදුන්වලා දෙන්නම්..



ආයුධ සන්නද්ධ පිරිසක් වාහන පේලියකින් එන දර්ශනයක් පෙන්නනවා.. මේ එන්නේ ලෝරා පස්සේ වෙන්න පුළුවන්..



ඊළගට මුහුණ රෙදිකඩකින් වසාගත්ත කෙනෙක් දකින්න පුළුවන්.. මේ ට්‍රේලරේ කැලිබන්ගේ ඵලමු දර්ශනය.. කැලිබන්ව අපිට එක්ස් මෙන් ඇපොකැලිප්ස් එකේදිත් මුණගැහුණානෙ.. අවට ඉන්න මියුටන්ට්ලාව හදුනාගන්න පුළුවන් මියුටන්ට්.. නළුවා නම් වෙනස්..



'ශී නීඩ් අවර් හෙල්ප්' ප්‍රොෆෙසර්ගේ කීමට බැහැ කියන්න බැරිකමට ලෝගන් මේකට මැදිහත් වෙනවා වගෙයි ඊළග දෙබස්වලට අනුව හිතෙන්නේ..



ලෝගන්ගේ පරණ ටැග් එක දිහා බලාගෙන ඉන්නවා දකින්න පුළුවන්.. ලෝගන් තමන් කලින් ජීවිතය ගතකල විදිය පිළිබද සිහිපත් කරනවා වගෙයි..



සෙබළු තැනකට කඩා වදින දර්ශනයක් දකින්න ලැබෙනවා.. මේ සබළු එසෙක්ස් එකෙන් එවපු සබළු වෙන්නත් පුළුවන්.. 



වෝ.. ඩොනල්ඩ් පියර්ස්ගේ පළමු දර්ශනය.. දැනටමත් සයිබර්නෙටික් අතක් සවි කරගෙන ඉන්නේ.. පේන විදියට පියර්ස් එන්නේ පොලිසියත් එක්ක..



ලෝරා හෙළවෙන කාමරයක බිම දිගේ අපහසුවෙන් බඩගාගෙන යන්න උත්සාහ කරන දර්ශනයක් එක්ක ආයුධ සන්නද්ධ සෙබළු චාල්ස් දිහාවට තුවක්කු එල්ල කරගෙන ඉන්නවා.. චාල්ස් ඉන්න තැනත් හෙලවෙන නිසා ලෝරා චාල්ස් දෙන්නම මේ ඉන්නේ එකම තැනක වෙන්න පුළුවන්..



වතුර ටැංකිය ඇතුළේ තියෙන ඇද මතට ප්‍රොෆෙසර් එක්ස්ව ඔසවාගෙන යන ලෝගනව දකින්න ලැබෙනවා.



ඒ වගේම ලෝගන්, ලෝරා සහ චාල්ස් සතුටෙන් ඉන්න මීඩියම් ක්ලෝස් අප් ශොට් තුනක් දකින්න ලැබෙනවා.. ඒත් ඊළගට දකින දර්ශනයෙන් මේක මේ දර්ශන තුන වගේ සතුටුදායක අවසානයක් නොවේවි කියලා හිතන්න වෙනවා..



ලෝගන් සහ ලෝරා මොකකින් හෝ(පියර්ස්ගේ කණ්ඩායමෙන්) පළා යනවා වගේ පේන්නේ.. වාහනයෙම නිදාගන්න වෙන හේතුවක් තියෙනවද?



ඊළග දර්ශනයේ ලෝරාව යටත් කරගෙන ඇයට මාංචු දාන්න හදනවා දකින්න ලැබෙනවා..



ඩෑම්න්.. ඩොනල්ඩ් පියර්ස්ගේ රීවර්ස්ලාවත් අපිට දකින්න ලැබෙනවා.. රීවර්ස්ලා කියන්නේ පියර්ස්ගේ සයිබෝර්ග් හමුදාව..



ලෝරාගේ අත් සහ බෙල්ල එකට සම්බන්ධ වෙන විශේෂ මාංචුවකින් ඇය සිර කරලා තියෙන එකෙන් ඇය කොයිතරම් භයානකද යන්න ඉස්මතු කරලා පෙන්නනවා..



තුවාල වේදනාව ගැනවත් නොහිතා ක්ලෝව්ස් පිටතත ගන්න තරම් ලෝගනව කේන්ති ගස්සවන දේ මොකද්ද?



වුල්වරීන් ඊස් බැක්.. වුල්වරීන් සුපුරුදු විදියට සටනට එළඹෙන විදිය දකිනකොට එන මෙව්වා එක.. :'(



ලෝරා තවම ළාබාල ගැහැණු දැරිවියක් උනත් ඇය මේ වෙනකොට ගොඩක් සටන් ක්‍රම සහ උපක්‍රම දන්න ආයුධයක්.. ඒ වගේම මෙතන ඇගෙන් පහර කන පොලිස් සෙබළුන්ගේ කමිස අත්වල තියෙන මෙක්සිකෝවේ කොඩිය දැක්කාම ඇය ඉන්නේ (බොහෝ විට ලෝගන් සහ චාල්ස් ඉන්නෙත් මෙතනම වෙන්න පුළුවන්) මෙක්සිකෝවේ කියලා නිගමනයකට එන්න පුළුවන්..



මේ ඔළුව පිටිපස්සෙන් අල්ලගෙන ඉන්නේ කැලිබන්වද? සමහර විට ලෝරාව හොයන්න, කැලිබන්ව බලෙන් යොදවලා වෙන්නත් පුළුවන්..



ලෝගනුත් කලින් චාල්ස් සහ ලෝරා හිටපු සෙළවෙන කුටියේ හෝ ගොඩනැගිල්ල ඇතුළේ ඉන්නවා දකින්න පුළුවන්..



ලෝරා ගොඩනැගිල්ලක උඩම තට්ටුවෙ ඉදන් පනිනවා දකින්න ලැබෙනවා.. මේ ඇය මුලින්ම එසෙක්ස් එකෙන් පළා ආපු විදිය වෙන්න පුළුවන්.. බය වෙන්න එපා.. මැරෙන්නෑ.. :3

වෙපන් එක්ස් වර්සස් එක්ස් 23



ලෝරාගේ එක අතක ක්ලෝව්ස් දෙකක් සහ පාදයක එක ක්ලෝව් එකක් බැගින් තියෙන්නේ..
මෙතන ලෝගන් එක්ක සටන් කරන කෙනාගෙ අතේ තියෙන්නෙත් ක්ලෝව් දෙකක් නිසා මේ ලෝරා කියලා නිගමනයකට එළඹෙන්න පුළුවන්..
මෙතන ක්ලෝව් 3ක් වගෙත් පේනවා හැබැයි.. ක්ලෝව්වල පිහිටීමට අනුව මේ ලෝගන්ගේ පුතෙක් වෙන ඩේකන් අකිහිරෝ වෙන්නත් බැරි නෑ.. ඒත් කාස්ට් ලිස්ට් එකේ නම් ඩේකන් නෑ.. 



ඒත් ලෝරා ඇයි ලෝගන් එක්ක සටන් කරන්නේ? දෙන්නගෙම ක්ලෝව්වල මේ වෙනකොටත් ගොඩක් ලේ ගෑවිලා තියෙන්නේ.. කොමික්වලදී ලෝරාව නිර්මාණය කරන වැඩසටහනේදි ඇය ළවා කෙනෙක් මැරවීමට අවශ්‍ය වුනොත් ට්‍රිගර් සෙන්ට් නමැති රසායනයක් නිපදවනවා.. මේ රසායනයෙන් ලෝරාට තමාව පාලනය කරගැනීමට නොහැකිව ගිහින් අවට ඉන්න හැම කෙනෙක්ම මරනවා.. බොහෝ විට මේ ට්‍රිගර් සෙන්ට් එකේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්..

මෙන්න ලෝගන් පෝස්ටරේ අභිරහස විසදුණා.. ලෝරාගේ අත..


දරුණු විදියට තුවාළ ලබලා තවම සුව වෙලා නැති ලෝගන් සහ තුවාළ ලබලා සුව වෙලා ඉන්න ලෝරා..



'ලෝගන්.. යූ ස්ටිල් හෑව් ටයිම්..' ප්‍රොෆෙසර් එක්සේවියර් මේ කියන්නේ ලෝරාව ආරක්ෂා කරගෙන, ඇයව හදාවඩා ගන්න ලෝගන්ට තවමත් පුළුවන් කියන එකද? නැත්තන් තමන්ගේ කාලය ඉවරයි කියන එකද? :/

මාර්තු 3 වෙනිදට බලමු..


#ආර්කේඩ්

4 comments:

  1. Replies
    1. නැහැ.. වයසට යන වේගය අඩුයි හීලින් ෆැක්ටර් එක නිසා.. ඒත් දැන් හීලින් ෆැක්ටර් එක කලින් තරම් වේගයෙන් වැඩ නොකර නිසා සාමාන්‍ය වේගයෙන් වයසට යන්න පටන් අරන්

      Delete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න