වෙපන් එක්ස් ව්‍යාපෘතිය මගින් ලෝගන් නමැති මියුටන්ට්ගේ අස්ථි පද්ධතිය ඇඩමැන්ටියම් ලෝහ අස්ථි පද්ධතියක් බවට පත් කලාට පසුව ඔවුන්ට ඔහුව රදවා ගැනීමට නොහැකි උනා..
එහෙත් වෙනත් රහස් ව්‍යාපෘතියක් මගින් ලෝගන්ගේ ඉතිරි වී තිබූ එකම ජාන සාම්පලය යොදාගෙන ඔහුගේ ක්ලෝනයක් නිපදවීමට උත්සාහ කලා.. මෙම ව්‍යාපෘතියේ ප්‍රධානියා වූ ඩොක්ටර් මාටින් සටර්, සාරා කිනෙයි නමැති කීර්තිමත් මියුටන්ට් ජාන වෛද්‍යවරියට ලෝගන්ගේ ක්ලෝනයක් නිපදවීමේ කාර්යය භාර දුන්නා..
නමුත් ලෝගන්ගේ ඉතිරි වී තිබූ එකම ජාන සාම්පලයත් පළුදු වෙලා තිබ්බේ.. 22වරක් උත්සාහ කිරීමෙනුත් ඔවුන්ට Y ක්‍රොමසෝම ලබාගැනීමට නොහැකි වූ නිසා, කිනෙයි කාන්තා ක්ලෝනයක් හදන්න යෝජනා කරනවා.. ඒත් ඒ යෝජනාව ප්‍රතික්ෂේප වෙනවා..
නමුත් ඇය ජීව්‍ය කාන්තා ක්ලෝනයක් නිර්මාණය කරනවා.. නමුත් සටර් යටතේ හැදී වැඩුණු ඩොක්ට සැන්ඩර් රයිස් මෙයට විරුද්ධ වෙනවා.. මන්ද සැන්ඩර් රයිස්ගේ පියාව වෙපන් එක්ස් ව්යාපෘථියේදී වුල්වරීන් විසින් මරා දමා තිබූ පළිග ගැනීමට නොහැකි වේ යැයි සිතූ නිසාවෙනි..
සටර්, කිනෙයිට අවසරය දුන්නත්, රයිස්ගේ බලපෑම යටතේ කිනෙයිගෙන් අනාගතයේදි පළි ගැනීමට කිනෙයිව ක්ලෝනයේ මව ලෙස පත් කරනවා..
අවුරුදු 7ක් පුරාවට එක්ස් 23ව රදවාගෙන ඇයව ආයුධයක් කිරීමේ බලාපොරොත්තුවෙන් ඵුණු කලත්, ඩොක්ට කිනෙයි නිතරම එක්ස් 23ගේ හිතේ මනුස්සකම තියාගන්න උත්සාහ කලා..
රයිස් එක්ස් 23 ළදරු අවධියෙදිම ඇයගේ මියුටේශන් බලෙන් ක්‍රියාත්මක කෙරෙව්වා.. එමෙන්ම ඇගේ ක්ලෝව්වල ඇඩමැන්ටියම් ආලේප කලා..
එක්ස් 23 මෘදු විදියට හැදෙනවා කියලා දැනගත්තාම රයිස් ඒ වරද පැටෙව්වේ එක්ස් 23ට කරුණාවන්තව සලකපු ඇගේ සෙන්සේට.. ඒ නිසාම එක්ස් 23ට නිපදවපු ට්‍රිගර් සෙන්ට් නම් රසායන සෙන්සේ මත යොදවලා පරික්ෂා කරන්න තීරණය කරනවා.. එක්ස් 23ට ට්‍රිගර් සෙන්ට් එක දැණුනු විගස ඇයව පාලනයකින් තොරව ගොස් සෙන්සේව මරා දමනවා.. ඔහු වෙනුවට කිමුරා නමැති ඝනැති සමක් හා තමන්ගේ සිරුරේ ඇනුවල තරමක පාලනයක් ඇති කාන්තාවක් යොදවනවා.. කලින් සෙන්සේගේ මරණය හේතුවෙන් කිමුරා එක්ස් 23ට තදින් හා දරුණු විදියට සලකනවා..
අවුරුදු කිහිපයකට පසුව එක්ස් 23ගේ පළමු මෙහෙයුම වෙන්නේ ජනාධිපති අපේක්ෂකයෙක්ව මරා දැමීම.. මේ විදියට නොයෙකුත් මෙහෙම්යුම් සදහා ඇයට ලෝකය පුරා තැන් තැන්වලට යාමට සිදු වෙනවා..
සාරා කිනෙයි වරක් එක්ස් 23ව ආයතනයෙන් පිටතට යවනවා ඇයගේ ඥාති දියණියක් වූ මෙගන්ව පැහැරගත් තැනින් බේරාගැනීමට.
රයිස්, සටර්ගෙන් එක්ස් 23ගේ පාලනය ඉල්ලගන්නවා. ඊට පස්සේ එක්ස් 23ට සටර් සහ ඔහුගේ පවුල මරා දමන්න රහසෙන් නියෝග කරනවා.. එක්ස් 23 සටර් සහ ඔහුගෙ බිරිදව මරා දැමුවත් සටර්ගේ පුතාව මරන්නේ නෑ..
ටික කලකට පස්සේ, රයිස් සාරා කිනෙයිව සේවයෙන් පහ කරනවා.. ඒ මොහොතේ රයිස් තමා සතුව ඇති තවත් ලෝගන්ගේ කාන්තා ක්ලෝන වර්ධනය කරමින් පවතින කුටීර කිහිපයක් පෙන්නනවා.. ෆැසිලිටි එකෙන් පිට වීමට පෙර සාරා එක්ස් 23ගේ අවසන් මෙහෙයුම ලබා දෙනවා.. ක්ලෝන කුටීර විනාශ කර රයිස්ව මරා දමන්න..
එක්ස් 23 මෙහෙයුම සාර්ථකව සිදු කලත්, රයිස් මැරෙන්න මොහොතකට පෙර සාරා ට්‍රිගර් සෙන්ට් එකට නිරාවරණය කරනවා.. පාලනයකින් තොරව එක්ස් 23, සාරා කිනෙයිව මරා දමනවා.. මරණාසන්න මොහොතෙදි සාරා, එක්ස් 23ට ලෝරා කිනෙයි නම ලබා දෙනවා..
ලෝරා සැන් ෆ්‍රැන්සිස්කෝවට ගිහින් සාරාගේ ඥාති දියණිය මෙගන්ගේ නිවසට යන්නේ තමන් සාරාගේ දියණිය ලෙස හදුන්වා දෙමින්..
පසුව මෙගන්ගේ නිවසේදි කිමුරා සමග සටනකට පසු ලෝරා වුල්වරීන් සොයාගෙන එක්ස් මැන්ශන් එකට එනවා..
ඔහු සමග සටනට එළැඹෙන ඇය උපාය මාර්ගවලින් ඔහුව පරද්දනවා.. ඉන්පසු ඇයට එහි ඒමට සිදු වීමට හේතු පැහැදිළි කරනවා..
එක්ස් ෆෝර්ස් එක සමග දීර්ඝ ඉතිහාසයක් තියෙන ලෝරා ඇවෙන්ජර්ස් ඇරීනා එකේ දිවිගලවාගත් අයගෙන් කෙනෙක්..
වුල්වරීන්ගේ මරණයෙන් පසුව ඇය දැන් ඕල් නිව් වුල්වරීන් ලෙස අපරාධවලට එරෙහිව සටන් වදිනවා..
බලයන්:
අස්ථි නියපහුරු - එක අතක දෙක බැගින් හා පාදයක එකක් බැගින් ක්ලෝව් 6ක් ඇයට තියෙනවා..
තවරණයෙන් සිදුවන සුව වීම
සුපිරි සංවේදනාවන් - ඇසීම, පෙනීම, ගද සුවද දැනීම ආදි..
වයසට යෑමේ වේගය අඩු වීම
හැකියාවන්-
නොයෙක් සටන් කලාවන් ප්‍රගුණ කර තිබීම
නොයෙක් භාෂාවන් උගෙන තිබීම
දුර්වලතාවයන්-
ට්‍රිගර් සෙන්ට් එකට නිරාවරණය වූ පසු ඇයට තමාව පාලනය කරගත නොහැකි කෝපයක් ඇති වෙනවා.
Niyamayi.
ReplyDeleteඑළz!
ReplyDeleteඑළම..
ReplyDeleteMarvel's Moon knight ගැන විස්තරයක් දාන්න පුළුවන්ද මචන්..
Blade ganath mokak hari post ekak denna machan....
ReplyDelete