Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

justice league Trailer breakdown

justice league Trailer breakdown

 justice league Trailer breakdown


සයිලන් එකෙ හිටියා ඇති වගෙ දැන්,ඉතින් සුපුරුදු පරිදි justice league ට්‍රෙලර් breakdown Analysis එක අරන් ඔන්න #MiGhTy_Thor ආවා. 

ෆ්‍රේම් බයි ෆ්‍රේම් නොවුනත් මේ දක්වන කරුණු ගොඩක් වැදගත් වෙයි කට්ටියට.මුලින්ම කියන්න ඔනෙ මේ මූවී එක බේස් කරන් තියෙන්නෙ justice league ඔරිජින් එක,ඔරිජින් ස්ටෝරි එකම නොවුනත් ඒ හා සමානව යනවා ඒ වගේම විලන්වත් වෙනස් කරලා,(හොද හොද එවා පස්සට දෙන්න වෙන්න ඇති ) 

Darkside ගෙ ජෙනරල් කෙනෙක්වෙන Steppenwolf.Batman vs Superman මූවී
එහෙමනම් අපි ට්‍රේලර් එක දිහාවට යමු 
එකෙ ඩ්ලිටඩ් සීන්ස් වල ස්ටෙෆන්වුල්ෆ් කියලා අනුමාන කරන කෙනෙක් පෙන්වනවා.


 ආරම්භය සටහන් වෙන්න හිම වැටෙන කදුමුදුනක අශ්වයෙක් පිට නැගි අසරුවෙක්ගෙන්.මොකක් හරි මතක් උනාද ,Drak Knight return comic එක ,අනිමේටඩ් මූවි එක එහෙම අනිවා මතක් වෙන්න ඔනෙ. 

මේ ෆ්‍රේම් එකෙන් පේන්නෙ ඇක්වාමන් ඉන්නවා කියලා බෲස් සැක කරන ධීවර ගම්මානය,ඩයනා එක්ක ඉක්මනින් ටීම් එක බිල්ඩ් කරන්නයි බෲස් ගෙ උත්සහය. 

මේ ෆ්‍රේම් එකෙන් අපිට පේනවා ඩොක්‍ටර් සයිලස් ස්ටෝන් ,ඒ කියන්නෙ වික්‍රර් ස්ටෝන් aKa සයිබෝර්ග් ගේ තාත්තා,අපි දැක්කනෙ ලෙක්ස් ලූතර් ගෙ සීක්‍රට් ෆයිල්ස් වල සයිලස් ස්ටෝන් ටෙස්ටින් වගයක් කරනවා. 

ට්‍රේලර් එකෙ හැටියට Mother Box 3ක් තියේ, එකක් Mankind,එ කියන්නෙ මානවවර්ගයා ගාව ,දෙවනි එක ඇමසෝනියන්ස් ලා ගාව ,තුන්වන එක ඇට්ලන්ටිස් වල.මොනාද මේ box වලට කරන්න පුලුවන් ?,වෙන ලෝකෙක ,වෙන ඩිමෙන්ශන් එකක Ai එකක් ද ,මේවගෙන් Boom Tubes ඔපන් කරන්න පුලුවන්ද ,ඩාර්ක්සයිඩ් ට මේවා ඔනවෙන්නෙ පෘථිවිය ආක්‍රමණය කරන්නද ?? දැවෙන ප්‍රශන් ඔවා :3.
මොන දේට උනත් කමක් නෑ ,ඩාර්ක්සයිඩ් ගෙ සොල්ජර්ස්ලා එහෙමනැත්නම් පැරාඩිමන්ස් ලා Mankind Mother Box එක හොයන් ඇවිල්ලා ඉවරයි.


ඊලගට ඇක්වාමෑන් ගේ ආගමනය,ලොකු දෙයක් නැතත් ධීවරයෙක් ව බේරගෙන එන දර්ශනයක් තමා එතන තියෙන්නෙ.
ඊලග ෆ්‍රේම් එකෙන් අපිට වික්ටර් ස්ටොන් එහෙමත් නැත්නම් සයිබොර්ග් ව වැඩිදුරටත් බලාගන්න පුලුවන් ,කියමනටත් කියනවා සයිබෝර්ග් ගේ බ්‍රේන් එක ක්වන්ටම් කම්පියුටර් එකකට සමානයි කියලා.

ඊලගට සයිබෝර්ග් බොක්ස් එකක් අතේ තියන් ඉන්නවා,සමහර විට අලුත් mother box එකක් හොයාගත්තා වෙන්නත් පුලුවන්,බැක්ග්‍රවුන්ඩ් එක බැලුවම ඒලියන්ස් යුද්ධයක වගේ පරිසරය පේන්න තියෙන්නෙ.තවදුරත් සයිබෝර්ග්ගෙ වික්‍රමයන් බලනවනම් මේ දර්ශනය අනුමාන කරන්න පුලුවන් සයිලස් ස්ටෝන් ගෙ ලැබ් එක ඇතුල වෙන සිදුවීමක් විදියට.එතන බ්‍ර්වුන් කෝට් එක ඇදන් සයිලස් ඉන්නෙ.
More of සයිබෝර්ග් Action...... මේ ෆ්‍රේම් එක ටිකක් කුතුහලය දනවන එකක්,මේ සිටිඑක මෙට්‍රොපොලිස් ද, ඒ වගෙ සමානයි,ඒ කියන්නෙ සුපර් මෑන් ???? 

බෲස් බැරීව මුණගැහෙන එක ගැන තමා මේ ෆ්‍රේම් එකෙක් තියෙන්නෙ

මෙතනදී බැරී ගමන් කරන්නෙ ස්පීඩ් ෆෝර්ස් එක තුල,සූසයිඩ් ස්කොඩ් එකෙත් අපි දැක්කා බැරී ගේ ස්පීඩ් ෆෝර්ස් එක බ්ලූ ලයිට්නින්ග් එක කීයලා,මේ මූවී එක තුල බැරි ගොඩක් වේගවත්. 

වෙල්කම්ටු ද ඇක්ශන් බැට්සී . ......
Batman Swings ....... දකින්නත් ආසයි,මේ පැරාඩීමන් ශිප් එකක ෆයිට් එක යනවා වෙන්නත් පුලුවන් ,වෙන ප්ලැනට් එකක,එත් හිතා ගන්න බැරි බැට්සි නොර්මල් හුස්ම ගන්න එක,කවුද දන්නෙ මේ ප්ලැනට් එකෙ එහම අවුලක් නෑ කියලා ... Lol 

ඇක්වාමෑන් ඉතාමත් දරුණු පහරක් එල්ල කරන්නෙ ත්‍රියිඩන් එකෙන්.එක පහරෙන් දෙන්නෙක් ඩවුන් කොමික් වලත් ඇක්වාමෑන් ඔහොම්ම තමා ආයෙ ගන්න දෙයක් නෑ ,බැක්ග්‍රවුන්ඩ් එක අනුව වෙන ප්ලැනට් එකක ඉන්නෙ සෙට් එකම.

ම්‍රෙ ෆ්‍රේම් එකෙන් වොන්ඩා නොර්මල් හියුමන්ලා එක්ක කරන ෆ්යිට් එකක්,ලොකුවටම කියන්න දෙයක් නෑ,සමහර විට සෙට්පන්වුල්ෆ් ගෙන් මදර් බොක්ස් එක රැකගන කරපු ෆයිට් එකක් වෙන්නත් පුලුවන්.

මේ ෆ්‍රේම් එකේ CGI වල අවුලක් ද මන්දා පැරාඩිමන් ගේ කොස්ටියුම් ර්ක ලෙදර් වගේ පෙන්නෙ ,මොන දේ උනත් ෆ්ලෑශ් ගේ පවර්ස් හොදටම මෙ ෆ්‍රේම් එකෙ පෙන්නලා තියනවා. 

Im rich Biaaach .... හිනාවෙලා මැරුනැහැකී මේ සිද්දියට 

JL වල බැට්වෙහිකල් 2ක් දකින්න පුලුවන් කිව්වා ,එකක් Nightcrawler , අනිත් එක Flying Fox,මේ තියෙන්නේ Nightcrawler වෙහිකල් එක,ඩයනාට බෲස් හෙල්ප් කරනව දකින්න පුලුවන් මේ ෆ්‍රේම් එකෙන්,මේ වෙහිකල් එක ඔන ස්ථානය ලගාවෙන්න පුලුවන් විදියට සකස් කරලා තියනාවා කියලයි සදහන් වෙන්නෙ ,මුලින්ම මේක හදන්න තෝමස් වේන් ඒකියන්නෙ බැට්සි ගෙ තාත්තා යුධ කටයුතු සදහා,පසු කාලෙක තමා බෲස් මේක නැවත නවීන ලෙස නිර්මාණය කරන්නෙ ලූසියස් ෆොක්ස් සමග. 

සයිබෝර්ග් ගේ අතීත කතාව ඔගොල්ලො හැමෝම දන්නවා කියල හිතනවා.

මෙන්න අපිට ඇක්වාමෑන් ගේ බිරිය Queen Mera පෙන්නනවා.හොදට බැලුවොත් එතන මදර් බොක්ස් එකක් තියෙනවා පේනවා. 

මේක ෆ්ලෑශ්බෑක් සීන් එකක් වෙන්නත් පුලුවන් ,තෙමෙස්කයිරාවෙ ඇමසෝනියන්ලගෙයි පැරාඩීමන්ස් ලගෙයි දරුණු සටනක්,ගොඩක් වෙලාවට මදර්බොක්ස් එක නිසා වෙන්න පුලුවන් ,හැමෝයට ඔනේ මදර් බොක්ස් එක ලග තියාගන්න -_-.


බැට්සිගෙ flying fox වෙහිකල් එක හොදටම පේනවා මෙතන,වොන්ඩගෙ උදව් එක්ක බැටා බරටම වැඩ.

මේ ෆ්‍රේම් එකෙ ගොර්ඩන් ගෙයි බැට්සිගෙයි හමුවක් ,මෙතනදී ගොර්ඩන් කියනවා ආයෙ කට්ටිය එක්ක බැට්සි වැඩ කරන්න ගත්තු එක ගැන සතුටුයි කියලා,සමහර විට රොබින් නිසා වෙනත් පුලුවන් එහෙම නැත්නම් කලින් BvS මූවී එකෙ සුපර් මෑන් ටීම් අප් එක ගැන මතක් කලා වෙන්නත් පුලුවන් . 

ඒ ෆ්‍රේම් එක තමා මන් මේ ට්‍රේලර් එකෙ ආසම එක , ඇක්වා බැට්සි ටීමප් එක.

එහනම් ට්‍රේලර් 1 වලින් මන් නවතින්නම් .අඩුපාඩු ඇතොත් කියන්න.
ට්‍රෙලර් 2 වලින් ඉක්මනට හමුවෙමු
මන්
 #MiGhTy_ThOr

2 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න