Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Who is the most powerful character in the DC Universe ?

Who is the most powerful character in the DC Universe ?



මුලින් ම කියන්න ඕන මේක powerful charactersලගෙ list එකක් නෙවේ. අපි අද කතාකරන්නෙ DC Universe එකේ powerfulම කෙනා කවුද කියලා. අපි එයා ගැන කතා කරන්න කලින් comparison එකක් විදිහට powerful charactersල ටිකක් ගැන බලමු මුලින්ම.

  • SUPERMAN
 Pre new 52 Superman

Post new 52 Superman

අපි හැමෝම දන්නවා Superman හෙන overpowered කියලා. ඒත් අපි හැමෝම දන්න pre new 52 Supermanවත් New 52 Superman වත් නෙවේ Dc multiverse එකේ powerfulම Superman. ඒ Title එක අයිති Cosmic Armor Superman(Thought Robot)ට. මෙයාට adapt වෙන්න පුළුවන් ක්ෂණිකව එන ඕන threat එකකට. මේක නිසා මෙයා හැම Fight එකකම අවසානයේ ජයග්‍රහණය කරනව.

 
Cosmic Armor Superman
ඊලඟට ඉන්නෙ Superman one Million( Superman Prime ) මෙයා තමා 853rd century එකේ Superman. මෙයා අවුරුදු 15 000ක් පෘථිවියෙ ඉර යට හිටිය නිසා multiverse එකේ ඉන්න අනිත් හැම superman කෙනෙක්ටම වඩා powerful. මෙයාට Kryptonian abilities වලට අමතර Reality alteration, immortality, energy absorbtion. මෙයා කලින් මැරිල හිටිය Loisට ආපහු පණ දුන්න ඒ විතරක් නෙවේ krypton ආපහු restore කරා කිසි ගේමක් නැතුව.
 
Superman One Million

  • SPECTRE
The Spectre
The Spectre එහෙමත් නැත්තන් The spirit of vengeance. Spectre කියන්නෙ the embodiment of god’s wrath. මෙයාගෙ powers ගොඩක් දුරට limitless ඒත් මේ powers නිසා මෙයාව corrupt නොවෙන්න the presence එහෙමත් නැත්තන් Dc universe එකේ God මෙයාගෙ powers limit කරලා තියෙන්නෙ. මෙයාව නිර්මාණය කරේ Eclipsoගෙ replacement එකක් විදිහට. Eclipso තමයි the spirit of god’s revenge. Spectreට තියෙන abilities ගැන කිව්වොත් මුලු දවසම කියතෑකි. ඒක නිසා අපි ප්‍රධාන ටික ගැන කතා කරමු. Flight,invisibility,teleportation,superhuman strength, speed & stamina, invulnerability, immortality, reality warping, cosmic awareness.


  • PHANTOM STRANGER
Phantom Stranger
Phantom Stranger (Judas Iscariot) ගැනත් මතක් කරන්න ඕනා. කුඩම්මාගේ සැලකිල්ල ලැබිච්ච තවත් චරිතයක්. Spectre වගේම Presence තමා PSටත් බලය ලබා දෙන්නේ. දෙවියන් වහන්සේව පාවා දෙන Judas Iscariotගේ දඩුවම වශයෙන් Pandora සහ The Question සමග අමරණීයත්වයට පත් කරනවා. Phantom Stranger වැඩ කරන්නේ සාමාන්යෙන් Presence(God) යටතේ. බලයන් අතින් Phantom Stranger සහ Spectreගේ බලයන් සාමාන්යෙන් සමානයි. ප්‍රදානතම omni බලයන් තුනෙන් එකක් වෙන omniscience බලය PS සතුව තියෙනවා. ඒ කියන්නේ ඔහු සෑම දෙයක් ගැනම දැනුමක් තියෙනවා. ඔහුට Marvel Universe එක ගැන තියෙන දැනුමෙන් මේ බව ඔප්පු වෙනවා. Time travel, Mastery over Magic, Mastery over Source Power වගේ තව ප්‍රබල බලයන් ඔහුට තියෙනවා. Phantom Stranger #5 එකේදී Spectre vs Phantom Stranger වලිය stalemate වෙන එකෙන්ම තේරෙනවා මොවුන් දෙන්නම එක ලෙවල් එහෙක හෝ ඊට සමාන ලෙවල් එහෙක බලයන් අතින් සිටිනවා කියලා.

  • LUCIFER MORNINGSTAR and MICHAEL DEMIURGOS
Lucifer Morningstar
                     
Michael Demiurgos
ඊට පස්සෙ ඉන්නෙ Lucifer Morningstar( Samael ) සහ Michael Demiurgos. මේදෙන්නා සහෝදරයෝ. මේ දෙන්නව නිර්මාණය කරන්නෙ Dc universe එකේGod එහෙමත් නැත්තන් The Presence. ඊට අමතරව presence මේ දෙන්නට තෑගි දෙකක් දෙනව. Luciferට හම්බෙනව the gift of will & fire. Michaelට හම්බෙනවා creation & demiurgic power. මේ දෙන්නටම reality warping abilities තියෙනව ඊට අමතරව දෙන්නම immortal සහ omniscience, super strength,speed, invulnerability, sonic cry, flight , acidic blood, telepathy ,

අපි මුලින්ම Michael ගැන කතා කරමු. කලින් කිව්ව වගේ මෙයාට හම්බුනෙ creation සහ demiurgic power. Demiurgic power කියන්නෙ building block එක අපි දන්න කියන හැම දේකටම. Magic cosmic primordial, time dreams මේ ඔක්ක අයිති වෙන්නෙ ඒ category එකට. මෙයාට පුලුවන් ඕන දෙයක් නිර්මාණය කරන්න out of nothingness. හැබයි මෙයාට මේ කිසිම දෙයකට shape එකක් දෙන්න බෑ ඒකට උදව් ඕන මෙයාගෙ සහෝදරයා Luciferගෙන්. මේ දෙන්නට එකතුවෙලා මුලු multiverse හිටන් නිර්මාණය කරන්න පුලුවන්.

Michael Demiurgos destroying the Spectre
Lucifer ගැනනන් ටිකක් හරි ඔයගොල්ලො දන්නව ඇති lucifer tv series එක බලනවනන්. මෙයාව the presence නිර්මාණය කරා විතරයි rebellion එකක් පටන් ගත්ත නිසා මෙයාව දිව්‍යලෝකයෙන් පැන්නුවා අපායට. මෙයා තමයි අපායෙ අධිපතියා. එහෙමත් නැත්තන් lord of hell,satan, the devil . මෙයාට බෑ එයාගෙ සහෝදරයට වගේ ඕන දෙයක් නිර්මාණය කරන්න ඒත් මෙයාට තියෙනව the will of god.ඒක නිසා එයාට පුලුවන් ඕන external force එකක් manipulate කරන්න. Luciferට පුලුවන් matter, energy ,time,dreams ,emotions මේ ඕන දෙයක් manipulate කරන්න. මෙයාට එක දෙයක් break down කරලා වෙන දේකට හරවන්නත් පුලුවන්. ඊට අමතරව මෙයාට තියෙනව lightbringer power. මේකට පුලුවන් ඕන දෙයක් විනාශ කරන්න.

මේ හැමෝම හෙන powerful ඒත් කවුද DC වල powerfulම character එක. ඒ title එක අයිති The presence එහෙමත් නැත්තන් DC universe එකේ Godට.

  • THE PRESENCE 

මෙයාතමා DC universe එක සහ multiverse එක නිර්මාණය කරන්න.මෙයාව අපිට වැඩිය දකින්න ලැබෙන්නෙ නෑ ඒත් මෙයා ගන කතා කරනවනන් අහන්න ලැබෙනව නිතරම විශෙශ්ෂයෙන්ම lucifer tv series එකේ. කොහොමහරි මෙයාව දකින්න ලැබෙන අවස්තා වලදි මෙයා වයසක මිනිහෙක් පෙනුමක් තමයි තියෙන්නෙ නිතරම කුඩක් එහෙමත් අතේ තියෙනවා. ඒත් මේ ලගදි ඉදන් බල්ලෙක්ගෙ පෙනුමකින් තමයි මෙයාව දකින්න ලෙබෙන්නෙ. මෙයාගෙ abilities කිව්වොත් immortality,reality warping,omnipresence, omniscience and much more...

The Presence in the new form

#Shazam & #PJ




No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න