DC's Legends of Tomorrow S02E01 Review

CS-lot-00
DC's Legends of Tomorrow S02E01 - Out of Time 

Spoiler Warning

CS-lot-00

එහෙනම් සැහෙන්න කාලෙකට පස්සේ ම්ම්ම්ම් මතක විදියට මාස 4කට විතර පස්සේ අයෙමත් රිවිව් වලින් මුණගැහෙන්නයි මේ ලෑස්තිය .. එහෙනම් ඉතින් DC's Legends of Tomorrow සීසන් 2 පළමු එපිසෝඩ් එක ගැන කතා කරමු.

OUT OF TIME

එපිසෝඩ් ටයිටල් එක OUT OF TIME කියල ගොඩක්ම වෙලාවට නම් කරලා තියෙන්නේ මේ දවස් කීපයේ ගොඩක් දෙනා කතාබහ වෙන time travel කියන මාතෘකාව නිසා. Out of time කියන්නේ The Flash #30-35 කොමික් කලාප වල main title එක ,ඒ වගේම The Flash සීසන් 01 එපිසෝඩ් 15 title එක උනෙත් මේක. තව හිතන්න පුළුවන් කරුණක් තමා ෆ්ලෑෂ් ගේ main villan මේ එපිසෝඩ් එකේදී අපිට දකින්න ලැබෙන නිසා මේ එපිසෝඩ් එකට ඒ නම යෙදුවා කියන කාරණාව. අනික ඔයාලට මතක නම් ඒ එපිසෝඩ් එකේ දී තමයි අපිට Eobard Thawne තමයි රිවර්ස් ෆ්ලෑෂ් විදිහට මුලින්ම හෙළිදරව් වෙන්නෙත්. 

CS-lot-01


CITIZEN STEEL

CS-lot-03

ආරම්බය සටහන් වෙන්නේ star city ඒ කියන්නේ අපේ ග්‍රීන් ඇරෝ ගේ හුඩ් එකේ city hall එක ඇතුලේ ආරක්ෂකයන්ගෙන් බේරී පලායන පුද්ගලයෙක් ගෙන් ඒ වෙන කවුරුත් නෙමේ Nathan Heywood ,හරි විදියට හදුන්වනම් Dr Nathan Heywood A.K.A "Citizen Steel" හැබැයි තාම බැලුබැල්මට සාමාන්‍ය පුද්ගලයෙක් වගෙයි පෙන්නේ නම්.

CS-lot-02



OLIVER QUEEN

CS-lot-04


Dr Nathan ඔලිවර් ට ඔයා තමා Green Arrow කියද්දී බලන්න තිබ්බේ ඔලිවර්ගේ මුණ. ඇත්තටම සීසන් 5 එකේ ඉන්න Green Arrow කොමික් වලට ගොඩක් සමාන උත්සාහ දරනවා කියලා කතාවක් තියනවා. එහෙම උනොත් සීසන් 5 එක ගොඩක් සාර්ථක වෙයි මෙදාපාර. ඔලි එහෙම නැත්නම් ස්ටෙපාන් ඇමෙල් The Flash සහ DC's Legends of Tomorrow සීරියස් ප්‍රිමියර් දෙකේම පෙනීසිටියා. මේක නිකන් හරියට Cw එකෙ ට්‍රැඩිශන් එකක් වෙලා


ALBERT EINSTEIN

CS-lot-05

මේ පාර එපිසෝඩ් එකේදී අපිට මුණගැහෙන ලේජන්ඩරි කැරැක්ටර් එක ඔව් ඔව් DC comic ලෝකේ මෙතුමා ඉන්නවා ,පලවෙනි සහභාගිවීම සිද්ද වෙන්නේ 1978 ජනවාරි මාසේ All-New Collectors' Edition Vol 1 #C-54 කොමික් එක තුලින්.

Clark Kent? 
CS-lot-06

Brandon Routh එහෙමත් නැත්නම් අපිට කලින් හිටිය සුපී,  රේ ප්ලාමර් 40 දශකයේ retro blue ෆුල් සුට් එකක් ඇදන් ඉන්නවා දැක්කම පරණ කාලයේ ක්ලාක් කෙන්ට් ව මතක් උනේ මට විතරද?
CS-lot-07



ඒ වගේම රිප් හන්ටර් .......නේවි යුනිෆෝම් එක එක ඇදගෙන ඇල්බර්ට් අයිස්ටයින් රෙස්කිව් මිශන් එකෙ නිකන් ජේම්ස් බොන්ඩ් වගෙ නෙහ් ,එතන ඇක්ශන් ටික සුපිරි ,

CS-lot-08


JSA
CS-lot-09

අවසාන වශයෙන් ....... JSA මෙම්බර්ස් ලා ගෙ පැමිනීම සටහන් වෙනවා..... මෙතනදී අපි දැක්කා කණ්ඩායමේ සාමාජිකයන් වන Star Girl, Dr Midnite, Obsidian, Vixen සහ Commander Steel. මෙතන දී දකින්න හිටියේ නැති උනත්මේ කලින් සීසන් එකේ අවසානේ දී අපිට මුණ ගැහුණු Hourman මේ කණ්ඩායමේ ඉන්නවා. චරිත ගැන විස්තරයක් නොදීම ගැන සමාවෙන්න , ලගදිම JSA මෙම්බර්ස්ලා ගැන ලිපියක් දෙන්නම්. ආයේ සතියකින් හමුවෙමු.

හිතවත් #MiGhTy_ThOr

3 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න