Marvel Universe වල Thor ගේ මිටිය උස්සපු අය ඉන්නවා. ඒ වගේම Thor ට ගහපු අයත් ඉන්නවා. ඒ අතරේ Thor ගේ මිටියෙන් Thorටම ගහපු කෙනෙකුත් ඉන්නවා. ඒ තමයි Beta Ray Bill.
Billව මුලින්ම අපිට දකින්න ලැබෙන්නේ 1983 නොවැම්බර් මාසේ නිකුත් උන Thor#337න්. Bill ගේ creator තමයි Walt Simonson.
Korbinite කියන ප්‍රභේදයේ ජීවියෙක් වෙන Bill පස්සේ කාලෙක Marvel Universe වල Omega Flight, Star Masters,Thor Corps සහ Annihilators යන කණ්ඩායම් එක්ක වැඩ කරනවා. මූලික වශයෙන් Billගේ පවර්ස් තමයි Superhuman Strength,Durability, Longevity සහ Speed කියන ටික.
Origin
Korbinit ග්‍රහලෝකය විනාශ වීමෙන් පස්සේ Bill ඇතුළු Korbinite වරුන් පිරිසක් රැගත් Skuttlebutt කියන යානය S.H.I.E.L.D.එක විසින් detect කරගන්නවා. මේ පිරිසේ තෝරාගත් Champion තමයි Bill.මේ කට්ටිය ගැන investigate කරන්න Skuttlebutt වෙත යන Thorව threat එකක් විදියට සලකලා Bill, Thor එක්ක සටනට එලබෙනවා. මෙතනදී Bill Thorට දෙනවා සිහිනැතිවෙන්න. මෙතනදී කියන්න ඕනේ Thorගේ Mjolnir එක හොදටම පාවිච්චි කරන්න තරම් Bill worthy කියලා.
පස්සේ මේ දෙන්නව Odin විසින් Asgard වලට ගෙන්නගන්නවා. මෙතනදීත් Mjolnir එකේ අයිතිය වෙනුවෙන් මේ දෙන්නා ආයි සටන් කරනවා. කියන්න කණගාටුයි Thor එතනදිත් කනවා. ඊට පස්සේ Odin විසින් Billට Thorගේ Hammer එකට ගොඩක් සමාන අලුත්ම Hammer එකක් හදලා දෙනවා Stormbreaker කියලා. මෙන්න මේ Stormbreaker එක නිසා කලින් කියපු පවර්ස් වලට අමතරව Billටත් Thorට වගේ Electric manipulation, Flight, Weather manipulation කියන පවර්ස් ටික හම්බෙනවා.
The Thanos Imperative කතාමලාවේදී Cosmo විසින් Billව Annihilators කණ්ඩායමට බදවගන්නවා.
Appearances
Billව මුලින්ම ටීවී එකේ දකින්න ලැබෙන්නේ Silver Surfer කතාමාලාවේ Innervisions කියන එපිසෝඩ් එකේදී.
ආයිත් The Avengers: Earth's Mightiest Heroes සීරීස් එකේ The Ballad of Beta Ray Bill එපිසෝඩ් එකෙත් Bill ඉන්නවා.
2010 ආපු Planet Hulk ඇනිමේටඩ් මුවි එකෙත් Beta Ray Bill ඉන්නවා.
#Lobo
thzz machooo
ReplyDeleteThanks
ReplyDeleteThanks
ReplyDelete