Arrow Season 05 Episode 02 - The Recruits
Full of Spoilers - Read at your own Risk
Full of Spoilers - Read at your own Risk
ෆ්ලෑෂ් පොයින්ට් එක රුපවාහිනී කතාවක දිග හැරෙන කාලයක, ආයෙමත් සැරයක් සුපර් මෑන් රුපවාහිනී කතාවක යන කාලෙක, ජස්ටිස් සොසයිටි ඔෆ් ඇමරිකා රුපවාහිනී කතාවක එන කාලේක මේ සේරම කතා වලට පාදක වුනු කතාව විදිහට ඇරෝ වලට තමන්ගේ තැන ආරක්ෂා කරගන්න ලොකු සටනක් දෙන්න වෙලා තියනවා. විශේෂයෙන්ම සීසන් 4 වල සිද්ධ වුනු හානිය යතා තත්ත්වයට පත් කරගෙන ඉස්සරහට යනවා කියන්නේ අභියෝගාත්මක වැඩක්. අපි බලමු සීසන් 5 හරහා මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද කියලා.
Team Arrow 2.0 Initiative
කලින් කොටස අවසාන වෙද්දී ඔලිවර් තීරණය කෙරුවා අලුතෙන් කණ්ඩායමක් පිහිටුවන්න. ඒකට එයා තෝරාගත්තේ Wild Dog, Evelyn Sharp සහ කර්ටිස්. Evelyn Sharp ව Artemis විදිහට ඉස්සරහට හදුන්වා දෙන්න නියමිත උණාට තවම ඒ ගැන කතා කෙරුවේ නැති හින්දා ඒ ගැන කතාව පස්සට දාන්න හිතුවා. Initiative එකෙන් පස්සේ අපි දැක්කේ ග්‍රීන් ඇරෝ මේ කට්ටියව ඉතාම දරුණු අන්දමෙන් පුහුණු කරනවා. තමන් පුහුණු වුනු ආකාරය ඒ විදිහටම අනුගමනය කරන්න යාමක් තමයි අපි මෙතන දී දැක්කේ. මුළු කතාව පුරාම අපි දැකපු ඔලිවර් ගේ / ග්‍රීන් ඇරෝ ගේ අහංකාර කම මෙතන දී අපිට හොදටම පේන්න තියනවා.
Bratva for Beginners
ඔලිවර් එයාගේ පුහුණුව ලබා ගන්නේ Bratva එකෙන්. කලින් සීසන් වල දී වගේම මේ පාරත් වර්තමාන කතාවට සමගාමිව අතීත කතාව ගලාගෙන යනවා. එකේ දී අපිට පෙන්නුම් කරනවා ඔලිවර් Bratva එකට බැඳිලා පුහුණු වෙන විදිහ. මෙතන දී Batman Begins ෆිල්ම් එක මතක් උනේ මට විතර ද?
AmerTek
අපිට මේ නම කලින් සැරයක් දෙකක් අහන්න හම්බෙලා තියනවා. ඒත් සෘජු මැදිහත්වීමක් වුනේ මේ පාර. කොමික් වල දී නම් මේක හමුදා උපකරණ නිර්මාණය කරන සමාගමක්. තමන්ගේ ප්‍රතිරූපය හදා ගන්න තමයි මේ ආයතනය ඔලිවර් එක්ක එකතු වෙලා ළමා සෞඛ්‍ය වැඩමුළුවක් කරන්නේ.
Lance the Drunken
අපි දන්නවා ලාන්ස් ආපහු බිමත් කමට ඇබ්බැහි වෙලා කියලා. ලාන්ස් ට සිද්ධ වුනු දේවල් වල හැටියට එකේ පුදුම වෙන්න දෙයකුත් නෑ එක අතකට. ඔලිවර් එපා කියද්දීත් තියා තීරණය කරනවා ලාන්ස් ට වගකීමක් භාර දීලා ආපහු පරණ තත්ත්වයට ගන්න. සමහරක් විට තියා මෙහෙම කරන්න හේතුව කාලයක් එයත් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටිය හින්දා වෙන්නත් පුළුවන්.
Ragman
සීසන් 4 වල දී අපි දැකපු මැජික් සහ අද්භූත ජනක අත්දැකීම් තවම ඇරෝවර්ස් එකේ තියනවා. එකට හොදම උදාහරණය තමයි Ragman. Ragman කියන්නේ DC යුනිවර්ස් එකේ ඉන්න ගොඩක් බලවත් කෙනෙක්. මෙයාගේ හැකියාව පෙන්නුම් කරන හොදම තැනක් තමයි ඉන්ජස්ටිස් කොමික් සිරිස් එක. එකේ Year 3 එහෙමත් නැතිනම් Year of Magic වල මෙයා සුපර් මෑන් ගොඩක් ලේසියෙන් අඩපන කරනවා.
ඒකට එක හේතුවක් තමයි මේ වෙලාවේ සුෆි ගේ ආත්මය ගොඩක් දුෂිත වෙලා තියන එක (මෙතන දී සුෆි ඉන්නේ සිනේස්ට්‍රෝ කෝර්ප්ස් වල පවර් රින්ග් එක දාගෙන). මෙතනින් සුෆි බේරෙන්නේ ශාසෑම් ගේ උදව්වෙන්. මොකද ශාසෑම් කියන්නේ මනසින් දුෂණය වුනු කෙනෙක් නොවුණු හින්දා Ragman ට හානියක් කරන්න බැරි වෙනවා. ඊට පස්සේ මෙයා Spectre අතින් විනාශ වෙනවා. හැබයි එක අවස්ථාවක Ragman, තවත් කිහිපදෙනෙක් එක්ක එකතු වෙනවා Spectre සමස්ථ විශ්වයෙන් මැජික් අයින් කරන්න හදන්න යන වෙලාවේ දී.
කොමික් වල දී නම් Ragman කියන්නේ Rory Regan. මෙයාගේ හැකියාවන් එන්නේ පාරම්පරිකව උරුම වෙන ඇඳුමකින්. මේ ඇඳුම සකස් වෙලා තියෙන්නේ පරණ ඉවත දාන රෙදි කැබලි එහෙමත් නැතිනම් රෙදි පාන්කඩ වලින්. මේ ඇඳුම ඇඳගෙන ඉන්න කෙනා ට පුළුවන් දුෂිත කට්ටිය ට දඩුවම් කරන්න. හරියට Spectre, Ghost Rider කරනවා වගේ. හැබැයි ඊට අමතරව මෙයාට පුළුවන් තමන් අතින් මිය ගිය අයගේ හැකියාවන් භාවිතා කරන්න.
කතාවේ දී නම් මෙයාට මේ ඇඳුම හම්බෙන්නේ එයාගේ තාත්තා ගෙන්. න්‍යෂ්ටික ප්‍රහාරය හින්දා මුළු නගරයම විනාශ වෙද්දී මෙයා විතරක් බේරෙනවා මේ ඇඳුම හින්දා. තමන්ගේ දෙමව්පියන් ඇතුළු කට්ටිය විනාශ කරපු එකට පලිය ගන්න තමයි මෙයා AmerTek එක පස්සෙන් පන්නන්නේ. මේ වෙලාවේ දී තමයි ග්‍රීන් ඇරෝ මෙයාත් එක්ක මිත්‍ර වෙන්නේ. Ragman කියන්නේ දැනට ඇරෝවර්ස් එකේ ඉන්න බලගතුම කෙනෙක් වගේම ඇරෝවර්ස් එකේ තියන ශක්තිමත්ම ආමර් එකේ වෙන්නේ මේ වෙද්දී එයාගේ Ragman Suit එක.
Felicity's Love Interest
ෆෙලිසිටි ගේ අලුත් පෙම්වතා. ඇරෝ සීසන් 4 සහ සීසන් 5 අතර කාලය තුල තමයි මේක පටන් ගෙන තියෙන්නේ. දැනටමත් මෙයා ගොඩක් ජනප්‍රියයි ඔලිසිටි කියන විනාශයෙන් ඔලිවර් බේර ගත්ත කෙනා විදිහට.
Diggle, The man with bad luck
මේ සතියේ ඇරෝ කතාව විවිධ විවිධ සිදුවීම් වලින් පිරිලා. එකට සමගාමිව කතා ගොඩක් කියන්න උත්සාහ කරනවා. ඒ අතරින් සමහරක් සාර්ථක උනාට සමහරක් ඒවාට අවශ්‍ය අවධානය ලැබුනේ නෑ. හොදම උදාහරණය තමයි ඩිගල්ස් මුහුණ දීපු අවසනාවන්ත සිදුවීම. ප්‍රධාන කතාවට අමතරව ඩිගල්ස් ගේ කතාව විතරක් තිබ්බා නම් හොදයි කියලා හිතුනාට ඒක ඉදිරිපත් කෙරුවේ ෆ්ලෑෂ් බැක් සිදුවීමක් වගේ. මේකෙන් උනේ ඒ සිදුවීමේ බරපතල කම අපිට වැඩිය දැනුනේ නැති එක. මෙතන දී අපිට දැනගන්න ලැබුණු තවත් දෙයක් තමයි Genesis Day එකෙන් අපි හිතුවට වැඩි බලපෑමක් ඇරෝවර්ස් එකට වෙලා තියනවා. භෞතික හානි වගේම මානසික වෙනස් කමුත්.
Who is the Prometheus
ඇත්තටම අපි මේ ගැන වෙනම ලිපියකින් කතා කරන්න අදහසක් තියනවා. මෙයා කවුරු වෙන්න පුළුවන් ද කියන එක. මොකද මෙයාගේ චරිතය ඇත්තටම හරිම කුතුහලාත්මකයි. මෙයාට ඕන කමක් නෑ නගරයේ ඉන්න අනිත් කට්ටිය එක්ක එකතු වෙලා ග්‍රීන් ඇරෝ ට මුහුණ දෙන්න. ඒ වෙනුවට එයා කරන්නේ මේ වෙද්දී ග්‍රීන් ඇරෝ ට ඉන්න ප්‍රධානම විරුද්ධ වාදියාට තර්ජනය කරන එක ග්‍රීන් ඇරෝ ට අත තියන්න එපා කියලා.
ඇරෝ කතාවේ දෙවෙනි කොටස ඉවර වෙද්දී අපි ඉන්නේ මේ වගේ තැනක. අපි බලමු මේ සිදුවීම් ඉදිරි කොටස් වල දී වෙනස් වෙන්නේ කොහොමද කියලා. එහෙනම් ආයෙමත් තුන්වෙනි කොටසින් මුණ ගැහෙමු.
#attila_THE_hun
thzz machooo
ReplyDeletePrometheus kiyanne Tom kiyala kiyanawa ne
ReplyDeleteSuperb
ReplyDeleteelzzz......
ReplyDelete