Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Doctor Strange Trailer 2 Breakdown

Doctor Strange Trailer 2 Breakdown
Doctor Strange - Official Trailer 2 breakdown


සෑහෙන කාලයක් තිස්සේ සෑහෙන කාර්යබහුල වෙලා ඉඳලා ආයෙ වැඩේට බැස්සා. දැන් ඉතිං ඇරියස් කවර් කරන්න තමා තියෙන්නෙ. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් දෙවෙනි ට්‍රේලරේ දාපු දවසේ ඉඳන් අද වෙනකොට සැහෙන වෙනස්කම් තොගයක්ම වෙලා. මාවල් ස්ටුඩියෝස් ලෝගෝව අළුත් වුණා, ඒජන්ට්ස් ඔෆ් ශිල්ඩ් එකට ගෝස්ට් රයිඩර් කෙනෙක් ආවා, ලූක් කේජ් පළවෙනි සීසන් එක වගේම නිව් යෝක් කොමික් කොන් වලට අයන් ෆිස්ට් ට්‍රේලරයකුත් නිකුත් වුණා. ඒ වගේම නොවැම්බර් වල ඩිෆෙන්ඩර්ස් සීරිස් එකත් රූගත කරන්නට නියමිතයි. අපි ඒ දේවල් ගැන ඉදිරියේදී කතා කරමු. මොකද දැන් ෆෑන්ස්ලා ගොඩක් කාලෙක ඉඳන් බලන් ඉන්න දේ මුලින්ම කරන්න එපැයි. අපි ආයේ පාරක් ට්‍රේලරේ බලලම වැඩේ පටන් ගමු.


The Doctor


පළවෙනි ට්‍රේලරේ වගේම අපිට මෙතනදීත් දකින්න ලැබෙනවා හොඳට ඇඳපැළඳගත් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ව. කාත් කවුරුවත් නැති කාමරයක කාගේත් ගෞරවයට පාත්‍ර, ධනවත් පුද්ගලයෙක් පියානෝ වාදනය කරමින් මධුවිත තොලගාන දර්ශනය දැක්කම අපිට තවත් බිලියනපතියෙක් මතක් වෙනවා. ඒ තමයි මේ දවස්වල MCU එකේ මානසිකව දැඩි පසුබෑමකට පත් වෙලා ඉන්න ටෝනි ස්ටාක්. කොමික් වලත් මේ දෙන්නගෙම ඔරිජින් කතාව ගොඩක් දුරට සමානයි. ධනවත්, කාර්යශුර වගේම අහංකාර වුනත් ස්ට්‍රේන්ජ් ටෝනි තරම් විනෝදකාමී කෙනෙක් නෙවෙයි. වෘත්තීය සගයින් ඇරෙන්න සැබෑ ජීවිතේදී මිතුරන් සිටියේත් නෑ. ඒ අතින් ටෝනිට නම් රෝඩි හරි ඉඳියා. ධනවත් වුනත් මේ කාමරය වගේම හිස් ජිවිතයක් ගත කරන ස්ට්‍රේන්ජ් මේ පියානෝව වාදනය කරද්දී තමන්ගේ අත් දෙකත් තමන්ට අහිමි වේවි කියලා හීනෙකින්වත් හිතන්නැතුව ඇති.

The Accident


පළවෙනි ට්‍රේලරේට සාපේක්ෂව අපිට වඩාත් පැහැදිලි දර්ශනයක් දෙනවා ඒ රිය අනතුර ගැන. කොටින්ම ඩොක් ගෙ ලම්බෝගිනියේ නම්බර් ප්ලේට් එක පවා පෙන්නනවා. මේක අනිවාර්යයෙන්ම ඊස්ටර් එග් එකක් වෙන්න ඕනේ කියලා මට හිතුනට මේකට අදාළ දෙයක් හොයාගන්න නම් බැරිවුණා. දන්නා කෙනෙක් ඉන්නවනම් ඒ ගැන සඳහන් කරන්න කියලා මං ඉල්ලා සිටිනවා.

The Nurse


මේ වෙනකොට ඩොක්ටර් ස්ට්‍රේන්ජ් චිත්‍රපටය ගැන තිබුණු අපැහැදිලි තැන්, පැටලිලි සහගත තැන් එහෙම ගොඩක් නිරවුල් වෙලා තියෙන්නෙ. Rachel McAdamsගෙ චරිතය ගැන අපි කලින් අනුමාන කරාට මෙයා Christine Palmer කියන Night Nurse චරිතය තමයි රඟපාන්නේ කියලා දැන් තහවුරු වෙලා තියෙනවා. හෝව් හෝව්, එතකොට නෙට්ෆ්ලික්ස් සීරිස් වල ඉන්න Rosario Dawsonගෙ Claire Temple චරිතය නයිට් නර්ස් නෙවෙයිද ? මෙහෙමයි, කොමික් වලදී නයිට් නර්ස් චරිත කිහිපයක්ම තිබුණා. ක්‍රිස්ටීන් පාමර් චරිතයත් ඒ කිහිපදෙනාගෙන් කෙනෙක්. ක්ලෙයා ටෙම්පල් ඒ කිහිපදෙනාට අයත් කෙනෙක් නෙවෙයි. නමුත් එයා මාවල් විසින් TV සීරිස් වලින්ම මුල්වරට හඳුන්වා දෙනු ලැබූ නයිට් නර්ස් කෙනෙක් කියලා කියන්න පුළුවන්.


කොමික්වලදී රිය අනතුරට පෙර අහංකාර හිතුවක්කාර චරිතයක් ලෙස ප්‍රකට ස්ට්‍රේන්ජ් සිය සගයන් අතරේ ප්‍රියමනාප පුද්ගලයෙක් නොවුනත් ස්ට්‍රේන්ජ් තුලත් හොඳ ගුණාංග තිබෙන බව සමහරු දුටුවා. ක්‍රිස්ටීන් ඒ අතරින් විශේෂයි. ඈ ඕනෑම අවස්ථාවකදී ස්ට්‍රේන්ජ් වෙනුවෙන් පෙනී හිටියා. මේ තියෙන්නෙත් ඒ වගේ අවස්ථාවක් වෙන්නත් පුළුවන්. අමතක කරන්න හොඳ නෑ මේ අයිරින් ඇඩ්ලර් තමයි මේ ෂර්ලොක් හෝම්ස්ගේ කතාව ෆිල්ම් එකේදී අපිට කියන්නේ කියලා. (තේරුනේ නැත්තම් පළවෙනි රිවිව් එක බලන්න).
"The reality you know, is one of Many"


ඈන්ට් මෑන් චිත්‍රපටයේදී ක්වොන්ටම් තලයට යනවා හා සමාන දසුනක් දකින්න ලැබෙනවා මෙතනදීත්. නමුත් මේ ක්ෂුද්‍ර පරිමාණයකදී නම් නෙවෙයි. එන්ෂන්ට් වන් නොහොත් පළමු සෝසරර් සුප්‍රීම්, සරලව ස්වයංක්‍රිය දොරකින් යනවා වගේ මේ කරන්නෙ අනුකල්ප යථාර්තයක් එනම් සමාන්තර ලෝකෙක දොරටුවක් විවෘත කරන එක. හැමවිටම මාවල් චිත්‍රපටිවල මැජික් සංකල්පය විද්‍යාත්මකව පැහැදිලි කරාට මෙතැනදී නම් පැහැදිලි කරන්නෙ නෑ කියලා කෙවින් ෆයිගි (Kevin Feige) පෙරදීම ප්‍රකාශ කරපු නිසා ඔයාලට වගේම අපිටත් කියන්න තියෙන්නෙ ස්ටිෆන් ස්ට්‍රේන්ජ් කියනවා වගේ "this doesn't make any sense" කියලා තමා. ඒත් එකට එන්ෂන්ට් වන් උත්තර දෙනවා..."Not everything does. Not everything has to." ! මිස්ටිකල් දේවල් වලට උත්තරය මිස්ටිකල්ම තමයි. අනාගතේදි ටෝනි ස්ටාක් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එක්ක ක්‍රොස් ඕවර් එකක් වෙනකොට නම් ටෝනිට ඒ ගැන කියන්න දෙයක් තියේවි. දෙන්නම ඉන්ෆිනිටි වෝ වලට ඉන්න නිසා මේ දේ වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ඒත් ඒ වෙද්දී මේ අයට මීට වැඩිය ලොකු ප්‍රශ්නයන් නොතිබ්බොත් නම් තමා.

Inception shit while awake and Teleportation 


"Through the mystic arts we harness energy and shape reality."
"We travel great distances in an instant."
The Book of Vishanthi ?


දම්වැල් දාලා ගැට ගහලා තියෙන පොතක් කියන්නෙ ලේසි පාසු පොතක් වෙන්න නම් කොහෙත්ම බෑ. පොත මැද්දෙන් රත්තරන් පාටට තියෙන තියෙන රවුම ඇතුලේ තියෙන රවුම නිසා අපිට මේක Book of Vishanthi කියලා අනුමාන කරන්න පුළුවන්. මේ ගැන අපි වැඩි විස්තර ඉදිරියේදී කතා කරමු.

Doctor doing Magic... would it be a Medical Miracle ?


පළවෙනි පාරට දකින්නට ලැබෙනවා ස්ටිෆන් ස්ට්‍රේන්ජ් "මැජික්" අත්හදා බැලීම් කරනවා. නමුත් මුහුණේ ඉරියව් වලින් පේන විදියට නම් බලාපොරොත්තු නොවුන දෙයක් වුණා වගේ තමා පේන්නෙ. එන්ෂන්ට් වන් සමාන්තර දොරටුව විවෘත කරද්දී ආවා වගේ ප්‍රිස්ම කෑලි මෙතනත් ආවා කියන්නේ මේකත් සමාන්තර ලෝක දොරටුවක්ද ? මේකෙදි ස්ට්‍රේන්ජ්ගේ ප්‍රතිබිම්බ විවිධ විදිහට රාශියක් පේනවා කියන්නේ මේ අනුකල්ප යථාර්ථ වල ඉන්න ස්ටිෆන් ස්ට්‍රේන්ජ්ලද ?

Seal of the Vishanthi


"There’s a strength to him."
ඊළඟට පෙන්නනවා බැරන් මොර්ඩෝ යම් කිසි සංවාදයක ඉන්නවා. ඔහුට පිටුපසින් තියෙන බිත්තියේ තියෙන සලකුණ තරමක් Seal of Vishanthi වගේ වුනාට ටිකක් වෙනස්.

Wong


"But is he ready?"
පළවෙනි පාරට අපිට දකින්නට ලැබෙනවා ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගෙ සහායක චරිතයක් වන මෙම චරිතය නිරුපණය කරන්නේ Benedict Wong විසින්. ඒ වගේම Doctor Srange Prelude කියන MCU tie-in කොමික් එක කියවපු කස්ටියට වොංව කලින්ම හම්බවෙන්න ඇති. වොංගේ චරිතය වර්තමාන කොමික් වලට අනුව වගේම චිත්‍රපටයට අනුව නම් නිකම්ම සහයක කෙනෙක්ගෙ චරිතයක් නෙවෙයි. සමහරවිට වොං Masters of the Mystic Arts කණ්ඩායමේ ඉන්න නායකයෙක් වෙන්නත් පුළුවන්.

Cloak of Levitation


prelude කොමික් එක කියවපු අය දකින්න ඇති ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට අනන්‍ය ක්ලෝක් එකක් වෙන මේක Sanctum Santorum වල ගබඩා කරලා තිබුණා.


Marvel's Shirtless Challenge


රසිකාවියෝ පෙරුම්පුරා බලාගෙනම ඉඳපු මොහොතක් තමයි මේ. කවුරුත් දන්නවනේ මාවල් ෆිල්ම් එකක් වුනාම අනිවාර්යයෙන් නළුවාගේ උඩුකය නිරුවත් මොහොතක් එනවාමයි කියලා. "ජිලට්" එකෙන් සුපුරුදු ඩොක්ටර් ස්ට්‍රේන්ජ් පොයින්ට් එක එහෙම තියලා මෑන්ස් ගේමට බහින්න වගේ යන්නෙ.

Triple Point


කලින් ට්‍රේලරේ පෙන්නුවා වගේම මෙතනදීත් පෙන්නනවා එන්ෂන්ට් වන් ගෙ නවාතැන එළියෙන් බලද්දී සාමාන්‍ය විදිහට පෙනුනත් ඇතුලෙන් වනාන්තරයක්, මුහුදක්, කඳුවැටියක් වගේ ඕනෑම තැනකට විවෘත වෙන දොරටු තියෙනවා.

The Hannibal Lecter


"Be careful which paths you travel down, Strange. Stronger men than you have lost their way."
වොං ස්ට්‍රේන්ජ් ට අනතුරු හඟවන අතරේ පළවෙනි පාරට පැහැදිලිව පෙන්නනවා දුම අතරින් එන මෑඩ්ස් මිකල්සන්ගෙ දුෂ්ඨ චරිතය. කලින් අපි Dormammu හරි Mephisto හරි වේවි කියලා අනුමාන කරත් prelude කොමික් එකේදී තහවුරු කරා මේ ඉන්නේ Kaecilius කියලා.


කොමික් වලදී මොර්ඩෝගෙ සේවකයෙක් වගේ සුළු චරිතයක් වුනාට චිත්‍රපටයේදී නම් වෙනස් විදිහේ බලවත් චරිතයක් කියලා prelude පළවෙනි කොමික් එක කියෙව්වානම් තේරෙන්න ඇති. වොං හා එක්ව සටන් කරන Masters of the Mystic Arts හි මාස්ටර් කෙනෙක් වන මොහු හතුරෙකු වෙන්නෙ කොහොමද කියලා දැනගන්න නම් ෆිල්ම් එක එනකම්ම ඉන්න වෙනවා.

New Year Fireworks ?


ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කොමික්ස් ඒ කලේ ඉඳන්ම ප්‍රකට වෙලා තිබුනේ අමුතු දෘෂ්‍ය ප්‍රයෝග වලට වගේම පිටස්තර ලෝකමය දේවල්වලට. චිත්‍රපටයේදීත් එවයෙන් අඩුවක් නම් වෙන එකක් නෑ. කෙවින් ෆයිගි කියලා තිබ්බා මේ චිත්‍රපටය යම් අවස්ථාවකදී අපට Dark Dimension එක පෙන්නාවි කියලා. කොමික්ස්වල Dimensions අතරින් ප්‍රකට Dimension එකක් තමයි Dark Dimension කියන්නේ. ඒ වගේම කෙවින් ෆයිගි මෑතකදී ප්‍රකාශ කළා ඩොක්ටර් ස්ට්‍රේන්ජ් MCU එක පුළුල්ම තලයකට රැගෙන යනු ඇති, කොමික් වල වගේම ඔහු මල්ටිපල් ඩිමෙන්ෂන්ස් මෙන්ම මල්ටිවර්ස් එක සමඟ පවා කටයුතු කරනු ඇති කියලා. මේ ඒ වගේ අවස්ථාවක් වෙන්නත් පුළුවන්.

Kaecilius Talks


දම්වැල් වලින් බැඳලා ඉන්න Kaecilius මේ ඉන්නේ සැන්ටම් සැන්ටෝරම් වල වෙන්න ඕන. මොකද මොහුගේ පිටුපසින් තරමක් Seal of the Vishanthi වලට සමානයි මෙන්ම මේ වගේ එකක් තිබ්බේ පළවෙනි ට්‍රේලරේ අග මෙන්ම පසුව නිකුත් වුණ පෝස්ටරයකත් තිබ්බා මතක ඇති. Kaecilius කියනවා මෙතැනදී "“I am Death.I am Pain" කියලා. නමුත් මේ දෙබස සංස්කරණය කරපු එකක් වගේ තාම පේන්නෙ. Kaeciliusගෙ නළලේ සහ ඔහුගේ අනුගමිකන්ගේත් තියෙන සලකුණ විශාන්ති සලකුණ නෙවෙයි. ඒ අනුව අපිට හිතාගන්න පුළුවන් මොහු තවදුරටත් ඒන්ෂන්ට් වන් ඇතුළු "හොඳ" පිරිස සමඟ නෙවෙයි ඉන්නේ කියලා.

Night Nurse at work


"You'll die protecting this world"
කියලා Kaecilius කියද්දී අපිට ක්ෂණයකදී පෙන්නනවා ක්‍රිස්ටීන් ස්ට්‍රේන්ජ්ගෙ හදවත පණගන්වන්න වගේ දරන උත්සාහයක්. ඒ කියන්නේ ස්ට්‍රේන්ජ් යේ නිව්යෝක් වලටත් එනවා කියන එක. මං හිතන්නේ ස්ට්‍රේන්ජ් තමන්ගේ ශරීරයෙන් වෙන් වෙලා ඇස්ට්‍රල් තත්වයට පත් වෙලා ඉන්නකොට ආයෙත් ශරීරයට ඇතුල් වෙන්න හදන අවස්ථාවක් වෙන්න ඕනේ.

Strange VS Kaecilius: Mystical Beatdown


ඊළඟට අපිට දකින්න ලැබෙනවා ආයෙත් අසරණ නිව්යෝක් නගරය ස්ට්‍රේන්ජ් සහ Kaecilius උඩු යටිකුරු කරවන සටන් පෙළක දර්ශන. මේපාර නම් නිව්යෝක් එක අඹරලමැ ගන්නවා වගේ. ඒත් මේක සාමාන්‍ය ඒ කියන්නේ මග්ල් මිනිස්සුන්ට පේන්නෙ නෑ. ඒ ඇයි කියලා අපි කලින් ලිපියේ කිව්වා මතක ඇතිනෙ.

Strange VS Kaecilius: Natural Beatdown


මේ නිව්යෝක්ම කියලා කියන්න අමාරුයි. කොහොමහරි නගරයක් දුවිලි කරමින් ස්ට්‍රේන්ජ් සහ Kaecilius මේ පාර සටන් කරන්නෙ අතින් පයින්. nothing like the classics කියනවනෙ ඉතින්.

Breaking the Laws of Physics


මෙතැනදී දකින්න ලැබෙනවා ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කොමික්වලට අනන්‍ය ලක්ෂණ. ඒ visually ඉතාමත් සිත්ගන්නා සුළු reality warping. ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ ඉන්සෙප්ෂන් වගේ තමා. ඒත් වෙනස මේ අය නිදාගෙන නං නෙවෙයි ඉන්නෙ. කවුරුහරි කියනවනම් මේ ඉන්සෙප්ෂන් වල කොපියක් කියලා, මට කියන්න තියෙන්නෙ 1970 ගණන්වල ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කොමික්ස් කියවන්න කියලා.

You may be cool, but not Dr. Strange suiting up cool


ක්ලෝක් ඔෆ් ලෙවිටේෂන් එකට ඇයි එහෙම කියන්නේ කියලා මේක දැක්කම තේරෙන්න ඇති. ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට පියෑඹීමේ හැකියාව ලැබෙන්නේ මේ ක්ලෝක් එක මඟින්. මේ ක්ලෝක් එකට හිතන්න පුළුවන් වගේම අයිතිකරුගේ චින්තන විධාන වලට ප්‍රතිචාර දක්වන්නත් පුළුවන්.

The One


"I spent so many years peering through time, looking… For you." කියලා ඒන්ෂන්ට් වන් කියද්දී මේ වෙනකොට ඔයාලට මෝෆියස් සහ නියෝ ව මතක් වෙන්නම ඕන. කොහොම උනත් නගරයම උඩුයටිකුරු වෙලා තියෙද්දීත් මේ දෙන්නා ඉන්න ඉරියව්ව නම් කව්රුහරි ෆොටෝ ගහන්න ඉන්නවා වගේ.

The MCU Cliche


"අපි වැද්දෝ නෙමෙයි"
ඕනෑම මාරාන්තික අවස්ථාවක් මොහොතකින් මඟහරවන්නට මාවල් ලා දක්ෂයි. ඈන්ට් මෑන් ට්‍රේලරෙත් Thomas the Tank Engine කෝච්චියෙ දර්ශනය මතක ඇති නේ. මෙතන පිටතින් පෙනෙන හාස්‍යය වගේම ඇතුලතින් ඊස්ටර් එග් එකකුත් ගැබ් වෙලා තියෙනවා. Shamballa, ටිබෙට් බෞද්ධ හා හින්දු සංස්කෘතික පුරාණයන්හි පවා සඳහන් වන කියන මේ වචනය 1986දී එළිදැක්වුණු ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කොමික් සීරිස් එකේ නම ද වෙනවා.


ඩිරෙක්ටර් ස්කොට් ඩෙරික්සන් මෙයින් පින්තුරයක් තම ට්විටර් ගිණුමෙන් පල කලායින් පසු ට්‍රේලරෙත් ඒ නම සඳහන් වෙන එක අහඹු සිදුවීමක් කියලා මං නම් හිතන්නේ නෑ. ට්‍රේලරේ සම්බන්ධයෙන් හැමදෙයක්ම වගේ කතා කරා. දැන් තියෙන්නෙ කෙලින්ම හෝල් එකට ගිහිල්ලා බලන එක තමා. මේ වගේ ෆිල්ම් එකක් අනිවාර්යයෙන්ම හෝල් එකේ 3D එක්ක බලන්න වටිනවා. ෆිල්ම් එක සම්බන්ධයෙන්, මේ ලිපිය සම්බන්ධයෙන් ඔබේ අදහස් අප එක්ක බෙදා ගන්න කියලා ඉල්ලමින් මෙතනින් ලිපිය සමාප්ත කරනවා. තවත් මිස්ටිකල් සහ මාෂල් ආට්ස් පොරක් වන අයන් ෆිස්ට් සීරිස් එකේ රිවිව් එක සමඟින් අපි නැවත හමුවෙමු !

2 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න