Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Daredevil Season 03 official trailer breakdown

Daredevil Season 03 official trailer breakdown


2018 වසර මාවල් සමාගමට සුවිශේෂී වසරක්. ඒ මේ වසරේ මාවල් චිත්‍රපටි පමණක් නොව මාවල් කොමික් රැසක්ද අතිසාර්ථක වීමත් හේතුවක්. ඒ වගේම නෙට්ෆ්ලික්ස් මඟින් මාවල් ටෙලිවිෂණයේ ජෙසිකා ජෝන්ස්, ලූක් කේජ්, අයන් ෆිස්ට් පමණක් නොව මේ වනවිට ඩෙයාඩෙවිල් පවා දැකගන්න ලැබුණ වසරක්. අපි දැන් කතා කරන්න යන්නේ අපිට දැකගන්න ලැබුණ ඩෙයාඩෙවිල් සීසන් 03 ට්‍රේලරේ සහ ඒ හා සම්බන්ධ විශේෂ අවස්ථා ගැන.
නෙට්ෆ්ලික්ස් වලින් දැකගන්න ලැබුණ මාවල් TV-Shows අතරින් ඩෙයාඩෙවිල් විශේෂ තැනක් ගන්නවා. සීසන් 1 වලින් අපිට සුපර් හීරෝ ඔරිජින් එකකුත්, සීසන් 2 වලින් සුපර් හීරෝ කෙනෙකුගේ හරි වැරදි ගැන දරන ආකල්පය පරික්ෂා කිරීමක් දැකගන්න ලැබුණා වගේම සීසන් 3 වලින් අපිට සුපර් හීරෝ කෙනෙකුගේ බිඳුණු ස්වභාවය ගැන දැකගන්න ලැබේවි.
ඩෙයාඩෙවිල් සිරිස් එක Source Material එකට උපරිම සාධාරණයක් ඉටු කිරීම සම්බන්ධයෙන් කීර්තියක් උසුලනවා. මේ සීසන් එකෙනුත් ඒක අපිට දැකගන්න අනිවාර්යෙන්ම පුළුවන්. මෙවර එය අනුගත කරගන්නේ හොඳම ඩෙයාඩෙවිල් කොමික් එකක් වන Frank Miller විසින් රචිත 1986දී නිකුත් වුනු Born Again Story Arc එක. මේ කතාවේ තියෙන විශේෂම දේ තමයි Kingpin දැනගන්නවා ඩෙයාඩෙවිල් ගෙ සැබෑ අනන්‍යතාවය. මේ ගැන අපිට ඩෙයාඩෙවිල් දෙවන කතාසමයේ සිටම යම් යම් ඉඟි ලැබුණා.
සීසන් 2 වලදී මතක ඇති Matt, Wilson Fiskව හිරගෙදරදී මුණගැහුනට පස්සේ Mattගැන තියෙන වාර්තා ටික ගෙන්න කියලා කියනවා. ඊළඟට Defenders අන්තිම හරියේදී Brett Mahoni කියනවා ඩෙයාඩෙවිල් සම්බන්ධයෙන් තියෙන වාර්තා කවුරුහරි හොයනවා කියලා. Mahoni ඒ වෙලාවේ නමක් කිව්වේ නැතත් අපි දන්නවා ඒ Wilson Fisk කියලා.
හරි එහෙනම් අපි ට්‍රේලර් එකට බහිමු,
(පෝස්ටර්)
ට්‍රේලරේ ආරම්භයේදී පෙන්නනවා ඩෙයාඩෙවිල් Church එකක් උඩ කුරුසය අල්ලගෙන ඉන්නවා. මේක තමයි පළවෙනි ඊස්ටර් එග් එක. මේ වගේම දසුනක් දකින්න පුළුවන් අපිට 1998 නිකුත් වුනු කොමික් කවර් එකක, ඒ තමයි Marvel Knights: Daredevil #3 වලින්. Marvel Knights කොමික් සාමාන්‍ය මාවල් කොමික් වලට වඩා ප්‍රචණ්ඩත්වයෙන් ඉහළයි කියලා කියන්නත් ඕන.
ඊළඟට Matt ඉන්නවා Church එකක් ඇතුලෙ. හැබැයි මේකේ බැක්ග්‍රවුන්ඩ් එකට හා Stained Glass වලට අනුව නම් මේක Father Lantom ඉන්න Church එක නෙවෙයි. ඒක වඩාත් තහවුරු වෙනවා මෙතනදී Rosary එක තියන් ඉන්න පුද්ගලයා nail polish use කරලා තියෙන එකෙන්. මේ Mattගෙ අම්මා Margaret Grace නොහොත් Maggie වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. අනිත් එක හැමෝගෙන්ම රහසක් විදිහට තියාගත්ත තමන්ගේ alter ego එක ප්‍රසිද්ධියේ නාඳුනන කෙනෙකුට කොහෙත්ම කියන්න යන්නෙත් නෑනෙ.මෙතනදී Mattගෙ monologue එකෙන් තේරෙනවා ඔහු සෑහෙන මානසික පසුබෑමකට ලක්වෙලා ඉන්නේ කියලා. "Darkness only responds to Darkness" මේ අවස්ථාව Matt සනීප වුණාට පස්සේ කරන පළවෙනි Confession එක වෙන්න ඕනි. එහෙම නැත්තන් මේක තමයි අයන් ෆිස්ට් සීසන් 2 වල අගදී දකින්න ලැබුණු Daredevil Season 03 Teaser එක තිබ්බ හරිය.
ඊළඟට අපිට හම්බවෙනවා ඩෙයාඩෙවිල්ගෙ ස්වාභාවිකවම අසීරු ජීවිතය තවත් උපරිම කාලකන්ණි කරන්න යන පුද්ගලයා, Wilson Fisk. Season 01 Episode 03: Rabbit in a Snowstorm වල වගේ Fisk බිත්තිය බලන් ඉන්න දසුනෙන් පටන් ගන්න එක නම් Classic. Fisk FBI Agent කෙනෙක් එක්ක ගිවිසුමකට එළඹෙනවා. ඒ ගිවිසුම මොකක් වෙයිද කියල හිතාගන්න පුළුවන් මේ ට්‍රේලරේ ඉවරවෙනකම්ම බැලුවම. Fisk ඒ FBI Agentට ඒත්තු ගන්වනවා ඇති තමන්ටත් වඩා භයානක පුද්ගලයෙක් එළියේ සැරිසරනවා, ඔහුව නවත්තන්න පුළුවන් තමන්ට විතරයි, ඒත් තමන්ව නිදහස් කරන්න ඕන කියලා. නමුත් Wilson Fisk සිරගෙදර තමන්ගේ අණසකට යටත් කරගත්තත් ඒකෙන් එලියට යන්න හදන්නෙ ඔහුගේ අපරාධ වලට Vanessa අහුවෙන්න යන නිසා වෙන්න පුළුවන්. මතක ඇතිනේ Fisk තමන්ගේ අන්තිම සතෙත් වියදම් කරේ Vanessaව රැකගන්න කියලා. Fisk කොහොමහරි එළියට ආවත් ඔහුට සම්පුර්ණ නිදහස ලැබිලා නෑ කියන්න පුළුවන් ඔහු නාන්න යද්දී පෙන්නන කකුලේ සම්බන්ධ කරලා තියෙන උපකරණයෙන්. ඒකෙන් කරන්නේ ඒ පුද්ගලයාට යන්න පුළුවන් වපසරිය සීමා කරන එක. ඒ වගේම මෙතනදී ඔහු ගන්නා ස්නානයෙන් කියවෙනවා ඔහුගේම යළි උත්පත්තිය (Born Again ?). ඒ ඔහුගේ Kingpin of Crime ජීවිතය පටන්ගැන්මක් කියන්න පුළුවන්. Fisk ඔහු වෙනස් වූ මිනිසෙක් කියලා කියන්නේ ඒක වෙන්න ඕනේ ඒ වගේම පළමු සීසන් එකේ කළු ඇඳපු Fisk මෙතනදී ඇඳගෙන ඉන්න සුදු ඇඳුම තමයි අපිට කොමික්වලදී ගොඩක්ම දකින්න ලැබෙන්නේ. ඒ වගේම Matt Vanessa සම්බන්ධයෙන් කරපු තර්ජනය සමාව දෙන්න බැරි දෙයක් කියලත් Fisk කියනවා. ඔව් එතනදී නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා.
ඊළඟට අපිට නිලවශයෙන්ම Fisk කියනවා Matt තමයි ඩෙයාඩෙවිල් කියලා දන්නවා කියලා. හිතලා බලන්න අපරාධ ලෝකයේ දැවැන්තයෙක් ඔබේ හතුරෙක් වෙලා ඔබ ගැන හැම දෙයක්ම දන්නවා කියලා. සරලවම දැන් Mattට සහ ඔහුගේ සමීපතමයින්ට ගොඩ ඒමක් ඇත්තෙම නැති තරම්.
Born Again කොමික් එකේ තියෙන තවත් විශේෂ කාරණාවක් තමයි Fisk මානසිකව අස්ථායී පුද්ගලයෙක්ව යවනවා ඩෙයාඩෙවිල්ගෙ ඇඳුම ඇඳගෙන නම නැති කරන්නම කියලා. එතනට මං තව ටිකකින් එන්නම්.
ඊළඟට ඩෙයාඩෙවිල් තමන්ගේ පරණ තාලේ (Man without Fear) ඇඳුමක් ඇඳගෙන යම් කිසිවක් ගැන Investigate කරනවා ඒකත් එක්කම ඩෙයාඩෙවිල්ගෙ සුපර්හීරෝ ඇඳුම හදලා දීපු Melvin Potter එක්කත් සටනක් යනවා. මේ එක්කෝ Melvin හිතනවා Matt දැන් නරක පුද්ගලයෙක් කියලා. එහෙම නැත්තන් Fisk Melvinවා ඔහුගේ පැත්තට දැනටමත් නම්මගෙන ඉවරයි.
පසුව Fisk විසින් මෙහෙයවන ඩෙයාඩෙවිල් Father Lantomගෙ කියලා අනුමාන කරන්න පුළුවන් Church එකකට සහ Karen Page එහෙමත් ඉන්න තැනකට පහර දෙනවා. හොඳට බැලුවොත් හිතාගන්න් පුළුවන් මේ Karen වැඩ කරන New York Bulletin එක කියලා. මෙතනදී ඩෙයාඩෙවිල් විදිහට ඉන්න පුද්ගලයා තුවක්කුව දික් කරන විදිහ ඒ විදිහටම අපිට 1982දී නිකුත් වුනු Frank Miller විසින් රචිත Klaus Janson විසින් සිත්තම් කෙරුණු Daredevil #184 වලින්. මේ කොමික් එකේදී ඩෙයාඩෙවිල් කියන්නේ Punisher එක්ක එකට වැඩ කරන Anti-Hero කෙනෙක්.
New York Bullein පහරදීමේන් පස්සේ හැම මාධ්‍යයකම වගේ කියවෙනවා මේක සිද්ධ කරන්නේ ඩෙයාඩෙවිල් කියලා. මේක ගෙදර ඉඳන් බලන් ඉන්න Fisk ඔහුගෙ බලාපොරොත්තු ඉෂ්ටවෙලා වගේ හිනාවක් පානවා.
අන්තිමේදී අපිට දකින්න ලැබෙනවා Man Without Fear Costume එකෙන් ඉන්න Matt හම්බවෙනවා ඩෙයාඩෙවිල් Costume එකෙන් ඉන්න පුද්ගලයාව. "I'm Daredevil" කියාගෙන ඩෙයාඩෙවිල් වගේම වැඩ දාන ඒ පුද්ගලයා තමයි Benjamin Poindexter නොහොත් Bullseye. Born Again කොමික් එකේදී ඩෙයාඩෙවිල් විදිහට ඉන්නේ නිකම්ම මිනිහෙක් උනාට මෙතනදී Marvel-Netflixලා Bullseye යොදාගන්න එකෙන් මේ සීසන් එකේ වටිනාකම තවත් ඉහළ යනවා. Bullseye කියන්නේ අති දක්ෂ ඉලක්ක කරුවෙක්. Bullseyeව අපි අවසාන වරට Live-Action එකකින් දැක්කේ 2003දී නිකුත් වුණු Ben Afflek ඉන්න Daredevil ෆිල්ම් එකෙන්. ඒ වුනත් ඒ Bullseyeට වඩා Wilson Bethel විසින් පණපොවන මේ Bullseye, චරිතට උපරිම සාධාරණයක් ඉටුකරයි කියලා මට හොඳටම විශ්වාසයි. ඒ වගේම Bullseye තවත් සුපර්හීරෝ කෙනෙකු වශයෙන් පෙනී හිටින පළවෙනි පාරත් මේක නෙවෙයි. Dark Avengers Storyline එකේදි හෝක් අයි විදිහට නෝමන් ඔස්බෝන් Iron Patriot විදිහට මෙහෙයවන ඇවෙන්ජර්ස් සමඟත් Bullseye කටයුතු කරලා තියෙනවා.Bullseye ගැන කතා කරන්න සෑහෙන දේවල් තියෙනවා. අපි ඒ ගැන ඉදිරියේදී ලිපියකින් ගෙන්න සුදානම් කරලයි තියෙන්නේ. දැනටමත් සමහර Critic Reviews සෑහෙන ප්‍රශංසා කරලා තියෙන දැනට හොඳම කොමික් බුක් සිරිස් එකේ නවතම කතාසමය අපිට තව දවසකින් දෙකකින් බලාගන්න ලැබේවි. එහෙනම් අපි තවත් ලිපියකින් හම්බවෙමු.
Let the Devil Out !
#Tony

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න