"Daredevil Season 03 දැන් නිකුත් වෙලයි තියෙන්නෙ ඒකෙ සුපුරුදු චරිත වලට අමතරව අපිට හඳුන්වලා දෙනවා තවත් චරිතයක් ඒ තමයි බෙන්ජමින් පොයින්ඩෙක්ස්ටර් නොහොත් ගොඩක් දෙනා දන්න විදිහට බුල්ස්අයි.. අද අපි කතා කරන්න යන්නෙ මොහුගේ මාවල් යුනිවර්ස් (කොමික්) පසුබිම ගැන.. මොහු මාවල් යුනිවර්ස් එකේ ඉන්න මිලේච්ඡතම සහ උමතු චරිතයක්.. මේ මාරාන්තික ඝාතකයාට පුළුවන් ඕනම දෙයක් නොවරදින ඉලක්කයකට විසිකරලා හෝ විදලා ඒ දෙය මාරක ආයුධයක් විදියට යොදාගන්න..
ලෙස්ටර් පොයින්ඩෙක්ස්ටර් එහෙමත් නැත්නම් බුල්ස්අයි සහ ඔහුගේ සහෝදරයා හැදී වැඩුනේ ඔවුන්ව අපයෝජනයට ලක් කරපු ඔවුන්ගේ තාත්තා කින්ග්මේකර් යටතෙ.. බුල්ස්අයිට කුඩා අවධියේ ඉදන්ම නිවැරදි ඉලක්කයක් තිබ්බා.. ඔහු කුඩා කාලයේදි යෝ යෝ එකක් විසි කර පරවියෙක් මරා දමා තිබෙනවා..
කුඩා ලෙස්ටර් සහ ඔහුගේ සහෝදරයා ඔවුන්ගේ පියා මරාදැමීමට ඔවුන්ගේ නිවසට ගිනි තියනවා.. ඉන්පසු ඔවුන් දෙදෙනාව අරන් හදාගන්න කැමති වෙන නිවාස දෙකකට යවනවා..
ලෙස්ටර් උසස් පාසල් යන අවදියේදි දක්ශ බේස්බෝල් පන්දු යොමු කරන්නෙක් වෙනවා.. ඒ නිසා ඔහුට ලැබෙන ශිෂ්‍යත්වය අතහැර ඔහු මයිනර් ලීග් බේස්බෝල්වලට එකතු වෙනවා.. ඔහුගේ විශිෂ්ට පන්දු යොමු කිරීම් වාර්තාවන් එක්ක ඔහුට මේජර් ලීග් දක්වා යාමට මාවත විවර වෙනවා.. නමුත් ඔහු දිනක් ඔහුට විසුළු කල පිතිකරුවෙක්ව බෝලයෙන් පහර දී මරා දමනවා.. බේස්බෝල් එපා වෙන ලෙස්ටර් ඒ මොහොතෙදිම වෙනකෙක් මරා දැමීමෙන් ඔහු ලබන සතුට හදුනාගන්නවා..
බේස්බෝල්වලට සමුදෙන ලෙස්ටර් කාලයක් NSA එකට එකතු වෙනවා..
වැඩිකල් නොගොස්ම ලෙස්ටර් එයිනුත් ඉවත් වෙලා කුලී මිනීමරුවෙක් බවට පත් වෙනවා..
බුල්ස්අයි නිව් යෝක් නගරයට පැමිණි මුල් අවදියේම කප්පම් ගැනීම් සහ මිනීමැරුමක් හේතුවෙන් ඩෙයාඩෙවිල්ගේ අවධානය ලබා ගන්නවා.. බුල්ස්අයි ඩෙයාඩෙවිල්ව දෙවතාවක් පරදවනවා.. නමුත් ඩෙයාඩෙවිල් බුල්ස්අයිව යටත් කරගෙන ඔහුව පොලීසියට යොමු කරනවා..
පසුව බුල්ස්අයිට මැට් මර්ඩොක්ව කුලියට මරා දැමීමට යෙදවෙනවා.. නමුත් ඔහුව ඩෙයාඩෙවිල් විසින් පරාජයට පත් කරනවා.. මේ නිසාම ඩෙයාඩෙවිල් කෙරෙහි දැඩි වෛරයක් ඇති කරගන්න බුල්ස්අයි ඔහුට ලැබෙන සෑම අවස්ථාවකදිම ඩෙයාඩෙවිල් සමග සටන් කරනවා..
කින්ග්පින්ව කුලියට මරාදැමීමට ගිය අවස්ථාවකදී බුල්ස්අයිට කින්ග්පින් ඒ කුලියට වඩා හොද යෝජනාවක් ඉදිරිපත් කර, කින්ග්පින් බුල්ස්අයිව තමන්ගේ යටතේ සේවයට ගන්නවා..
ඩෙයාඩෙවිල් සමග ඇති වූ ගැටුම් කිහිපයකින් පසුව සිරගතව සිට නිදහස් වී පැමිණෙන බුල්ස්අයි, කින්ග්පින් විසින් තමා වෙනුවට ඉලෙක්ට්‍රාව යොදාගෙන ඇති බව දැනගන්නවා.. එයින් කෝපයට පත් වෙන බුල්ස්අයි ඉලෙක්ට්‍රාව ඇයගේම සායි එකකින් මරා දමනවා.. ඇය වෙනුවෙන් බුල්ස්අයි සමග සටන් කරන ඩෙයාඩෙවිල් බුල්ස් අයිව ඉහලක සිට වැටීමට ඉඩහරිනවා.. බුල්ස්අයි එයින් දිවි ගලවා ගන්නවා.. නමුත් ඔහුගේ කොන්ද කැඩී ඔහුව අංශබාග තත්වෙට පත් වෙනවා..
පසුව ජපන් පාතාල නායකයෙක් වෙන ලෝඩ් ඩාක් වින්ඩ් විසින් බුල්ස්අයිව තමන් යටතේ සේවයට යොදාගැනීමේ පරමාර්ථයෙන් බුල්ස්අයිගේ අස්ථි සියල්ල ඇඩමැන්ටියම්වලින් ආවරණය කරනවා..
නමුත් නැවත නිව්යෝක්වලට එන බුල්ස්අයි නැවත කින්ග්පින් යටතේ සේවයේ යෙදෙනවා..
මේ අතරේ ඩෙයාඩෙවිල් කෙටි කාලයකට නිව්යෝක්වලින් යනවා.. ඒ කාලය අතරතුර ලෙස්ටර් ඩෙයාඩෙවිල් වගේ ඇදගෙන මුලින් ඩෙයාඩෙවිල්ගේ චරිතයට කැළැල් ඇති වෙන විදියට අපරාධවල නියැලෙනවා.. නමුත් ටික කාලෙකින් තමන් ඩෙයාඩෙවිල් කියන වීරයා කියලා ලෙස්ටර් හිතන්න ගන්නවා.. ඒ අතරේ නැවත නිව්යෝක්වලට එන මැට් බුල්ස්අයිගේ ඇදුම ඇදගෙන ලෙස්ටර්ගේ ඩෙයාඩෙවිල් එක්ක සටන් වදිනවා.. එයින් පරාජයට පත් වෙන ලෙස්ටර් තමා කවුද කියා වටහාගෙන, නැවත බුල්ස්අයි බවට පත් වෙනවා..
ලෙස්ටර් මේ විදියට වෙනත් වීරයෙක්ගේ නමින් සහ ඇදුමින් පෙනී සිටි එකම අවථාව මෙය නොවේ.. ස්ක්‍රල් ආක්රමණයේදි බුල්ස්අයිගේ දායකත්වය හේතුවෙන් නෝමන් ඔස්බෝන්, ඔහුගේ ඩාක් ඇවෙන්ජර්ස් කණ්ඩායමට හෝක් අයිගේ නම සහ ඇදුමින් එකතු වෙන්න අවස්ථාව දෙනවා..
බුල්ස්අයි සුපිරි ඉලක්කකරුවෙක් වගේම දක්ශ කරණම්කරුවෙක් සහ සටන් ශිල්පියෙක්..
මේ විස්තර තවත් රසවත්ව කියවන්න පුළුවන් ඩෙයාඩෙවිල් 131-290 වෙනකන් කියෙව්වොත්..
ඒ වගේම Bullseye: Greatest Hits සීරීස් එක, Bullseye: Running with the devil සහ ඩාක් ඇවෙන්ජර්ස් කියෙව්වොත් බුල්ස් අයි කියන චරිතය පිළිබද හොද වටහාගැනීමක් ලබාගන්න පුළුවන්..
#ආර්කේඩ්
Tmx bro.
ReplyDelete