Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

History of Iron Fist - 01

History of Iron Fist - 01

Marvel සමාගමෙන් බිහිවුණු සාර්ථකම සහ ගැඹුරු mystical කථාමාලාවන්ට පදනම් වුණු චරිතයක් හැටියට අපිට Iron Fist චරිතය හඳුන්වන්නට පුළුවන්. The Living Weapon, Immortal Weapon of K'un-Lun යනාදී අන්වර්ථ නම් වලිනුත් Iron Fistව හඳුන්වනු ලැබූ වාර අපමණයි. ඒ අතුරින් අද අපි කථා කරන්නේ 66වෙනි Iron Fist එහෙමත් නැතිනම් අපි කවුරුත් දන්න Danny Rand ගැනයි.
Daniel "Danny" Rand
Daniel Thomas Rand එහෙමත් නැත්නම් Danny Rand කියන්නේ ඇමරිකානු ජාතික ව්‍යාපාරිකයෙකු වුණු Wendell Randගේ සහ Heather Duncanගේ පුත්‍රයායි. Wendell Rand තමන්ගේ තරුණ කාලයේදී K'un-Lun කියන mystic city එකට ගමන් කරන්නට අවස්ථාව ලැබෙනවා. K'un-Lun කියන්නේ Seven Capital Cities Of Heaven වලින් එකක්. K'un-Lun නගරයට ඇතුළු වන දොරටුව හිමාලයානු කඳු පන්තිය අසලදී සෑම වසර 10කටම වතාවක් විවර වනවා. Wendell එහිදී K'un-Lunවල පාලකයා වන Lord Tuanගේ පුත්‍රයා වන Yu-Tiගේ ජීවිතය බේරාගන්නට සමත්වනවා. මේ නිසා Lord Tuan විසින් Wendell Randව තමගේ උරුමකරුවෙක් බවට නම්කොට K'un-Lunවල වෙසෙන්නට ඉඩ ලබා දෙනවා. K'un-Lunවල වෙසෙන කාලයේදී Wendell Shakirah නැමති කාන්තාව සමඟ විවාහ වනවා. විවාහයෙන් ඔවුන්ට දියණියක් ලැබෙනවා. ඔවුන් ඇයව Miranda ලෙසින් නම් කරනවා. මේ කාලයේදී Wendall දක්ෂ සටන්කරුවකු බවට පත්වනවා. ඒ නිසාම K'un-Lunවල සම්ප්‍රදායට අනුකූලව Shou-Lao කියන අමරණීය මකරාගෙන් Iron Fist බවට පත්වීමට සුදුස්සා තෝරන ද්වන්ධ සටනට සුදුසුකම් ලබනවා. ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ K'un-Lunවල දක්ෂතම සටන්කරුවා වන Lei Kung the Thundererගේ පුතා වන Davos. මෙහිදී Wendell Davosව පරාජය කරන මුත් Shou-Laoගෙන් බලය ලබා ගන්නට කැමති වන්නේ නැහැ. K'un-Lun වලට පැමිණ වසර දහයකට පසු Wendell Rand සහ Shakirah දෙදෙනා එක්ව K'un-Lun යළි විවර වන දොරටුව නැරඹීමට යන අවස්ථාවේදී Yu-Tiගේ සෙබළු විසින් මොවින් දෙදෙනාට පහර එල්ල කරනවා. මෙහිදී Shakirah අවාසනාවන්ත ලෙස මිය යන අතර Wendellට පෘථිවියට එන්නට සිදුවනවා. ඉන් වසරක් ගතවත්ම Wendell ඉතා සාර්ථක ව්‍යාපාරිකයෙකු බවට පත්වනවා. ඉන් පසු ඔහු Heather Duncan සමග විවාහ වනවා. ඔවුන්ට ලැබෙන දරුවා තමයි Daniel Rand.
Daniel Randට වසර නවයක් ගතවත්ම Wendell Rand යළිත් K'un-Lunවෙත යන්නට තීරණය කරනවා. ඒ Heather,Daniel සහ ඔවුන්ගේ ව්‍යාපාර සගයා වන Harold Meachum සමඟයි. ඔවුන් හිමාලයානු කඳු පන්ති අසල ඇති K'un-Lun වෙත විවර වන දොරටුව කරා ගමන් කරනවා. එහිදී සිදුවන අනතුරකින් Wendellව අයිස් කන්දක ප්‍රපාතයකින් ඇද වැටෙනවා. Wendell ඒ අවස්ථාවේදී Haroldගෙන් උදව් ඉල්ලුවත් සම්පූර්ණ ව්‍යාපාරයම තමන් සතු කරගන්නට Harold සිතනවා. ඒ වගේම Heather කෙරෙහි කෙටි කාලයක් පටන් Haroldගේ සිතෙහි ප්‍රේමයක් ඇතිව අවසන්. මේ නිසාම Wendellව බේරා ගන්නවා වෙනුවට Harold Weldellව ප්‍රපාතයෙන් පහළට වැටෙන්නට ඉඩ හරිනවා. Harold කපටිලෙස ඔවුන්ට උදව් කරනට සැරසුණත් සිදුවුණු දෙය වටහා ගන්නා Heather Danny සමඟ K'un-Lun පිවිසුම වෙත ගමන් කරනවා. නමුත් එතැනදී ඔවුන් දෙදෙනාව වෘකයන් රැලකට කොටු වනවා. Dannyගේ ජීවිතය බේරා ගන්නට දොරටුව වෙන යවන Heather වෘක රැලේ ගමන වෙනස් කරනවා. ඒ තම පුතු වෙනුවෙන් වෘකයන් හට සිය දිවි පුදමිනුයි.
මේ අතරවාරයේ K'un-Lunවල පිරිස් හට Dannyව හමුව්නවා. ඔවුන් Dannyව K'un-Lunවල වත්මන් පාලකයා වන Yu-Ti වෙත ගෙන යනවා. එහිදී තම දෙමව්පියන්ගේ මරණයේ පළිය ගැනීමට තමන්ට අවශ්‍ය බව Danny Yu-Tiට පවසනවා. මේ හෙයින් Yu-Ti Dannyව සියළු සටන් පුහුණුව සඳහා Lei Kung the Thunderer වෙත බාර දෙනු ලබනවා. ඉතා දක්ෂ ලෙස සටන් පුහුණුවේ නියතුවන Danny වයස දහසයේදී Fu-Hsi හෙවත් පොළඟුන්ගේ රජු ලෙසින් හඳුන්වන සර්පයාගේ ඔටුන්න ලබා ගැනීමටත්, Shou-Laoව පරදවන්න්ට සුදුසුකම් ලබන සටන් වලදී ඉතා පහසුවෙන් ජයගන්නටත් Danny සමත් වනවා. මේනිසාම Iron Fist බවට පත්වන්නට Danny සුදුසුකම ලබනවා. ඒ අනුව වයස 19දී Danny Shou-Laoව පරදා "Iron Fist" බවට පත් වනවා. Iron Fist බවට පත්වීමෙන් පසු Danny සදාකල්ම K'un-Lun වල වෙසෙන්නට ඇති අවස්ථාව අත්හරිමින් යළි New York වෙත පැමිණෙන්නට තීරණය කරනවා. ඒ Harold Meachumගෙන් පළි ගන්නටයි. නමුත් ඒ වන විට Harold පාද රහිත පුද්ගලයෙක්. මේ නිසා Danny Haroldට අනුකම්පා කොට එතනින් නික්ම යනවා. ඒ හා වහාම නින්ජා කෙනෙක් එතනට පැමිණ Haroldව මරා දමනවා.
Iron Fistගේ බලයන් ගැන කථා කළොත් ප්‍රධාන වශයෙන්ම අපිට ඔහුගේ fists ගැන කථා කරන්න වෙනවා. Shou-Laoගේ හදවතට අත් මිටි මොලවා වැරෙන් එල්ල කරන ලද පහරවල් නිසාම මකරාගේ superhuman energys Iron Fistගේ දෑත් මත රඳාපවතිනවා. ඒ වගේම K'un-Lun වලදී ලද විශේෂ සටන් පුහුණුව නිසාම chi energy එහෙමත් නැතිනම් ජීව ශක්තිය අවශ්‍ය විටෙක අරමුණු කර ගනිමින් තමන්ගේ හැකියාවන් සුවිශේෂී මට්ටමක් දක්වා ගෙන එන්නට Iron Fistට හැකියාව ලැබෙනවා. ඒ අනුව ශක්තිය, වේගය, ඉවසා දරාගැනීමේ හැකියාව, කාර්යශූරත්වය වගේම ඉක්මන් තීරණ ගැනීමේ හැකියාවත් මේ නිසා වැඩි දියුණු කරගන්නට පිළිවන්. ඒ වගේම Shou-Laoගෙන් ලද බලය සහ chi energy යොදාගෙන Iron Fistට තමන්ගේ දෑතින් ආලෝකයක් නිකුත් කරන්නටත් ඒ අවස්ථාවේදී තමන්ගේ fists වලින් කිසිදු හානියක් තමන්ගේ fistsවලට ඇති නොවන සේ වැරෙන් පහට දෙන්නටත්, තියුණු ආයුධ පහරවල් වලකන්නටත් හැකියාව ලැබෙනවා. ඒ පමණක් නොව chi energy භාවිතයෙන් තමන්ව සහ අනිත් අයව සුවපත් කිරීමේ හැකියාවකුත් Iron Fistට සතු වනවා. මේ නිසාම සමහර අවස්ථාවල telepathically අන් පුද්ගලයන් හා සම්බන්ධ වන්නටත් පුළුවන්. ඒ වගේම තියුණු ඇස් පෙනීමක් සහ තියුණු ශ්‍රවණ හැකියාවකුත් Iron Fist සතු වනවා. ඒ වගේම චීන සහ ජපන් බස හොඳින් කථා කරන්නටත් Danny සමත් වනවා. තියුණු ස්නායු පද්ධතියකින් සමන්විත වන නිසාම Iron Fist හට lie detector tests වලින් පහසුවෙන්ම සමත් වන්නට පුළුවන් බවත් සඳහන් වනවා. ඒ වගේම වරෙක Iron Fist Phoenix Force එක Hope Summersව සොයා එන අවස්ථාවේදී අතින් පමණක් පහරදී නික්ම යන්නටත් සමත්ව තිබෙනවා.
දැනට comic issues 1900කට අධික ප්‍රමාණයක පෙනී සිට ඇති Iron Fist හා සම්බන්ධ කතාමාලාවන් බොහොමයක් සම්බන්ධ වනවා. Defenders, Power Man and Iron Fist, The Heroic Age, Thunderbolts, The Last Iron Fist Story, Civil War, Avengers vs. X-Men ඒවායින් කිහිපයක්. ඒ අතුරින් Heroes for Hire කථාමාලාවන් ඔස්සේ Luke Cage හා සම්බන්ධව කටයුතු කල වාර කැපී පෙනෙනවා. ඒ වගේම වරෙක Matt Murdock Daredevil යැයි අනන්‍යතාව හෙළි වූ විට ඒ ඔහු නොවන බව පෙන්වන්නට Daredevil costume එක ඇදගෙන වැඩකල අවස්ථාවන්ද comic වල සඳහන්.
Iron Fist හා සම්බන්ධ කතාමාලාවන් ගොඩක් තිබෙන නිසා ඒ හා අදාල විස්තර විටින් විට ගෙන එන්න අපි තීරණය කළා. ඒ වගේම Marvel Netflix තුළින් අපිට Iron Fist Seasons 2ක් දැකබලාගන්නත් හැකියාව ලැබුණා. ඒ හා සම්බන්ධ කරුණුත් කථා කරන්න අපි සූදානම්. මීලඟ ලිපියෙන් The Seven Capital Cities of Heaven ගැන කථා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම Iron Fist Season 2 අවසන් වුණු ආකාරයත් comic වලට අනුව ඉදිරියට කථාමාලාව ගොඩනැගේවි යැයි සිතෙන ආකාරයත් ඒ ඒ චරිත ගැනත් වෙනමම ලිපි ඔස්සේ කථා කරන්න අපි සූදානම්. මීලඟ ලිපියෙන් නැවත හමුවෙමු!

2 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න