Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Nagini's Involvement In Fantastic Beasts to Voldemort's Greatest Servant

Nagini's Involvement In Fantastic Beasts to Voldemort's Greatest Servant


කොමික් කියවන අතරෙම අපි කවුරුත් ආසා කරන ආදරය කරන තවත් එක් universe එකක් ගැන කතා කරන්නයි අපි අද සූදානම් වෙන්නේ. පොඩි කාලේ අතට අහුවුණු කොස්සක්/ ඉදලක් කකුල් අතරෙ තියන් මායා කොස්සක් කියලා හිතන් ගෙයි වටේ දුවපු වෙලාවල් අනන්තවත් ඇති. අහුවුණු කෝටු කෑලි මායා යෂ්ඨි වගේ හසුරවපු වෙලාවල් ඕනි තරම් ඇති. ගෙයි වටේ ඇවිද ඇවිද ස්ලිදරින්ගේ රහස් කාමරයක් අපේ ගෙදරත් තියෙන්න ඇති කියලා හිතන් හොයපු වෙලාවල් එහෙමත් ඇති. එහෙමත් නැතිනම් මමයි ස්ලිදරින්ගෙ උරුමක්කාරයා කියලා හිතන් වැඩ කරපු අවස්ථාවල් එහෙමත් ඇති. ඔය ඔක්කොම සුන්දර දේවල් අපේ ජීවිත වලට ගෙනාපු Wizarding World එක එහෙමත් නැත්නම් Harry potter Universe එකේ විශේෂ දේවල් කිහිපයක් ගැන කථා කරන්න අපි හිතුවා. ඒ අතුරින් පහුගිය සැප්තැම්බර් 25 වෙනිදා නිකුත්වුණු Fantastic Beasts: The Crimes of Grindelwald අවසන් trailer එකෙන් Wizarding World එකේ අපි හැමෝම දන්න චරිතයක origin එක ආන්දෝලනාත්මක ආකාරයට ඉදිරිපත් කළා. ඒ අපි කවුරුත් දන්න 'Nagini' එහෙමත් නැතිනම් Voldermortගේ අන්තිම horcrux එක ගැන.
Fantastic Beasts: The Crimes of Grindelwald පළමු trailer එකෙන් සහ ඒත් එක්කම නිකුත් වුණු promo photo එකෙන් අපිට කලින් නිකුත්වුණු Fantastic Beasts And Where To Find Them movie එකේ අපිට දකින්න නොලැබුණු අලුත්ම චරිත කිහිපයක්ම දැකගන්න ලැබෙනවා. ඒ අතුරින් Jude Lawගේ තරුණ Dumbledore චරිතය, Callum Turner රඟ දක්වන Newt Scamanderගේ සහෝදරයා(Theseus)ගේ චරිතය සහ Claudia Kim විසින් රඟපාන චරිතය වඩාත් ඉස්මතු වන චරිත හැටියට ඔවුන් ඉදිරිපත් කරනවා. ආයෙමත් අපිට Credenceවත් බලාගන්නට ලැබෙනවා. අනිත් චරිත ඔක්කොටොම වගේ නම් ඉදිරිපත් කරලා තිබුණාට අපිට Claudia Kimගේ චරිතයට නමක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට ඒ චරිතය Maladictus කෙනෙක් විදියටයි ඉදිරිපත් වෙන්නේ. කවුද මේ Maladictus කෙනෙක් කියන්නේ?? Maladictus කෙනෙක් කියන්නේ ජානවලින්ම එන ශාපයක් සහිත කෙනෙක්ට. මේක මවගෙන් දුවට වගේ තමයි ශාපය ගලා යන්නේ. මේ ශාපයට අනුව ශාපලත් කෙනා කවදා හෝ දිනක සම්පූර්ණයෙන්ම සදාකාලිකවම සත්ව ස්වභාවයකට පත්වනවා. ඒ කියන්නේ මේ ශාපය තියෙන කෙනා අමරණීයයිද?
මේ දේට යම්කිසි පිළිතුරක් අපිට ඉන් පසුව නිකුත්වෙන trailer එකෙන් දැනගන්නට ලැබෙනවා. ඒ මේ Claudia Kim රඟපාන චරිතය "Nagini" බව. ඒ විතරක් නෙවෙයි මනු‍ෂ්‍ය ස්වභාවයේ සිට Nagini බවට පත්වන පරිවර්තනයේ කොටසකුත් අපිට trailer එකේදි දකින්න ලැබෙනවා. ඒ කියන්නේ Nagini කියන්නේ ඇත්තටම මනුෂ්‍යයෙක්. අපි හැමෝම දන්නවා Fantastic Beasts කථාමාලාව Harry Potter කථාමාලාවට කලින් සිදුවුණු කථාමාලාවක් බව. Harry Potter කථාමාලාවේදී Naginiගේ අවසානය සිදු වුණේ 1998දී Battle of Hogwarts වලදී. Crimes Of Grindelwald කථාමාලාව සිදුවන්නේ 1926දී. අපිට දැනගන්න ලැබෙනවා Nagini කියන්නේ circus එකක ඉන්න කෙනෙක් කියලා. ඒ කියන්නේ අඩුම වයස අවුරුදු 20ක්වත් වෙන්න ඕනි. ඒ කියන්නේ Battle of Hogwarts එක සහ Crimes Of Grindelwald movie එක වෙන කාල වකවානුව අතර කාල පරතරය අවුරුදු 72ක්. Crimes Of Grindelwald movie එක වෙනකොට Naginiට වයට අවුරුදු 20 නම් Battle of Hogwarts වෙනකොට Naginiගේ ඇත්ත වයස අවුරුදු 92ක්වත් වෙන්න ඕනි. එහෙනම් අපිට තේරෙනවා Maladictus කෙනෙක් කියන්නේ අමරණීය කෙනෙක්.
මේ බව තේරුම්ගන්න පුළුවන් තවත් තැනක් අපිට Harry Potter පොත් තුළින් හොයාගන්න පුළුවන් වෙනවා. අපි දන්නවා Voldemort Godric's Hollow වලදී Harryගේ දෙමව්පියන්ව මරලා Harryව මරන්න උත්සහ කරපු වෙලාවෙන් පස්සෙ ගොඩක් දුර්වල වුණු බව. ඒ නිසා unicorn blood බොමින් සැඟව සිටි බවත් අපි දන්නවා. Voldemortට තමන්ගේ ශරීරය තියා ගන්න නම් අමරණීය කෙනෙක්ගේ හෝ දෙයක් අවශ්‍යව තිබුණා. ඒ නිසයි ඔහු Nicolas Flamelසතුව තිබුණු Philosopher's Stone එක පවා ලබාගන්න උත්සාහ කළේ. නමුත් ඒ සියල්ල අසාර්ථක වුණාට පසුව Voldemort ඇල්බේනියානු වනාන්තරයට පලා ගිය බව අපිට Harry Potter and the Chamber of Secrets පොතෙන් දැනගන්නට ලැබෙනවා. එතෙක් පටන් Goblet of Fire කථාව දක්වාම Voldemort ඉතාමත් දුර්වල ජීවිතයක් ගෙවන්නේ. Goblet of Fire පොතේ එක් තැනක මෙහෙම සඳහන් වෙනවා "… a little help from my dear Nagini’ – Voldemort’s red eyes fell upon the continually circling snake – ‘a potion concocted from unicorn blood, and the snake venom Nagini provided …" කියලා. Voldemortට සාමන්‍ය snake venom අවශ්‍ය වුණා නම් මීට කලින් වෙන සර්පයෙක්ගෙන් විෂ අරන් සැබෑ ස්වරූපයක් ගන්න තිබුණා. නමුත් මෙතනදී සඳහන් වෙනවා "..the snake venom Nagini provided.." කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම Voldemortට Naginiගේ venomම අවශ්‍ය වුණා. හේතුව Nagini immortal නිසා වෙන්න පුළුවන්.
මීලඟට අපිට එන ගැටළුව තමයි කොහොමද trailer එකේ Credence එක්ක ඉන්න Nagini ඊලඟට Newt Scamanderගේ පැත්තට ගිහින් ඉන්න එක. Trailer එකේදි අපිට දකින්න ලැබෙනවා Credence Grindelwaldගේ පැත්තට යන්න හදන බවත් Naginiට Grindelwaldට එකතු වෙන්න අවශ්‍ය නැති බවකුත්. Grindelwald සහ Voldemort ගත්තොත් වැඩිපුරම භයානක Voldemort. එහෙනම් ඇයි Nagini අන්තිමට Voldemortගේ සේවකයෙක් බවට පත්වෙන්නේ? ඒකට හේතුව මට හිතෙන හැටියට Maladictus curse එක. Crimes Of Grindelwald එකට පසුව එන Fantastic Beasts movie එකේදී Nagini සම්පූර්ණයෙන්ම සත්ව ස්වරූපය බවට පත්වේවි. එතැන් පටන් වසර ගණනාවක් ඇය සර්ප ජීවිතයක් ගෙවනුයේ. මනුෂ්‍ය ජීවිතයක් ගෙවපු කෙනෙක්ට යළිත් මනුෂ්‍යයෙක් සමඟ කතා නොකර එපමණ කලක් ඉන්න එක අපහසුයි. ඒ වගේම මේ ලෝකයේ සර්ප භාෂාව දන්න අය ඉන්නේ බොහොම අතලොස්සයි. සියවසකට එක්කෙනෙක් වගේ කිව්වොත් මම වැරදි නැහැ. කොටින්ම කිව්වොත් ස්ලිදරින්ගේ උරුමකරුවන්ට විතරයි ඒ හැකියාව තියෙන්නේ. එහෙනම් මේ කාල වකවානුවේදී ඒ හැකියාව තිබෙන්නේ එක් අයෙක්ට පමණක් ඒ Tom Riddle(Voldemort)ට. මේ නිසාම Nagini Voldemort එක්ක ගොඩක් සමීප වුණා කියලයි මට හිතෙන්නේ. ඒ වගේම Tomට Dumbledoreව මුණ ගැහෙන්න කලින් Naginiව මුණ ගැහුණා වෙන්නත් පුළුවන්. ඒත් ඒ කොහෙදිද? පොත්වල සඳහන් වෙන හැටියට Tomට කුඩා කාලයේ පටන්ම සර්පයන්ට කතා කරන්න පුළුවන් සහ ඔවුන් Tom සොයා එන බව. එංගලන්තයේ නගරයේ සර්පයෙක් සොයාගන්න ඒ තරම් පහසු වෙන එකක් නැහැ. එහෙනම් අනිවාර්යයෙන් විනෝද චාරිකාවකදී වෙන්නට පුළුවන්. පොත්වලදී එක් ස්ථානයක අපිට හමුවෙනවා කුඩා ටොම් ඔහුගේ යහලුවන් වන Amy Benson සහ Dennis Bishopව ගුහාවකදී කුමක් හෝ හේතුවක් නිසා බිය ගන්වා ඇති බව. ඔවුන් ඒ ගැන වචනයක්වත් පවසන්නට බිය වූ වග. එහෙනම් Tomට ඒ ගුහාවේදී Naginiව හමුවූවා වෙන්නත් පුළුවන්. පුංචි කතාබහක් Tomගෙන් ලබාගැනීම උදෙසා Amy Benson සහ Dennis Bishopව Nagini බයකළා වෙන්න බැරිද?
ආයෙත් ඔවුන් දෙදෙනා Tom Riddle Rowena Ravenclawගේ නැතුවුණු හිස් පළඳනාව(Diadem) එක සොයන්නට ඇල්බේනියානු වනාන්තරයට ගිය අවස්ථාවේදී හමුවෙනවා. එවිට Tom Naginiව horcrux එකක් බවට පත්කරන්නට සිතනවා. පසු කාලයක Voldemortට සැඟව සිටින්නට අවශ්‍ය වූ විටෙක Nagini Voldemortට තමන්ගේ ශරීරය මාධ්‍යක් ලෙස යොදාගන්නට ඉඩ දෙනවා. මේ නිසාම අවසානයේ Voldemort විශ්වාස කරන සහ ඔහුට හිතවත්ම එකම කෙනා බවට Nagini පත්වෙනවා. ඒ නිසා Nagini Voldemortගේ අවසන් horcrux එක සහ ප්‍රධානම සේවකයා බවට පත්වනවා. ඔවුන් දෙදෙනාම Harryව මරා දමන්නට උත්සාහ කළත් සාර්ථ වන්නේ නැහැ. අවසන Nagini Neville Longbottom අතින් මිය යනවා. Voldemort Harry අතින් පරාජයට පත්වනවා.

ඉතින් ඔන්න අපි අද Comic වලින් එහාට ගිහින් Wizarding World එක ගැනයි කථා කලේ, ඉතින් ලංකාවේ පලවෙනිම වගේම ප්‍රමුඛතම Comic Base page එක වෙන අපේ Comic Script Page එකට like එකක් දාන්න වගේන තව කෙනෙක් එක්ක දැනුම බෙදාගන්න මේ ලිපිය Share කරන්න කියලා ඉල්ලන්නේ මේ වගේම තවත් ලිපියකින් හමුවෙන බලාපොරොත්තු වෙන්, එහෙනම් තවත් අලුත්ම ලිපියකින් ලගදීම නැවත හමුවෙමු.
#SmAsHeR

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ftt bnz thz Arrow sason 7 longbow hunter gensth pdk denuwath krnna

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න