අපි කලින් ලිපියෙක් කථා කලා නේ මාවල්ලගේ නැවුම් ආරම්භය ගැන, ඉතින් මම ඒ ලිපිය අවසානේදි කිව්වා මතකනේ මම අලුත් කොමික් සීරිස් ටික ගැන එකින් එක කතා කරනවා කියලා, ඉතින් මේ අද පටන් ගන්න යන්නේ ඒ කාර්යය තමයි. හරි ඉතින් මම මුලින්ම ඕගොල්ලන්ට කියන්න හිතුවේ මගේත් ප්‍රියතම චරිතයක් වෙන ස්පයිඩිගේ අලුත් කොමික් සීරීස් එක ගැන. හැබැයි මම එහෙමයි කියලා මුලු කතාවම ඇද බාලා ස්ටෝරිය ස්පොයිල් කරන්නේ නෑ ඉතින්, මම කියන්න යන්නේ මේක කොයි වගේ සීරීස් එකක්ද කියලා විතරයි. මොකද කොමික් එක කියවලාම ඒක රසවිදින්න ඕන නිසා ඉතින්, ඒකත් කියවන්න කියන ගමන් ඔන්න එහනම් යමු මාවල් යුනිවස් එකේ Core Webhead ගේ අලුත්ම කතාව මොකක්ද කියලා හොයලා බලන්න.
පසුගිය අවුරුදු හතර ඇතුලත මාවල්ලා කරපු තුන්වෙනි Amazing Spider-Man Re-Lunch එක තමා මේ, ඉතින් Fresh Start එකේ අනිත් සීරීස් වගේම මේක අලුත්ම නිර්මාණ කණ්ඩායමක් තමා මෙහෙයවන්නේ, ඒක නිසා මුල ඉදලම මේක ගැන ගොඩක් අය බලාපොරොත්තු තියාගත්තා, කොහොම උනත් මේ සීරීස් එකට අදාල පලවෙනි Issue එක විදිහට ආවේ Amazing Spider-Man/Guardians Of The Galaxy Free Comic Book Day (2018) කොමික් එක, ඒකෙන් පීටර්ගේ ජීවිතේ ගෙවෙන හැටි හරි අපූරුවට විස්තර කරලා තිබුනා, ඒ වගේම අපූරු විදිහට පීටර්ගේ දෙවෙනි ජීවිතේ නැත්නම් අපේ ස්පයිඩිගේ ජීවිතේ ගත වෙන හැටි වගේම අපි අන්තිමට දැක්කට වඩා මේ දෙන්නගේම ජීවිත ගොඩාක් වෙනස් වෙලා තියෙනවා වගේම ලොකු කට්ටක් කන්න වෙලා තියෙනවා කියන එක කියවන්නගේ හිතට දැනෙන කොමික් එක කරලා තිබුනා.
ඔන්න ඊට පස්සේ තමා නිල විදිහටම ස්ටොරිලයින් එක පටන් ගන්නේ, ඒ 2018 ජූලි 11 වෙනිදා නිකුත් උන මේ සිරීස් එකේ පලමුවෙනි Issue එකෙන්, එතනින් පටන් ගත්ත මේ කථාව ඔයා මේ ලිපිය කියවන වෙලාව වෙනකොටත් ගලාගෙන යන නිසා මේක කියවන්න කියලා ඔන්න මම නැවත වතාවක් ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා. කොහොම නමුත් අපි කතාව පැත්තට හැරුනොත් මම පුද්ගලිකව ගොඩ කාලෙකට පස්සේ තමා Ongoing ස්පයිඩර්-මෑන් කොමික් සීරිස් එකක් කියවන්න ගත්තේ, ඒ හොද කථාවක් බලාපොරොත්තුවෙන්, ඉතින් ඒ බලාපොරොත්තුව සෑහෙන්නම සඵල උනා කියලා කියන්න පුලුවන් විදිහේ කථාවක් මේ පාර අපිට දීලා තියෙනවා. (මම ස්පොයිල් නොවෙන විදිහට තමා කියන්න යන්නේ). පීටර් මේ වෙනකොට ලොකු ආර්ථික අපහසුතාවයටක මුහුන දීලා තමන්ගේ මිත්‍ර රැන්ඩි රොබර්ට්සන් එක්ක නවාතැන් ගන්න කාමරයක් හොයනවා, ඔන්න කොහොමින් කොහොමින් හරි කාමරයක් හම්බුනා කියමුකෝ, ඉතින් මේ කාමරේ පීර්ටයි, රැන්ඩි එක්ක නවතින්න තව හවුල්කරුවෙක් එනවා, අපොයි !! මේ තමන්ගේ අනිත් රූම් මේට් ස්පයිඩිගේ හතුරෙක් කියලා පීටර්ට තේරුම් යන්න මේ රූම්මේට්ව පීටර් දැක්කට පස්සේ. ඔන්න ඒ අතරේ පීටර් ඉන්ඩස්ට්‍රි එක කඩන් වැටිලා ,ඒ උනාට හැම දේමත්ම නරක නෑ අපේ ජුලියට්, මේරි ජේන් එක්ක පීටර්ගේ සම්බන්ධය හරි අපූරුවට අලුත් වෙලා තියෙනවා ආපහු දකින්න පුලුවන් ( දැනට කතාවේ මම ආසම සීන් එක ).
ආන්ට් මේ එක්ක සම්බන්දෙත් නරකම නෑ, ඒ අතරේ ස්පයිඩිට නිව් යොක් වල නපුරු හාදයෝ කිහිපයක්වම නවත්තන්න හම්බෙන අතරේ අපේ තව අනිත් මාවල් වීරයෝ පිටසක්වළ කස්ටිය එක්ක කරන ලොකු සටනකටත් ස්පයිඩි සම්භන්ධ වෙනව, මෙතෙන්දී ස්පයිඩි අනිත් හීරෝස්ලට වඩා ගොඩක් විශේෂ වගේම Unique වෙන්නේ ඇයි කියලා අපිට ලස්සනට පෙන්නලා දිලා තියෙනවා.මම කලින් කිව්වනේ පීටර්ගේ ජීවිතේ යන්නේ ටිකක් අපහසු කාලයක් කියලා, ඉතින් පීටර් තමන්ගේ ජීවිතේ ලබාගත්තු ගොඩක් achiverments මේ වෙනකොට යම් සිද්ධි මාලාවක් නිසා පීටර්ට අහිමි වෙලා තමයි තියෙන්නේ ( පොඩි ඉගියක් දෙන්නම්, මතකද කාළයක් ඔටො ඔක්ටේවියස් පීටර්ගේ ඇගට වැහිලා හිටියා) කොහොම උනත් කතාවේ Game changing point එක සිද්ධ වෙන්නේ මේ අතර, මොකක් හරි වෙලා පීටර් ස්පයිඩි බෙදිලා දෙන්නෙක් උනොත් මොකක් වෙයිද, බලයත් එක්ක අවුරුදු ගානක්ම ජීවත් උන අසාමාන්‍ය ජීවිතයක් තිබ්බ පීටර්ට කිසි බලයක් නැතුව සාමාන්‍ය ජීවිතයක් කොහොම ගෙවයිද ? පීටර්ගේ ඇගේම තිබ්බ බලයක් ස්පයිඩි විදහට වෙනමම ජීවියෙක් උනාම කොයි වගේ තත්වයක් ඇති වෙයිද ? ඉතින් මේ සිද්ධි දාමයන් එක්ක නිව් යොක්වලට එන අලුත් විලන් කවුද ? ඉතින් මේ ප්‍රශ්ණ වලට පිළිතුරු හොයාගන්න නම් කියවන්න ස්පයිඩිගේ මාවල් නැවුම් ආරම්භය.
ඉතින් මේ රීලන්ච් සීරිස් එකේ නිර්මාණ කණ්ඩායම විදිහට හම්බවෙන්නේ අපිට අලුත් කණ්ඩායමක්. කතාව ලියන්නේ Nick Spencer වගේම මේකේ ගොඩක් සිත්ගන්නා සුලු ලෙස අලුත්ම විදිහකට ඇදලා තියෙන්නේ මාවල් පවුලට අලුතෙන්ම එකතු උන Ryan Ottley විසින් (Image Comics ලගේ ජනප්‍රිය Invacible සීරීස් එක ඇන්දේ මෙතුමා ). ඉතින් අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මේක ස්පයිඩි ෆෑන් කෙනෙක් කියවන්නම ඕන පීටර්ගේ ජීවිතේ අලුත්ම පරිච්චේදෙකට පාර කියන සීරීස් එකක් විදිහට. හරි එහෙනම් අලුත්ම ලිපියකින් අපි හෙට අනිද්දම හම්බුබෙ. එහෙනම් ජයවේවා !!
The Amazing Spider Man 2015 VOL 5 - COMIC SCRIPT Rating - 8.0
“ Remember, With Great Powers comes with Great Responsibilities “
#Parker
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න