Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

රුසිරු සමග මැරීන් DRIVE ගැන කතාබහක්

රුසිරු සමග මැරීන් DRIVE ගැන කතාබහක්


ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයට අලුත්ම අත්දැකීම බෝහෝ ගනණක් ගෙනාපු කණ්ඩායමක් තමයි PRUVE කියලා කියන්නේ. කොමික් වලින් පටන් අරන් මේ වන විට රිදී තිරය ආක්‍රිමණය කරන වැඩේත් PRUVE කණ්ඩායම පටන් අරන් තියෙනවා. ඒ Marine Drive චිත්‍රපටය හරහා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙනවා මැරීන් ඩ්‍රියිව් හි පිටපත් රචක වගේම PRUVE වර්ථමාන සභාපති වන වන රුසිරු රණසිංහ මැරීන් ඩ්‍රයිව් ගැන කතා කරන්න.

1.) Q -  මම කැමතී මුල්ම ප්‍රශ්ණය විදිහට වැඩේ Cast එකෙන්ම පටන් ගන්න, මේ PRUVE තමන්ගේ ප්‍රථම වාණිජ සිනමාපටයේන් තමන්ගේ සලකුණ සිනමාව තුල තබන අවස්ථාව, ඉතින් ඒ සදහා තෝරගෙන තියෙන්නේ ලංකාව තුල සිටින නව පරපුරේ වගේම ප්‍රවීණ පරම්පරාවේ දක්ශ නළුනිළි කැලක්, මුල්ම ප්‍රශ්නය, මේ වගේ වෘත්තිමය ප්‍රවීණ Cast එකක් එක්ක වැඩ කිරීම ඔබට දැනුනේ කොහොමද ?


A - අපි මේ වගේ scale එකක වැඩකට මීට කලින් යොමුවෙලා නෑ. ඒ නිසා පොඩි චකිතයක් ඇත්තටම තිබ්බා. මොකද යාලුවෝ cast එකේ ඉද්දි අපිට සාමාන්‍යයෙන් කිසි ප්‍රශ්නයක් නෑ. ඒත් මේ වැඩේ පටන් ගද්දි අපිට, ප්‍රසිද්ධ, සම්මානනීය නලු නිලියන් වෙත යන්න උනා. හැබැයි අපේ වාසනාවට, අපි ගත්ත cast එක හරිම නිහතමානී, දක්ශ, උනන්දු cast එකක්. මේ වැඩේ දැනට ඇවිත් තියෙන ඒවට වඩා ගොඩක් වෙනස් නිසා එයාලා Marine Drive Set එකේ ගොඩක් කැමැත්තෙන් වැඩ කරේ, ඒගොල්ලො හරිම උනන්දුවෙන්, දවස් දෙක තුන එක දිගට නිදි වරාගෙන, මඩ ගාගෙන, බොහොම මහන්සි වෙලා වැඩ කරේ.  ඒකට ඒගොල්ලොන්ට බොහොම ස්තූතිවන්ත වෙන්න ඕනා. එයාලගේ ඒ කැපකිරීම් හා උනන්දුව නිසා, අපේ හිතේ පොඩි චකිතයක් තිබ්බත් professional cast එකක් use කරන එක ඇත්තටම ලොකු අභියෝගයක් උනේ නෑ.



2.) Q - PRUVE Comics ඇයි සිනමා නිර්මාණයට පිවිසුනේ, විශේෂයෙන්ම මේ වගේ දැවැන්ත කාර්‍යයකට ?


A - PRUVE කියන්නේ Story-telling platform එකක්. ඉතින් අපි story tellers ලා විදියට, සෑහෙන කතා, concept, discuss කරනවා. එතනදි අපි කතා වෙන දෙයක් තමයි කිසියම් කතාවක් එලියට දෙන්න පුලුවන් හොදම මාධයය මොකක්ද කියන එක. ඒක කතාවෙන් කතාවට වෙනස් වෙනවා. ඒක comic එකක් වෙන්න පුලුවන්, animation එකක් වෙන්න පුලුවන්, පොතක් වෙන්න පුලුවන්, film එකක් වෙන්න පුලුවන්. කතාව කියන්න පුලුවන් හොදම විදියෙන් කතාව කියන එක තමා අපේ target එක. එහෙම අවස්තාවල, අපිට සමහරවෙලාවට film media එකකට යන්න වෙනවා.




චිත්‍රපටය රූපගත කරමින්


අපි  Movie production වලට යොමුවෙන පලමු තැන තමයි, No Man's Land. එතනදි අපි පොඩ්ඩක් මේ visual story-telling  කියන දේ explore කරා.ඊට පියවර කිහිපයකට පස්සේ Yodha Entertainment හරහා අපිට feature-film එකක් හදන්න අවස්තාව ලැබෙනවා.  ඉතින් වැඩේ ටිකක් ලොකු වුනත්, අපි තරයේ විශ්වාස කරන් දෙයක් තමයි අපේ රටේ movies වලට quality content අවශ්‍යයි කියන් එක. හොද films තිබ්බට, බහුතරයක් එන්නේ අපි, ප්‍රේකශකාගාරයක් විදියට අපේ රසගදාවය පහලට දාන films. ඒක වෙනස් කරන්න අපිට පුලුවන් මොනයම් ම දේ හරි කරන්න, අපෙන් පියවරක් තමා Marine Drive. 


3.) Q - Tales of Archanus, No Mans Land, මේ වගේ නිර්මාණත් එක්ක මේ වගේ දැවැන්ත නිර්මානයක් ඕගොල්ලන්ට කොහොම අත්දැකීමක් උනාද, ඒක Pruve ලගේ Audience එකට කොයි වගේ අත්දැකීමක් වෙයිද?


A - ඇත්තටම Marine Drive තමයි PRUVE දැනට කරලා තියෙන ලොකුම project එක. ඉතින් එච්චර ලොකු දේකට අත ගහන්න, අපි කලින් කියපු stories ඔක්කොම උදව් උනා. අපි No Man's Land කරේ film-making ගැන කිසිම දෙයක් දන්නේ නැතුව, ආසාවට. Tales of Archanus අවුරුදු ගානක් තිස්සේ හදනවා, මම විශ්වාස කරනවා, ඒ baby steps නැතුව අපිට Marine Drive ලගටවත් එන්න අමාරු වෙයි කියලා. සමහරවෙලාවට අපිටම පුදුමයි. ලංකාවේ යන වෙන film production එක්ක බැලුවම, Marine Drive කියන්නේ ඉතාම පොඩි budget එකකින් කරපු එකක්. හැබැයි, No Man's Land එකේ මුලු budget එකෙන් Marine Drive film එකේ සීයට දහයක්වත් කරන්න බෑ.අපි Marine Drive කරේ බොහොම මහන්සි වෙලා, සමහර වෙලාවට පැය 36ක් non-stop රූගත කිරීම් වුනා, කන්න බොන්න උනේ නෑ, කොහොමත් නිදාගන්න උනේ නෑ, හැබැයි ඒ කටු ඔක්කොම ඇතුලේ මාරම අත්දැකීම් ටිකක් තිබ්බේ. ඒවා නැත්තන් වැඩක් නෑ. PRUVE එකේ අපිට ජීවිතයේ ලබපු හොදම අත්දැකීමක් තමයි මේ film එක කරපු එක. දෙයක් වෙන්න නම්, ඒ දේ කරන්න ඕන කියන් දේ අත්දැකීමෙන්ම අපි මේක තුලින් ඉගෙනගත්තා.

Audience එකට කොයි වගේ අත්දැකීමක් වෙයිද කියන එක එයාලගෙන්ම තමා අහගන්න ඕනා. ලංකාවේ තාම action-thriler film එකක් ඇවිත් නෑ. හැබැයි, මට guarantee කරන්න පුලුවන්, අමතක නොවන, ලංකාවේ මීට කලින් දැකලා නැති, අපේම දෙයක්, අපිට පුලුවන් උපරිමයෙන් audience එකට දෙනවා කියන එක. PRUVE විදියට, අපේ නිර්මාණ වල quality එක අපිට ඉතාම වටින දෙයක්. ඒ qualtiy එක, ඒටත් වඩා හොදට, හැම අතින්ම, අපි Marine Drive හරහා audience එකට දෙන්න බලාපොරොත්තු වෙනවා.


4.) Q - Comic Script සහ PRUVE අපේ සම්බන්ධය ගොඩ කාලෙක ඉදලා තියෙන එකක්, නමුත් අපිත් පුදුමයට පත් උනා මේ වගේ ලොකු වැඩකර Pruve ලා අතගහලා තියෙන එක ගැන, ඉතින් මේ වගේ Professional Cast එකක්, Professional technician ලා, Professional Equipments එක්ක ලොකු Production එකකට යන්න, මේ වගේ දැවැන්ත නිර්මාණයකට යන්න එදයි අදයි අතර Pruve එක අභ්‍යන්තයේ කොයි වගේ පරිවර්තනයක් ද ඇති වෙලා තියෙන්නේ ? එදා ඉදලා ඉන්න අය කොයි වගේ ශක්තියක් උනාද? දැක්ම මොන් වගේ පුළුල්ද?


A - Comic script කියන්නේ හැමදාම අපිත් එක්ක හිටපු කට්ටියක්. අපි ගොඩක් අගය කරනවා ඔයාලට අපේ රටේ geek culture එකට, comic readers ලට, story tellers ලා ඇතුලු ඔක්කොටම කරන ඉතා වටිනා දේවල් වලට. 
මෙච්චර ලොකු වැඩක් කරන්න PRUVE එක ඇතුලේ වෙලා තියනෙ දේ දිහා බැලුවම, එක අතකින් සෑහෙන ලොකු පරිව‍ර්තනයක් වෙලා තියෙනවා. අනෙත් අතින්, කිසිම දෙයක් වෙනස් වෙලා නෑ.
මම එහෙම කිව්වේ,  දැන් අපිට කතාවක් හරියට කියන්න සම්පත් කොහොම හරි හොයාගන්න හැකියාව තියෙනවා, පොඩ්ඩක් තැලිලා පොඩිවෙලා ඉන්නේ, කොමික් සෙට් එකක් තියෙනවා, ඉතාම දක්ෂ කන්ඩායමක් ඉන්නවා, අපි comic expo එකක් co-organise කරනවා, සමහරු PRUVE කිව්වාම අපිව අදුනනවා, අපිට ඉස්සරහට ඉතා ලොකු plan තියෙනවා, ඉතින් ඒක සෑහෙන ලොකු පරිව‍ර්තනයක්.



හැබැයි, අපි, අපි දිහාම ඇත්තටම බැලුවොත්, අපි තාම අර 6 වසරේ පොත් පිටිපස්සේ චිත්‍ර කතා ඇදලා, පංතියේ යාලුවොන්ට පෙන්නපු පොඩි උන් ටිකම තමයි.  අපිට ඕන කතා හදන්න හා ඒවා රසවිදින්න. අපේ core එක පරිවර්තනය වෙලා නෑ. වෙයි කියලා මම හිතන්නෙත් නෑ.


5.) Q- දැන් තමා ලංකාවේ Geek Culture එක හරියට හැදිලා, දැනුවත් වෙලා ඉස්සරහට එන්නේ, ඉතින් ඒ Audience එකට ඉදිරියට Pruve ලා මොන වගේ දේවල් දායාද කරන්න බලාපොරොත්තු වෙනවද ?





A- දැන් ලංකාවේ geek culture එක සෑහෙන තැනකට ඇවිත් තියෙන්නේ. නියම community එකක් ඉන්නවා. අපි ඉස්සරහටත් gamer.lk එක්ක එකතු වෙලා Geek Avurudu, Colombo Comic Expo කරන්න 
බලාපොරොත්තු වෙනවා. අපි හොයලා බැලුවම,  CCX හරහා සෑහෙන ලොකු දෙයක් මේ අවුරුද්දේ දකින්න පුලුවන් වෙයි.



PRUVE විදියට තනියම, අපි ගොඩක් දේවල් කරගෙන යනවා, චතුර්මාන comic එක දැන් ඉදිරියට යන ගමන් තියෙන්නේ. Tales of Archanusඋත් ලංකාවේ මුල්ම animated series එක විදියට අපි develop කරන් යනවා. ඊට අමතරව, තව comics, නව කතා හා දේවල් එලියට එයි. Film, series පැත්තෙන් බැලුවහම, තව අවුරුදු කිහිපයකින් චතුර්මාන සම්බන්ධයෙන් ලොකු දෙයක් වෙයි.
ඊට අමතරව මතක් කරන්න ඕනා Papadamn අපේ එකේ යාලුවෝ. ඒගොල්ලොන්ගෙත් එක්ක එකතු වෙලා ලස්සන වැඩක් කරන්න යන්නේ.
සක්කයි මුනියයි කොමික් එක අතටම අරන් කියවන්න පුලුවන් වෙයි.

ඇත්තටම මේ මොහොත Comic Script කණ්ඩායමට ඉතාම ආඩම්බර විය හැකි මොහොතක්, මොකද මේ වගේ නිර්මාණයක යම් තරමිකින් හෝ කොටස්කරුවෙකු වීම ලොකු භාග්‍යක් කියලා තමා අපි හිතන්නේ, ඉදිරි සති වලදී අපි Marine Drive Exclusive First Look එක වගේම Marine Drive කණ්ඩායමේ හැම කෙනෙක් එක්කම වගේ කථා කරන්න සූදානම් වෙලයි ඉන්නේ, ඒ නිසා අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන අපේ හදපිරි ස්තූතිය අපේ PRUVE කණ්ඩායමට අපි පල කරනවා. ඒ වගේම මේ චිත්‍රපටය ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයා හට අලුත්ම අත්දැකීමක් කියලා බය නැතුව කියන්න පුලුවන්, අපි බලාපොරොත්තු වෙනවා ඔබ සියළු දෙනා සිනමාහල තුල අපි මේ කියපු අමතක නොවන අත්දැකීම ලබා ගනීවි කියලා!. එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙනතුරු ජයවේවා!!.





Interview by - Parker
Images by - Danuka Savinda ( Contact Him )

©2020 PRUVE Comics. All Right Reserved.

©2020 Comic Script.

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න