Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Birds of Prey බලන්න යන්න කලින්!!

Birds of Prey බලන්න යන්න කලින්!!



DC සමාගමේ අලුත්ම චිත්‍රපටය ඔන්න අද පටන් ලොවපුරා තිරගතවීම ආරම්භවනවා. ඒ Birds of Prey and the Fantabulous Emancipation of One Harley Quinn චිත්‍රපටයයි, නමෙන්ම තේරෙනවනේ චිත්‍රපටයේ ප්‍රධාන අවධානයක් දීලා තියෙන්නේ කාටද කියලා. ඔව් මේක Harley Quinn වටා ගොඩනැංවෙන girl-gang superhero movie එකක්. Suicide Squad චිත්‍රපටයේ Harley Quinnට ලැබුණු ඉමහත් ජනප්‍රියතාව නිසාම DC ආයතනය මුලින්ම තීරණය කළා Harley Quinn solo movie එකක් නිර්මාණය කරන්න. ඒත් පසුව ඔවුන් තීරණය කරනවා Harleyත් එක්ක තවත් කාන්තා චරිත කිහිපයක් සම්බන්ධ කරලා චිත්‍රපටය නිර්මාණය කරන්න.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Cathy Yan විසින්. ඇය විසින් Dead Pigs, According to my Mother ,Down River, Last Night යනාදී චිත්‍රපට සහ කෙටි චිත්‍රපට රැයක්ම අධ්‍යක්ෂණය කොට තිබෙනවා. DC ආයතනයේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කොට නිමකළ දෙවන කාන්තාව බවට පත්වන්නටද Cathy Yan සමත්වනවා. චිත්‍රපටය නම් R-Rated චිත්‍රපටයක්. මේ චිත්‍රපටය R-Rated චිත්‍රපටයක් වන්නට ප්‍රධානම හේතුව චිත්‍රපටයේ Harley Quinnට රංගනයෙන් දායක වන Margot Robbie විසින් කළ අදහසකට අනුවයි. ඒ අනුව DCEU එකේ පළමු R-Rated චිත්‍රපටය සහ DC සමාගමේ දෙවන rated R චිත්‍රපටය බවටද මේ චිත්‍රපටය පත්වනවා.චිත්‍රපටයේ සම්පූර්ණ ධාවන කාලය මිනිත්තු 109ක්. ඇමරිකානු ඩොලර් මිලියන 97.1ක මුදලක් තමයි movie එකේ budget එක.



  • Team Origin



1996 ජූනි මාසයේදී Chuck Dixon තමයි මුලින්ම Birds of Prey Comics නිර්මාණය කරන්නට පටන් ගන්නේ. ඒ Black Canary/Oracle: Birds of Prey #1 comic එක හරහායි. Birds of Prey කණ්ඩායම කියන්නේ female superhero කණ්ඩායමක්. නමුත් Justice League වගේ ගොඩක් superheroesලාගෙන් හැදුණු කණ්ඩායමක් නෙවෙයි. මේක teamup comic series එකක් හැටියට හැඳින්වුවත් වැරැද්දක් නැහැ. මුලින්ම මේ විදියට කණ්ඩායමක් එකතු කරන්න වුවමනා වෙන්නේ Oracle එහෙමත් නැත්නම් Barbara Gordonටයි. Batgirl විදියට මුලින්ම Barbara කටයුතු කළත් Batman: The Killing Joke කතාවේදී Joker විසින් Barbaraට ඇවිදින්න බැරිවෙන්න වෙඩි තිබ්බට පස්සේ ගෝතම් නගරයේ ආරක්ෂාවට සහය වෙන්න Barbara අලුත් identity එකකින් වැඩ පටන් ගන්නවා. ඒ Oracle හැටියටයි. නමුත් ඇවිදින්න බැරි නිසා ඇයට පුළුවන් වෙන්නේ පරිගණකය ඔස්සේ සහය දක්වන්න විතරයි. ඒ නිසා Oracle විසින් Gotham නගරයේ කලබල මැඩපවත්වන්නට Black Canary එක්ක පටන් ගන්න කණ්ඩායම තමයි මේ Birds of Prey විදියට හඳුන්වන්නේ. පස්සෙ කාලෙක Catwoman, Huntress, Batwoman, Poison Ivy, Gypsy, Dove, Katana, Vixen වගේ ජනප්‍රිය චරිත ගොඩක් පසුකාලීනව මේ කණ්ඩායමට එකතුවෙනවා.


  • The Plot of Birds of Prey



Suicide Squad චිත්‍රපටයේදී Enchantressගේ පරාජයෙන් පසුව Joker සහ Harley දෙදෙනා යළිත් Gotham නගරය වෙත පැමිණෙනවා. ටික කාලයක් යනකොට Joker සහ Harleyගේ abusive relationship එක උග්‍ර වෙලා Joker Harleyව Jokerගේ ගෙදරින් එලියට ඇදලා දානවා. එතන ඉඳන් Black Mask, Victor Zsasz ඇතුළු Gotham නගරයේ ඉන්න මැරයන් ඔක්කොගේම target එකක් බවට පත්වෙන Harleyට නොහිතපු විදියට Black Canary, Huntress සහ Renee Montoya කියන තුන්දෙනාව හම්බෙනවා. මේ හමුවීමත් එක්ක Harleyගේ ජීවිතය කොයි ආකාරයට වෙනස් වේවිද?




  • Characters and Actresses/Actors
Birds of Prey චිත්‍රපටය ජනප්‍රිය මෙන්ම දක්ෂ නළු නිළියන් රැසකගේ රංගනයෙන් නිර්මාණය වන චිත්‍රපටයක්. DC ආයතනය විසින් මීට පෙර නිකුත්කළ චිත්‍රපටවල අපිට දකින්න ලැබුණු චරිත කිහිපයකුත් අපිට මේ චිත්‍රපටයේදි යළි දැකගන්නට ලැබීමත් සුවිශේෂී වනවා. චිත්‍රපට‍යේ අපිට හමුවන මේ චරිත කවුද ?


▪️ Harleen Quinzel a.k.a. Harley Quinn - Margot Robbie



හාර්ලි ගේ මුල්ම කොමික් ආගමනය වෙන්නේ නම් 1993 සැප්තැම්බර් " The Batman Adventures #12 " දී.1993 අප්‍රේල් වල එන්න තිබුණ කොමික් කතාවක මුලින්ම හාර්ලි එන්න තිබුනත් පසුව එය වෙනස් වෙලා තියෙනවා. මෙයාගේ ඇත්ත නම වෙන්නේ " Dr.Harleen Frances Quinzel ". මෙයා ඇත්තටම " Psychiatrist " කෙනෙක්,එහෙම නැත්තම් " මානසික ව්‍යාධි වේදිනියක් ". ඒත් මානසික දොස්තර කෙනෙක් කෙනෙක් කොහොමද පිස්සු Joker එක්ක එකතු වෙන්නේ? ඔයාලා දන්නවා නේද Arkham Asylum කියන තැන. ගෝතම නගරේ ඉන්න දරුණු අපරාධ කරන මානසික රෝගීන් ට ප්‍රතිකාර කරන තැන. joker ව උනත් පොලිසිය (Batman තමයි ඉතින් ඇත්තටම) අල්ලලා භාර කරන්නේ මෙතනට තමයි. අන්න එතන වැඩ කරන්න මෙයා එනවා. ඉතිරු හරිය කියන්න ඕනේ නෑනේ ඉතින්,joker ගේ චාටු වදන් වලට රැවටිලා මෙයා joker ගේ පෙම්වතිය විතරක් නෙමෙයි අපරාධ සහායකයා (Partner in Crime) බවට පත්වෙනවා.මෙයාගේ හැකියාවන් ගැන කියනවනම්(මානසික විද්‍යා දැනුම හැරුනහම) මෙයා gymnast වලට ගොඩක් දක්ෂයි. සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා ක්‍රියාශීලී කෙනෙක්,වැඩි දියුණුකරගත්ත ශක්තියක් තියෙනවා වගේම හොඳ බුද්ධියක් තියෙනවා. පොයිසන් අයිවි දෙන එන්නතකින් මෙයාට ගොඩක් විෂ වර්ග හා රසායන වර්ග වලින් හානි නොවෙන තත්වයක් ලැබෙනවා. ඒ වගේම තමයි නිරායුද සටන් වලට ගොඩක් දක්ෂ කෙනෙක්.





Suicide Squad චිත්‍රපටයේදී සියල්ලන්වම ආකර්ෂණය කරගත් චරිතය වූයේ Harley Quinn චරිතය යැයි කීවාට වරදක් නැහැ. Margot Robbie ඒ චරිතය ඒ තරම්ම විශිෂ්ඨ ලෙස රඟ දැක්වූවා. 2016 වසරෙන් පසුව Margotගේ සිනමා ජීවිතය ඉතාමත් සාර්ථක වූවා. Mary Queen of Scots, Once Upon a Time in Hollywood යනාදී ඇකඩමි සම්මාන වලට පවා නිර්දේශ වුණු නිර්මාණ ඔස්සේ ඇය තමන්ගේ සාර්ථකත්වය රඳා පවත්වාගන්නට සමත්වනවා. මේ නිසාම මේ චිත්‍රපටයේදීත් අපට ඇගෙන් සාර්ථක රංගනයක් බලාපොරොත්තු වන්නට පුළුවන්.



▪️ Dinah Laurel Lance a.k.a. Black Canary - Jurnee Smollett-Bell


DC comic වල ආරම්භකම කාන්තා සුපිරි වීර චරිත අතුරින් එකක් තමයි Black Canary කියන්නේ. Dinah Laurel Lance කියන්නේ original Black Canary වන Dinah Drakeගේ සහ පොලිස් නිළධාරී Larry Lanceගේ දියණියයි. Metahuman කෙනෙක් හැටියට උපත ලබන Dinahට කටින් ඉතාමත් තීව්‍ර ස්වරයෙන් ශබ්ද නිකුත් කරන්නට හැකියාව ලැබෙනවා. මේ ශබ්දයෙන් වීදුරු කඩා දැමීමටත් කන් බෙරය වුවත් පුපුරා දැමීමටත් හැකිවනවා. මේකට comic වලදී කියන්නේ Canary Cry කියලා. වයස අවුරුදු 19ක් වෙනකොටම Dinah ඇයගේ මවගේ mantle එක වන Black Canary නාමය යොදා ගනිමින් නගරයේ ගැටුම් අවම කරන්නට උදව් කරනවා. මේ සඳහා Dinahව පුහුණු කරන්නේ ඇයගේ මවගේ සමකාලීන මිතුරෙකු වන Wildcat විසිනුයි. Martial art specialist හා සුප්‍රසිද්ධ Canary Cry එක නිසා Black Canary වඩාත් ප්‍රබල female superhero කෙනෙක් බවට පත්වනවා.
 



මේ චිත්‍රපටයෙන් Black Canaryව හඳුන්වා දීමත් එක්කම අපිට Black Canaryගේ ආදරවන්තයා වන Green Arrowව ළඟදීම DC චිත්‍රපට ඔස්සේ දැකගන්න ලැබෙනවා යන්නට ඉඟි පල කරනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම Wildcat යනාදී චරිත DCEU එකට හඳුන්වාදීමට අඩිතාලම සකස් කරනවා වන්නටත් පුළුවන්.

Jurnee Smollett-Bell කියන්නේ අපිට වඩාත්ම රිදී තිරයේ හමු වුණු නිළියක් නොවුනත් රසිකයන්ට නම් ඇයව අමතකවන්නට බැහැ. 1997දී නිකුත්වුණු Eve's Bayou චිත්‍රපටයේ කුඩා Eve ලෙසත් 2017දී නිකුත්වුණු The Great Debaters චිත්‍රපටයෙනුත් ඇය දක්ෂ රංගනයක් නිරත වනවා. ඒ වගේම Friday Night Lights සහ True Blood කතාමාලාවන් වලත් ඇයගේ රංගනය අමතක කළ නොහැකියි.




▪️ Helena Bertinelli a.k.a. Huntress - Mary Elizabeth Winstead






Helena Bertinelli කියන්නේ Sicilian mob එකේ නායක Frank Bertinelliගේ මිනිපිරියයි. ඇයට වයස අවුරුදු අටක් වෙත්ම mafia ගැටුමක් නිසා Helena හැර මුලු Bertinelli පවුලම ඝාතනය වෙනවා. ඉන්පසුව Sicilyයේ වාසය කරන ඇයට වසය 21ක් සපිරෙන්නට ආසන්නයේ සිය පවුලේ උරුමය ගැන සහ පවුලේ අය මරා දැමීමට හේතූන් දැනගන්න ලැබෙනවා. ඒ අනුව තොරතුරු සොයන Helenaට පවුලේ අය මරා දැමූ කෙනා සහ ඔහුට ඒ අණ ලබාදුන් අය ගැන තොරතුරු ලැබෙනවා. ඒ අනුව සිය පවුලේ අය වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නට Helena Huntress බවට පරිවර්තනය වනවා. ඒ අනුව ඔවුන්ව හඹා යන ඇයගේ මනස කෙමෙන් කෙමෙන් දරුණු සහ නපුරු වන්නට පටන් ගන්නවා. මෙහිදී ඇයට නිවැරදි මාර්ගය පෙන්වන්නට උදව් කරන්නේ Barbara Gordon සහ බැට්මෑන් විසින්. පසු කාලයක ඇය Spyral නැමති රහස් ඔත්තු සංවිධානය සමඟත් කටයුතු කොට තිබෙනවා. Huntress කියන්නේ ඉතාමත් දක්ෂ ජිම්නාස්ටික් ශූරියක්. ඒ වගේම මෙයාගේ ආයුධය වන crossbow එක වගේම Hand to hand combat වල නිපුණත්වයත් මතක් කල යුතුමයි.


10 Cloverfield Lane සහ Scott Pilgrim vs. the World කථාමාලාව තුළින් Mary Elizabeth Winstead ජනප්‍රියතාවයට පත්වූ නිළියක්. ඒ වගේම Fargo තුන්වන කථා සමයේදී ඇය සමග රංගනයෙන් දායක වුණු Ewan McGregor මේ චිත්‍රපටයේදීම දැකගන්නට ලැබීමත් විශේෂ අවස්ථාවක් වනවා.



▪️ Detective Renee Montoya - Rosie Perez




Renee Montoya ඉපදී හැදී වැඩුණේ Van Buren Avenue නුදුරින් පිහිටි Burnley වලයි. Dominican Republic සංක්‍රමණය වූ Hernando සහ Loisa Montoya යුවලගේ වැඩිමහල් දරුවා වන්නේද ඇයයි. ඇගේ තරුණ කාලයේදීම ඇය ගෝතම් පොලිස් දෙපාර්තමේන්තුවට (GCPD) බැඳෙනවා. එහිදී ඉතාමත් උනන්දුවෙන් හා අවංකව සේවය කරන ඇය දක්ෂ පොලිස් නිලධාරිනියක් බවට පත්වනවා. ඒ අනුව Commissioner Gordon විසින් ඇගේ සේවය අගයා ඇයව detective තනතුර දක්වා උසස්වීමක් ලබා දෙනවා. GCPD එකේ Renee සේවය කරන්නේ Harvey Bullock සමඟ එකටයි. වරෙක Reneeගේ හිතේ Harvey ගැන පොඩි අදහසක් තිබ්බත් Harvey ඒ අදහස ප්‍රතික්ෂේප කරනවා. Vic Sageගෙන් පසුව The Question බවට පත්වන්නේත් මැයයි.චිත්‍රපටියේ Renee Montoyaගේ චරිතයට රංගනයෙන් දායක වන්නේ Rosie Perez විසින්. 1993 වසරේදී Peter Weir විසින් අධ්‍යක්ෂණය කල Fearless චිත්‍රපටයේ Carla Rodrigoගේ චරිතය වෙනුවෙන් ඒ වසරේ ඇකඩමි සම්මාන උළෙළේ හොඳම සහය නිළිය ලෙස නිර්දේශ වන්නටත් Rosie Perez සමත්වූවා.


▪️ Cassandra Cain a.k.a. Batgirl - Ella Jay Basco



Cassandra Cain එහෙම නැත්තම් ආදරේට කැසී/කැස් කියන්නේ බැටා ගේ පවුලේ අයගෙන් දරදඬුම චරිතය කිව්වොත් මම හිතන්නේ හරි.කොටින්ම කියනවා නම් ඩේමියන් ටත් වඩා දරදඬු චරිතයක්. Cassandra Cain කියන්නේ දෙවැනි batgirl,මුලින්ම cassendra ව අපිට කොමික් එකකින් දැකගන්න ලැබෙන්නේ 1999 ජුලි මාසයේදී. cassandra කියන්නේ david cain සහ Sandra Wu-San එහෙමත් නැත්තම් Lady Shiva ගේ දුව. රේෂ් ට ගැලපෙන ආරක්ෂකයෙක් සොයාගෙන යන ගමනේදී ඩේවිඩ් ලේඩි ශීවා (පසුකාලීනව) ගේ සටන් විලාශය දැකල එයාව වෙනත් කෙනෙක්ගේ මරණයකට හසු කරවන්න හදලා එකෙන් ගැලවෙන්න ඕනේ නම් රේෂ් සහ ලිග් ඔෆ් ඇසසින් ලට සේවය කරන්න තමන්ට දරුවෙක් ලබාදෙන්න කියල කරන ඉල්ලීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි කැසෙන්ඩ්රා ව කොමික් වලට එන්නේ.

ඉපදුනාට පස්සේ සම්පුර්ණයෙන්ම Cassandra ගේ භාරකාරත්වය භාර ගන්න ඩේවිඩ් පොඩි කාලේ ඉඳන්ම සටන් ක්‍රම පුහුණු කරවනවා.එත් ලියන්න කියවන්න වගේ දේවල් පුරුදු කරවන්නේ නෑ. ඒක නිසා ගොඩ කාලයක් යනකම් Cassandra අදහස් හුවමාරු කරගන්නේ විවිධ සංකේත හෝ චිත්‍ර තුලින්.ලියන්න කියවන්න බැරි උනාට කැසී ගේ body language කියවීමේ හැකියාව නම් ඉතාම ඉහලයි..මොකද කතාකරන්න බැරි නිසා එයා දිගින් දිගටම body language කියවීම ගැන උනන්දු වෙනවා..එක නිසාම තමන්ගේ ප්‍රතිවාදියාව හඳුනා ගැනීමේ හැකියාව,වේගය වැඩි නිසා තමයි මෙයත් එක්ක ගහගන්න එක ගොඩක් අමාරු වෙන්නේ.. මෙයා තමන්ගේ තාත්තාගෙන් අයින් වෙලා බැටා ට එකතු වෙන්නෙත් ඒ හැකියාව නිසා.



Cassandra ගේ හැකියාවන් ගැන කියනවා නම් ප්‍රධාන වශයෙන් තියෙන්නේ එයාගේ මාෂල් ආර්ට්ස් වල හැකියාව, body language කියවීමේ හැකියාව සහ දරාගැනීමේ හැකියාව. මේ දේවල් නිසාම බැට්මෑන් වතාවක එයාටත් තනියම කැසී එක්ක සටන් කරලා දිනන්න අමාරුයි කියලා කියලා තියෙනවා. Casandra ගැන වැඩිදුර විස්තර අපේ පරණ ලිපියෙන් දැනගන්න පුළුවන්.


ඒ වගේම මේ චිත්‍රපටය Ella Jay Basco රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටයද වනවා.



▪️ Roman Sionis a.k.a. Black Mask - Ewan McGregor




Roman Sionis කියන්නේ ගෝතම් නගරයේ පාතාල නායකයෙක්. False Facers gang එකේ නායකයා වන්නේත් මොහු තමයි. Romanගේ දෙමව්පියන් ඉතාමත් ධනවත් අය. ඒ නිසාම ධනවත් පවුලකින් පැවත එන නිසාම Romanගේ දෙමාපියන් Roman කුඩා කාලයේදී ඔහු ගැන සොයනවාට වඩා මුදල් පසුපස හඹා ගියා. මේ නිසාම Romanට අකමැත්තෙන් වුවත් දෙමව්පියන් යන උත්සව, රාත්‍රී ආහාර උදෙසා නිවසින් පිටතට යන්නට සිදු වුණා. ඒ වගේම මුදල් ලබාගැනීම් සඳහා Bruce Wayne වැනි ගෝතම් නගරයේ ධන කුවේරයන් සමඟ සබඳතා ඇති කරගන්න යැයි Romanගේ දෙමව්පියන් ඔහුට බල කළා. Roman සිය දෙමාපියන්ගේ මේ හැසිරීම් වලට අකමැති වුණා. ඔවුන්ගේ බොරු වෙස්මුහුණු වලට ඔහු දැඩි ලෙස වෛර කළා.


කාලය ගතවත්ම එක්තරා දිනයක Romanගේ දෙමාපියන් එක්වරම ඇතිවූ ගින්නක් නිසා ජීවිතක්ෂයට පත්වනවා. ඉන්පසු පියාගේ ව්‍යාපාර කටයුතු භාරවන්නේ Romanටයි. Roman ව්‍යාපාර කළමණාකරයේ ඒ තරම් දක්ෂ කෙනෙකු වන්නේ නැහැ. මේ නිසාම ඔහුගේ Janus Cosmetics Corporation ආයතනය බංකොලොත් වනවා. නීතිමය තත්වයන් උඩ මේ ආයතනය විකුණා දමන්නට ඔහුට ඒ අනුව සිදුවනවා. Janus Cosmetics Corporation එක මිළදී ගන්නට පැමිණෙන්නේ Wayne Industries එකයි. මේ නිසාම Roman Bruce කෙරෙහි වෛර කරනවා. සිය පියාගේ මිනී පෙට්ටියේ පියනින් කළු පැහැති හිස්කබලක mask එකක් සාදාගන්නා Roman එතැන් පටන් Black Mask බවට පත්වනවා.



Black Maskගේ චරිතය රඟදක්වන Ewan McGregor බොහෝ පිරිසක් හඳුනන නළුවෙක් ලොවපුරා ඉතාමත් ජනප්‍රිය Star Wars කථාමාලාවේ තරුණ Obi-Wan Kenobiගේ චරිතයේ රංගනයත් සමඟම ඔහු ඉතාමත් ජනප්‍රියතාවට පත්වනවා. මීට අමතරව ඔහු ඉදිරියේදී Disny+ ඔස්සේ විකාශය වීමට නියමිත Obi-Wan Kenobi කථාමාලාවටත් සම්බන්ධ වීමට නියමිතයි.



▪️ Victor Zsasz - Chris Messina


Gotham කියන්නේ උන්මත්තකයන්ගෙන්, මානසික අසහනයෙන් පිරුණු ලෝකයේ තියෙන දරුණුම අපරාධ වැඩිම නගරය කියලා අපි හැමෝම දන්නවනේ. මේ කියන්න යන්නෙත් ඒ නගරයේ ඉන්න තවත් එක්කෙනෙක් ගැන. කොටින්ම කිව්වොත් පිස්සු මිනීමරුවෙක් ගැන. Victor Zsasz කියන්නේ මුලින්ම හොදට ඉගෙනගෙන ලොකු රැකියාවක් කරපු හොඳින් මුදල් තිබුණු Gotham නගරයේ ව්‍යාපාරිකයෙක්. නමුත් පස්සේ වයස 25ක් වෙද්දි එයාගේ දෙමාපියන් බෝට්ටු අනතුරකින් මියයෑමත් සමඟ Victor ගොඩක්ම මනසින් තනිවෙනවා. මේ දේ මඟහැරගන්න ඔහු කාඩ් ක්‍රීඩාවේදී මුදල් ඔට්ටු තැබීමට පුරුදු වෙනවා. මේ පුරුද්දට ඇබ්බැහිවීම නිසාම ඔහු තමන්ගේ මුදල් සියල්ලම Penguin හට පරාද වනවා.

මුදල් පරාජය වූ විටයි ඔහුට තමන් කළ මෝඩකම වැටහෙන්නේ. නමුත් ඊට දැන් ප්‍රමාද වැඩියි. ඒ අනුව Victor Zsasz සියදිවි නසාගන්නට තීරණය කරනවා. ඒ අනුව ගෝතම්හි පාලමකින් පනින්නට සූදානම්වන Victor Zsasz වෙතට එක්වරම පුද්ගලයෙක් ඔහුට පිහියෙන් අනින්න එනවා. ඒ ඔහු සතු සියලු වස්තුව ලබා දෙන මෙන් තර්ජනය කරමින්. ඔවුන් දෙදෙනා අතර ඇතිවන පොරබැදීමේදී Zsasz එක්වරම අර පුද්ගලයාගේ දෙනෙතින් තමාගේ රූපය දකිනවා. මේ ලෝකයේ තමන් තනිවී නැති බව ආවේගයෙන් සිතට ගන්නා ඔහු සැනෙකින් නාදුනන පුද්ගලයාගේ අතේ ඇති පිහිය උදුරාගෙන ඉන් ඇන ඔහුව මරා දමනවා. එතනින් තමන්ගේ මිනීමැරුම් ජීවිතය ආරම්භ කරන Zsasz එතැන් පටන් තමන් මරා දමන පුද්ගලයා ගානේ තමන්ගේ ශරීරයේ කැපුමක් සිදුකර ගන්නවා. ඒ තමනුත් එවන් තනිවුණු මිනිසෙක්ව සිටියා යන්න සිහිපත් කර ගැනීමටයි. කොහොම නමුත් Zsasz කියන්නේ උන්මත්තකයෙක්. ඔහු කොන්තරාත්තු මත කුලියට මිනී මරන්නෙක් බවට පසුව ප්‍රචලිත වනවා. ඔහු විසින් ඉතාමත් අමානුෂික ලෙස පුද්ගලයන් මරා දමා ඇති වාරද පමණයි.






  • How Does Birds Of Prey Connect To The DCEU?

දැනට වාර්තා වන අන්දමට අපි කතා කළ චරිත වලට අමතරව තවත් චරිත දෙකක් හෝ තුනක් චිත්‍රපටයේදී දැකගන්නට ලැබේවි යැයි තොරතුරු වාර්තා වනවා. Barbara Gordon ගේ චරිතට tease කිරීමක් හෝ ඉදිරි චිත්‍රපටයක් tease කිරීමක් සිදුවේවි. දැනට වාර්තා වන අන්දමට post credit scene එකකින් මේ ගැන අදහසක් ඉදිරිපත්වේවි කියලා ආරංචි ලැබෙනවා. ඒ නිසා චිත්‍රපටය අවසන් වනතුරු රැදී සිටින එක හොඳක් වේවි කියලා කියන්න කැමතියි.

චිත්‍රපටය තිරගතවීම ආරම්භ වූවායින් පසුව movie review එකක් ගෙන එන්නත් අපේ බලාපොරොත්තුවක් තියෙනවා.කට්ටිය කැමති කොහොමද? Video එකක් හැටියට review එකක් ගෙන එන්නද නැත්නම් post එකකින් ඒ ගැන කතා කරමුද? පහලින් අදහස් උදහස් යෝජනා චෝදනා ඔක්කොම පළ කරන්න. අලුත් අලුත් වැඩ ටිකක් ඉස්සරහට ගේන්නත් අපි සූදානම්. ඒ ගැන දැනගන්න අපිත් එක්ක දිගටම රැඳී ඉන්නත් ආරාධනා කරනවා.

#MrPool
#DC #BirdsofPrey #preview



No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න