Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Academy Awards 2020, Nominations and our Predictions

 Academy Awards 2020, Nominations and our Predictions


2019 වසර චිත්‍රපටි සඳහා විශේෂ අවුරුද්දක් මොකද සුපිරි ගණයේ චිත්‍රපට සෑහෙන ගණනක් නිකුත් වුනා. අපි දැන් කතා කරන්න යන්නේ ඒවායින් කීයක් හොලිවුඩයේ ඉහළම ගණයේ ගෞරවය ලබා ගනියිද කියලා.
best Performance by an Actress in a Supporting Role
Nominations :
Florence Pugh - Little Women
Laura Dern - Marriage Story
Scarlett Johansson - Jojo Rabbit
Kathy Bates - Richard Jewell
Margot Robbie - Bombshell
අපේ ස්කාලට් ජොහැන්සන්ගේ ජෝජෝ රැබිට් ෆිල්ම් එකේ චරිතය නියමෙටම කරා වගේම මේ සම්මානය දිනන්නත් සුදුසුයි වුනාට මෙතනදී අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් ලෝරා ඩර්න්ට ලොවෙත් මේ ඇවෝඩ් එක හම්බවෙනවා කියලා. මොකද මේ ජුරාසික් පාක් නිළිය සෑහෙන කාලයක් තිස්සෙ බලාගෙන හිටපු ඇවෝඩ් එකක් තමයි ඇකඩමි සම්මානය ඒ වගේම මැරේජ් ස්ටෝරි ෆිල්ම් එකේඩි ඒ චරිතයෙන් එ ඇවෝඩ් එක මේ පාර ලැබෙයි කියලා විශ්වාසය තියන්න පුළුවන්. ඒ වගේම මේ නිළිය දැනටමත් SAG Awards සහ BAFTA සම්මානය වගේ ප්‍රමුඛ පෙළේ සම්මාන මේ චරිතය සඳහා දිනලා ඉවරයි. මීට අමතරව මේ නොමිනේෂන් අතින් හොඳම රංගනයක් දැකගන්න පුළුවන් ෆ්ලෝරන්ස් පියූ ගෙන්. ෆ්ලෝරන්ස්ගේ පසුගිය වසරේ දැකගන්න ලැබුණු තවත් හොඳම රංගනයක් තිබ්බ ෆිල්ම් එකක් තමයි මිඩ්සොමාර් චිත්‍රපටය. නමුත් මේක කිසිම ඇකඩමි සම්මානයකට නොමිනේට් නොවීම විශේෂ කරුණක්. කෙසේ වෙතත් බ්ලැක් විඩෝ ෆිල්ම් එකේ එන බ්ලැක් විඩෝලා දෙන්නෙක්ම මේ සම්මානය සඳහා නොමිනේට් වෙලා තියෙනවා.
Will win : Laura Dern - Marriage Story
Should win : Florence Pugh - Little Women/Scarlett Johansson - Jojo Rabbit
Best Performance by an Actor in a Supporting Role
Nominations :
Al Pacino - The Irishman
Brad Pitt - Once Upon a Time... in Hollywood
Tom Hanks - A Beautiful Day in the Neighborhood
Anthony Hopkins - The Two Popes
Joe Pesci - The Irishman
ලෝරා ඩර්න් වගේම මේ කැටගරියෙත් අනිවාර්‍යයෙන්ම දිනයි කියන්න පුළුවන් පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි මේ සඳහා අදාළ SAG Awards මෙන්ම BAFTA දිනාගත්තු බ්‍රෑඩ් පිට්. ටැරන්ටිනෝ ෆිල්ම් එකක අනිවාර්‍යයෙන්ම තියෙන තව ලක්ෂණයක් තමයි නළුවන්ගෙ රඟපෑම උච්චතම අවස්ථාවට ගෙන ඒම. එ වගේම බ්‍රෑඩ් පිට් ඔහුගේ චරිතයට උපරිම සාධාරණයකුත් ඉටු කරනවා. බ්‍රෑඩ් පිට් ඇරෙන්න මේ සම්මානය සඳහා සුදුසු කෙනෙක් ඉන්නවද ? ඔව්, ඒ අපේ මිස්ටර් රොජර්ස් චරිතය රඟපාපු ටොම් හෑන්ක්ස්. මීට අමතරව අයිරිශ්මන් එකේ අල් පචීනෝත් සෑහෙන්න ගැලපෙනවා.
Will win : Brad Pitt - Once Upon a Time... in Hollywood
Should win : Brad Pitt - Once Upon a Time... in Hollywood/ Tom Hanks - A Beautiful Day in the Neighborhood
Best Performance by an Actress in a Leading Role
Nominations :
Charlize Theron - Bombshell
Renée Zellweger - Judy
Scarlett Johansson - Marriage Story
Cynthia Erivo - Harriet
Saoirse Ronan - Little Women
මේකත් කලින් වගේම කියන්න පුළුවන් ජූඩි චිත්‍රපටයෙන් රෙනේ සෙල්වෙගර් දිනාගන්නවා කියලා. මෙයා මීට කලිනුත් ඇකඩමි සම්මාන තුනකට නොමිනේට් වෙලා ඉන් එකක් දිනාගෙනත් තියෙනවා. ඒ වගේම ජූඩි ෆිල්ම් එක වෙනුවෙන් දැනටමත් SAG සහ BAFTA දිනාගෙන අවසන්. නමුත් මේ සම්මානය යන්නම ඕන කෙනෙක් වෙනවනම් ඒ මැරේජ් ස්ටෝරි වෙනුවෙන් ස්කාලට් ජොහැන්සන්. මොකද ඒ ෆිල්ම් එක වෙනුවෙන් ස්කාජෝ සුපිරි රංගනයක යෙදෙනවා. ස්කාජෝ තමන්ගෙ රංගදිවියෙ උපරිම තලයක දැන් ඉන්නවා කිව්වොත් නිවැරදියි. හොඳම චිත්‍රපටය සඳහා මෙවර නොමිනේට් වුන ෆිල්ම් දෙකකම ස්කාජෝ ඉන්නවා වගේම හොඳම නිළිය/සහයක නිළිය සම්මාන දෙවර්ගයෙන්ම නොමිනේට් වුන පළමු කෙනා වෙන්නෙත් ස්කාර්ජෝ. ඒ වගේම ලොව ඉහළම ආදායම දිනාගත්තු ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම් චිත්‍රපටයෙත් අපි කාගෙත් ආදරය දිනාගත්තු බ්ලැක් විඩෝ චරිතයටත් හැඟුම්බර අවසානයක් දීමට ස්කාජෝ සමත් වෙනවා. ඒ වගේම මේ මැයි මස අපිට නැවතත් අතීත කතාවක් වන බ්ලැක් විඩෝ ෆිල්ම් එකෙන් අවසාන වතාවට බ්ලැක් විඩෝ චරිතය ස්කාජෝ රඟපානවා දැකගන්න හැකිවේවි.
Will win : Renée Zellweger - Judy
Should win : Scarlett Johansson - Marriage Story
Best Performance by an Actor in a Leading Role
Nominations :
Adam Driver - Marriage Story
Joaquin Phoenix - Joker
Leonardo DiCaprio - Once Upon a Time... in Hollywood
Antonio Banderas - Pain and Glory
Jonathan Pryce - The Two Popes
කලින් වගේම මේකත් දැන්ම කියන්න පුළුවන් එකක්. ජෝකර් චරිතය සඳහා මානසිකව මෙන්ම කායිකවත් තමන්ව වෙනස් කරගත් වකීන් ෆීනික්ස් මේ සඳහා SAG, BAFTA එහෙමත් දිනලයි තියෙන්නෙ. වකීන් හිටියෙ නැත්තන් මෙවර ඔස්කාර් සිහිනය සැබෑ කරගන්න අවස්ථාවක් ලැබෙන්න තිබ්බා ඇඩම් ඩ්‍රයිවර්ට. පසුගිය වසරේ බ්ලැක්ක්ලෑන්ස්මන් වෙනුවෙන් සහයක නළු සඳහා නොමිනේෂන් එකත් එක්ක මේ වනවිට නොමිනේෂන් දෙකකට උරුමකම් කියන අපේ කයිලෝ රෙන් හොහොත් බෙන් සෝලෝ සහෝදරයාත් මේ දිනවල ගෙවන්නේ හොඳ කාලයක් මීට අමතරව පසුගිය වසරේම ආපු මොහු රඟපෑ ද රිපෝට් ෆිල්ම් එකත් ඇකඩමියට අමතක වුනු තවත් හොඳ ෆිල්ම් එකක් කියලයි කියන්නෙ. ලියනාඩෝත් මේපාර නොමිනේට් වෙලා තිබ්බත් වකීන් සහ ඇඩම් ඉදිරියේ මේ සම්මානය දිනාගන්න නම් හැකිවෙන්නේ නෑ.
Will win : Joaquin Phoenix - Joker
Should win : Joaquin Phoenix - Joker
Best Original Screenplay
Nominations :
1917 - Sam Mendes, Krysty Wilson-Cairns
Marriage Story - Noah Baumbach
Parasite (Gisaengchung) - Bong Joon Ho, Jin Won Han
Knives Out - Rian Johnson
Once Upon a Time... in Hollywood - Quentin Tarantino
මේ කැටගරියෙදි නම් කලින් වගේ කියන්න බෑ. මේ හැම ස්ක්‍රීන්ප්ලේ එකක්ම වගේ හොඳයි. ඒත් මේ අතරින් සම්මානය යන්න ඕන හොඳම එක කියලා ගන්නවනම් ඒ පැරසයිට් ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක වෙනුවෙන් බොං ජුන් හෝ ට කියලා කියන්නම ඕනෙ. ඒ ෆිල්ම් එකේ කතාව මෙතන තියෙන හැම ෆිල්ම් එකකටම වඩා වෙනස් වගේම විශේෂිත එකක්. මේ හා ආසන්නයට එන්නෙ ටැරැන්ටිනෝගෙ වන්ස් අපොන් අ ටයිම් ඉන් හොලිවුඩ් එකේ ස්ක්‍රිප්ට් එක. කලිනුත් කියපු ටැරැන්ටිනෝ ලක්ෂණ වලින් එකක් තමයි ටැරැන්ටිනෝ ඩිරෙක්ට් කරන හැම ෆිල්ම් එකක්ම ලියන්නෙ ටැරැන්ටිනෝම වීම. ඒ වගේම ඒවායෙ කතාව, දෙබස් එහෙම ටැරැන්ටිනෝ ඇයි ඔහුගේ බිස්නස් එකේ හොඳම එකා වෙන්නෙ කියන එක මනාවට කියාපානවා. ඒ වගේම මැරේජ් ස්ටෝරි චිත්‍රපටයේ ස්ක්‍රිප්ට් එකත් මේ සඳහා හොඳ සටනක් දෙනවා.
Will win : Once Upon a Time... in Hollywood - Quentin Tarantino
Should win : Parasite (Gisaengchung) - Bong Joon Ho, Jin Won Han
Best Adapted Screenplay
Nominations :
Jojo Rabbit - Taika Waititi
Little Women - Greta Gerwig
The Two Popes - Anthony McCarten
Joker - Todd Phillips, Scott Silver
The Irishman - Steven Zaillian
මේ අතුරින් ඇකඩමිය සම්මානය දෙන්න වැඩියෙන්ම ඉඩ තියෙන නොමිනේෂන් වෙන්නෙ අයිරිෂ්මන්, ලිට්ල් විමන් දෙකෙන් එකකට. පාප් වහන්සේ සම්බන්ධ දේවල් වලටත් කැමති වුනත් මේකෙ තියෙන මතභේදාත්මක බව හින්දා ලැබෙයි කියලා කියන්න අමාරුයි. තවද මේ කැටගරියෙන් නොමිනේට් වුන දෙවන කොමික් බුක් ෆිල්ම් එක වෙන ජෝකර් එකටත් ලෝගන් එකට අත් වුන ඉරණමම ලැබේවි. කොහොමත් ජෝකර් ෆිල්ම් එකේ ස්ක්‍රීන්ප්ලේ එකට සාපේක්ෂව අනිත් දේවල් වලින් සෑහෙන සාර්ථකයි කියලත් කියන්න ඕන. කොහොම නමුත් මේ අතරින් මේ සම්මානය යන්නම ඕන එකක් තියෙනවනම් ඒ ජෝජෝ රැබිට් ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක. බ්ලැක් කොමඩි වලින් පටන් අරන් සෙකන්ඩ් ඇක්ට් එකේදි ප්‍රේක්ෂකයන්ව මොකකින් මොකක් වෙයිද කියලා අවුස්සලා 3වෙනි ඇක්ට් එකේදි මරු පහරක් එක්ක හැඟුම්බර අවසානයක් දෙන ජෝජෝ රැබිට් ෆිල්ම් එක අනිවාර්‍යයෙන් දිනන්න ඕන කැටගරි එකක් තමයි මේක. දැනටමත් මේ සඳහා BAFTA සම්මානය දිනලා තිබ්බත් ඇකඩමිය විසින් මේ හිට්ලර් උපහාසාත්මක ෆිල්ම් එකට දෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා.
Will win : Little Women - Greta Gerwig
Should win : Jojo Rabbit - Taika Waititi
Best Achievement in Cinematography
Nominations :
1917 - Roger Deakins
Once Upon a Time... in Hollywood - Robert Richardson
The Lighthouse - Jarin Blaschke
Joker - Lawrence Sher
The Irishman- Rodrigo Prieto
මම පුද්ගලිකවම සෑහෙන නොමිනේෂන් ප්‍රමාණයකට උරුමකම් කියයි කියලා බලාපොරොත්තු වුන ෆිල්ම් එකක් තමයි ලයිට්හවුස් එක. අනාගත බැට්මෑන් වන රොබට් පැටින්සන්ගේ හොඳම රංගනයකුත් හිටපු ග්‍රීන් ගොබ්ලින් වන විලම් ඩැෆෝගේ අනභිබවනීය රංගනයකුත් මේකෙදි දැකගන්න ලැබෙනවා. කළු සුදු ෆිල්ම් එකක් වෙන මේක ගියපාර රෝමා වගේ වෙයි කියලා හිතුවට නොමිනේට් වුනේ මේකට විතරක් වීම සැළකියයුතු කරුණක්. මේ ෆිල්ම් එකේ සිනෙමටෝග්‍රැෆි සුපිරියටම තිබ්බත් (සාමාන්‍යයෙන් කළුසුදු ෆිල්ම් වල සිනමටෝග්‍රැෆි කොහොමත් හොඳයි) මේකවත් දිනන්න පුළුවන් වෙයිද කියලා ෂුවර් කරන්න බෑ මොකද මේ කැටගරියට නම් දරන කීපදෙනෙක්ගෙම ෆිල්ම් නොමිනේට් වෙලා තියෙනවා. වන්ස් අපොන් අ ටයිම් ඉන් හොලිවුඩ්, අයිරිෂ්මන්, ජෝකර් වගේ ෆිල්ම් වල සිනෙමටෝග්‍රැෆි නියමෙටම තිබ්බත් මෙතනදී නිතරඟයෙන්ම මේ සම්මානය යන්නෙ 1917 එකට. ඒ වගේම මේකත් මේ කැටගරියෙන් BAFTA දිනපු එකක්.
Will win : 1917 - Roger Deakins
Should win : 1917 - Roger Deakins
Best Achievement in Film Editing
Nominations :
Andrew Buckland, Michael McCusker
Ford v Ferrari
Jinmo Yang
Parasite
Tom Eagles
Jojo Rabbit
Jeff Groth
Joker
Thelma Schoonmaker
The Irishman
මේකෙන් අයිරිෂ්මන් එකට අවස්ථාවක් තිබ්බත් මේක යන්න ඕනෙ ෆෝඩ් v ෆෙරෑරි එකට. ඒ ෆිල්ම් එක බලපු ඕනම කෙනෙක් දන්නවා ඒකෙ රේස් යද්දි එන ගැම්ම ඒ ෆීල් එක දැනෙන විදිහ. අන්න ඒක එන්නෙ හොඳම ෆිල්ම් එඩිටිං වලින්. මේ ෆිල්ම් එකෙත් ස්ක්‍රිප්ට් එක සිනෙමටෝග්‍රැෆි, මැට් ඩේමන්ගෙයි විශේෂයෙන් ක්‍රිස්ටියන් බේල්ගෙයි සුපිරි රංගනය වගේම මේ ෆිල්ම් එක උඩින්ම තියෙන තවත් සාධකයක් තමයි මේ ෆිල්ම් එකේ මැන්ගෝල්ඩ්ගෙ අධ්‍යක්ෂණය වගේම මේ ෆිල්ම් එකේ සංස්කරණය. ජෝජෝ රැබිට් වගේ මේ ෆිල්ම් එක දිනන්න ඕන කැටගරිය තමයි මේක. ඒ කෙසේ වුණත් මේ ලිස්ට් එකේ තව එකක් තියෙනවා. ඒ තමයි පැරසයිට්. සමහර ෆිල්ම් වල හොඳයි කියන්න පුළුවන් දේවල් ඩිරෙක්ටිං, ඇක්ටිං, ස්ටෝරිය වගේ එකක් දෙකක් තිබ්බට පැරසයිට් කියන්නෙ ඒ හම එකේම එකතුවක්. ෆෝඩ් v ෆෙරෑරි සුපිරියි, ඒත් පැරසයිට් එකට තමා යන්න ඕන.
Will win : Andrew Buckland, Michael McCusker - Ford v Ferrari
Should win : Jinmo Yang - Parasite
Best Achievement in Production Design
Nominations :

1917
Dennis Gassner, Lee Sandales
Once Upon a Time... in Hollywood
Barbara Ling, Nancy HaighThe Irishman
Bob Shaw, Regina Graves
Jojo Rabbit
Ra Vincent, Nora Sopková
Parasite
Gisaengchung (original title)
Ha-jun Lee, Won-woo Cho
ප්‍රොඩක්ෂන් සෙට් එක ගත්තොත් කෙලින්ම කියන්න පුලුවන් මේක යන්නෙ වන්ස් අපොන් අ ටයිම් ඉන් හොලිවුඩ් එකට කියලා. මේකෙ සෙට් ඩිසයින් එක ඒ කාලෙ හොලිවුඩ් සෙටිං එකට ඒ තරම්ම සමානයි වගේම කැලිෆෝනියාවල හොලිවුඩ් ගැන දන්න ඕන කෙනෙක් තෝරගන්නෙ මේක. එ හින්දා ඇකඩමියත් අවිවාදයෙන් මේක තෝරගන්න ඉඩ තියෙනවා. එත් මෙතනත් ඉන්නවා පැරසයිට්. මේ ෆිල්ම් එකේ සෙට් ඩිසයින් එක කොයිතරම් වැදගත්ද කියනවනම් සෙට් ඩිසයින් එකෙන්ම ෆිල්ම් එකේ කතාව කියවෙනවා.
Will win : Once Upon a Time... in Hollywood - Barbara Ling, Nancy Haigh
Should win : Parasite - Ha-jun Lee, Won-woo Cho
Best Achievement in Costume Design
Nominations :
Jojo Rabbit
Mayes C. Rubeo
Little Women
Jacqueline Durran
The Irishman
Christopher Peterson, Sandy Powell
Joker
Mark Bridges
Once Upon a Time... in Hollywood
Arianne Phillips
හැම අවුරුද්දකම මේ සම්මානය වෙනුවෙන්ම ෆිල්ම් නිෂ්පාදනය වෙනවා. මේ අවුරුද්දෙ ඒ ලිට්ල් විමන් එක. හැබැයි මේ ෆිල්ම් එක මේක දින්නත් පාඩු නෑ. ඒත් මං බලාපොරොත්තු වෙන්නෙ කණාවට වගේ හරි මේක ජෝජෝ රැබිට් දිනන්න ඕනෙ කියලා. මොකද මේ ෆිල්ම් එක හිට්ලර්ගෙ කාලෙ ජර්මනියෙ ඇඳුම් ආයිත්තම් අපූරු විදිහට අරගෙන තියෙනවා වගේම ඒක ෆිල්ම් එකටත් සෑහෙන දුරට බලපානවා. කෙසේ වෙතත් මං නං කියන්නෙ අන්තිමේදි සෑම් රොක්වෙල් යුද්දෙට යද්දි ඇඳගෙන යන ඇඳුමටම මේ සම්මානෙ දෙන්න වටිනවා.
Will win : Little Women - Jacqueline Durran
Should win : Jojo Rabbit - Mayes C. Rubeo
Best Achievement in Makeup and Hairstyling
Nominations :
1917
Naomi Donne, Tristan Versluis, Rebecca Cole
Joker
Nicki Ledermann, Kay Georgiou
Maleficent: Mistress of Evil
Paul Gooch, Arjen Tuiten, David White
Bombshell
Kazu Hiro, Anne Morgan, Vivian Baker
Judy
Jeremy Woodhead
මේකත් කලින් කිව්වා වගේ මේකටත් කියලම ආපු ෆිල්ම් එක තමයි බෝම්බ්ශෙල් එක. කලාතුරකින් සප්‍රයිස් එකක් වුනොත් මිසක මේක යන්නෙ මේ ෆිල්ම් එකටම තමා.
Will win : Bombshell - Kazu Hiro, Anne Morgan, Vivian Baker
Should win : Bombshell - Kazu Hiro, Anne Morgan, Vivian Baker
Best Achievement in Music Written for Motion Pictures (Original Score)
Nominations :

1917
Thomas Newman
Little Women
Alexandre Desplat
Joker
Hildur Guðnadóttir
Marriage Story
Randy Newman
Star Wars: Episode IX - The Rise of Skywalker
John Williams
මේක බොහෝ වේලාවට 1917 එකට යන්න අවස්ථාව තිබ්බත් මේකත් මුලදි කිව්වා වගේ ලියලම දීලා තියෙන එකක්. ඒ ජෝකර් එකේ මියුසික් එක වෙනුවෙන්. ඔව්, මේක මීට අදාළ BAFTA එකත් දිනාගත්තා. මේ නොමිනේෂන් ලිස්ට් එකට එන්න තිබ්බ/ ආවනං හොඳයි කියලා මට පුද්ගලිකව හිතෙන එකක් තමයි ඇලන් සිල්වෙස්ට්‍රිගෙ ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම් ස්කෝර් එක. මොකද ඒ ෆිල්ම් එකේ සාර්ථකත්වයට බලපාපු ඉමෝෂනල් සිදුවීම් හැම එකකම ඇලන් සිල්වෙස්ට්‍රිගෙ ස්කෝර් එකත් ඒ සඳහා විශාල දායකත්‍වයක් දුන්නා.
Will win : Joker - Hildur Guðnadóttir
Should win : Joker - Hildur Guðnadóttir
Best Achievement in Music Written for Motion Pictures
(Original Song)
Nominations :
Breakthrough
Diane Warren
For song "I'm Standing With You"
Frozen II
Kristen Anderson-Lopez, Robert Lopez
For song "Into the Unknown"
Harriet
Cynthia Erivo, Joshuah Brian Campbell
For song "Stand Up"
Rocketman
Elton John, Bernie Taupin
For song "I'm Gonna Love Me Again"
Toy Story 4
Randy Newman
For song "I Can't Let You Throw Yourself Away"
මේ සිංදු එකක්වත් මං පුද්ගලිකව අහලා නැතිවුනත් (ටෝයි ස්ටෝරි බැලුවත් සිංදුව මතක නෑ) කණාවට වගේ කියන්න පුළුවන් මේක යන්නෙ රොකට්මෑන් එකේ එල්ටන් ජෝන් කියන සිංදුවට. මොකද බිකෝස් හීස් එල්ටන් ජෝන්. කලාතුරකින් ෆ්‍රෝසන් එකටත් යන්න පුලුවන්කම තිබ්බට මං නං හිතන්නෑ ඒක ලෙට් ඉට් ගෝ තරම් ලොකුවට හිට් වුන සිංදුවක් කියලා.
Will win : Rocketman - Elton John, Bernie Taupin, For song "I'm Gonna Love Me Again"
Best Achievement in Sound Mixing
Nominations :
1917
Mark Taylor, Stuart Wilson
Ad Astra
Gary Rydstrom, Tom Johnson, Mark Ulano
Ford v Ferrari
Paul Massey, David Giammarco, Steven Morrow
Joker
Tom Ozanich, Dean A. Zupancic, Tod A. Maitland
Once Upon a Time... in Hollywood
Michael Minkler, Christian P. Minkler, Mark Ulano
මේ වෙනුවෙන් ෆෝඩ් v ෆෙරෑරි එක ගොඩක් සුදුසුකම් දක්වනවා. මොකද මේකට එන්නෙත් මං මේ ෆිල්ම් එකේ ෆිල්ම් එඩිටිං නොමිනේෂන් එකට කියපු හේතුවම තමයි. කොහොම වුනත් මේක ෆෝඩ් v ෆෙරෑරි එකට ලැබෙයිද කියන එක නම් අවිනිශ්චිතයි.
Will win : 1917 - Mark Taylor, Stuart Wilson
Should win : Ford v Ferrari - Paul Massey, David Giammarco, Steven Morrow
Best Achievement in Sound Editing
Nominations :

1917
Oliver Tarney, Rachael Tate
Ford v Ferrari
Donald Sylvester
Joker
Alan Robert Murray
Once Upon a Time... in Hollywood
Wylie Stateman
Star Wars: Episode IX - The Rise of Skywalker
Matthew Wood, David Acord
මේකත් කලින් වගේම වුනාට සවුන්ඩ් සෙග්මන්ට් විදිහට ගනිද්දි කොහොමත් යුධ ෆිල්ම් එකකට යන්න තියෙන අවස්ථාව වැඩියි සවුන්ඩ් මික්සිං වගේම එඩිටිං දෙකෙන්ම 1917 දිනාගනීවි. නමුත් ෆෝඩ් v ෆෙරෑරිත් ඒ වගේම සුදුසු ෆිල්ම් එකක්. හැමපාරම වගේ ලයිට්සේබර් සවුන්ඩ් එකට නොමිනේට් වෙන එකක් තමයි ස්ටාවෝස් ෆිල්ම්. ඒත් ඒ හැමපාරම වගේ මේ පාරත් දිනන්න ලැබෙන්නේ නෑ.
Will win : 1917 - Oliver Tarney, Rachael Tate
Should win : 1917 - Oliver Tarney, Rachael Tate
Best Achievement in Visual Effects
Nominations :
1917
Guillaume Rocheron, Greg Butler, Dominic Tuohy
Avengers: Endgame
Dan DeLeeuw, Russell Earl, Matt Aitken, Daniel Sudick
Star Wars: Episode IX - The Rise of Skywalker
Neal Scanlan, Patrick Tubach, Dominic Tuohy, Roger Guyett
The Irishman
Pablo Helman, Leandro Estebecorena, Nelson Sepulveda, Stephane Grabli
The Lion King
Robert Legato, Adam Valdez, Andrew R. Jones, Elliot Newman
ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම් නොමිනේට් වුන එකම සම්මානයවත් දිනාගනියිද ? තාමත් හරියටම කියන්න බෑ මොකද කොයිතරම් ෂුවර් වුනත් හැමපාරකම වගේ වෙන ෆිල්ම් එකක් මේ ඇවෝඩ් එක දිනාගන්නවා. මේපාර මේ ඇවෝඩ් එක ගහගෙන යන්න වැඩි අවස්ථාවක් තියෙන එකක් තමයි 1917. ලයන් කිං එකටත් කලින් ජංගල් බුක් එකට සෙට් වුනා වගේ යන්නත් බැරි නෑ. ඒත් මට හිතෙනවා මේ පාර එහෙම වෙන එකක් නෑ කියලා. අයිරිෂ්මන් එකේ vfx කරෙත් දැන් ඩිස්නි යටතේ තියෙන හැම ස්ටාර්වෝස් ෆිල්ම් එකකටම, මාවල් ෆිල්ම් එකකටම vfx කරන Industrial Light and Magic සමාගම වුනාට de-aging වලදි යම් යම් අවුල් තිබුණා. කොහොම වුනත් මේ කැටගරියෙන් දිනන්න ඕනම එක තමයි ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම් ෆිල්ම් එක.
Will win : 1917 - Guillaume Rocheron, Greg Butler, Dominic Tuohy
Should win : Avengers: Endgame - Dan DeLeeuw, Russell Earl, Matt Aitken, Daniel Sudick
Best Achievement in Directing
Nominations :
Bong Joon Ho
Parasite
Martin Scorsese
The Irishman
Quentin Tarantino
Once Upon a Time... in Hollywood
Sam Mendes
1917
Todd Phillips
Joker
මේ සඳහා සුදුසුම පැරසයිට් වෙනුවෙන් බොං ජුන් හෝ. ආයෙ දෙකක් නෑ. හැබැයි ඇකඩමිය ඇමරිකන් හෝ ඉංග්‍රීසි නොවන ෆිල්ම් එකකට දෙයිද කියන ප්‍රශ්නෙ ආවොත් මේක යන්නෙ 1917 වෙනුවෙන් සෑම් මෙන්ඩෙස්ට. ඔව් මේ ලිස්ට් එකේ ඉන්නවා මාටින් ස්කෝර්සේසි වගේම ක්වෙන්ටින් ටැරැන්ටිනෝත් ඒත් මෙතනදී තරඟය තියෙන්නෙ පැරසයිට් එකටයි 1917 එකටයි.
Will win : Sam Mendes - 1917
Should win : Bong Joon Ho - Parasite
Best International Feature Film
Nominations :
Corpus Christi
Boze Cialo (original title)
Poland
Corpus Christi
Boze Cialo (original title)
Poland
Parasite
Gisaengchung (original title)
South Korea
Honeyland
North Macedonia
Pain and Glory
Dolor y gloria (original title)
Spain
මේ අවුරුද්දෙ නොමිනේට් වුන හැම ඉන්ටර්නැෂනල් ෆිල්ම් එකක්ම අපරාදෙ මොකද ඒවට ලැබෙන ඉහළම ගෞරවය මේ නොමිනේෂන් එක විතරයි. පැරසයිට් හැර.
Will win : Parasite (Gisaengchung) South Korea
Best Animated Feature Film
Nominations :
How to Train Your Dragon: The Hidden World
Dean DeBlois, Bradford Lewis, Bonnie Arnold
I Lost My Body
J'ai perdu mon corps (original title)
Jérémy Clapin, Marc Du Pontavice
Klaus
Sergio Pablos, Jinko Gotoh, Marisa Roman
Missing Link
Chris Butler, Arianne Sutner, Travis Knight
Toy Story 4
Josh Cooley, Mark Nielsen, Jonas Rivera
මේකත් ටිකක් කියන්න අමාරු එකක්. ක්ලවුස් කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලා නිකුත් කරපු ලස්සන කතාවක් තියෙන ඇනිමේෂන් ෆිල්ම් එකක්. අයි ලොස්ට් මයි බොඩි එක වෙනස්ම විදිහේ අත්දැකීමක් දෙන එකක්. හවු ටු ට්‍රේන් යුවර් ඩ්‍රැගන් 3 එකත් ලොව පුරා ආදරයට පාත්‍ර වුන ෆිල්ම් ත්‍රිත්වයක අවසානය සනිටුහන් කරන එකක්. මිසිං ලින්ක් එකත් මං බලලා නැති වුනාට හොඳයි කියලා අහන්න ලැබුන එකක්. ඒත් මේකත් කොහොමත් යන්නෙ ටෝයි ස්ටෝරි 4 ෆිල්ම් එකට මොකද ඒකෙ නළු නිළියො පරම්පරා දෙක තුනක ළමුන් inspire කරපු එකක් වගේම 4වෙනි එක වුනත් ඒ ෆීල් එක ඒ ඉමෝෂන් එහෙම කොලිටිය අඩු නොකර ඒ විදියටම දෙන්න සමත් වුනු නිසා.
Will win : Toy Story 4 Josh Cooley, Mark Nielsen, Jonas Rivera
Best Motion Picture of the Year
Nominations :
1917
Sam Mendes, Pippa Harris, Jayne-Ann Tenggren, Callum McDougall
Ford v Ferrari
Peter Chernin, Jenno Topping, James Mangold
Jojo Rabbit
Carthew Neal, Taika Waititi
Joker
Todd Phillips, Bradley Cooper, Emma Tillinger Koskoff
Little Women
Amy Pascal
Marriage Story
Noah Baumbach, David Heyman
Once Upon a Time... in Hollywood
David Heyman, Shannon McIntosh, Quentin Tarantino
Parasite
Gisaengchung (original title)
Sin-ae Kwak, Bong Joon Ho
The Irishman
Martin Scorsese, Robert De Niro, Jane Rosenthal, Emma Tillinger Koskoff
මේක තමයි මේපාර හිතන්න අමාරුම කැටගරිය. ඒ බෙස්ට් පික්චර් එක තෝරන්නෙ ඇනොනිමස් විදිහට කරන වෝටිං ක්‍රමයකින් වීම හින්දා විතරක් නෙවෙයි මෙතන තියෙන ගොඩක් ෆිල්ම් මේ සම්මානය සඳහා සුදුසුකම් දැරීමයි. ඒ හින්දා මේ සඳහා අඩුවෙන්ම අවස්ථාව තියෙන ඒවා මුලින්ම ගත්තොත් ඒ ලිට්ල් විමන්, මැරේජ් ස්ටෝරි, ෆෝඩ් v ෆෙරෑරි කියලා ගන්න පුලුවන්. සාමාන්‍යයෙන් බෙස්ට් පික්චර් ඇවෝඩ් එක දිනන ෆිල්ම් එක අනිවාර්‍යයෙන්ම බෙස්ට් එඩිටිං වලට නොමිනේට් වුන ෆිල්ම් එකක්. එහෙම නොවුන එකකට මේ සම්මානය දිනාගත්තේ පසුගිය කාලයේම බර්ඩ්මෑන් විතරයි. ඒකෙනුත් බර්ඩ්මෑන් එක වන් ෂොට් එකක් විදිහට යන ෆිල්ම් එකක්. එහෙම ගත්තොත් මේ සටනෙන් වන්ස් අපොන් අ ටයිම් ඉන් හොලිවුඩ් අයින් වෙනවා. ඒ කියන්නෙ මේක දිනන්න බෑම කියන එකත් නෙවෙයි. එහෙම බැලුවම මේක දිනන්න ගොඩක්ම අවස්ථාව තියෙන්නෙ 1917ට සහ පැරසයිට් ෆිල්ම් එකට. නමුත් පැරසයිට් එකටත් රෝමා ෆිල්ම් එකට වෙච්ච දේම වෙයිද කියලා හිතන්න අමාරුයි මොකද පැරසයිට් එක හැම අතින්ම ඉහළින් ඉන්න ෆිල්ම් එකක්. මගේ පුද්ගලික මතය අනුව නම් පැරසයිට් දිනන්න ඕනෙ. හැබැයි ගියපාරත් කවුරුවත් නොහිතපු විදිහට ග්‍රීන් බුක් ආවා වගේ මේ පාර ජෝජෝ රැබිට් එන්නත් බැරිකමක් නෑ.
Will win : 1917
Sam Mendes, Pippa Harris, Jayne-Ann Tenggren, Callum McDougall
Should win : Parasite - (Gisaengchung) Sin-ae Kwak, Bong Joon Ho
එහෙනම් අපි හෙට බලමු මේවයින් කීයක් හරි යයිද වරදියිද කියලා. ඊට පස්සෙ ඊට අදාළ විදිහටත් ආටිකල් එක දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. අපි මුලිනුත් කිව්වා වගේ 2019 වසර චිත්‍රපටි සඳහා සුවිශේෂී චිත්‍රපටි සෑහෙන ප්‍රමාණයක් ආවා. ඒවායින් ගොඩක් ඒවා ඇකඩමි එකටත් අමතක වෙලා තිබුනා. ඒ ගැන විශේෂ ලිපියක් ඕන නම් කමෙන්ට් කරන්න. ඔයාලා මේපාර දිනයි කියලා බලාපොරොත්තු වෙන ඒවත් කමෙන්ට් කරන්න. අපි මේක වීඩියෝවක් විදිහට ගේන්න හිතුවත් වෙලාව මදිකම නිසා ලිපියක් විදිහට ගෙනාවා. ඉදිරියේදී අපේ යූටියුබ් චැනල් එකෙන් මොනවගේ වීඩියෝස් ඔයාලා බලාපොරොත්තු වෙනවද කියලත් අපිට කියන්න. අපි ඒවා පුලුවන් තරමින් කරන්න උත්සාහ කරනවා. එහෙනම් සුබ ඔස්කාර් සම්මාන රාත්‍රියක් වේවා කියලා මම සමුගන්නවා.

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න