Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Margot Robbie, Peter Pan & Wendy හි Tinkerbell චරිතය සදහා!

Margot Robbie, Peter Pan & Wendy හි Tinkerbell චරිතය සදහා!

Walt Disney ආයතනය මේ වන විට තමන්ගේ Classic Animetd චිත්‍රපට වලින් Live Action චිත්‍රපට පෝලිමට නිර්මාණය කර්මින් යන බව අපි හැමොම දන්නවනේ, ඔන්න ඉතින් මේ අතරින් අලුතින්ම නැවත අපට රිදී තිරය තුල දැකගන්න ලැබෙන්න යන චිත්‍රපටයක් තමා "Peter Pan & Wendy" Live Action Remake එක. කොහොම නමුත් අද අපි මේ චිත්‍රපටයෙන් කථා කරන්න යන්නේ ඒ ගැන නෙවෙයි, ඒ තමා වර්ථමානයේ ඉන්න ජනප්‍රියම නිලියක් වන Margot Robbie ට මෙහි Tinkerbell චරිතය ලබා දෙන්න Disney ආයතනය සූදානම් වනවා කියන එක.
Tinkerbell in Original Peter Pan Movie in 1953 (Disney)

වර්ථමානය තුල ගොඩක් ප්‍රේක්ශකයන්ගේ සිත් දිනාගෙන ඉන්න Margot වඩාත් ජනප්‍රිය වෙලා තියෙන්නේ Harley Quinn විදිහට, කොහොම උනත් ඇයව මේ චරිතයට වඩාත් ගැලපෙන බවයි අපේ මතය. අනිත් අතට ඩිස්නි චිත්‍රපටයකට ලැබන ආකර්ශණීය බව නිසාම බොහෝ නළුනිලියන් බලාගෙන්න ඉන්න ඩිස්නි ආයතනයෙන් ආරාධනයන් එනකම්, මේ පසුබිම නිසාම ඇය චරිතය බාරගනීවි කියලා හිතන්න පුළුවන් බොහෝ විට.කොහොම උනත් වාර්ථා වන ව් ඉදිහට තවම තීරණය තියෙන්නේ ඇය මත.
මුල් වරට Original Peter Pan චිත්‍රපටය 1953 වසරේ තිරගත කෙරණු අතර එක අද දක්වා ජනප්‍රියත්වය එක සේ රදවා ගැනීමට සමත්ව තිබෙනවා. කෙසේ වෙතත් චිත්‍රපටය පිළිබද වැඩි විස්තර ඉදිරියේදී ලද සැනින් අප ඔබ වෙත ගෙන ඒමට කටයුතු කරන්න සූදානම්




Margot Robbie as Harley Quinn in upcomic DCEU Movie Birds of Prey (WB/DC)

ඉතින් මේ Casting Choice එක පිළිබද ඔබේ අදහසත් පල කරන්න අමතක කරන්න එපා!!
Peter Pan and Wendy මේ වසරේ අප්‍රේල් මාසයේ රූපගත කිරීම් ආරම්භ කිරීමට නියමිත අතර එහි අධ්‍යක්ශක ලෙස David Lowery (Peter's Dragon) හා තිර රචක ලෙස  Tobey Halbrooks (A Ghost Story) කටයුතු කරන අතර මෙම චිත්‍රපට Disney Plus හරහා Stream කිරීමට සූදානම් වන බව නිළ නොවන ආරංචි මාර්ග සදහන් කරනවා.

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න