Witcher පොත් මාලාව තුලදි වගේම එ අනුසාරයෙන් නිර්මාණය උන විඩියෝ ක්‍රීඩා මාලාව තුල වගේම Witcher Netflix කථා මාලාව තුලත් ප්‍රධාන තැනක් ගන්න චරිතයක් තමා මේ Ciri කියන්නේ.ඉතින් අද අපි කතා කරන්න යන්නෙත් Ciri ගැන.කව්ද මේ Ciri කියන්නේ, මෙයාට තියෙන මොනවද වගේ දේවල් අපි මේකෙදි කතා කරන්න බලපොරොත්තු වෙනවා.ඉතින් අපි මීට කලින් දාපු Witcher ලිපි කියෙව්වෙ නැත්නම් අපේ වෙබ් අඩවිය තුලින් එ ලිපි කියවන්න කියලා ආරාධනා කරන ගමන් හැරෙමු අද ලිපිය පැත්තට.එහෙනම් අපි බලමු කව්ද මේ Ciri කියන්නේ කියලා.
--------------------------
අපි කෙටියෙන් Ciri කියලා කිව්වට මෙයාගේ සම්පූර්ණ නම තමයි Cirilla Fiona Elen Riannon කියන්නේ.ඉතින් තව දුරටත් ගැන කියනවා නම් ට අනවර්ථ නාම කිහිපයක්ම තියෙනවා.Ciri,Lion Cub of Cintra , Falka,Zireael,Swallow,Ashe
--------------------------
ඉතින් අපි බලමු Ciriට Witcher එක්කත් එක්ක තියෙන සම්බන්දය මොකද්ද කියන එක.Ciriව Witcher එක්ක සම්බන්ද වෙන්නේ කියන Law of Suprise කියන බන්ධනය මගින්.කෙටියෙන්ම Law of Suprise කියන්නේ එක පුද්ගලයෙක් තව පුද්ගලයෙක්ව යම් කිසි දෙයකින් බේරගත්තම , බේරුන පුද්ගලයා විසින් බේරගත්ත පුද්ගලයාට ප්‍රතිඋපකාරයක් ලබා ගන්න ස්වාභව ධර්මයා විසින් සකස් කරල දීපු එක්තරා විදිහක් කිව්වොත් හරි.එතකොට Ciri සහ Witcherව Law of suprise එකෙන් සම්බන්ද උනේ කොහොමද ? ඒ ගැන තමයි දැන් කියන්න හදන්නේ.
--------------------------
Queen Calantheගේ සැමියව ඒ කියන්නේ King Grosvenorව Cintron කැලයේදී Injerd වෙලා ඉන්නකොට එක පුද්ගලයෙක් විසින් ඔහුව බේරා ගන්නවා.මේ පුද්ගලයා තමයි Emhyr var Emreis හෙවත් Duny කියන්නේ.මේ වෙද්දී King Grosveno දැනගෙන හිටියේ නෑ Queen Calantheට දරුවෙක්(Pavetta) ලැබෙන්න ඉන්නවා කියලා.ඉතින් Duny ඔහුගේ Law of Suprise එක විදිහට බලාපොරොත්තු වෙන්නේ Queen Calantheගේ දුවව එහෙම නැත්නම් Pavettaව.කොහොමහරි වසර 15 ක් ගෙවිලා ගිහින් Pavettaගේ 15 වෙනි උපන්දිනය දවසේ Duny , Pavettaව තමන්ගේ බිරිද කර ගැනීමේ අපේක්ශාවෙන් මාලිගාවට එනවා.ඉතින් ඕගොල්ලොන්ට එකේදි දකින්න ලැබුන ආකාරයටම Queen Calanthe මේකට විරුද්ධ වෙනවා.මෙතනදි තව පොඩි දෙයක් කියන්න ඕනි.කුඩා කාලයේදිම ශාපයකට ලක් වෙනවා.මේ ශාපය නිසාම Dunyගේ පෙනුම භාගයක් සත්ව සහ අනෙක් භාගය මනුස්ස ස්වරූපයක් ගන්නවා.මේකත් Dunyසහ Pavetta අතර විවහායට Queen Calanthe විරුද්ධ වෙන්න හේතුවක් වෙනවා.
--------------------------
මෙතනදී Queen Calanthe විසින් Dunyව මරන්න කියලා නියෝග කරනවා.මෙතනදි තමයි Geralt එහෙම Witcher නැත්නම් සම්බන්ධ වෙන්නේ.Dunyව මරන්න දෙන්නේ නැතුව බේරා ගන්න Geralt සමත් වෙනවා.Duny මේ වෙලාවෙදි ප්‍රතිඋපකාර විදිහට මොනවද අවශ්‍ය කියලා Geraltගෙන් ඇහුවත් කිසි දෙයක් අවශ්‍ය නැහැ කියලා Geralt කියනවා.Duny, Geraltට බල කරනවා මොනවා හරි ඉල්ලන්න කියලා.ඉතින් Destiny හෝ Law of Suprise වගේ දේවල් විශ්වාස නොකරන Geralt , Dunyගේ Law of Suprise එක ලබා දෙන්න කියලා ඉල්ලනවා.ඉතින් මේ වෙනකොට Pavetta Duny එක්ක තිබුණ රහස් ප්‍රේම සම්බන්ධය හින්දා Ciri සමග pregnant වෙලයි ඉන්නේ.Law of Suprise එක නිසා Ciri සහ Geralt , Ciri ඉපදෙන්නත් කලින්ම එකිනෙකා අතර සම්බන්ධතාවයක් ඇති වෙනවා.ඉතින් කොහොමහරි ගේ දෙමව්පියො වන දෙන්නා කුඩා කාලයේදීම අතුරුදහන් වෙනවා.මෙහිදි Ciriගේ දෙමාපියන් මිය ගියා කියල තමයි හැමෝම හිතන්නෙ.ඉතින් නියමිත විදිහට Ciriව Geralt විසින් භාරගන්නේ නැති නිසා Ciriගේ මිත්තණිය වන Queen Calanthe සහ ඇයගේ මාමා සමග හැදී වැඩෙන්න Ciriට සිදු වෙනවා.
--------------------------
Ciriට සුවිශේෂී Abilities කිහිපයක්ම තිබෙනවා.ඉතින් මේ Abilities Ciriට ලැබුනේ කොහොමද වගේම ඒ Abilities මොනවද කියන එකත් අපි බලමු.කියන්නේ උපතින්ම ඉතා විශාල එකක් ඇරගෙන ඉපදුන කෙනෙක්.මෙයාට උපතින්ම මේ වගේ බලයක් හම්බෙන්නේ කොහොමද ?මේ වගේ බලයක් හම්බෙන්නේ එයාගේ Bloodline එකෙන් එහෙම නැත්නම් එයාගේ පරම්පරාවෙන් එන ලේ වලින්.Ciriගේ අම්මා එහෙම නැත්නම් Pavettaට තිබුණ බලය Tv Series එක බැලුවා නම් ඕගොල්ලො දකින්න ඇති.ඉතින් Pavettaව හදුන්වන්නේ Source එකක් කියලා.Source එකක් කියන එක සරලව විස්තර කලොත් මෙහෙමයි.Magical Abilities සදහා ප්‍රබල ස්වාභාවික සබදතාවක් උපතින්ම අරන් ඉපදෙන පුද්ගලයන්ට තමයි Source එකක් කියලා කියන්නේ.මේ Abilities පාලනය කිරීමට ඉතා අපහසුයි වගේම මේ නිසා මානසික ලෙඩ පවා හැදෙන්න පුලුවන්.ඉතා අධික ආතති තත්ව වලදී මේ බලයන් ලෙහෙසියෙන් මුදා හරින්න පුලුවන් වෙනවා.Dunyව මරන්න යද්දී Pavetta තමන්ගේ බලය මුදා හැරපු ආකාරය ඕගොල්ලො දකින්න ඇති.මේ වගේ බලය මුදා හැරපු අවස්ථවක මුලු Town එකක් උනත් පහසුවෙන් විනාශ වෙලා යන්න පුලුවන්.
--------------------------
Queen Calanthe හිතන් ඉන්නේ පරම්පරාගතව ලැබුණ බලය තමන්ට නොලැබුණ නිසා තමන්ගෙන් පසු අයටත් නොලැබී යයි කියලා.නමුත් Pavettaට ඒ බලයන් ලැබිලා තියනවා කියලා ඇයට දැක ගන්න හම්බෙනවා.Ciriට මේ බලයන් හම්බුනේ Pavettaගෙන් කියලා අපි දන්වනේ.එතකොට Pavettaට මේ බලයන් හම්බුනේ කාගෙන්ද? Queen Calantheගේ අම්මා එහෙම නැත්නම් Pavettaගේ අත්තම්මා වන Adaliaගෙන් තමයි Pavettaට මේ බලයන් ලැබෙන්නේ.Adalia කියන්නේ sorceress කෙනෙක් වගේම Tissaia de Vriesගේ ඉතාමත් සමීපම යාලුවෙක්.Yennefer පුහුණු වෙන්නේ මේ Tissaia de Vries යටතේම කියන එක ඕගොල්ලො දන්නවා ඇති.Adalia ගැන කියනවා නම් ඇයට ඇහි බැම සෙලවීමෙන් පමණක් විශාල පාලමක් එසවීමේ හැකියාව තිබිලා තියෙනවා.ඉතින් මේ වගේ විශාල බලයකට හිමිකම් කියන Bloodline එකකින් තමයි Ciri පැවතගෙන එන්නේ.Ciri මේ බලයන් පාලනය කරන්න ඉගෙන ගන්නේ ඉතා දක්ශ Mage කෙනෙක් වන Yennefer යටතේ.Ciri ගොඩක්ම මේ බලයන් පාවිච්චි කරන්නේ Space එක සහ Time එක අතර ගමන් කරන්න තමයි.(මේ වැඩේ හින්දාම Ciri කාලය සහ අවකාශය අතරමං උන අවස්ථා තියෙනවා.Witcher 3 Game එක තුල පාරක් Geraltට පියාඹන වාහන තියෙන , යකඩ අත් තියෙන මිනිස්සු එයා දැක්කා කියලා Ciri කියනවා.මේ සදහන් කරන්නේ Cyberpunk 2077 Universe එක ගැන පොඩ් Easter Egg එකක්.කොහොම උනත් පරිගණක ක්‍රීඩා Canon නොවන නිසා මේ සිදුවීම් ප්‍රධාන ලෙස ගන්න බෑ) කොහොමත් කාලයත් සමග තමන්ගේ බලය පාලනය කරන්න Ciri ඉගෙන ගන්නවා වගේම බොහොම පහසුවෙන් කාලය සහ අවකාශය අතර ගමන් කරන්න මෙයාට පුලුවන් වෙනවා.Ciriට තියෙන තවත් powers කිහිපයක් තමයි පහතින් දැක්වෙන්නේ.
Power and Abilities :-
Superhuman Characteristics
Regeneration (Low)
Space-Time manipulation
Weapon Mastery
Enhanced Senses
Resistance
Teleportation
Rage power
Witcher: Lady of the Lake පොත කියන්නේ මේ Ciri ප්‍රධාන කොට ගත් කථාවක්, අපේ පොත් ගුල්ලන්ට මේ පොත කියවන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ ටික තමයි අපි දැනට Ciri ගැන දන්නේ.අපි Tv Series එකෙ ඉස්සරහට බලමු Ciri කියන්නේ මොන වගේ චරිතයක් වෙයිද කියලා.අපි තවත් ගොඩක් විස්තර ගැන වගේම අනෙකුත් අය ගැනත් ගේන්න හිතන් ඉන්නවා.මේ post එකෙන් මොනවා හරි දැන ගත්තා නම් ඕගොල්ලො දන්න දේවලුත් කමෙන්ට් කරලා Share කරන්නත් අමතක කරන්න එපා.
#Wolfy
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න