Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Hogwarts Guide : PART TWO : Sorting Hat and Hatstall

Hogwarts Guide : PART TWO : Sorting Hat and Hatstall

ඉතින් අද ලිපියෙන් කියන්නේ Sorting Hat එක ගැන. හැමෝම දන්නවා මේ sorting hat එක සින්දු කියන්න දක්ශයි. හැම අවුරුද්දකම ආරම්භයේ මේ කියන සින්දු වල Sorting Hat එකේ ආරම්භය උනේ කොහොමද කියලා තියනවා. පුරාවෘත්තයට අනුව මේ sorting hat එක මුලින්ම අයිති වෙලා තියෙන්නෙ , Hogwarts මායා පාසලේ නිර්මාතෲ කෙනෙක් වෙන Godric Gryffindor ට. නමුත් මේකට මායා බලයන් කාවද්දන විට නිර්මාතෲ වරු හතර දෙනාම සම්බන්ද වෙලා තියනවා. එහෙම කරන්නේ සියලු ලමුන් මේ නිර්මාතෲ වරුන්ගේ නමින් නම් කල නිවාස වලට, ලමුන්ගේ ගති ගුණ අනුව තේරීමට අවශ්යය මායාවන් මේ මායා තොප්පියට දෙන්න ඕනෑ නිසයි. (එක එක නිර්මාතෲ වරු ඔවුන්ගේ නිවාසයට තෝරගෑනිම්මට කැමති වුනේ, එක එක ගුණාංග ඇති ලමයි).
මායාකරුවෙකුට මුණගැසිය හැකි, ඉතාමත්ම දක්ශ අයුරින් මායාවන් කාවද්දා ඇති වස්තු වලින් එකක් තමයි මේ Sorting Hat එක කියන්නෙ.
මේ හැට් එකේ Hogwarts නිර්මාතෲ වරු හතර දෙනාගේම බුද්ධියන් රැඳී තියෙනවා. ඒ වගේම මේ Hat එකට කතා කරන්න, Legilimency (මනසේ ඇති දේවල් දැකීමට ඇති බලය) මායා බලය තිබෙන නිසා පැලඳ සිටින්නාගේ දක්ශතා, සිතුම් පැතුම් සියල්ල දැකගන්න පුලුවන්. ඒ වෙලේ පැලඳ සිටින්නා සිතන දේවලට ඒ වෙලාවේම පිලිතුරු දෙන්නත් මේ Sorting Hat එකට පුලුවන්. මේවාට අමතරව Sorting Hat එකට තවත් බලයක් තියෙනවා. නමුත් මේක Hogwarts වල හැමෝම අතර ප්රසිද්ධ කාරණයක් නෙවේ. ඒ තමයි මේකට magical portal එකක් හෙවත් මායා දොරටුවක් විදියට කියා කරන්න පුලුවන්. හැබැයි පුලුවන් වෙන්නෙ Godric Gryffindor ට අයිති වුන යම් දෙයක් මේ Hat එක හරහා මතු කරගන්න විතරයි, හරියට Godric Gryffindor ගේ කඩුව වගේ. මේ කඩුවට Godric විසින් මායා බලය කාවද්දලා තියෙන්නෙ, ඔහුගේ නිවාසයේ ඕනෑම කෙනෙක් උදව් අවශ්ය වෙලා ඉන්නා අවස්තාවක මේ කඩුව ඒ අය ලඟට යන විදියට. හැබැයි සඳහන් වෙන විදියට මේ උදව් ඉල්ලන පුද්ගලයා මේ තොප්පිය දාගෙන ඉන්න ඕන ඒ වෙලාවේ. ඉතින් හැරී පොටර් කතා මාලාවේ අපිට දෙවරක් පමණ දැකගන්න පුලුවන් මේ කඩුව , ආයුධයක් අවශ්ය වෙලා ඉන්න Gryffindor නිවාසයේ අය ලඟට යනවා.
ඉතින් මේ Sorting Hat එක ගොඩක් ප්රසිද්ධයි තමන්ට වුන වැරදි ප්රතික්ෂේප කරන්න 😂. නිර්මාතෲ වරු හතරේම බුද්ධිය තිබුණත් මේ හැට් එකටත් වැරදුනු අවස්තා තියනවා. සමහර අවස්තා තියනවා Slytherin වරු තමන් ගැන නොසිතා අනුන් වෙනුවෙන් තමන්ගේ දේ කැප කරන වෙලාවල්, Ravenclaw වරු විභාග වලින් අසමත් වුන වෙලාවල්, Hufflepuff වරු කම්මැලි කම් පෙන්නුවත් ඉගෙනුම අතින් ඉතා දක්ශ වුනු අවස්තා, Gryffindor වරු බියගුලු ගති පෙන්වූ අවස්තා. මේ අවස්තා වලින් පසුව වුනත් Sorting Hat එක තමන්ගේ තීරණය වැරදී කියලා පිලිගන්න කැමති වෙන්නෙ නෑ. 😂කොහොම උනත් මේ sorting hat එක Hogwarts වල තිබූ සියවස් ගනනාවටම ඉතා සුලු වැරදි ප්රමාණයක් තමයි කරලා තියෙන්නෙ. එහෙම බැලුවම තමන්ගේ කාර්යය හරියටම කරන්න මේක සමත් වෙලා තියනවා.
ඊලඟට කියන්නෙ Hatstall කියන සංසිද්ධිය ගැන. සමහරු අහලත් ඇති. Sorting Hat එකට නවක සිසුවෙකු සඳහා නිවාසයක් තේරීමට විනාඩි 5 කට වඩා කාලයක් ගත වෙනවනම් අපි මේ අවස්තාවට කියනවා Hatstall එකක් කියලා. මේ කාලය සාමාන්යෙන් හැට් එක ගන්නා කාලයට වඩා ගොඩක් වැඩි කාලයක්, අවුරුදු 50කට එක වරක් වගේ තමයි මේ වගේ සිද්දියක් වෙන්නෙ. ඉතින් හැරී ගේ කාලයෙදි මේ Hatstall එකකට ඉතාමත්ම ආසන්න සිදුවීම් (ඒ උනාට hatstall කියන්න බෑ මේවට) දෙකක් සිදු වෙනවා. ඒ Neville Longbottom සහ Hermoine Granger ට. Sorting Hat එක විනාඩි 4කට ආසන්න කාලයක් ගත කරනවා Hermoine ව Ravenclaw නිවාසයට දමනවාද Gryffindor නිවාසයට දමනවාද තීරණය කිරීමට. Neville මේ හැට් එක පලඳගත්තු අවස්තාවේ Hat එක තීරණය කරනවා ඔහුව Gryffindor වලට දාන්න. Sorting Hat එක කතා කරනවා නේ මේ අතර හැට් එක දාන් ඉන්න කෙනා එක්ක. ඉතින් නෙවිල් දන්නවා Gryffindor නිවාසය කියන්නෙ නිර්භීත අය සඳහා ප්රසිද්ධ නිවාසය කියලා. මේකට බය වෙන නෙවිල් sorting hat එකෙන් ඉල්ලනවා ඔහුව Hufflepuff නිවාසයට දාන්න කියලා😂 කොහොම හරි මේ නිහඬ වාදය අවසන් වෙන්නෙ Sorting Hat එකට ජය ලැබෙමින්.
ඉතින් මේ අවස්තා දෙක ඇත්තටම Hatstall විදියට ගන්න බෑ විනාඩි 5කට වඩා නොගත්තු නිසා.
ඒත් Harry ට සම්බන්ද කාලයේ ඇත්තම Hatstall සිද්දි දෙකක් වෙනවා. ඒ තමයි හැරීගේ කාලයේ Hogwarts වල මහාචාර්යවරියක් වුනු Minerva McGonagall සහ හැරීගේ පියාගේ යාලුවෙක් වුන, පසුව Death Eater කෙනෙක් වුන Peter Pettigrew ගේ Sorting Ceremony එක. Mcgonagall මුල්ම අවස්තාවට සිසුවෙකු ලෙස Hogwarts ආ අවස්තාවේ ඇයව දැමීමට නිවාසයක් තේරීමට හැට් එකට විනාඩි පහමාරක් ගත වෙනවා. Ravenclaw නිවාසයට දානවද, Gryffindor නිවාසයට දානවද කියලා හැට් එක බොහෝ වෙලාවක් කල්පනා කරලා අන්තිමට Gryffindor නිවාසයට දැමීමට තීරණය කරනවා. Pettigrew ගේ අවස්තාවෙදි Hat එකට හිතාගන්න බැරි වෙන්නෙ Slytherin නිවාසයට දානවද Gryffindor නිවාසයට දානවද කියලා. අන්තිමට මොහුව Gryffindor නිවාසයට දැමීමට Sorting Hat එක තීරණය කරනවා. ඉතින් Sorting Hat එක අදටත් ඔහුගේ මේ තීරණය වැරදී කියලා Sorting Hat එක පිලිගන්නෙ නෑ. ඒ ගැන සාක්ශිය විදියට ඔහු කියන්නෙ Pettigrew මැරෙන විදිය. (1998 දී මැල්ෆෝයි මන්දිරයේදී pettigrew හැරීව මරන්න පැකිලෙන නිසා, Voldermort ම ඔහුට හදලා දුන්නු රිදී අතින් ඔහුගේම ගෙල සිර කරලා තමයි pettigrew මැරෙන්නෙ) . හොඳට කල්පනා කරලා බැලුවොත් Sorting Hat එකට වැරදිලා නෑ කියලා තමයි මටනම් තේරෙන්නෙ. ඒක ඉතින් මගේ අදහස විතරයි.
ඉතින් JRK ට අනුව ඇය මුලින්ම මේ Hogwarts හදන එක ගැන හිතද්දි, Sorting Hat එක ගැන හිතලා නෑ. මේ කාලයේ ඇය, සිසුන්ව නිවාස වලට බෙදන්නට පුලුවන් විවිධ ක්රම ගැන කල්පනා කරනවා. ඉතින් ඇයට මුලින්ම කල්පනා වෙන්නෙ යන්ත්රයක් වගේ එකක්. මේ යන්ත්රයෙන් නිවාසයක් තේරීමට කලින් විවිධ මායාවන් කරලා අවසානයේ නිවාසයක් ලබා දෙන විදියට. ඒත් JKR ට හිතෙනවා මේක මහ සංකීර්ණ නමුත් ආයෙම බැලුවම සරල වැඩී කියලා. ඇයට ඊලඟට හිතෙනවා ලොකු කාමරයක මේ Hogwarts පාසලේ නිර්මාතෲ වරුන්ගේ පිලිම 4ක් තියලා, ඒ පිලිම මේ නවක සිසුන්ට ප්රතිචාර දක්වන විදියට නිවාස වලට තෝරන්න (මේ ක්රමය තමයි JKR Ilvermony පාසලේ Sorting ක්රමය ලෙස යොදාගන්නෙ, හැබැයි එතන තියන්නෙ නිවාස 4 සත්තුන්ගේ පිලිම 4ක්, වැඩි විස්තර ඕනනම් Ilvermony ගැන දාපු ලිපි බලන්න). නමුත් මේ ක්රමයත් JKR ට Hogwarts වලට ගැලපෙනවා කියලා හිතෙන්නෙ නෑ. ඉතින් අන්තිමට තමා මැයට හිතෙන්නෙ මේ නිවාස වලට දැමීමේ තීරණයන් Hat එකක් ඇතුලෙන් ගන්න. හැබැයි මේක නිකන්ම Hat එකක් නෙවේ, කතා කරන Hat එකක් 😍

ඉතින් Sorting Hat එක ගැන කියන්න තියෙන්නෙ මේ ටික තමයි. පොතේ 3 වෙනි පරිච්ඡේදය එක්ක ආයෙ ලිපියකින් හමුවෙමු. 💙

සටහන: Hushan Hasarel

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න