Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

League of legends part 2 - The Voice of Hearth

League of legends part 2 - The Voice of Hearth



Noxus රාජ්ය බිහිවීමට අවුරුදු 8000ට පෙර සිදුවුනු දේවල් ගැන මං Post එකක් දාල තියෙනවා. මේ ලින්ක් එකෙන් ඒ Post එක බලන්න පුළුවන්.

** [http://www.comicscriptsl.com/…/league-of-legends-universe-p…]**

ඉතින් අද මං ලියන්න යන්නේ 8000BN (BN-Before Noxus) වලට පස්සේ සිද්ද වෙන දේවල් ගැන.

Ornn කියන Demi-God ගැන මං කලින් සඳහන් කරලා ඇති. ඔහු ගැන හැඳින්වීමක් කලොත්, Ornn කියන්නේ Demi-God of fire and forge. මොහුට එක සහෝදරයෙක් සහ සොහොයුරියන් දෙදෙනෙක් ඉන්නවා. ඒ, Volibear(Demi-God of thunder), Anivia සහ Seal sister. Ornn තමා මුල් කාලේ Freljord වල කඳු හා ලෝ දිය නිර්මාණය කලේ. මොහු වඩු වැඩ වලට ඉතාමත් දක්ෂයි. Ornn දවසක් ඔහුට ජීවත් වෙන්න නිවෙසක් හදාගන්නවා.මේ ගේ හදන්න Aniviaගෙ ප්රියතම ගිමන් හරින ගස් වගයක් කපනවා. ඒ කේන්තියට Anivia, Ornnට හොඳ පාඩමක් උගන්නන්න කියලා හිතාගෙන Anivia Ornn නිදාගෙන ඉන්න මොහොතක ඇවිත් ඇයගෙ පිහාටු මගින් Ornnගෙ නහය කිති කවනවා. මේ නිසා Ornnට කිවිසුමක් යනවා. ඒ ගින්දර වශයෙන්. මේ ගින්දර නිසා Ornnගෙ මුලු ගෙදරම ගිනි ගන්නවා. ගින්න පැතිරිලා Freljord වල බොහෝමයක් කොටස් දින ගණනක් දැවෙන්න ගත්තා. Anivia බය වෙලා එතනින් පියාඹලා ගියා. ඇය කරපු දේ ගැන කවදාවත් හෙලි කරේ නෑ. Ornn ඇහැරිලා බලද්දි කිසි දෙයක් නෑ. ඊට පස්සෙ ගිනි නොගන්න හොඳ ගෙයක් හදනවා කියලා හිතාගත්තා. මොහුට ඉතිරි වෙලා තිබ්බෙ ගෑරුප්පුවක්, සවලක් සහ ලීවරයක්. Ornn ඒ දේවල් භාවිතා කරලා, ශක්තිමත් ගිණිනොගන්න කන්දක් නිර්මාණය කරනවා. ඒක Hearth-Home කියලා නම් කරනවා. ඒත් ඒ කන්ද ගොඩක් රස්නෙයි, Ornnට පවා ඒ රස්නය දරාගන්න බැරි උනා. ඊට පස්සෙ ඔහු මුහුදේ සිට මොහුගේ කන්දට වෙන තුරුම වතුර පහරක් හෑරුවා. ඔහුගේ Seal සහෝදරිය කන්ද නිවන්න ශීත මුහුදු වතුර ඒ හරහා එවුවා. ඉතින් ශීත වතුර Hearth-Home එක නිවන නිසා, ඒ රත් වෙලා අහසට යන ජල වාෂ්ප මගින් අහසෙ ඝන වළාවන් හැදෙන්න ගත්තා. නොනවත්වා අහසට අර වාෂ්ප යන්න ගත්ත හින්දා වළාවන් තව තව ඝන වුනා. මේ නිසා ඝන රශ්මියෙන් තිබුනු Freljord වලට හිම පතනය වෙන්න ගත්තා. ඒ හේතුව නිසා තමා Freljord ශීත ප්රදේශයක් උනේ. මේ හේතුවෙන් Ornnට තවත් හොඳ වටපිටාවක් නිර්මාණය උනා.(ඉහත සඳහන් කරපු දේවල් සිද්ද වෙන්නෙ Runeterra බිහි වුන මුල් කාලයේදි)

Troll(ඉතාමත් අපිරිසිඳු විරූපී සත්ව කොට්ඨාශයක් - උදාහරණයක් වශයෙන් Trundle කියන Champion ගණ්න පුලුවන්) ගෝත්රයේ Grubgreck ඇවිත් ඔහුට කිසිම වංචනික සොර සතුරෙකුට අරින්න බැරි දොරක් හදලා දෙන්න කියනවා. Ornn අකමැති වෙනවා. ඒත් Grubgreck ඔහුට අභියෝග කරනවා, Trollmead බොන තඟයකට. Grebgreck දිනුවොත් Ornn ඔහුට දොර හදලා දෙන්න ඔනෙ. Ornn කවදාවත් බොන තරඟයකින් පරාද වෙලා නැති නිසාත් මේ විරූපිකයා එළවගන්න ඕනෙ නිසාත් ඔහුට එකඟ වෙනවා. කොහොම හරි Grubgreck තරඟය හොර කරලා දිනනවා. Ornn එක ගැන පැමිණිලි කලත්, ඔහු කියනවා “මම කොහොමින් හරි දින්නා දැං පොරොන්දු උනා වගේ වචනෙට වැඩ කරන්න පුරුදු වෙන්න” කියලා. Ornn ඒකට එකඟ වෙලා දොර හදනවා. ඉතින් පසුව ඔහු ඒ දොර Grubgreck ගෙ ගෙදරට සවි කරනවා. Grubgreckට ඔහුගේ ගේ තුලට යන්න ඒ දොර ඉඩ දෙන්නෙ නෑ. මොනවා කලත් ඔහුට දොර ඇරගන්න බැරි වෙනවා. Grubgreck නැවත Ornnව හමු වෙනවා. දොර ගැන පැමිණිලි කලා. Ornn කියනවා, “නුඹ මට එදා කිව්වා වගේ මම වචනෙට වැඩ කරන්න පුරුදු උනා. ඔබ ඉල්ලුවෙ කිසිම වංචනික සොර සතුරෙක්ට අරින්න බැරි දොරක්, ඉතින් මං ඒ දේ එසේම කලා. ඔබ එදා තරඟයේ දී මට වංචා කරපු නිසා ඔබද වංචනික පුද්ගලයෙක්”. සිදු වූ දේ තේරුම් ගත් Grubgreck කේන්තියෙන් පිටව ගියා. ඔහුට කවදාවත් තමන්ගෙ ගේ ඇතුලට යාගන්න බැරි උනා. ඒ දොර හැඳින්වුණේ Enchanted Door එක කියලා(පසුකාලීනව Braum Shied එකක් විදිහට පාවිච්චි කරන්නේ මේක).

Lissandraගේ ඉල්ලීම පරිදි Howling Abbyss පාලම නිර්මාණය කරනවා. ඒ පාලම හදද්දී Lissandra Ornnට ගෙවීමක් වශයෙන් Starmedal මල්ලක් දෙනවා. ඔහු එයින් ඔහුට හොඳ මිටියක් හදාගන්නවා. ඔහු Howling Abbyss පාලම හදනවා. මින් පසු සිදු වූ දේවල් නිසා(Lissandra Watchersලා ගෙන්නපු නිසා) ඔහු හිතාගන්නවා මිනිසුන් ඉල්ලන දේවල් හදලා නොදෙන්න. ඒ නිසා ඔහු ඔහුගේ සවල ඈතට විසි කරනවා, ඒක කොහෙ නැවතුනාද කියලා කවුරුත් දන්නෙ නෑ. ඊට පස්සෙ ඔහුගේ ගෑරුප්පුව විසි කරනවා. එක නවතින්නේ මුහුදු පත්ලේ තැන්පත් වෙලා. (පසු කාලීනව දිය කිඳුරු රජු විසින් මුහුද යට තිබිලා හොයාගන්නවා. එක ඉතාමත් බලවත් දෙයක් නිසා කිඳුරු රජු එක ඔහුගේ Trident එක වශයෙන් හා රාජ්යත්වේ සංඛේතය වශයෙන් තියාගන්නවා) පසුව ඔහු ඔහුගේ මිටිය විසි කරන්න හැදුවත් ඒක තමා සතු එකම වස්තුව නිසා ඒක ඔහු තියාගන්නවා. (Ornn හදල තියෙන දේවල් වලින් හිතාගන්න පුළුවන්නේ මොහු මොන වගේ දක්ෂයෙක්ද කියලා J). ඉතින් 8000BN වලට පසුව මේ Ornnගෙන් වඩු වැඩ ඉගෙනගන්න මිනිසුන් පෙළබෙනවා. ඔවන් අතර වඩුකාර්මිකයන්, ගෘහ නර්මාණ ශිල්පීන් හා බියර් සාදන්නන් සිටියා (ඔවුන්ව හඳුන්වන්නේ Hearthblood කියලා). ඔවුන් Ornnජිවත් වෙන කන්ද ගාවින් ගෙවල් හදාගන්නවා. Ornn ඔවුන්ට ආම්පන්න හදන හැටි කියලා දෙනවා. Ornn අකමැති උනත් Hearthbloodලා Ornnට වන්දනාමාන කරන්න පටන් ගන්නවා.

එක දවසක Ornnගේ කන්ද පැත්තට ගිගුරුම් දෙන කළු වලාකුළු එන්න ගන්නවා. ඒ Volibear, Ornnගෙන් ආයුධ සහ යුධෝපකරන ඉල්ලගන්න. Ornn, Volibear ගැන දන්න නිසා ඒවා දෙන්නෙ නෑ. ඉතිං මේ නිසා Volibear, Ornn සමග යුධ වදින්න ගන්නවා. Ornn Elemental බයිසන්ලා මවලා Volibearගේ අර්ධ-වලස් හමුදාව විනාශ කරනවා. ඉතින් volibear සහ Ornn මුහුණට මුහුණ සටන් කරනවා. දෙන්නම Demi-Godලා හින්දා දෙනෙනාගෙන් එක්කෙනෙක්වත් විනාශ වෙන්නේ නැ. එත් මොවුන් සතියක් පමණ නොනවත්වා සටන් කරනවා. Ornnගේ රස්නය හා Volibearගේ අකුණු නිසා, කිසිම මනුස්සයෙක්ට ජිවත් වෙන්න බැ. අහස කලු සහ රතු පැහැයට හැරෙන්න ගන්නවා. Ornnගේ අඃ දෙකෙන් පවා ගිණි පිටවෙන්න ගන්නවා. මොවුන්ගේ සටන නිසා ඇති වන එළිය සිතිජ 7කටත් ඈතින් දිස් වෙන්න ගත්තා. ඉතින් ගිණි කන්ද අසලින් තිබුන Hearthblood ගම්මානය හා එහි මිනිසුන් සමගම විනාශ වෙලා ගියා. අවසානයේ දෙදෙනාම පරද්දන බැරි නිසා යුද්ධය නවත්තලා තමන් ජිවත් වෙන තැන් වලට යනවා. Ornn දකිනවා ඔවුන්ගේ සටන නිසා වෙලා තියන විනාශය දකිනවා. Hearthbloodලගේ විනාශයට හේතුව තමට වරද පටවාගෙන ඔහු හුදෙකලා ජිවිතයක් පටන් ගන්නවා. ඔහු එදායින් පසුව කිසිම දවසක ගිණි කන්දෙන් එලියට අවේ නැ. අනාගතයේදී(991AN වලට පමණ පසුව) Nunuගේ(Willump කියන යෙටිත් එක්ක ඉන්න පොඩි කොල්ලා) මව Nunuට Ornn හොයන් යන ආකාරය ගීතයකින් කියලා දෙනවා. එ ගීතය පහත ලින්ක් එකෙන් අහන්න පුළුවන්. ** [https://www.youtube.com/watch?v=e47AEBnu9SQ]**

ඉතින් මේ කාලේදී watchersල නිර්මාණය කරපු Vel’Koz Runeterraව සොදිදී කරන්න ගන්නවා.

මේ කාලයේදී බටහිරෙන් මිනිසුන් තමන්ට ජිවත් වෙන්න පුළුවන් ප්රදේශ සොයන් යන්න ගන්නවා. මේකේ ප්රතිපලයක් වශයෙන් මිනිසුන් විසින්,

💠Buhuru සොයාගන්නවා. නගාකෙබෝරෝස් දෙවියන්ගේ බලය භාවිත කරන්න පුලුවන් හැටි මිනිසුන් ඉගෙනගන්නවා.

💠දැනුම සොයන්නන් පිරිසක් විසින් ලෝකයේ විශ්මිත දේවල් තියෙන Blessed Isles සොයාගන්නවා. මොවුන් එහි හොඳින් ජිවත් වෙන නිසා Maokai කියන ස්වභාව ධර්මයේ Spirit තෑග්ගක් වශයෙන් එක ඔවුන්ට අවශ්ය සියලුම දැනුම දෙනවා.

💠මිනිසුන් Ixtalසොයාගන්නවා. මිනිසුන් එහිදී මූල ධාතූන් ප්රගුණ කරන්න පටන් ගන්නවා. ඔව්න් එහි වෙනම රාජ්යයක් ගොඩ නගනවා.

💠තවත් පිරිසක් Shurima සොයාගන්නවා. නෙරීමසේත් එහි අග නගරය කරනවා.

💠මිනිස්සු විසින් Targon කන්ද හොයා ගන්නවා. විශ්වයෙන් ඒ කන්ද මුදුනට celestial බලයන් කේන්ද්රගත කරනවා. කිසියම් පුද්ගලයෙක් මේ කන්ද මුදුනටම තරණය කලොත්(අතරතුර මුහුණ දෙන්න වෙන යුද්ධයන්, කරදර හා භාදක ජයගෙන) විශේෂ බලයන් ලැබෙනවා.

මේ කාල වකවානු වලදී සාමාන්ය මිනිසුන් විසින් සොයා යන්නේ මෙවැනි ප්රදේශ. මේ post එකේ 8000BN සිට 5000BN දක්වා සිදුවීම් දක්වලා තියනවා. මීළඟ Post එකෙන් මං ලියන්න බලාපොරොත්තු වෙන්නේ Aurelion Solගේ ආගමනය හා Shurima රාජ්යයේ ආරම්භය ගැන.

Article by admin #DWayne

Original Comic Script article

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න