Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Pandemic Movies | A MOVIE LIST

Pandemic Movies | A MOVIE LIST

කට්ටිය මේ දවස් වල ගෙදරට වෙලා බලන්න දේවල් හොයන නිසාඅම මේ ඇති වෙලා තියෙන තත්වෙත් එක්ක Pandemic Outbreak සම්බන්ධ film ටිකක් ගැන විස්තර ටිකක් තමයි අද අරගෙන ආවේ.
1. Contagion
Steven Soderbergh විසින් අධ්‍යක්ශනය කරපු මේ ෆිල්ම් එක release උනේ 2011 දී. Thriller/
Drama category එකට අයත් වෙන මේ ෆිල්ම් එකේ කතාවත් මේ දවස් වල covid-19 virus එකත් එක්ක ඇති වෙලා තියෙන තත්වයට යම් තරමකට සමාන සිදුවීම් ඇතුලත් උන එකක් කියන්න පුලුවන්. IMDb දර්ශකයේ වලින් 6.7 ක් සහ Rotten Tomatoes දර්ශකයේ 85% ක් ලබා ගන්නත් මේ ෆිල්ම් එකට හැකියාව ලැබිලා තියෙනවා. Gwetheth Paltrow, Jude Law, Marion Cotillard, Matt Damon යන නලු නිලියන් මේ ෆිල්ම් එකේදී බලා ගන්නත් හැකියාව ලැබෙනවා.
2.The Crazies
Horror/Sci-fi category එකට අයත් වෙන මේ Film එක නම් Releaseවෙලා 1973තියෙන්නෙ දී. George A. Romeroගේ අධ්‍යක්ෂනයක් වෙන මේ Filmඑක IMDb දර්ශකයේ Ratingsවලින් 6.1 ක් සහ Rotten Tomatoes දර්ශකයේ 67%ක් ලබාගෙන තියෙනවා. bio-weapon අරගෙන යන military plane එකක් American town එකක් ආශ්‍රිත කන්දකට කඩා වැටීම නිසා town එකේ water supply එකට virus infect වීමෙන් පසු සිදුවීම් වටා මේ එකේ කතාව ගොඩනැගෙනවා.
3.Outbreak
Wolfgang Petersen විසින් අධ්‍යක්ෂනය කරපු මේ ෆිල්ම් එක release උනේ 1995දී. Richard Prestonගේ The Hot Zone කියන පොත තමයි මේ එක හදන්න පාදක වෙලා තියෙන්නේ. Africaවල Motaba කියන virus එක California දක්වා පැතිරෙන එක වටා තමයි මේ එකේ කතාව ගොඩනැගෙන්නේ. Dustin Hoffman, Cuba Gooding Jr., and Rene Russo යන නලු නිලියන් මේ Filmඑකේදි ඔගොලොන්ට බලා ගන්න පුලුවන්කම ලැබෙනවා. IMDb දර්ශකයේ Ratings වලින් 6.6 ක් සහ Rotten Tomatoes දර්ශකයේ 60%ක් ලබා ගන්නත් මේ Film එකට හැකියාව ලැබිලා තියෙනවා.
4.Twelve Monkeys
Sci-fi/Thriller category එකට අයත් වෙන මේ Film එකTerry Gilliam විසින් අධ්‍යක්ෂනය කරපු මේ ෆිල්ම් එකක්. 1996දී මිනිසුන්ගෙන් අති බහුතරය virus එකක් හේතුවෙන් මිය යනවා. Filmඑකේ කතාව ගොඩ නැගෙන්නේ 2035දී virusඑකේ බලපැමෙන් පසුව සිදුවීම් වටා. Twelve Monkeys film එක නිසා Golden Globeහීදි Brad Pittට ඔහුගේ මුල්ම හොදම සහයක නලුවාට හිමි සම්මානය ලබා ගන්නත් පුලුවන් උනා. මේ Film එකට IMDb දර්ශකයේ Ratingsවලින් 8.0 ක් සහ Rotten Tomatoes දර්ශකයේ 90%ක් ලබා ගන්නත් හැකියාව ලැබිලා තියෙනවා.
5.Last Man on Earth
Richard Mathesonගේ 1954දී නිකුත් වෙච්ච I Am Legend නවකතාව පාදක කරගෙන Film තුනක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ පිලිවලින් The Last Man on Earth (1964), The Omega Man (1971), and I Am Legend (2007) යන චිත්‍රපටයි. The Last Man on Earth කියන්නේ මේ පොත පාදක කරගෙන නිර්මාණය කරපු පලවෙනි චිත්‍රපටය. Ubaldo Ragona, Sidney Salkow විසින් අධ්‍යක්ෂනය කරපු මේ ෆිල්ම් එක I Am Legend පොත පාදක කරගෙන නිර්මාණය වුන හොදම ෆිල්ම් එක කියන්න පුලුවන්. මෙම චිත්‍රපටය Sci-fi/Horror category එකට ඇතුලත් වෙනවා වගේම IMDb දර්ශකයේ Ratings වලින් 6.9 ක් සහ Rotten Tomatoes දර්ශකයේ 78%ක් ලබා ගන්නත් මේ Film එකට හැකියාව ලැබිලා තියෙනවා.
6.It Comes at Night
Trey Edward Shults විසින් අධ්‍යක්ෂනය කරපු මේ ෆිල්ම් එක release උනේ 2017දී. Horror/Mystery category එකට අයත් වෙන මේ Film එකට Joel Edgerton, Carmen Ejogo සහ Kelvin Harrison Jr රංගනයෙන් දායක වෙනවා.පෘථුවිය මත මිනිසුන් සුලුතරයක් පමණක් ඉතුරු කරමින් අබිරහස් විනාශයක් සිදු වෙනවා.ඒ විනාශයෙන් පස්සේ family දෙකක් අතර සිදුවෙන සිදුවීම් මාලවක් තමයි මේ කතාවේ ඇතුලත් වෙන්නේ.මේ Film එකට IMDb දර්ශකයේ Ratings වලින් 6.2 ක් සහ Rotten Tomatoes දර්ශකයේ 87%ක් ලබා ගන්නත් හැකියාව ලැබිලා තියෙනවා.
7.The Host
Bong Joon-ho විසින් අධ්‍යක්ෂනය කරපු මේ ෆිල්ම් එක release කලේ 2006දී. Bong Joon-ho කියන්නේ Academy Award එකක් දිනපු පලමුවන south koreanඅධ්‍යක්ෂකවරයා. ඒ 2019දී Parasite film එක සදහා හමුවුනු Academy Award එකත් සමගින්. Horror/Comedy category එකට අයත් වෙන මේ Film එකටSong Kang-ho , Bae Doona සහ Go Ah‑sung රංගනයෙන් දායක වෙනවා. The Host කියන්නෙ action සහ comedy වලින් පිරුණු filmඑකක් වගේම තමයි IMDb දර්ශකයේ Ratings වලින් 7.1 ක් සහ Rotten Tomatoes දර්ශකයේ 93%ක් ලබා ගන්නත් මේ Film එකට හැකියාව ලැබිලා තියෙනවා.
8.28 Weeks Later
Horror/Thriller category එකට අයත් වෙන මේ Film එක Juan Carlos Fresnadillo විසින් අධ්‍යක්ෂනය කරපු මේ ෆිල්ම් එකක්.ඒ වගේම තමයි මේ ෆිල්ම් එක වෙන්නේ 2007 දී. 28 Days Later (2002) film එකට sequel එකක් විදිහට නිර්මාණය වුනු මේ ෆිල්ම් එකේ කතාව ගොඩ නැගෙන්නේ epidemic එක සිදු වෙලා මාස 6 කට පසුව වෙන සිදුවිම් වටායි. මේ එක film බලන්න කලින් 2002 releaseඋන 28 Days Later ෆිල්ම් එකත් බලලම ඉන්න. මේ Film එකට IMDb දර්ශකයේ Ratingsවලින් 7.0 ක් සහ Rotten Tomatoes දර්ශකයේ 71%ක් ලබා ගන්නත් හැකියාව ලැබිලා තියෙනවා.
9.Day of the Dead
George A. Romero විසින් අධ්‍යක්ෂනය කරපු මේ ෆිල්ම් එක release කලේ 1985දී. Horror/Sci-fi category එකට අයත් වෙන මේ Film එකෙහි 1 මිනිසෙකුට zombieලා 400000 වන තරමට zombieලා පැතිරුනු ලෝකයක මිනිසුන් කණ්ඩායමක් ජීවත් වෙන්න දරන උත්සහය වටා තමයි මේ ෆිල්ම් එකේ කතාව ගොඩ නැගිලා තියෙන්නේ.මේ Film එකටLori Cardille,Joseph Pilato සහ Terry Alexander රංගනයෙන් දායක වෙනවා වගේමIMDb දර්ශකයේ Ratings වලින් 7.2 ක් සහ Rotten Tomatoes දර්ශකයේ 83%ක් ලබා ගන්නත් මේ Film එකට හැකියාව ලැබිලා තියෙනවා.
10. Zombieland
Comedy/Horror category එකට අයත් වෙන මේ Film එකRuben Fleischera විසින් අධ්යක්ෂනය කරපු මේ ෆිල්ම් එකක්.ඒ වගේම තමයි මේ ෆිල්ම් එක වෙන්නේ 2009 දී. Virus එකක් මගින් මිනිස්සු zombieලා වුනු ලෝකයක survivorsලා හතරදෙනෙක් වටා ගොඩනැගුනු කතාවක් තමයි එකෙන් අපිට බලා ගන්න ලැබෙන්නේ.මේ Zombieland Film එකට Emma Stone,Woody Harrelson සහ Jesse Eisenberg රංගනයෙන් දායක වෙනවා.මේ Film එකට IMDb දර්ශකයේ Ratingsවලින් 7.6 ක් සහ Rotten Tomatoes දර්ශකයේ 90%ක් ලබා ගන්නත් හැකියාව ලැබිලා තියෙනවා.
ඉතින් මොකද ඔගොල්ලො හිතන්නේ මේ pandamic outbreak ෆිල්ම් ගැන.ඔයාලගේ අදහස් සහ අපිට මග ඇරුණු ෆිල්ම් ඔයා දන්නවා නම් comment කරන්න වගෙම මේ පෝස්ට් එක හොද නම් share කරන්නත් අමතක කරන්න එපා. pandamic outbreak ගැන තියෙන ගැනත් පෝස්ට් එකක් ඕනි නම් ඒ ගැනත් එකක් දාගෙනම යන්න.

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න