Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Hogwarts Guide : PART ONE - හොග්වෝට්ස් දක්වා චාරිකාව

Hogwarts Guide : PART ONE - හොග්වෝට්ස් දක්වා චාරිකාව


පලමු පරිච්ඡේදය: හොග්වෝට්ස් දක්වා චාරිකාව
Hogwarts Guide : PART ONE
මුල් කාලයේ Hogwarts පාසලට පැමිණීම සඳහා ඔවුන් කැමති විවිධ ක්රම භාවිතා කරනවා. සමහරුන් මායා කොසු භාවිතා කර පැමිණෙනවා (ට්රන්ක පෙට්ටි, බඩුමුට්ටු එක්ක එන එක ඉතින් ගොඩක් අමාරු දෙයක්), සමහරු මායා කරත්ත වලින් පැමිණෙනවා, සමහරු Apparate (එක් තැනකින් අතුරුදන් වී තව තැනකින් මතු වන මායාවන්) භාවිතා කර Hogwarts පැමිණීමට උත්සහ කරනවා. නමුත් Hogwarts වල මේ Apparate මායාවන් වැලැක්වීමට anti-apparition මායාවන් භාවිතා කර තිබුනා. ඒ පාසලේ ආරක්ශාව ගැන සිතා බලා. ඉතින් මේ Apparate මායවන්ගෙන් Hogwarts වලට පැමිණීමට උත්සහ කල අය දරුණු අනතුරු වලටද මුහුණ දුන්නා. මේ අතරේ සමහරු විවිධ ගණයේ මායා සත්වයන්ගෙ පිටේද Hogwarts වලට පැමිණුනා. Hogsmeade දුම්රිය ස්තානයේ සිට පාසලට සිසුන්ගේ කරත්ත අදින Threstals සත්වයින්, මේ පුරාණයේ සිසුන් Hogwarts වලට ගෙන ආ සත්වයින්ගෙන් පැවත එන බවට විශ්වාස කෙරෙනවා. ඔවුන් අදටත් අඳුරු වනාන්තරය (Forbidden Forest) අසල ජීවත් වනවා. මේ විවිධ මාධ්යයන් භාවිතා කිරීම නිසා සෑම අවුරුද්දකම විශාල අනතුරු ප්රමාණයක් සිදු වුනා. ඒ විතරක් නෙවේ, මේ අහසින් උතුරු දෙසට යන මායාකරුවන් muggle ලට දර්ශනය වෙන්නට උනා. මේ වන විට දරුවන්ව පාසලට ඇරලවීම දෙමාපියන්ගේ වගකීමක්ව තිබුනා. ඒ 1962 දී international Statue of Secrecy කියන නීතිය සම්පාදනය වෙනකන් පමණයි. මෙම නීතියෙන් පසු මායා අමාත්යාංශයට උවමනා වුනා ඉතාමත් රහසිගත, ආරක්ශිත ක්රමයක් සොයා ගන්නට මේ සිය ගානක් වූ සිසුන්ව ස්කොට්ලන්තයේ කඳුකර බිම් වල පිහිටි Hogwarts වලට යැවීමට.මේ හේතුව නිසා මුලින්ම මේ සඳහා portkey යොදාගන්නවා. මේ portkey එකක් කියන්නේ මායාවක් යෙදූ කෙනෙකුව එක තැනක සිට තව තැනකට ක්ශණිකව යවන්නට පුලුවන් කුමන හෝ ද්රව්යයක්(enchanted object) (ඕනෑම දෙයක් මායාකර්ම මගින් portkey එකක් බවට පත් කිරීමට පුලුවන්). මේක ස්පර්ශ කරන ඕනෑම කෙනෙක්ව කලින් තෝරගත්තු තැනකට යවන්න portkey එකක් හදන්න පුලුවන්. ඒ වගේම මේවා නියමිත වෙලාවකට විතරක් වැඩ කරන විදියට ද හදන්න පුලුවන්. ඉතින් මේ portkey බාවිතා කරමින් ලමුන් hogwarts වෙත යන්නට වුනා. හැබැයි මේ ක්රමයේ අවාසි ගොඩක් තිබුනා. සිසුන්ගේ තුනෙන් එකක පමණ ප්රමාණෙකට hogwarts වලට එන්නට බැරි වෙනවා. සමහරුන්ට අර නියමිත කාලය මගඇරෙනවා, සමහරුන්ට මේ වස්තුව (object) එක හොයාගන්න බැරි වෙනවා. සමහරුන්ට port sick නැතිනම් මේ port key එක භාවිතා කරාම ලෙඩ වෙනවා ( අර නැව් වල යද්දි motion sickness හැදෙනවා කියන්නේ, අන්න ඒ වගේ). මේ නිසා සමහර සිසුන්ට පලමු දවස් දෙක තුන ගත කරන්න වෙන්නෙ ආරෝග්යශාලාවේ. මේ හේතු නිසා සමහර සිසුන් බියට පත් වී, මේ portkey භාවිතය ප්රතික්ෂේප කරනවා. කල් යද්දී ministry of magic එකට තේරුම් යනවා මේ portkey වැඩේ හරියන එකක් නෙවේ කියලා. ඒත් මේකට හරි විසඳුමක් හොයාගන්න මෙයාලට බැරි වෙනවා. අර පරණ විදියට සිසුන්ට ඕනෑ ඕනෑ විදියට පාසලට යන්නත් මායා අමාත්යාංශය අකමැති වෙනවා. Floo powder (අර Diagonally වලට යන්න පාවිච්චි කරන්නේ ron ගෙ පවුලෙ අය) වගේ ආරක්ශිත ක්රමයකට යන්න මායා අමාත්යාංශය කැමති වුනත්, Hogwarts වල Headmasters ලා අකමැති වෙනවා, මොකද ඒකෙන් සිසුන්ට ආරක්ශව සැලසුනත් පාසලේ ආරක්ශාව නැති වෙන නිසා. මොකද අනවසරයෙන් කාටහෝ ඒ fireplace එකෙන් පාසලට ඇතුලත් වෙන්න හැකි නිසා. මේ වන විට minister of magic විදියට ඉඳපු Ottaline Gambol මේ සඳහා මහත් ආන්දෝලනයට තුඩු දුන් විසඳුමක් ඉදිරිපත් කරනවා. ඒ තමයි muggle technology එකක් වුන දුම්රියක් භාවිතා කිරීම. මැය muggle වරුන්ගේ තාක්ෂණය ගැන බොහෝම පැහැදීමක් තිබුණ කෙනෙක්. ඉතින් මේ Hogwarts express එකට station දෙකක් තියෙන්න එපැයි. මේකට ලන්ඩනය අන්තයෙන් station එකක් හදන්න ගියොත් ඒක muggle ලට අසු වෙන බව ministry එක දැනන් ඉඳියා. මේකට හරිම විසඳුමක් ඉදිරිපත් කරන්නේ ඊලඟ miniter of magic වුන Evangeline Orpington (1849-1855). ඇය දුන්න විසඳුම තමයි, අලුතෙන් station එකක්ම හදන්නේ නැතුව muggle ලගෙන් සැඟවුනු platform එකක් හදන්න. මේ තමයි platform 9 3/4 නැත්නම් අපි දන්න විදියට 9 3/4 වේදිකාව. ඉතින් මේ වේදිකාව සහ Hogsmeade වල තියෙන station එක හදන්න muggle technology එක නේ යොදගන්න වෙන්නෙ. මේක wizards ලට හදන්න පුලුවන් දෙයක් නෙවේ. ඉතින් මේක හැදුවෙ කොහොමද කියලා නිශ්චිත සටහනක් නෑ. ඒත් මායා අමාත්යංශයේ රහසිගත ලිපි වල සඳහන් වෙනවා ලොකු මෙහෙයුමක් ගැන, මේකට memory charms (මතකය සම්බන්ද මායාවන්) හැට හතක් සහ බ්රිතාන්යයේ පාවිච්චි වුනු විශාලම concealment charm (යමක් සැගවීමේ මායාවක්) යොදාගත් බව. මේ ලොකු මෙහෙයුමෙන් පසුදා උදේ Hogsmeade වැසියන්ට දැකගන්නට පුලුවන් උනේ රතු පැහැ දුම්රිය එන්ජිමක්, එයට ආඳපු දුම්රිය මැදිරි සහ කුඩා ස්ටේශමක්. මේක ඔවුන්ටත් පුදුමයක් වෙනවා. (Hogsmeade කියන්නෙ බ්රිතාන්යයේ muggle ලා නැති එකම ගම්මානය). මේ අතරේ අසල නගරයක් වුනු Crewe හි වැඩ කරමින් සිටි muggle දුම්රිය සේවකයන් ඒ අවුරුද්දම ගත කරේ තමන් මොකක් හරි දෙයක් කොහේහරි අමතක කර ආවා වගේ හැඟීමකින්. ඉතින් උනේ මොකක්ද කියලා අපිට හිතාගන්න පුලුවන් නේ 😂
කොහොමහරි මායා අමාත්යංශයේ අනුමැතිය ලැබීමට කලින් මේ දුම්රිය විවිධ මායාවන්ගෙන් සමන්විත කරනවා. ගොඩක් Pure Blood පවුල් ඔවුන්ගේ දරුවන්ව මේ muggle ප්රවාහන ක්රමයකින් පාසලට යැවීමට අකමැති වෙනවා. ඔවුන් කියන්නෙ මේක ගොඩක් අනාරක්ෂිත, පහත් ක්රමයක් බව. නමුත් මායා අමාත්යාංශය අණ කරනවා Hogwarts පාසලට ලමුන් යවනවනම් එකම ක්රමය මේ දුම්රිය විය යුතු බවත්, එහෙම නැත්තන් පාසලට යා නොහැකි බවත්. මේ නිසා Pure Blood පවුල් වල අයට අකැමැත්තෙන් උනත් මේකට කැමති වෙන්න සිද්ධ වෙනවා.
ඉතින් මේ 9 3/4 platform එක දිගු කාලයක් තිස්සෙ පැවත එන එකක් උනත් පොඩි පොඩි ප්රස්න නැතුවාම නෙවේ. සමහර වෙලාවට Wizard ලාගෙ අතින් suitcase බිමට වැටිලා Monster book of Monsters වගේ පොත් එලියට පැනපු අවස්තා ( අර හපාකන්න බලන යක්ශ පොත මතක ඇති නේ ? 😂), wizard ලා කෑගහගෙන අර බිත්තියෙන් අතුරුදන් වුන අවස්තා තියෙනවා. මේවා ඉතින් muggle ලා දකින එක නවත්තන්න බෑ. මේවා පාලනය කරන්න Kings cross station එකේ ඉන්නවා සාමාන්ය muggle ඇඳුමින් සැරසුනු මායා අමාත්යංශයේ සේවකයින්.Hogwarts පාසල් වාරය පටන් ගන්නා අවසන් වන කාලයේ සහ Muggle කෙනෙක් මේ දර්ශනයක් දැක්කොත් , ඒ අයගේ මතකය වෙනස් කරන එකයි මේ අයගේ කාර්යය.
කියන්න ඕන තව කාරණයක් තියනවා. ඒ තමයි JKR කියලා තියනවා මේ 9 3/4 තෝරගත්තේ, ඇයට හිතුනා මේ මායා ලෝකයට යන දොරටුව තියෙන්න ඕන muggle platform දෙකක් අතර කියලා. ඉතින් මේක එතකොට අනිවාර්යෙන්ම භාග අංකයක් වෙන්න ඕන නේ. එතකොට ඇය කියනවා තව මේකෙ මේ වගේ භාග අංක ඇති magical platforms කිහිපයක් තිබෙන බව. මේවා පොත් වල සඳහන් වෙන්නෙ නෑ. ඉතින් සමහර ඒවා යුරෝපයේ ඉතා ඈත ඇති Wizard only villages (මායාකරුවන් පමණක් ඉන්නා ගම්මාන) වලට යන දුම්රියන්ට අයිති බව. ඒ වගේම සමහර මේ භාග අංක ඇති වේදිකාවන් එක විශේෂ අවස්තාවලදී පමණක් පාවිච්චි කල හැකි වේදිකාවන් බවත්. (උදාහරණයක් විදියට, මායා ලෝකයේ ප්රසිද්ධ ගායිකාවක් වන Celestina Warbeck ගේ Concert එකකට යන්න).
සටහන : Hushan Hasarel 🦅🧙

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න