Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

මහා විශ්වයක ප්‍රාමාන්තික ආරම්භය | League of legends Universe Part 1

මහා විශ්වයක ප්‍රාමාන්තික ආරම්භය | League of legends Universe Part 1


මහා විශ්වයක ප්‍රාමාන්තික ආරම්භය | League of legends Universe Part 1

මං අද කියන්න යන්නෙ ඉතාමත් සාර්ථක වෙච්ච Universe එකක් ගැන. ඒ League of legends universe එක ගැන. මම අද සම්පූර්ණ කතාවම ලියන්න යන්නෙ නෑ, හේතුව මේ වෙනකං Riot එක Championsලා 148ක් පමණ release කරලා තියනවා. ඒ අතරින් ගොඩක් දෙනෙක් Universe එකට Direct බළපෑම් කරන හින්දා කතාව ගොඩක් දිග්ගැස්සෙනවා, මම ඒ විදිහට ලිපිය දිග වෙන්න නොදී සාරාංශයක් තමා ගෙනාවෙ. ඉතිං අපි පටන් ගමු මේ Universe එක ගැන හොයන්න 😀.

හැම දෙයක්ම පටන් ගන්න කලින් Universe එක තිබ්බෙ අඳුරෙන් වැහිලා, කිසිම ආලෝකයක් නැතුව. ඒත් මේ universe එකේ පණ තියන ඉතාමත් බළවත් ජීවීන් හිටියා. එයාලව හඳුන්වන්නෙ Watchersලා(දම් පාට ලොකු ඇහැක් තියන ජීවී විශේශයක්) කියලා. මේ Watchersලා ඉතාමත් බුද්ධිමත්, ඒත් එයාලා දැනගෙන හිටියෙ නෑ එයාලා ජීව්ත් වෙනවද කියලවත්. ඒකට හේතුව Universe එකේ අන්ධකාරය හින්දා ඔවුන් කිසි දෙයක් දැක්කෙ නෑ.

ඔහොම කාලය ගෙවෙද්දි, එක වෙලාවක විශ්වයේ ආලෝකයක් දිස් වෙන්න ගත්තා, ඒ Creation එක වැඩ පටන් අරන් හින්දා. Creation එක එයාගෙ පළවෙනි සුසුමෙන් නිර්මාණය කරන්නෙ Space Dragon(Celestial powers තියන ඉතාමත් බුද්ධිමත් මකරෙක්) කෙනෙක්. ඔහු එම විශ්වයේ තාරකා මවන්න පටන්ගන්නවා. ඊට පස්සෙ තවත් Celestialලා කිහිප දෙනෙක්(මරණයද ඇතුළුව) ව මවනවා. ඊට පස්සෙ creation එක World Runes හදනවා. ඒ World Runes එකතුවෙන් මායාවෙන් සපිරි ලෝකයක් මවනවා. ඒක හැඳින්නුවෙ Runeterra(Magic Earth) කියලා. මේ ලෝකයෙ සම්පූර්ණයෙන් මුහුදෙන් යට කරල තියෙන්නෙ. කෙමෙන් කෙමෙන් මුහුදෙන් මතුපිටට, විශාල දූපත් මතු වෙන්න ගන්නවා. Runeterra වල ජීවීන්ට ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් ලැබුනට පස්සෙ, creation එක Spirits සහ Demonsලව නිර්මාණය කරනවා. Creation එක මුලින්ම නිර්මාණය කරපු Space dragon Runeterra වල Solar System එක හදනවා. මේ නිසා තවත් ජීවීන්ට ජීවත් වෙන්න පුලුවන් විදිහට Runeterra පුළුල් වෙනවා.ඊට පස්සෙ පිළිවෙලින්,

ශාක
සතුන්
First borns (Ornn, Volibear සහ Anivia)
මකරුන්
Yordles කියන සත්ව විශේෂය
Modern Humans (මිනිසුන්)
නිර්මාණය වුනා.

Runeterra වල Map එක ගත්තොත්, මිනිස්සු විසින් ගවේෂණය කරලා හොයාගෙන තියන ද්වීපයන් අතලොස්සයි. ඒ අතරින් හැම ද්වීපයකම ආවේණික ලක්ශන, බලයන් තියනවා.ඒ ද්වීපයන්,

Freljord (ෆ්‍රෙල්ජෝඩ්)
Bandle City (බැන්ඩ්ල් නගරය)
Bilgewater (බිල්ජ්වෝට)
Demacia (ඩිමාසියා)
Ironia (අයෝනියා)
Ixtal (ඉශ්ටාල්)
Noxus (නොක්සස්)
Piltover (පිල්ටෝව)
Shurima (ශුරිමා)
Shadow Isels (ෂැඩෝ අය්සෙල්ස්)
Targon (ටාගෝන්)
Zaun (ශෝන්)
The Void (වොයිඩ්) පසුව නිර්මාණය වන ස්ථානයක්.

**(වෙනම ලිපි වලින් එක එක Legion එක ගැන ලියන්න බලාපොරොත්තු වෙනවා)**

ඉතින් මෙහෙම නිර්මාණය වෙච්ච විශ්වයේ එළිය නිසා මෙච්චර කාලයක් තමන් ජීවත් වෙන්වදවත් නොදැන හිටිය Watchersලා අවදි වෙනවා. මොවුන් මේ එළිය ළඟට ඇවිත් බලද්දි පුදුමයට පත් වෙනවා. ඒත් එක්කම Watchersලට මේ අපූර්ව නිර්මාණය දූෂිත කරන්න හිතෙනවා. ඒ නිසා Watchersලා මේ Runeterra වල තොරතුරු හොයන්න ඔවුන්ගේ නිර්මාණයක් එවනවා. ඒ සතාට කියන්නෙ Vel'koz කියලා.

මේ අතරෙ Freljord වල Iceborn (Dark Ice හා True Ice පාලනය කරන්න පුළුවන් මායා බලයක් සහිත, දුර්ලභව ලැබෙන හැකියාවක්. *True ice කවදාවත් දියවෙන්නෙ නෑ*) සහෝදරියන් තුන් දෙනෙක් ජීවත් උනා. ඒ Lissandra, Serylda සහ Avarosa. තිදෙනාම යුද්ධ කරල තවත් බලය සොයා ගන්න උත්සහ කලා, ඒවෑ ප්‍රථි විපාක වශයෙන් තමගේ වටිනා දේවල් අහිමි කරගන්න උනා.
Serylda දිව්‍යලෝකය පාලනය කරන්න හැදුවා, zoe ඇයගේ හඬ අරන් ඇයව ගොළු කලා. Avarosa ලෝකය පත්ලේ තියන අන්ධකාරයට හා හිස්බවට මුහුන දුන්නා, ඇය බිහිරි උනා. Lissandra wild magic වලට එරෙහිව කටයුතු කලා, ඒ නිසා Volibear ඔහුගේ තියුනු ණිය පහරින් ඇයගේ ඇස් අන්ධ කලා. මේ දේවල් නිසා සහෝදරියන් තුන් දෙනා පසුබෑමකට ලක් උනා. Lissandraට පෙනෙන්නේ නැති හින්දා හීන වලින් ඇවිදින්න ගත්තා. ඇය විශ්වයේ මරණයේ අන්ධකාරය දකින්න පටන් ගත්තා. ඇයට Watchersලා සමග කතා කරන්න පුලුවන් උනා. මෙහෙම දිගෙන් දිගටම ඇය ඔවුන් සමග කතා කරන්න ගත්තා. ඇය මේ දේවල් තම සහෝදරියන්ගෙන් වසන් කලා. පසුව Watchersලා මැයට ගිවිසුමක් ඉදිරිපත් කලා. ඒ, Watchersලට Runeterra වලට එන්න දොරටුවක් සකසා දුන්නොත් ඇයට අමරණීයත්වය ලබා දෙනවා කියලා. ඇය ඊට එකඟ වී Watchersලට මේ ලෝකයට එන්න Void දොරක් නිර්මාණය කරන්න ගත්තා, මෙය විවෘත කරන අතරේ තම සහෝදරියන් එතනට ඇවිත් මැය කරන දේ ප්‍රශ්න කලා. අනෙක් සොහොයුරියන් දෙදෙනාම මැයට විරුද්ධ උනා. ඒත් මේ අතරෙ Watchersලා Void දොර හරහා එන්න ගත්තා. Avarosa කිව්වා “ ඇය මරණයට වඩා අකමැතිම වහල් භාවය” කියලා. එත් එක්කම Lissandra තමන් කරපු ලොකු විනාශය දැක්කා. සහෝදරියන් තිදෙනා සහ අනෙක් Icebornලා එකතු වෙලා watchersලා නවත්තන්න හැදුවා. Lissandra ඇයගේ උපරිම බලයෙන් Watchers, තම සොහොයුරියන් දෙදෙනා හා Icebornලා ඇතුළුව සියළුම දෙනාව True Ice වලින් ගල් කරලා දැම්මා. True Ice නිසා Void door එකත් වැහුනා. ඒත් සමඟම Lissandra හැම වේලාවකම ලොකු බියකින් පසු උනා. ඒ, Watchersලා කවදා හරි දවසක එතනින් නිදහස් වෙයි කියලා. ඉතින් මේ Watchersලා ගැන ලෝකෙන් වසන් කරන්න මේ සිදු වුන සියල්ල මිත්‍යාවක් සහ බොරුවක් කියලා Lissandra හැමෝටම හා අනාගත පරම්පරා වලට කියනවා.

වර්තමානයේ වන තෙක් Runeterra වල යුද්ධයන්, බලය විහිදීම්, Celestialලගෙ ආගමනයන්, Void බළපෑම් හා නව ද්වීප සොයාගැනීම් සිදු උනා.

මේක තමා Runeterra වල ආරම්භයේ සිට 8000BN වන තුරු ඉතිහාසය. මං සමහර ජීවීන්ගෙ නමවත් mention නොකර කතාව ලියන්න හේතුව වුනේ, ඔවුන්ගේ උච්චතම අවස්ථාවන් හා නාමයන් ලැබෙන්නෙ අනාගතයේ හින්දා. ඉතින් ඒ Mention කරපු නැති ජීවීන් හා Regions ගැන තතු අරන් තව post එකකින් හමු වෙන තුරු සමු ගන්නවා.

මේ ලින්ක් එකෙන් Runeterra වල මැප් එක බලන්න

https://map.leagueoflegends.com/en_US


Article by Admin #DWayne

Original Comic Script Article.

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න