Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Deadshot A.K.A Floyd lawton

Deadshot A.K.A Floyd lawton


Suicide squad එකේ ඉන්න ආසම martial arts කැරැක්ටර් origin එකක් ගැන කතා කරමු...
කැරැක්ටර් එක තමයි #Deadshot.....

Deadshot එහෙමත් නැත්නම්
floyd lowton කියන්නෙ dc විශ්වයේ ඉන්න ප්‍රභලතම villain කෙනෙක්... හැබැයි ප්‍රතිපත්තිගරුක කෙළින් වැඩ කරන ඩයල් එකක්... "never miss" වචනයේ පරිසමාප්ත අර්ථයෙනම marskman කුළී ඝාතකයෙක් විදියට deadshot දෙවනි වෙන්නෙ deathstroke ට විතරයි... ඒකත් experiance අනුව..

Floyd lowton පොඩි කාලයෙදි තමන්ගෙ සහෝදරයා එක්ක සෙල්ලම් කරනකොට රයිෆල් එකකින් වැරදිලා තමන්ගෙ සහෝදරයාගෙ ඔළුවට වෙඩි තියනවා.. ඒක වැරදීමකින් සිද්ධ වෙන දෙයක්.. කොහොම හරි floyd ළමා කාලය ගෙවන්නෙ ප්‍රශ්න ගොඩක් මැද්දෙ..

Floyd තරුණ කාලයෙදි හමුදා සේවයට බැදෙනවා.. දක්ෂතා අනුව ස්නයිපර් වෙඩික්කරුවෙක් වෙන floyd හමුදා සේවයෙන් ඉවත් වීමෙන් පස්සෙ පොඩි පොඩි මැර සීන් වලට එන්ටර් වෙලා deadshot බවට පත් වෙනව... ගෝතම් වල ඉන්න අපරාධකරුවන්ට විරුද්ධව මර්ධන වැඩපිළිවෙළක් floyd අරන් යනව.. ඒත් ඒ යහපත් චේතනාවෙන් නෙවෙයි.. ගෝතම් වල අපාරාධ ලෝකයෙ god father වෙන්න තමයි එහෙම කරන්නෙ..

බැටා මෙන්න මේ වගෙ වෙලාවක තමයි deadshot down කරලා අත්අඩංගුවට ගන්නෙ.. සිරගෙදරදි තමයි suicide squad එක්ක deadshot එකතු වෙන්නෙ... ඊට පස්සෙ තමයි කුළී ඝාතකයෙක් විදියට හරියට කළඑළි බහින්නෙ.. suicide squad එකේදි විවිධාකාර villain කැරැක්ටර් එක්ක deadshot වැඩ කරනව.. මොනව වුනත් මෑන්ගෙ වැඩ නීට් එකට කරනව.. ඩයල් එක තමන්ගෙ දුව මතක් වෙනකොට අපරාධ ජීවිතේ ගැන පසු තැවෙනව.. ඒ ගැන නම් ගොඩක් කියන්න යන්නෙ නෑ මොකද family story විවිධාකාරයෙන් වෙනස් වෙනව comic වලදි..

New 52 අනුව deadshotගෙ origin එක පොඩ්ඩක් වෙනස් වෙනව.. ඒකෙදි සෙනෙට් සභිකයෙක්ට ශොට් එක දීලා තමයි deadshot සිරගත වෙන්නෙ.. amanda voller තමයි ඒකෙදි deadshot ව suicide squad එකට අනියුක්ත කරන්නෙ..

Deadshotගෙ powers and abilities ගැන කතා කරනව නම් මෑන් master tactician කෙනෙක්... බැටා වගේ උපක්‍රමශීලි වැඩ කෑලි දන්න කෙනෙක්.. මිනිස් සිරුරේ හැම pressure point එකක් ගැනම සහ ඒවට aim කරල shoot කරන්න deadshot ට පුළුවන් ලු...

Deadshot කියන්නෙ dc universe එකේ ඉන්න අංක එකේ sniper කෙනෙක්..

Deadshot ගෙ ඇදුම ගොඩක් කල් පවතින විදියට තමයි හදල තියෙන්නෙ.. ලොකු පිපිරීම්, වෙඩි වැදීම, electric shock වගේ දේවල් වලින් අවම හානියක් වෙන විදියට තමයි ඇදුම හදල තියෙන්නෙ...

Deadshotගෙ හෙල්මට් එක සහ අර මෑන්ගෙ ඇහැ ළග තියෙන පොඩි ගැජට් එක හදල තියෙන්නෙ අවට පරිසරයෙන් වෙන්න පුළුවන් බාධාවන් වලින් අවුලක් වෙන්නෙ නැති විදියට.. ගොඩක් censor හෙල්මට් එකට ඇතුළත් කරල තියෙනව ලු..
මෑන් ඉන්නෙ මොකක් හරි මිෂන් එකක නම් හෙල්මට් එක දාගෙන ඉන්නකොට අව්ව,වැස්ස,අකුණු වගේ දේවල් වලින් මෑන් ගෙ aim එක ගන්න එකට හානියක් වෙන්නෙ නෑ...

Night vision, laser rays, telescope වගේ දේවල් අර ඇහේ දාගෙන ඉන්න lense එකෙන් කරන්න පුළුවන්..

ඩයල් එක wrist-mountain guns යූස් කරනව දැකල ඇතිනෙ... අර අතේ මැණික් කටුව ගාව මෑන්ගෙ තියෙන වෙපන් දෙකක්.. ඒ දෙක යූස් කරන්නෙ ඉක්මනට bullet load කරන්න පුළුවන් නිසා.. තව grenade, automatic hand guns තමයි මෑන් ගොඩක් යූස් කරන්නෙ...

Martial arts ගැන කියනව නම් deadshot මාස්ටර් ලෙවල් එකේ ඉන්න කැරැක්ටර් එකක්.. කරාතෙ, ජ්‍යු-ජුට්සු, ජූඩෝ, කෘව් මගා (කික් බොක්සින් වගේ) මුයි-තායි වගේ ගොඩක් martial arts දන්නව... තව විවිධාකාර knife fighting රැසක් floyd දන්නව...

බැටා ට වුනත් hand to hand fight එකක් දීලා deadshot පරාද කරන්න පුළුවන් වුනත් ඒකට ලේසි වෙන්නෙ නම් නෑ... දරුණු fight එකක් තියෙයි කියල හිතෙනව comic විදියට නම්..

Villain කෙනෙක් වුනත් ගොඩක් අය deadshotට ආසයි..මොකද මෑන් ගෙ වැඩ කෙලින් කරන චරිතයක් නිසා...

Post එකක් ටිකක් දිග වුනා.. ඒකට sorry මචං ලා boring වුනා නම්... වෙන කැරැක්ටර් එකකින් ආයෙ සෙට් වෙමු....

#deadshot
#suicidesquad

Article from DCEUSL By #Krishanrodrigo

1 comment:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න