Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Steve Jobs and Entertainment Industry

Steve Jobs and Entertainment Industry

පෙබරවාරි 24 කියන්නෙ ලෝකෙට හරි අපූර්ව මිනිසෙක් දායාද වෙච්ච දවසක්, තාක්ෂණික ලෝකයට වගේම Entertainment Industry ඒකටත් විශාල සේවයක් කරපු පුද්ගලක් තමා ඔහු, ඒ වෙන කවුරුවත් නෙවෙයි, Steve Jobs!
ඔහු ගැන ඔබ නිසැකවම බොහෝ දේ අහලා ඇති, නමුත් අද අපි ඔබට කියන්න යන්නේ මේ දැවැන්ත චාරිතය Entertainment Industry එකේ කරපු දේවල් ගැන.

> සංගීත නිර්මාණ, චිත්‍රපට ඇතුළු දෑ එවකට බෙදා හැරුණේ සංයුක්ත තැටි ආධාර කොට ගෙනය, නමුත් මේ සංස්කෘතිය කණපිට හැරුණේ Steve ගේ සංකල්පයක් වූ iTunes Digital Store එක තුළිනි, අද ඇති සියලුම Digital Stores, App Market මෙම සංකල්පය තුලින් බිහි වූ දේවල් වේ.

> සංගීත ශ්‍රවණය කිරීමේ මාධ්‍ය තුළ සදාකාලික වෙනසක් ඇති කලේද මොහුය, ඒ iPod උපාංගය හඳුන්වා දීම හරහාය. එය සංගීත ලෝකය මෙන්ම තාක්ෂණික ලෝකය තුළද ඉමහත් පෙරළියක් සිදු කළේය

> PIXAR Studioවේ සම නිර්මාතෘ මෙන්ම එහි පළමු CEO වරයා වන්නේද මොහු වන අතර මියයන තෙක්ම Disney ආයතනයේ ලොකුම කොටස් හිමි කරුවා මෙන්ම එම ආයතනයේ අධ්‍යක්ෂ වරයෙකු ලෙසද කටයුතු කළේය. Toy Story සිට බොහෝ නිර්මාණයන්හි executive producer කෙනෙක් ලෙස කටයුතු කරන ලදී. වරෙක එහි චරිත අයිතීන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරන ලදී.

> MARVEL ආයතනය Disney ආයතනය හා මිලට ගැනීමේදී එහි මුුලිකත්වය ගෙන කටයුතු කළ අතර ඩිස්නි ආයතනය වෙනුවෙන් මාවල් ආයතනය සමඟ සාකච්ඡා කලේද මෙතුමා වේ.

> කැමරා වක් හරහා ගන්නා ඡායාරූප සහ වීඩියෝ පට කෙලින්ම පරිගණකයකට සම්බන්ධ කොට ඒ හරහා සංස්කරණය කිරීමද මෙතුමාගේ සංකල්පයකි, FireWire තාක්ෂණය මෙමගින් ඇපල් ආයතනය ලොවට හඳුන්වා දුන් අතර මේ සඳහා Adobe ආයතනයට Premier Pro හි Mac සංස්කරණයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් එක ප්‍රතික්ෂේප කිරීම නිසා ඇපල් ආයතනය Final Cut මුදුකාංගය හදුන්වා දුන් අතර එක වර්තමානයේ ඇති හොදම Video සංස්කරණ මෘදුකාංගයක් ලෙස සැලකේ ( පසු කලෙක adobe ආයතනය ට Premier Pro ලබා දීමට සිදු විය)

> Animation, Video Editing, Rendering, Render Farming , Design සඳහා ලොව යොදා ගන්නා ප්‍රමුඛ පෙළේ තාක්ෂණික උපාංග යන් වන Macintosh පරිගණක මෙතුමාගේ නිර්මාණයකි. ( එමෙන්ම වර්තමානය තුල Adobe සංස්කරණ Portable උපාංග තුළ ක්‍රියා කරන්නේද iPAD තුළ වන අතර එහි පළමු අදියර ලෙස Photoshop හි පූර්ණ සංස්කරණය iPAD OS වෙත ලබා දෙන ලදී )

තව ගොඩාක් දේවල් තියනවා, නමුත් ලියන්න කාලයක් නෑ, මෙතුමාගේ ජීවිත කතාව අතිශයින්ම අපූරුයි, එය අධ්‍යනය කිරීමට හැකි නම් ඔබට ජීවිතය පිළිබද බොහෝ දෑ ඉගෙන ගත හැකි වේවි. එමෙන්ම මෙතුමාගේ business mind එක වෙනමම විෂයක්, ඒවගේම Steve කරපු දඩබ්බර වැඩ ගැන කියන්න කතා සෑහෙන තියෙනවා. මේ ලිපිය මම පොඩි කථාවකින් අවසන් කරන්නම්. මෙතුමා iPod උපාංගය එළියට දැමාමහම එක ලෝකය පුරා විශාල උන්මාදයක් ඇති කරනවා, ඉතින් ලෝකේ ඉන්න ප්‍රදාන තාක්ෂණික ආයතන තමන්ගේ ම Digital Music Players එළියට දැම්මට ඒවා පොඩ්ඩක්වත් සාර්ථක වෙන්නේ නෑ, ඉතින් මාධ්‍යවේදියෙක් මෙතුමාගේ මේ ගැන ඇහුවාම දෙන්නේ හරිම වටින පිළිතුරක්.

" අපි iPod එක හැදුවේ අපිට සින්දු අහන්න, ඔයා ඔයා හරි ඔයාගෙ පවුල හරි වෙනුවෙන් දෙයක් නිර්මාණය කරන කොට කවදාවත් නරක දෙයක් හදන්නේ නැනේද ? අන්න ඒ නිසා තමයි iPod එක සාර්ථක උනෙත් අනිත් ආයතන තරඟයට හුදෙක් භාණ්ඩයක් හදුන්වා දීම නිසා තමයි ඒවා අසාර්ත්ක උණේත් කියලා"

අපි කියන්නෙත් ඒකයි, තමන් ආශාවෙන් තමන්ගෙන් විශ්වයට දේවල් වටිනාකමෙන් යුක්තව දෙන්න සූදානම් නම් විශ්වයත් ඔබට බොහෝ දේවල් ආදරයෙන් දේවී !!!

සටහන - #Parker

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න