Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

සොනික්ගේ ලෝකයේ වතගොත - Sonic The Hedgehog

සොනික්ගේ ලෝකයේ වතගොත - Sonic The Hedgehog


අද අපි දැනගන්න යන්නේ නිල්පාට වේගයෙන් දුවන ඉත්තෑවෙක් ගැන. නිල්පාට වේගයෙන් දුවන ඉත්තෑවෙක් කිව්වම අපි හැමෝටම මතක් වෙන්නේ මේ දවස් වල වැඩියෙන්ම කතා වෙන Sonic ගැන. ඒ මේ මාසේ 14 වෙන්දා release වුනු Sonic film එක නිසා. එත් ගොඩක් අය Sonicව දන්නේ මේ film එකේ release වීම නිසාම නෙමේ. අපි බලමු කොහොමද ගොඩ දෙනෙක් sonic ගැන දන්නේ කියල.

Sonicව අපිට මුලින්ම දැක බලාගන්න පුළුවන් වෙන්නේ 1991 Sonic the Hedgehog 16 bits game එක හරහා playable character එකක් විදිහට. Sonic චරිතය නිර්මාණය කරන්නේ Naoto Ohshima විසින්. එදා සිට මෙදා දක්වා Sonic චරිතය ආශ්රිත හිමිකම් දැරුවේ Sega ආයතනය විසින්.Archie Comics ප්රකාශකයින් තමා Sonicගේ කොමික් මුද්රණය කලේ. කෙසේ වෙතත් එ කොමික් වල Story Cannon අනෙක් events වලට එද්දී Cannon උනේ නැ. ඒ කියන්නේ Cartoons, Games හා මේ මෑතකදී release වූ film වල කතාවන් වලට කොමික් පාදක නොවීම. Sonicව අපිට ගොඩක්ම දැකගන්න පුළුවන් උනේ Game series වල. පසුව අපිට Adventures of Sonic the hedgehog 1993(සිරසTV හි සිංහලෙන් හඬකවා විකාශනය කළා 2005දි), Sonic underground 1999, Sonic X 2003 – 2005 හා Sonic BOOM 2014 – 2017(Animated series) Cartoon වශයනේ බලාගන්න පුළුවන් උනා.

අපි දැන් කතා කරමු Sonicගෙ Back story එක ගැන. Sonic ජිවත් වෙන්නේ Mobius කියන ග්රහලෝකයක. එ ග්රහලෝකය 100%ක්ම අපි ජිවත් වෙන Earth එක වගේමයි. එත් ඒ ලෝකයට අනන්ය වූ භූ පිහිටීම්, ජෛව විවිධත්වයන් හා නාමයන් තියනවා. Mobius වලත් සාමාන්ය අපි වගේ මිනිසුන් ඒ වගේම බුද්ධි මට්ටමෙන් මිනිසාට සමාන, දෙපයින් නැගිට ඇවිදින හා කතා කරන්න පුළුවන් සත්වයන්/anthropomorphic (ඉත්තෑවෝ, හාවෝ, කටුස්සන්,....) ජිවත් වෙනවා. මේ ග්රහලෝකෙ Christmas Island එකේ Bernie හා Jules දාව තමා Sonic ඉපදෙන්නෙ. Sonic අනිත් අය වගේ නෑ. උපතින්ම ශබ්දයේ වේගයෙන් දිවීමේ හැකියාව්ක් සහ Physically Powerful forms(Super Sonic State/ Hyper sonic state/Werehog state ) වලට Access කරන්න පුලුවන් හැකියාවක් ලැබෙනවා. මෙහෙම කුඩා කාලය ගත කරන Sonicට හදිසියේම ලොකු කරදරයකට මුහුණපාන්න සිද්ද වෙනවා, ඒ Dr. Robotnic Sonicගෙ ගමේ ඉන්න ගොඩක් දෙනෙක් සහ ඔහුගෙ දෙමව්පියන්ව අල්ලගෙන ගිහින් Robotnicගෙ Mindless robot servents කරගන්න එක. එදා ඉඳන් Sonic Dr. Robotnic ට එරෙහිව වැඩ කරන්න පටන් ගන්නවා.

Sonicට තියනවා Tornado කියලා ගුවන් යානයක්. දවසක Sonic මේ Tornado එකෙන් දූපතකට යනවා. මේ අතර ඒ දූපතේ ඉන්න Miles Power කියම පොඩි නරි පැටියෙක්ට තවත් පිරිසක් එකතු වෙලා Bully කරන්වා. Milesට නැටි දෙකක් තියන හින්දා හැමෝම Milesට හිනා වෙන්වා. ඒ නිසා එයාට යාලුවෙක් හිටියෙ නෑ. Miles Sonicව අහම්බෙන් දකිනවා. Miles sonicව ලුහුබැන්ඳත් ඔහුව හොයාගන්න බැරිවෙන්වා. ඒත් එක්කම මුහුද අයිනෙ නවත්තලා තියන Tornado එක Miles දකිනවා,Miles එක upgrade කරන්න පටන්ගන්නවා. ඒ Upgrade එක ඉවර වෙද්දිම එතනට Sonic එනවා. ඊට පස්සෙ දෙන්නම දැන හඳුනගෙන Sonic Milesට නමක් දෙනවා “Tails” කියලා. එදෑයින් මෙදාවෙන තුරු sonicගෙ Sidekick එක වෙන්නෙ Tails.
Sonic ගොඩක්ම මිනිස්සුන්ට සහ එයාගෙ යාලුවන්ට උදවු කලා, එයාගෙ යාළුවොත් එක්ක ලෝකය අනන්ත වාරයක් නපුරෙන් බේරගෙන තියනවා.

අපි දැන් බලමු Sonicගෙ විස්තර කිහිපයක්.

***හැකියාවන් (Abilities)***

ශබ්දයේ වේගයෙන් දිවීමේ හැකියාව.
වේගවත් කටු බෝලයක් (spine ball) එකක් වීමෙ හැකියාව.
Chaos emeralds පාවිච්චි කරන්න පුළුවන් ඉත්තෑවන් තුන් දෙනාගෙන් එක් අයෙක් වීම.
Super Sonic State(මේ state එකේදි Sonicට සීමිත වෙලාවකට Super powers පාවිච්චි කරන්න පුලුවන්. මේ වෙලාවට Sonicට පියාඹන්න, Speed boost කරගන්න පුළුවන්) එකට එළැඹීමේ හැකියාව(Chaos emeralds භාවිතා කරලා)
Hyper sonic state(මේ state එකේදි Sonicට අසීමිත වෙලාවකට Hyper powers පාවිච්චි කරන්න පුලුවන්) එළැඹීමේ හැකියාව(Master emeralds භාවිතා කරලා)
Sonicට Rings පාවිච්චි කරලා Normal speed එක Boost කරගන්න පුලුවන්. සමහර අවස්ථාන් වලදි Rings, portals වශයෙන් භාවිතා කරන්න පුළුවන් කියලා Comic වල එහෙම සඳහන් වෙනවා(2020 Film එකේදි ඒක පෙන්නලා තියනවා).

***කැමති දේවල්(Likes)***

Dr. Robotnic/Dr. Eggman ව පරද්දන්න.
වේගයෙන් දුවන්න.
යාළුවොත් එක්ක වෙලාව ගත කරන්න
Chili dog කන්න.

***අකමැති දේවල්(Dislikes)***

වෙලාව නාස්ති කරන්න.
ගංගා (Sonic වතුරට බයයි)
Amy Piko piko Hammer එක එලියට ගත්තම.
Amy sonicට Flirt කරද්දි (Amy කියන්නෙ sonicගෙ Girlfriend, Amy ගැන වෙනම post එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා.)
කවුරු හරි Sonicගෙ speed එක ප්රශ්න කරද්දි හෝ අභියෝග කරද්දි.

***Extras***

Sonic Excalibur sword එක පවිච්චි කරලා තියනවා. Sword එක Sonic අතට ගත්තම ඉබේටම Knight Amor එකක් ඇඟට Attache වෙනවා.
Super Sonic form එකේ ඉන්න වෙලාවක Dr. Eggman කරන Electrical surge එකක් නිසා වරක් Sonic Werehog කෙනෙක් වෙන්වා.

මම බලාපොරොත්තු වෙනවා තව Sonic Universe එක ගැන posts දාන්නා. එතකන් සමුගන්නවා!!!..

Article by Admin #DWayne

COMIC SCRIPT Original Article.

1 comment:

  1. Chaos emeralds පාවිච්චි කරන්න පුලුවන් hedgehog ල තුන් දෙනා සොනික්, ශැඩෝ, සිල්වර් කියන තුන්දෙනා නේද?

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න