Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

කවුද මේ Echo?

කවුද මේ Echo?

 


ජීවිතය ඔබට ජයගත නොහැකි ලෙස දරුණු ඛේදවාචකයක් සමඟ අභියෝග එල්ල කරන විට ඔබ කරන්නේ කුමක්ද? නපුරු ජීවිතයකට හැරෙන තෙක් අත්දැකීම් ඔබව පරිභෝජනය කිරීමට ඉඩ දෙනවාද? නැතහොත් ඔබ යහපත් දේවල් සඳහා ඒ අභියෝග, ප්රශ්න, අත්දැකීම් යොදාගන්නවාද? අද අපි කතාකරන්නේ Marvel විශ්වයේ අභියෝගයන් එක්ක තමන්ගේ චරිතය සැමටම දෝංකාර දීමට සැලැස්වූ Echo ගැනයි.
1999 වසරේදී Joe Quesada සහ David Mack දෙදෙනා විසින් නිර්මාණය කළ Daredevil volume 2 issue number 9 ඔස්සේ තමයි අපිට මුලින්ම Maya Lopez එහෙමත් නැතිනම් Echo කියන චරිතය මුණ ගැසෙන්නේ. Kevin Smith විසින් මීට කලින් නිර්මාණය කරපු daredevil comic series එක අතිසාර්ථකව legendary run එකක් ගිය නිසා Joe Quesada විසින් David Mackට කියනවා මේක series එකට හොඳ spice එකක් දෙන්න අලුත්ම චරිතයක් හඳුන්වලා දෙන්න කියලා. ඒ අනුව තමයි David Mack විසින් Maya Lopezව Marvel විශ්වයට හඳුන්වලා දෙන්නේ.
Origin:
Maya Lopez කියන්නේ උපතින්ම deaf කෙනෙක්. ඇගේ පියා William Lincoln කියන්නේ Cheyenne Nation හි ස්වදේශික ඇමරිකානුවෙක්. ඒත් William රහසේම Kingpin aka Wilson Fisk වෙනුවෙන් මැර වැඩ කරන්ටත් පුරුදුවෙලා හිටියා. මේ වැඩවලට Mayaගේ අම්මා කැමති වෙන්නේ නැති නිසාම ඇය Maya ඉපදිලා දින කිහිපයකින් ඔවුන් අතහැර යනවා. William තමන්ගේ මැර නම හැටියට crazy horse කියන නම භාවිතා කළා. විලියම් සහ විල්සන් දෙන්නා බොහොම හොඳ මිත්රයෝ හැටියට කාලයක් හිටියත් එක් තැනකදී විලියම් තමන්ගේ අරමුණ ඉක්මවා ගිය නිසා Kingpin විල්සන් විසින් Williamව වෙඩිතියලා මරලා දාන්න තීරණය කරනවා. Kingpin ඔහුට වෙඩි තැබීමට සූදානම් වූ විට William විසින් ඔහුගේ අවසන් ඉල්ලීම හැටියට Mayaට කරදරයක් නොකර ඇයව රැකබලා ගන්න කියලා Kingpinගෙන් ඉල්ලීමක් කරනවා. මොනවා වුණත් මෙතනදී Kingpin තමන්ගේ පරණ මිත්රයාගේ ඉල්ලීම පිළිගන්නවා. කුඩා Maya තමන්ගේ පියාව සොයාගන්නා විට William ඉන්නේ ඔහුගේ අවසන් සුසුම හෙළමින්. ඔහු Mayaගේ මුහුණ වෙත තමන්ගේ අත යොමුකරනවා. එතනදී William මිය යන්නේ ඇගේ මුහුණේ ලේ වැකි අත් සලකුණක් තබමින්.
Wilson Fisk විසින් Mayaව ඇගේ ගොළුබව නිසාම ඇයව විශේෂ අවශ්යතා ඇති දරුවන් වෙනුවෙන් අධ්යාපනය දෙන පාසැලක් වෙත යොමුකරනවා. Maya කියන්නේ උපතේදීම photographic reflexes සහිත දරුවෙක්. Photographic reflexes කියන්නේ එක් වරක් පමණක් දැකීමෙන් පසු ඕනෑම ක්රියාවක් පරිපූර්ණ ලෙස ප්රතිනිර්මාණය කිරීමට දක්වන දක්ෂතාවටයි. වරක් මේ පාසැලට දක්ෂ පියානෝ වාදකයෙක් පැමිණ අපූරු වාදනයක් ඉදිරිපත් කරනවා. මේ වාදනය අහන් ඉන්න Maya මේ පියානෝ වාදකයා ඉදිරිපත් කළ වාදනයම ඉතාමත් අපූරු ලෙස යළින් ඉදිරිපත් කරනවා. ඒ වහාම Mayaගේ හැකියාව ගැන තේරුම් ගන්නා Wilson Fisk Mayaව විශේෂ දක්ෂතා ඇති දරුවන් වෙනුවෙන් වන ඉහළ පාසැලකට යොමුකරනවා. ඒ ඇගේ ආශාවන් ගවේෂණය කිරීමට ඉඩ සලසමිනුයි. දක්ෂ ලෙස අධ්යාපනය ලබමින් තරුණ වියට පැමිණෙන Maya තමන්ගේ දක්ෂතා නිසාම සංගීතයට සහ නර්තනයට නම ගිය world-class performer කෙනෙක් බවට පත්වෙනවා.
මේ කාල වකවානුවේදී Wilson Fisk තමන්ගේ archnemesis වන Daredevilගේ ඇත්ත නම Matt Murdock බව දැනගෙනයි ඉන්නේ. තමන්ගේ පෙම්වතිය වන Karen Pageගේ මරණයත් එක්ක Matt මේ වෙනකොට ඉන්නේ ටිකක් තනිවෙලා. තරුණ Maya මේ වෙනකොට තමන්ගේ හැකියාව නිසා හොර රහසෙම fight training එහෙමත් පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසාම Wilson Fisk තීරණය කරනවා Daredevilව පරද්දන්න පුළුවන් හැකියාවක් Mayaට තියෙනවා කියලා. ඒත් Wilson Fisk කියන්නේ Kingpin කියන එක Maya දන්නේ නැහැ. Wilson ඒ හැමදෙයක්ම රහසක් විදියට Mayaගෙන් හංගලා තියනවා. කොහොමහරි Wilson Mayaට කියනවා තමන් මේ Hell’s Kitchen එකට ගොඩගන්න ගොඩක් උදව් කරනවා නමුත් Lawyer Matt Murdock එහෙම ඒක පිළිගන්නේ නැහැ ඔයාට පුළුවන් නම් එයාට ඒක තේරුම් කරලා දෙන්න කියලා. මෙතනදී Maya පවා දන්නෙ නැහැ එයා Kingpinගේ game එකේ එක ඉත්තෙක් කියලා. ඉතින් මේ මුකුත් දන්නෙ නැති Maya ගිහින් Matt Murdockව මුණ ගැහෙනවා. එතනදී එයා කියනවා තමන්ගේ පියාගේ මරණින් පස්සේ Wilson Fisk තමන්ට කොච්චර උදව් කළාද, එයා කොච්චර මේ නගරයට ආදරෙයිද, කොච්චර මේ නගරය ගොඩගන්න කැමතිද කියන එක. Mattගේ සහ Mayaගේ තියෙන disabilities නිසා දෙන්නා නොදැනුවත්ම දෙන්නට කැමැත්තක් හටගන්නවා. Fiskගේ මේ යටිකූට්ටු සැලැස්ම අස්සේ Mattගේ සහ Maya දෙදෙනා ආදරය කරන්න ගන්නවා.
ඔය අතරේදී Wilson විසින් Mayaට ඔහුව මුණගැහෙන්න එන්න කියනවා. Mayaගේ තාත්තාව මැරුවේ Daredevil කියලා Wilson Mayaට ඒත්තු ගන්වනවා. ඒ Daredevil එයාගේ තාත්තාට වෙඩි තිබ්බා කියපු තුවක්කුවකුත් පෙන්වමින්. මුකුත් නොදන්න Maya මේ කතාව විශ්වාස කරනවා. තමන්ගේ පියාගේ මරණයෙන් පළිගැනීමේ චේතනාවෙන් Maya ගිහින් Bullseye වගේ assasinsලා fight කරන සහ පුහුණු වෙන වීඩියෝ බලමින් අධ්යයනය කරන්න ගන්නවා. ඊලඟට Maya ගිහින් Echo හැටියට Daredevilට පහර දෙනවා. පළිගැනීමේ සිතුවිල්ල සහ Mayaගේ හැකියාවන් නිසා Daredevilට හොඳ සටනක් දෙන්න ඇය සමත්වෙනවා. නමුත් Matt ඇගේ සුවඳ හඳුනාගෙන ඇය විසින් යොමුකරන පහරවල් වලක්වන්නේ Maya තමන්ට පහර දෙන හේතුව තේරුම් ගන්නට බැරුවයි. නමුත් ඇය ඔහුව යටත් කර ගැනීමට සමත් වූ අතර ඔහුව මරා දැමීමටWilson මින් පෙර ලබාදුන් තුවක්කුව Daredevilගේ හිසට එල්ල කරනවා. නමුත් වාසනාවකට ඒ අවස්ථාවේ කුඩා ළමුන් කිහිපදෙනෙක් එතනට පැමිණීම නිසා Echo එතැනින් පැන යනවා. නමුත් ඔවුන් තවත් දෙවරක් එකිනෙකාට මුහුණ දෙනවා. ඇය ඉතාමත් දරුණු ලෙස Daredevilට පහර දෙනවා. අවසන් අවස්ථාවේ තමන් Matt Murdock බව Mayaට පවසන්න Daredevilට හැකිවනවා. ඒ වගේම Mayaට හැමදේම පැහැදිලි කර දෙන්නත් Matt සමත්වෙනවා. හැමදේම තේරුම්ගන්න Maya වහාම Wilson Fiskව හොයාගෙන යනවා. එතනදී ඇය Kingpinගේ ඇසක් අන්ධ වන තත්වයටම brutally වෙඩි තබා නගරයෙන් පිටත්ව යනවා.
Ronin and the New Avengers:
Daredevilගේ වීරත්වය ගැන ඉතාමත් ගරුකරන Maya මීලඟට ජපානයට යනවා. එහිදී Hand, Yakuza සහ Silver Samurai අය ගැන තොරතුරු රැස් කරන්න Daredevil විසින් Captain America වෙත Mayaව නිර්දේශ කර යොමු කිරීමෙන් පසු Maya New Avengers කණ්ඩායමට උදව් කරනවා. ඒ Ronin කියන ninja identity එක හැටියටයි. Maya Yashida Fortress එකට ගිය වෙලාවේ Hand එක සහ Hydra එක එකට එක්ව වැඩ කරන බවත් ඔවුන් Silver Samuraiට ඔවුන් හා සම්බන්ධ වී නායකත්වය දීමට යෝජනා කරන්න සැරසෙන බවත් එතනදී දැනගන්නවා. කොහොම නමුත් Mayaට මෙතනින් සාර්ථකව පිටව යන්නට නම් ලැබෙන්නේ නැහැ. Hand එකේ ninjaවරුන් ඇයව හඹාඑන්නට පටන්ගන්නවා. නින්ජාවරුන් කිහිපදෙනක් මරා දමා එතනින් පැනගන්නා Maya ජපානයේ Avengers penthouse එකට පැමිණෙනවා. ඒ වන විටත් Mayaගේ තොරතුරු අනුව Captain America සහ New Avengers ජපානයට පැමිණිලා අවසන්. Maya ඉතාමත් කෙටියෙන් සිදුවීම ඔවුන්ට විස්තර කරන අතරේ Hand එකෙන් Maya පසුපස Avengers penthouse එකට පැමිණෙනවා. මෙතනදී ඔවුන් සමඟ එක්ව සටන් කරන Maya අන්තිමට Madame Hydraව අල්ලාගන්නටත් සමත්වෙනවා. පසුව Captain America සමඟ සාකච්ඡා කොට Hand එකේ ක්රියාකාරකම් වඩාත් හොඳින් අධ්යයනය කරන්නට Maya ජපානයේම නවතිනවා.
මේ අතරතුරේදී Hand එක සහ Yakuza එක අතර ගැටුම් සිදුවෙන අතර Hand එකේ නව නායකයා ලෙස Elektra පත්ව ඇති බවට කටකතා Mayaට වාර්තාවන්නට පටන් ගන්නවා. කොහොම නමුත් Superhuman Registration Act එක සහ Superhero Civil War එක අවසන් වනතෙක් Maya ගැන තොරතුරු කාටවත් වාර්තා වන්නේ නැහැ. ඊට කාලයකට පසුව වාර්තා වෙන්නේ Elektra සමඟ Ronin(Maya) සිදුවුණු සටනකදී Elektra විසින් Mayaව මරාදැමුණු බවයි. නමුත් Elektra විසින් Hand එකේ dark magic යොදාගෙන Maya හට යළි පණ ලබා දෙනවා. ඒ ඇය ඔවුන්ට අවශ්ය සහ ඔවුන්ගේ ඉදිරි අරමුණට සහ සැලැස්මට වටිනා බව පවසමින්. ඉන් අනතුරුව ඔවුන් Mayaව විෂ drugs යොදාගෙන පාලනයට නතු කරගන්නට අවශ්ය ක්රමවේදයන් ක්රියාත්මක කරන්න ගන්නා අතරතුරේ Luke Cage සහ New Avengers පිරිස එතැනට පැමිණ Mayaව ඔවුන්ගේ ග්රහණයෙන් මුදා ගන්නවා. මෙතනදී සිදුවන විශේෂ දේ තමයි Ronin armor එක පැළදගෙන නව පුද්ගලයෙකුත් එතන සිටීමයි.
නමුත් ඒ වනවිටත් Maya එම විෂ විශාල මාත්රාවකට නිරාවරණයවී සිටි නිසා ඇයව බේරාගන්නට New Avengersලා ඇයව Harada Fortress එකට රැගෙන යනවා. නමුත් Hand එක මෙතැනටත් කඩා වදින අතර මේ වනවිට Maya සම්පූර්ණ විෂ ශරීර ගතවීම නිසා සිය පාලනයෙන් ගිලිහී තම කණ්ඩායමේ සගයන්ට විරුද්ධව Hand එක සමඟ එක්ව සටන් කරන්න ගන්නවා. කොහොම නමුත් Iron Fist සහ Doctor Strange දෙදෙනා එක්ව Mayaගේ ශරීරගත්වූ විෂ සම්පූර්ණයෙන්ම ඉවත්කරන්නට සමත්වෙන අතර Maya තමන්ට සිදුවූ දෙයට පළිගැනීමක් හැටියට Elektraව මරා දමනවා. නමුත් මොහොතකට පසුව ඔවුන්ට දකින්න ලැබෙන්නේ මියගිය Elektraගේ සිරුර ගැහැණු Skrull කෙනෙක් බවට පරිවර්තනය වී ඇති බවයි..
Powers and Abilities:
Photographic Reflexes - Echo හට ඕනෑම භෞතික චලනයක් හෝ ක්රියාවක් එක් වරක් පමණක් නැරඹීමෙන් පසු පරිපූර්ණ ලෙස අනුපිටපත් කිරීමට/ප්රතිනිර්මාණය හැකියාව ඇත. Marvel විශ්වයේ මෙවන් හැකියාවක් සතු තවත් අයෙක් වන්නේ Taskmasterයි.
Master Martial Artist - Echo යනු Daredevil සහ Bullseye විසින් පුහුණු කරන ලද සටන් කලාවන් ඇතුළු විවිධ ආකාරයේ සටන් කලාවන්හි ප්රවීණයෙකි .Bruce Lee, Jackie Chan සහ Jet Li වැනි ක්රියාදාම/සටන් කලා චිත්රපටවල විවිධ සටන් ශිල්පීන්ගේ සටන් වීඩියෝ නරඹාද ඇය විවිධ ශිල්පීය ක්රම ඉගෙන ගෙන ඇත.
Master Acrobat - Daredevilගේ සටන් අත්හදා බලා ඇති නිසා ඇය ජිම්නාස්ටික් සහ ඇක්රොබැටික් ක්රීඩාවේ ප්රවීණයෙකි.
Expert Marksman - ඇය අතිවිශිෂ්ට නිරවද්යතාවයකින් සහ තියුණු වෙඩි තැබීම් පවා සිදුකළ හැකි කෙනෙකි. ඒ වගේම ඕනෑම ආකාරයක වස්තූන් විසි කිරීමේ දක්ෂ හැකියාවක්ද Echo සතුයි.
Weapons Proficiency - විවිධ සටන් ශිල්පීන්ගේ සටන් ඇතුළත් වීඩියෝපට නැරඹීම සහ සටන් වලට යොමුවීම හේතුවෙන් ඇය තනි සහ ද්විත්ව billy clubs,තනි සහ ද්විත්ව katana,තනි සහ ද්විත්ව nunchaku, විවිධ ආකාරයේ කඩු මෙන්ම තවත් සටන් ආයුධ භාවිතයේ අතිදක්ෂයෙකි.
මීට අමතරව Maya පියානෝ වාදනයේ අතිදක්ෂයෙක් මෙන්ම නර්තනයේද විශිෂ්ඨ හැකියාවන් පෙන්වා ඇත.
ඉතින් ඔය විදියටයි Maya Lopez එහෙමත් නැතිනම් Echoගේ කතාව සහ හැකියාවන් කෙටියෙන් කියන්න පුළුවන් වෙන්නේ. Echo කියන්නේ Marvel විශ්වයේ ගොඩක් දෙනෙක් නොදන්න ඒත් Hawkeye කතාමාලාව නිසා ගොඩක් දෙනෙක් උනන්දුවෙන් බලපු සහ හොයපු චරිතයක්. මේ උනන්දුව සහ ලැබුණු ජනප්රියතාව නිසාම කෙවින් ලොක්කා තීරණය කරනවා Echo වෙනුවෙන් කතාමාලාවක් නිර්මාණය කරන්න. හැබැයි මේ කතාමාලාව සෑහෙන කාලයක් අරගෙන තමයි ඔන්න මේ මාසේ 9 වෙනිදට නිකුත් වෙන්න නියමිත වෙලා තියෙන්නේ. කතාමාලාවේ සම්පූර්ණ episodes 5ම අපිට එකම දවසේ බලාගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ Echo කතාමාලාව binge watch කරන්න පුළුවන් series එකක්. අපි බලාපොරොත්තු වෙනවා Echo කතාමාලාවෙන් පස්සේ ඒ ගැනත් තව විස්තර අටුවා ටීකා එක්ක කතා කරන්න.
ඒ වගේම අපි හැමදාමත් වගේම අපේ fansලා අගය කරලා සලකන නිසා මේ 2024 අවුරුද්දේ ඔයාලා ආස කරන දේවල් වලට වෙන් කරන්න තීරණය කරලා තියෙන්නේ. තොරතුරු විස්තර විතරක් නෙවෙයි, තරඟ, තෑගිබෝග මල්ලක්ම මේ අවුරුද්දේ දිනාගන්නත් කට්ටියට පුළුවන්. ඒ වගේම අලුතෙන් අපිත් එක්ක ලිපි ලියන්න, අලුත් පුවත් විස්තර කට්ටිය එක්ක බෙදාගන්න වගේම අලුතින් අපි නිර්මාණය කරන නිර්මාණවලට දායක වෙන්න ඔයාලටත් අවස්ථාව තියෙනවා. එහෙම කැමති අය අපිට කතා කරන්න.
එහෙනම් ඊලඟ ලිපියෙන් ආයෙත් හමුවෙමු!!

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න