Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

16 වසරකට පසු වැඩ නැවතුණු හොලිවුඩය!!

16 වසරකට පසු වැඩ නැවතුණු හොලිවුඩය!!

 


16 වසරකට පසු වැඩ නැවතුණු හොලිවුඩය!!

Everything about 2023 Hollywood's Writers Strike

ලෝක සිනමාවේ හොලිවුඩ් එක කියන්නේ අති දැවැන්තම නිර්මාණ කෙරෙන තැනක්. මේ industry එකේ එක තැනක වැඩක් හිර වුණොත් ඒකෙන් සෑහෙන්න දරුණුවට සම්පූර්ණ නිර්මාණයට බලපෑමක් එල්ල වෙනවා. මතකනේ කොරෝනා ඇවිල්ලා කොච්චර movies. tv shows ප්රමාණයක් කල්ගියා සහ අත්හැර දමන්න පුළුවන් වුණාද කියලා. මේ නිසා කොච්චර සිනමාශාලා ප්රමාණයක් වැහුණාද කියලා. අනික මේ හැම නිර්මාණයක් සඳහාම නළු නිළියන්ට මුදල් ගෙවාගෙන එයාලගේ schedule එකෙන් දින වෙන් කරගෙන තමයි කරන්නෙ. එක නිර්මාණයක් මාස ගානක් කල් යනවා කියන්නේ සමහර වෙලාවලට නළු නිළියන් ආයෙ recast කරගෙන ආයෙත් ඒ කොටස් රූපගත කරන්න වෙන එකයි. මුදල්, කාලය, මහන්සිය හැමදේම අපරාදෙ වෙනවා.

මම මුලින්ම හේතු සාධක එක්ක ටිකක් තේරුම් කරලා වැඩේ පටන් ගත්තේ අපිට මේක අමුතුම ආරංචියක් නිසායි. මේ දවස්වල හොලිවුඩ් එකේ තිරපිටපත් රචකයන් සියලුමදෙනා තමන් තිරපිටපත් රචනා කරන එකෙන් ඉවත්වෙලා තියෙනවා. 2007න් පස්සේ මෙහෙම දෙයක් අපිට හොලිවුඩයෙන් අහන්න ලැබුණු පළවෙනි වතාව තමයි මේක. හරියටම කිව්වොත් අපේ අර වෘත්තීය සමිති කට්ටිය එකපාරටම කරන strike එකක්, එහෙමත් නැත්නම් වර්ජනයක් මෙයාලා පටන් අරන් තියෙනවා. මේක පටන් අරන් තියෙන්නේ The Writers Guild of America එක විසින්. හැම අවුරුදු 3කට සැරයක් W.G.A. එකේ වැඩකරන 11,500කට අධික තිරපිටපත් රචකයන් පිරිස හොලිවුඩයේ ප්රධානම studios එක්ක එයාලගේ ගිවිසුම් ගැන සාකච්ඡා කෙරෙනවා. එතනදී එයාලා සම්බන්ධවෙන අලුත් tv shows, movies වල වැඩ ගැන සහ ඒවා වෙනුවෙන් එයාලට ලැබෙන මුදල් ඇතුළු සියළුම විස්තර සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකරගන්නවා. ඒත් මේපාර වැඩේ ටිකක් සංකීර්ණ වෙලා තියෙනවා.

මේ වෙනකොට television production කියන එක ඉතාමත් පුළුල් මාධ්යක් බවට පත්වෙලා තියෙන නිසා ගොඩක්ම media companies දැනටමත් ඩොලර් බිලියන ගණන් මුදල් streaming services වෙනුවෙන් ආයෝජනය කරලා තියෙනවා. එතකොට ඒ media companies වලින් මේ රචකයන් hire කළත් streaming services වලට තමයි නිර්මාණයේ අවසන් තීරණ ගැනීමේ හැකියාව තියෙන්නේ. මේ ක්රමවේදය නිසා තමන්ගේ නිර්මාණ වෙනුවෙන් තමන්ට ලැබෙන මුදල් සහ ඒවා අතරමග නවතාදැමීමෙන් හෝ වෙනත් නිර්මාණක් ඒ වෙනුවට ආදේශ කිරීමෙන් මේ වෘත්තියෙන් පමණක් ජීවිකාව කරගෙන යන පුද්ගලයන් ඉමහත් අසාධාරණක් සිදුවන බව ඔවුන් පවසනවා. ඒත් Hollywood media companies කියන්නේ ඔවුන් රචකයන් සඳහා ඒ වෙනුවෙන් සාධාරණ වන්දියක් සහ ඔවුන් වෙනුවෙන් සාධාරණ මුදලක් ලබාදෙන බවයි. මේකට ප්රතිචාර දක්වමින් ලේඛක සංවිධාන පවසන්නේ media companies මේ ගැන ඔවුන්ගේ ස්ථාවරය වෙනස්කිරීමට අකමැති බවයි. ඒ වගේම මේ නිසා ඔවුන් ලේඛන වෘත්තිය තවදුරටත් හෑල්ලූ කිරීමට ලක්කරන බවත් ලේඛක සංවිධාන අවධාරණය කරනවා.

How it Affects Television?

මේ ප්රශ්නය නිසා දැනටමත් සෑහෙන ප්රමාණක් චිත්රපට සහ රූපවාහිනී වැඩසටහන් ප්රමාණයකට බලපෑම් එල්ල වෙලා තියෙනවා. මේකෙන් මුලින්ම බලපෑම එල්ල වුණේ Talk and Variety Shows වලටයි. The Tonight Show Starring Jimmy Fallon, Late Night With Seth Meyers, The Late Show With Stephen Colbert, Last Week Tonight With John Oliver, Jimmy Kimmel Live, and The Daily Show කියන late night shows ඔක්කොම වගේ එක පාරටම නවත්තන්න media networks වලට ඒ අනුව සිදුවෙනවා. මීට අමතරව Daily talk shows වලටත් මේකෙන් impact වෙන්න පටන් අරන් තියෙනවා වගේම Saturday Night Live වගේ අතිශයින් ජනප්රිය Variety show එකත් මේ නිසා තාවකාලිකව නවත්තන්න NBC ආයතනයට සිදුවෙනවා.

Late night talk shows වලට පස්සේ මේ බලපෑම එන්න ගත්තේ daytime soap opera programs වලටයි. Days of Our Lives සහ General Hospital කියන ජනප්රිය soap opera programs වල කලින් තිර රචනා අවසන් කරපු වැඩසටහන් තවමත් විකාශය කළත් නුදුරු සති කිහිපයේදීම මේ වැඩසටහනුත් නතර කෙරෙන බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

ඊලඟට අපි කතා කරන්නේ මේ writers strike එක නිසා බලපෑම් වෙන Tv shows ගැනයි. අපි කවුරුත් නොඉවසිල්ලෙන් බලන් ඉන්න Stranger Things Season 5 එකෙත් නිෂ්පාදන කටයුතු මේ නිසා අතරමග නවත්තලා දාන්න වෙලා තියෙනවා.Stranger Things කතාමාලාවේ showrunnersලා වෙන Duffer Brothersලා tweet එකක් මගින් මේ බව දන්වලා තියෙනවා. ඒ වගේම Marvel සමාගම විසින් නිර්මාණය කෙරෙන Daredevil: Born Again කතාමාලාවත් තාවකාලිකව පහුගිය දවස්වල නවතා දමන්න සිදුවුණා. සැලසුම් කරපු විදියට මාස 8ක් ඇතුළත සම්පූර්ණයෙන්ම රූපගතකිරීම් කරගන්න බැරිවුණොත් Daredevil කතාමාලාවත් අනිවාර්යයෙන්ම කල්යාවි. මීට අමතරව Star Trek: Strange New Worlds Season 3, Cobra Kai Season 6, The Mandalorian season 4, The Last of Us season 2, Yellowjackets Season 3, Abbott Elementary Season 3, Loot, Severance, Hacks යනාදී Netflix, AppleTV+, වැනි ප්රධාන පෙළේ සමාගම් කිහිපයකම රූපවාහිනී කතාමාලා මේ ප්රශ්නය නිසා අතරමග නතරකොට තිබෙනවා.

කොහොම නමුත් මේ strike එකට කලින් තිරපිටපත් රචනා කරලා අවසන් වුණු දැවැන්ත රූපවාහිනී කතාමාලාවන් කිහිපයක්ම තමන්ගේ රූපගතකිරීම් ඉදිරියට කරගෙන යන්න තීරණය කරලා තියෙන බවත් වාර්තා වෙනවා. මේ ගොඩක්ම කතාමාලා අමෙරිකාවෙන් පිට වෙනත් රටවල රූපගත කෙරෙන නිසා ඒ locations සඳහා දින වෙන් කරලා තියෙන නිසාත් මේ shows දිගටම කරගෙන යන බවයි පැවසෙන්නේ. ඒ අනුව House of the Dragon Season 2 සහ The Lord of the Rings: The Rings of Power Season 2 කතාමාලාවන් වල රූපගතකිරීම් W.G.A. එකේ කට්ටිය නැතුව කරගෙන යන්න HBO සහ Amazon Prime Video ආයතන තීරණය කොට තිබෙනවා. මීට අමතරව අපේ George R.R. Martin සීයා ලියන අලුත්ම Game of Thrones spinoff කතාව වෙන A Knight of the Seven Kingdoms: The Hedge Knight කතාවේ වැඩකටයුතුත් මේ ප්රශ්නය විසඳෙනකම් ඉදිරියට නොයන බව මාටින් සීයාම කියලා තියෙනවා.

How it Affects Movies?

මේ strike එක නිසා රූපවාහිනී මාධ්යට මුලින්ම බාධා එල්ල වුණත් දැනට නිෂ්පාදනයේ තියෙන චිත්රපටවලට මේ නිසා විශාල බාධාවක් එල්ල නොවෙනු ඇති බවටයි අපට තොරතුරු ලැබෙන්නේ. විදේශ රටවල් වල රූපගතකෙරෙන චිත්රපටවලට නම් මේ ප්රශ්නයෙන් ලොකු ගැටලු ඇති නොවුණත් මේ කාලවකවානුවේ Atlanta වලදී රූගත කෙරෙන Marvel සමාගමේ Captain America: New World Order චිත්රපටය බොහෝදුරට මේ ගැටලුවට මැදි වන්නට ඉඩ ඇති බවත් පැවසෙනවා. ඒකට හේතුව සමහර අවස්ථාවලදී Marvel සමාගම චිත්රපටවල post-production අවස්ථාවේදී පවා එයාලගේ චිත්රපටවල plot එක, කතාව සහ දෙබස් යළි යළිත් වෙනස් කරමින් නැවත ලියන නිසා එහෙම අවස්ථාවක් ඇති වුණොත් චිත්රපටය තාවකාලිකව අතරමග නතර කරන්නටත් පුළුවන්. දැනට රූපගතකිරීම් ආරම්භවෙලා තියෙන Will Smith,Martin Lawrence රංගනයෙන් දායක වන Sony සමාගමේ Bad Boys 4, Paul Rudd දායක වන Ghostbusters 4, Fede Alvarezගේ මීලඟ Alien චිත්රපටයේ sequel එක වගේම Robert Eggersගේ Nosferatu remake එකට මේ නිසා බලපෑම් ඇති නොවනු ඇති බවටයි වාර්තා පලවෙන්නේ.

කොහොම නමුත් නිෂ්පාදනය වීමට නියමිත චිත්රපටි රැසක්ම මේ strike එක නිසා අතරමග නැවතිලා තියෙනවා. තිරපිටපත් ප්රශ්න, අධ්යක්ෂකවරුන් W.G.A. එකට සහය දැක්වීම වගේ ප්රශ්න නිසා තමයි මේ බලපෑම එල්ල වෙලා තියෙන්නේ. ඒ අනුව Marvel සමාගමේ Mahershala Ali රංගනයෙන් දායක වන්නට නියමිත Blade සහ Thunderbolts චිත්රපට, Ridley Scottගේ Gladiator චිත්රපටය, Tim Burtonගේ Beetlejuice 2 සහ Sonic the Hedgehog 3 චිත්රපටය වගේම 2024 හෝ 2025 වසරවල නිකුත්වීමට නියමිත චිත්රපට රැසකටම මේ සිදුවීම නිසා බලපෑම් ඇතිවන්න පුළුවන්.

What Will Netflix Do?

Streaming ලෝකයේ දැවැන්තම සමාගම වන Netflix සමාගමට මේකෙන් දරුණු විදියට පහරක් නොවදීවි කියලයි මට නම් හිතෙන්නේ. ඒකට හේතුව Netflixලා එයාලගේ ඊලඟ අවුරුද්දම බොහෝදුරට කලින් සැලසුම් කරලා අවසන් සහ ඒ contents වේලාසනම අවසන් කරලා තියන් ඉන්න නිසා. මම එහෙම කියන්න හේතුව මතකනේ pandemic එක කාලෙදි වුණත් Netflixලාට එයාලගේ content ගැන ලොකු බයක් තිබුණේ නැහැ. ඒ වගේම මෑතකදී Netflixලා ඊලඟ අවුරුදු 4ක කාලය පුරාවටම South Korean creative contents ලබාගන්න අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ආයෝජනයක් කරලා අවසන්. Parasite, Squid Game, All Of Us Are Dead, Vincenzo වගේ Korean contents ලොව පුරා බොහෝමයක් දෙනා අතර ජනප්රිය වුණු නිසා එයාලට මේ ප්රශ්නය ලොකු ප්රශ්නයක් වෙන එකක් නම් නැහැ. ඒත් Writers Guild of America එක කියන හැටියට Netflix එකත් මේ ප්රශ්නයේ එක කොනක ඉන්න බව අමතක කරන්න හොඳ නැහැ.

ඇත්තටම මේ දෙගොල්ලොන්ටම මේ ප්රශ්නෙදි මැද උත්තරයකට එන්න බැරිද? ඉතාමත් ඉක්මනින් මේ ප්රශ්නෙට උත්තරයක් හමු නොවුණොත් මේ industy එකට අපි නොහිතන විදියේ බාධා ගැටලු රැසකට ඉස්සරහට මුහුණ දෙන්න සිදුවේවි. මොකද මේ එක නිර්මාණයක් මගින් රියදුරන්, පිරිසිදු කරන්නන්, ආහාර සපයන්නන්, වඩු කාර්මිකයන්, ලී අංගන කම්කරුවන් වැනි නිෂ්පාදන සඳහා සහාය වන කම්කරුවන් රැසකට රැකියා අවස්ථා ලබා දෙන නිසා. මීට කලින් 2007දී තිබුණු strike එක දවස් 100ක කාලයක් පැවතුනු අතර ඒ නිසා Los Angelesවල ආර්ථිකයට පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 2.1ක පාඩුවක් සිදුව තිබුණා. කොහොම හරි ඉක්මනටම මේ ප්රශ්න ටික දෙගොල්ලන්ට විසඳගෙන අන්තිමට අපිට දෙයියනේ කියලා අපේ shows ටිකයි movies ටිකයි බලාගන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරමු!!

#CSArticle #Harley

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න