Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Jonathan Majors ආයෙත් MCU එකෙන් දකින්න නොලැබේවිද?

Jonathan Majors ආයෙත් MCU එකෙන් දකින්න නොලැබේවිද?


 

මේ කාල වකවානුව කියන්නේ Hollywood එකේ අපි දකින මහ අමුතුම අවුල් එලියට එන කාලයක් කියලා කිව්වට වැරැද්දක් නැහැ. අඩුවක් වැඩියක් නැතුව directorsලා, producersලා writersලා විතරක් නෙවෙයි actorsලාගෙත් ප්රශ්න එලියට එන කාලයක් තමයි මේක. ඒ විතරක් නෙවේ මේ සිද්ද වෙච්ච ගොඩක් දේවල් වලට දැන් legal actions ගන්නත් බොහෝ අය කටයුතු කරමින් ඉන්නවා. ඒත් මේ හැම case එකක්ම උසාවියක් ඉස්සරහා 100%ක්ම ඇත්තයි කියලා සාක්ෂි එක්ක ඔප්පු කරනකම් අපිට ඒ කෙනා වැරදිකාරයෙක් කියලා පිළිගන්න නම් බැහැ. ඒත් මේ නඩු සහ චෝදනා නිසා හොලිවුඩයේ බොහෝමයක් ජනප්රිය පුද්ගලයන්ගේ careers වලට බලපෑම් වෙනවා කියන එක නම් අපි හැමෝටම ඇස් පනාපිටම පේන්න තියෙන කරුණක්.
මේ කාරණාවේ අලුත්ම සාමාජිකයා තමයි Jonathan Majors.පහුගිය මාර්තු මාසයේදී New York City පොලීසිය විසින් Jonathan Majorsව අත්අඩංගුවට ගන්නවා. ඒකට හේතුව හැටියට දැක්වුණේ 30 හැවිරිදි කාන්තාවක් තමන්ට ගෘහස්ථ හිංසනයක් සිදුවූ බවට පොලීසියට කෙරුණු දැනුම්දීම මතයි. Majors විසින් තමන්ට ගෘහස්ථව පහර දුන් බවත් ඒ නිසා තමන්ගේ හිස සහ බෙල්ලට සුළු තුවාල ඇතිවූ බවටත් ඇය පවසා තිබුණා. මේ නිසාම ඇයව රෝහල්ගතකිරීමට සිදුවූ බවද New York පොලිස් දෙපාර්තමේන්තුව පවසා තිබුණා. කොහොම වෙතත් Majors මේ සිදුවීම සම්බන්ධයෙන් නිර්දෝශී බවයි ඔහුගේ නීතිඥයන් ප්රකාශ කළේ. මේ නිසා මේ පැමිණිල්ල සම්බන්ධයෙන් නඩුවක් මේ වෙනකොටත් පටන් අරනුයි තියෙන්නේ.
Jonathan Majors කියන්නේ හොලිවුඩයේ පහුගිය කාලයේ ඉතාමත් ඉක්මනින් ජනප්රිය වුණු දක්ෂ නළුවෙක්. The Last Black Man in San Francisco, Da 5 Bloods, The Harder They Fall, Devotion වගේ නිර්මාණයන් හරහා මේ වෙනකොටත් Jonathan Majors තමන්ගේ දක්ෂතාවය පෙන්වා තිබූ නිසාම ඔන්න Marvel සමාගම MCU Phase 4 එකේ Big Bad එහෙමත් නැත්නම් Phase 4 එකේ දුශ්ඨයා හැටියට ගෙන ආපු Kangගේ චරිතය Jonathan Majorsට ලබාදෙනවා. මතකයිනේ Loki පළවෙනි season එකේ අන්තිමට Majors දීපු සුපිරිම acting එක!! Loki season 1 එකෙන් පස්සෙ ගොඩක් අය කතාවුණේ Kang ගැන කිව්වොත් මම වැරදි නැහැ. මොකද ඒ තරමටම එක episode එකකින් Kang කියන චරිතය ප්රේක්ෂකයන්ගේ හිත්වලට කාවද්දන්න ඔහු සමත්වෙනවා. ඊට පස්සෙ ආපු Ant-Man and The Wasp: Quantumania චිත්රපටයෙනුත් ඔහු තමන්ගේ හැකියාව මනාව ඉදිරිපත්කරනවා. ඒ වගේම Creed III චිත්රපටය බලපු අයට Jonathan Majors කියන්නේ කොයි තරම් physique එකක් තියෙන කෙනෙක්ද කියන එකත් දැකගන්න ලැබෙනවා.
මේ චිත්රපට දෙක තිරගත වෙන අතරේ තමයි Majorsට මේ චෝදනාවට මුහුණ දෙන්න සිදුවෙන්නේ. ඒ අනුව පහුගිය 9වෙනිදා Majors තමන්ගේ පලවෙනි අධිකරණ පෙනීසිටීමට Zoom ඔස්සේ සහභාගී වෙනවා. එතනදී judge විසින් Majors හට දෙවන සහ තෙවන මට්ටමේ පහරදීම්, වධදීම් සහ හිරිහැර කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බව පවසා තිබෙනවා. මේ චෝදනාවලට ඔහු වැරදිකරු වුවහොත් Jonathan Majorsහට වසරක සිර දඬුවමක් හෝ වසර 3ක පරිවාස කාලයක් සඳහා දඬුවම් ලැබෙනු ඇති. කොහොම වුණත් මේ චෝදනා නිසාම Majorsට හොලිවුඩයේ ඉදිරියේ නිර්මාණය වීමට නියමිත high-profile projects කිහිපයක්ම අහිමි වී ඇති බවටත් වාර්තා වෙනවා.
මේ සිදුවීම් ඔක්කොම MCU එකේ Kangට කොහොම බලපාවිද? අපිට එන ඊලඟ ප්රශ්නය මේක තමයි. ඉස්සරහට අපිට Kangව හම්බෙන්න තියෙන්නේ මේ අවුරුද්දේ නිකුත්වෙන්න තියෙන Loki Season 2 එකේදී. දැනට ආරංචි වෙන හැටියට Kangගේ variantsලා ගොඩක් ඉස්සරහ Marvel projects වලින් මුණ ගැහෙන්න තියෙනවලු. Ant-Man 3 post credit scene එකේදි අපි දැක්ක හැටියට Kang මුළු Multiverse එකම අල්ලන්න බලාගෙනනෙ ඉන්නේ. එතන අපිට එක එක universe වල Kang variantsලා දකින්න ලැබුණා. මේ එක එක variantsලා එක එක Marvel projectsවලින් appear වෙන්නලු ඉස්සරහට සැලසුම් කරලා තියෙන්නේ. ඒ වගේම ඉස්සරහට එන Avengers: The Kang Dynasty සහ Avengers: Secret Wars චිත්රපට වලට රඟපාන්න දැනටමත් Jonathan Majors කොන්ත්රාතු ගතවෙලා තියෙන්නේ. මේ එක් චිත්රපටයකට අමෙරිකානු ඩොලර් මිලියන 20කට එහා ගිය මුදලකුත් ගෙවන්න Marvel සමාගම පොරොන්දු වෙලා තියෙන බවත් වාර්තා වෙනවා.
ඒත් හොලිවුඩයේ අලුත්ම වාර්තාවලට අනුව Marvel සමාගම දැන් වෙන්න තියෙන නරකම සිදුවීම ආවොත් ඒකට මුහුණ දෙන්න ඕන විදිය ගැන සාකච්ඡා කරන බවයි පැවසෙන්නේ. ඒ කියන්නේ Jonathan Majors වෙනුවට වෙන නළුවෙක් Kang හැටියට recast වෙන්න ඉඩක් තියෙනවා කියන එකයි. තවමත් Marvel සමාගමෙන් මේ ගැන official යමක් කියලා නැති වුණත් ඔවුන් මේ court case එක බොහොම අවධානයෙන් අධ්යයනය කරන බවකුයි පේන්න තියෙන්නේ. ඔය අතරේ Damson Idris වගේ නමුත් මේ replacement එකට යෝජනා වෙලාත් තියෙනවාලු. කොහොම වෙතත් ඉස්සරහට එන Loki season 2 එකෙන් පස්සේ තමයි බොහෝදුරට මේ වෙනස්කම වෙන්න ඉඩ තියෙන්නේ. අනික එහෙම වුණොත් MCU එකට ලොකු පාඩුවක් තමයි වෙන්නේ. දැනට මට හිතෙන හැටියට තීන්දුව ලැබෙනකම් Majorsව recast වෙන එකක් නැහැ. ඒත් මේ වෙන දේවල් එක්ක ඒකත් ටක්කෙටම කියන්න බැහැ. මොකද Majorsට එරෙහිව video evidence තියෙනවා කියලා තමයි judge කියලා තියෙන්නේ. මේ ඔක්කොම ලබන ජූනි 13 වෙනිදා ඊලඟ court date එක වෙනකම් හරියටම කියන්න අමාරුයි. ඒත් එදාට Judge විසින් Jonathan Majorsට අනිවාර්යයෙන් උසාවියේ පෙනීසිටින්න කියලා නියම කරලා තියෙන නිසා මුළු හොලිවුඩයේම ඇස් ඒ දිහාවට යොමුවෙලා තියේවි.

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න