Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

LORD OF THE RINGS TV Series එකේ මොකද වෙන්නේ?

LORD OF THE RINGS TV Series එකේ මොකද වෙන්නේ?

 


මතකද මුද්දක් නිසා මුළු ලෝකයක්ම කණපිට පෙරලපු කතාවක්? අන්ධකාරය සහ නපුර විසින් සියල්ල යටපත් කරගන්න හදද්දී පුංචිම පුංචි කෙනෙක් ඇවිල්ලා මේ හැම දෙයක්ම ආයෙත් හරිගස්සන්න දරන ප්රයත්නයක්? 'බලාපොරොත්තුව' කියන වචනයම මහ පුදුමාකාර විදියට අපේ හිත්වලට කාවද්දපු සිනමා විශ්වයක්? මම හිතනවා හැමෝටම ඒ විශ්වය මතක ඇති. ෆ්රෝඩෝ, සෑම්, ඇරගොන්, ලෙගොලාස්, ගිම්ලි, ගැන්ඩල්ෆ් විතරක් නෙවෙයි සවුරොන්, සරුමාන් කියන නම් කොහෙදි හරි ඇහුණත් එක පාරටම මුළු කතාවම අපිට මතක් වෙන්න තරම් මේ සිනමා විශ්වය සමත් වෙනවා. ඒ තරමටම Lord of the Rings කතාමාලාව සෑම දෙනාගේම සිත් ඇද බැඳ ගත්තා.

නමුත් අද අපි කතා කරන්නේ මේ විශ්වයේ මීළඟ දිගහැරුම ගැන. දැනටමත් අපිත් එක්ක හිටපු හැමෝම මේ ගැන දන්නවා ඇති. ඒ අලුත් Lord of the Rings රෑපවාහිනී කතාමාලාව ගැන.

Amazon Studios මගින් 2017 වසරේදී Lord of the Rings රූපවාහිනී කතාමාලාවක් නිෂ්පාදනය කරන්නට අමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ගෙවා වෙන්කිරීමත් එක්කම බොහෝ දෙනෙක්ගේ අවධානය මේ දිහාවට වෙන්වුණා. ඒ අනුව මේ කතාමාලාව season 5කින් සමන්විත කතාමාලාවක් ලෙසින් නිර්මාණය කෙරෙන බවටත් කතාමාලාව සඳහා ලොව විශාලතම ආයෝජයනක් වෙන්වන රූපවාහිනී කතාමාලාව වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක් වෙන්කෙරෙන බවටත් තොරතුරු වාර්තා වෙන්න ගත්තා. ඒ අතරේ Amazon ආයතන විසින් නිර්මාණය කරන ලද නිල twitter ගිණුමේ මධ්යම පෘථිවියේ සිතියම් කිහිපයක් පල වෙන්නත් පටන් ගත්තා. ඒත් එක්කම මේ කතාමාලාව මධ්යම පෘථිවියේ දෙවන යුගයේ(Second Age) සිදුවන කතාමාලාවක් බවත් එමගින් තහවුරු කළා. ඒ කියන්නේ මේ කතාමාලාව අපි දැනට නරඹලා තියෙන Hobbit සහ Lord of the Rings චිත්රපටවලට පාදක වුණු කතාවන්ට වඩා සෑහෙන කාලෙකට කලිනුයි සිදුවන්නේ.

JD Payne සහ Patrick McKay දෙදෙනා එක්ව මේ කතාමාලාව නිර්මාණය කරන බව Amazon studio එක ප්රකාශ කරලා ටික කාලයකට පස්සේ අපිට කතාමාලාවට රංගනයෙන් දායක වෙන නළු නිළියන් කවුද කියන එක ගැන වාර්තා වෙනවා. ඒ අනුව කතාමාලාවට Robert Aramayo,Maxim Baldry, Owain Arthur සහ Nazanin Boniadi ප්රධාන චරිත වලින් දායක වෙනවා. මීට අමතරව Tom Budge, Morfydd Clark, Ismael Cruz Córdova, Ema Horvath, Markella Kavenagh, Joseph Mawle, Tyroe Muhafidin, Sophia Nomvete, Megan Richards, Dylan Smith සහ Charlie Vickers යන නළු නිළියන් සහය චරිත හැටියට රංගනයෙන් දායක වෙන්නත් නියමිතයි. කතාමාලාවේ adult scenes එහෙමත් දකින්න ලැබේවි කියලයි තොරතුරු ලැබෙන්නේ. ඒ නිසාම ඒ scences වලට අවුල් නැති acotorsලා තෝරගන්නත් ඔවුන් පෙළඹිලා තියෙනවා. සුපුරුදු පරිදි Hobbit සහ Lord of the Rings කතාමාලාවන් රූපගත කරපු නවසීලන්තයේම තමයි මේ කතාමාලාවේත් බොහොමයක් රූපගතකිරීම් සිදුවන්නේ. ඒත් එක්කම ලංකාවේ අපිට සුවිශේෂී ආරංචියකුත් මේ කතාමාලාවෙන් දැනගන්න ලැබෙනවා. ඒ ලංකාවේ ඉපදිලා එංගලන්තයේ ජීවත්වන Thusitha Jayasundera මේ කතාමාලාවට සහය නිළියක් සහ අමතර cast member කෙනෙක් හැටියට ඉන්න බවට තොරතුරු වාර්තා වෙනවා.

ඔය විදියට නිෂ්පාදකවරුන්, තිර රචකයන් හොයාගෙන නළු නිළියන් තෝරගෙන රූපගතකිරීම් පටන් ගත්තත් අපිට හරියටම මේ කතාමාලාවට පදනම් වෙන story එක ගැන official සඳහනක් පහුගිය සතිය වෙනකම් ලැබුණේ නැහැ. theonering.net වෙබ් අඩවියෙන් පළමුවරට මේ කතාමාලාවේ official show synopsis එක ගැන අපිට තොරතුරු වාර්තා කරනවා.

"Amazon Studios’ forthcoming series brings to screens for the very first time the heroic legends of the fabled Second Age of Middle-earth’s history. This epic drama is set thousands of years before the events of J.R.R. Tolkien’s The Hobbit and The Lord of the Rings, and will take viewers back to an era in which great powers were forged, kingdoms rose to glory and fell to ruin, unlikely heroes were tested, hope hung by the finest of threads, and the greatest villain that ever flowed from Tolkien’s pen threatened to cover all the world in darkness. Beginning in a time of relative peace, the series follows an ensemble cast of characters, both familiar and new, as they confront the long-feared re-emergence of evil to Middle-earth. From the darkest depths of the Misty Mountains, to the majestic forests of the elf-capital of Lindon, to the breathtaking island kingdom of Númenor, to the furthest reaches of the map, these kingdoms and characters will carve out legacies that live on long after they are gone."

"Amazon Studios ඔස්සේ නිර්මාණය වන මේ කතාමාලාව මධ්යම පෘථිවියේ දෙවන යුගයේ වීර වෘතාන්තයක් ඔස්සේ පදනම් වී ඇත. J.R.R. Tolkien මහතා විසින් රචනා කරන ලද The Hobbit සහ The Lord of the Rings යන වීර වෘතාන්ත දෙකෙහි සිදුවීම් වලට වඩා වසර දහස් ගණනාවට පෙර සිදුවුණු සිදුවීම් සමුදායක් ඔස්සේ ගොඩනැගෙන මේ කතාපුවත ප්රේක්ෂකයන්ව ඉතා ඈත ඉතිහාසය දක්වාම ගෙනයනු ඇත. විශ්වයේ ඉතාමත් බලසම්පන්න දේවල් වල නිමැවුම, රාජධානි ඔවුන්ගේ උත්කර්ෂය කරා ගොඩනැගීම, බල අරගලය සහ ඒවායේ කඩාවැටීම, බලාපොරොත්තුව යන දේ ඔස්සේ වීරයන්ගේ නැගී සිටීම මෙන්ම Tolkien විසින් නිර්මාණය කරන ලද ශ්රේෂ්ඨ දුෂ්ටයාගේ සම්ප්රාප්තිය ඔස්සේ මුළු විශ්වයම අන්ධකාරයට නතුකිරීමට ඔහුගේ ප්රයත්නය යන දේවල් මේ කතාමාලාව ඔස්සේ කියැවෙනු ඇත. ප්රේක්ෂකයා දන්නා හඳුනන චරිත මෙන්ම නවමු චරිතත් මේ කතාමාලාවෙන් දැකගැනීමට ලැබෙන අතර ඔවුන් දිගු කාලයක් තිස්සේ මධ්යම පෘථිවියයේ නැවත ඉස්මතු වීමට උත්සහ කරන නපුරට කෙසේ මුහුණ දේවිද? Misty Mountainsහි අඳුරුතම ගැඹුරු තැන්වල පටන්, තේජාන්විත වනාන්තර තුළින් ගොඩනැගුණු සුරයන්ගේ අගනුවර වන Lindon සහ විශ්මයජනක දූපත් රාජධානිය වන Númenor මෙන්ම මධ්යම පෘථිවියයේ බොහොමයක් ස්ථාන ඔස්සේ ගොඩනැගුණු රාජධානි සහ චරිත ඔවුන්ග් උරුමයන් සහ පුරාවෘත වර්තමානය දක්වාම ගෙන ආ ආකාරයත් මෙම කතාමාලාව මගින් මනාව ප්රේක්ෂකයා හට ප්රකාශ කරනු ඇත"

මධ්යම පෘථිවියේ දෙවන යුගය? Tolkien විසින් නිර්මාණය කරන ලද ශ්රේෂ්ඨ දුෂ්ටයාගේ සම්ප්රාප්තිය? විශ්වයේ ඉතාමත් බලසම්පන්න දේවල් වල නිමැවුම? Misty Mountains? සුරයන්ගේ අගනුවර? Númenor? කවුද මේ අපිට දකින්න ලැබෙන අලුත් චරිත?

කලබල වෙන්න එපා.. අපි ඉස්සරහට මේ හැමැදේම ගැන තව විස්තරාත්මකව කතා කරමු!!

-to be continued!!


No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න