Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Rey Fisher vs WB

Rey Fisher vs WB

 


Ray Fisher ආයෙත් Cyborg හැටියට බලාගන්න ලැබේවිද? Ray Fisher vs Warner Brothers vs Walter Hamada

Zack Snyderගේ Justice League cut එක ගැන කතාබහ වෙන කාල වකවානුවේදී ඒ වෙනුවෙන් වැඩිපුරම පෙනීහිටපු කෙනෙක් තමයි Ray Fisher කියන්නේ. DC සිනමා විශ්වයේ Cyborg චරිතයට රංගනයෙන් දායක වෙන්නේ මෙයා තමයි. අපි හැමෝම අන්තිමට බලාගෙන හිටපු දේ හැටියට Zack Snyderගේ Justice League cut එක HBO Max ඔස්සේ 2021 වසරේදී විකාශනය වනවා කියන ප්රවෘත්තියත් එක්කම, Ray Fisherගේ twitter account එක දිහාවට ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වුණා. ඒ Fisher විසින් පල කරන ලද ඉතාමත් දරුණු චෝදනා සහ අදහස් කිහිපයක් නිසා. මේ නිසාම සමහරු Fisherව ආයෙත් DC චිත්රපට ඔස්සේ Cyborg හැටියට දැකගන්න ලැබෙන එකක් නැතිවේවි කියලා අදහස් ප්රකාශ කරන්න ගත්තා. සමහරු කිව්වා Ray Fisher මේ එයාගේ career suicide එක කරගන්න හදන්නෙ කියලා. ඒ අතරේ තවත් අය මේ අදහස් ඔස්සේ Fisher වටා එක් රොක් වෙන්නත් පටන් ගත්තා. ඒ කටකතා ආරංචි එක්ක ඇත්තටම මොකක්ද මේ සිද්ධවෙන්නේ කියලා ටිකක් කතාකරන්න අපි අද හිතුවා.

මේ ගැන කතාකරන්න අපිට 2017ට යන්න වෙනවා. ඒ 2017 වසරේදී නිකුත් වුණු Justice League චිත්රපටය දිහාවට. මේ චිත්රපටය ලොවපුරා අමෙරිකානු ඩොලර් මිලියන 657.9ක් ආදායමක් වාර්තා කළත්, හිතපු තරම් ප්රේක්ෂක ආකර්ෂණයක් චිත්රපටයට යොමු වුණේ නැහැ. බොහෝ දෙනා කිව්වේ මීට පෙර DC ආයතනයේ චිත්රපටත් සමඟ සසදන විට මෙය බොලඳ චිත්රපටයක් හැටියටයි. DC රසිකයන් බොහොමයක් දෙනාත් මේ චිත්රපටය ගැන අප්රසාදය පල කළා. මේ නිසාම Justice League චිත්රපටය ලොව පුරා විකාශනය වන අතරදීම චිත්රපටය ගැන නොයෙක් නොයෙක් ආරංචි වාර්තා වෙන්න පටන් ගත්තා. මුලින් චිත්රපටයේ තිබුණු script එක, එහෙමත් නැත්නම් තිරකතාව අන්තිමට විකාශනය වන Justice League චිත්රපටයට වඩා හාත්පසින්ම වෙනස් කියලා එක එක මාධ්ය ආයතන සහ වෙබ් අඩවි තුළින් වාර්තා පළවෙන්න පටන් ගැනුනා. ඒ වගේම චිත්රපටයේ ධාවන කාලයත් සෑහෙන අඩු කරලා කියලත් ඒවායින් කියැවුණා.

මේකට හේතුව වුණේ චිත්රපටයේ මුල් අධ්යක්ෂක Zack Snyder මහත්මයාට කවුරුත් නොහිතපු විදියට චිත්රපටයේ අධ්යක්ෂණ කටයුතු වලින් ඉවත් වීමට සිදුවීමත් සමඟමයි. Zackගේ දියණිය වන Autumn Snyderගේ මරණයත් එක්ක Zack 2017 මැයි වලදී Justice League චිත්රපටයේ අධ්යක්ෂණ කටයුතු වලින් ඉවත් වන්නට තීරණය කරනවා. ඒ වෙනකොටත් Justice League චිත්රපටයේ නිෂ්පාදන කටයුතු අවසන් අදියරේයි තිබුණේ. ඒ අනුව Warner Bros. ආයතනයෙන් Zack වෙනුවට ඒ තැනට පත් කරන්නේ Joss Whedonවයි. මේ නිසාම Justice League චිත්රපටයේ සමහර කොටස් නැවත රූගත කරන්නට අලුත් අධ්යක්ෂකවරයා තීරණය කරන නිසා Warner Bros. ආයතනය චිත්රපටයේ රූගත කිරීම් තවත් මාස 2ක් දිගු කරනවා. ඊට අමතරව තවත් අමෙරිකානු ඩොලර් මිලියන 25ක් මේ වෙනුවෙන් ඔවුන් වියදම් කරන්නට තීරණය කරනවා. මේ නිසා මුල් පිටපතට වඩා වෙනස් අවසන් නිර්මාණයක් තමයි ප්රේක්ෂකයන්ට දකින්න ලැබෙන්නේ.

මේ සිදුවීම 2020 ජූලි මාසයේදී Ray Fisherගේ twitter ගිණුමේ මෙලෙස විවේචනයක් වශයෙන් පළ වනවා.

"Joss Wheadon’s on-set treatment of the cast and crew of Justice League was gross, abusive, unprofessional, and completely unacceptable. He was enabled, in many ways, by Geoff Johns and Jon Berg. Accountability>Entertainment "

"ජොශ් වීඩ්න් Justice League චිත්රපටයේ රූගත කිරීම් අතරතුර නළු නිළියන් සහ රූගත කිරීම් කණ්ඩායම් කෙරෙහි දක්වන ලද සැලකිල්ල ඉතාමත් පිළිකුල්සහගත සහ අපවාදාත්මක බවත් කිසිදු වෘතීමය අධ්යක්ෂකවරයෙකු මේ ආකාරයෙන් මින් පෙර හැසිරී නොමැති බවත් ඔහු පවසා සිටියා. මීට අමතරව ඒ කාල සීමාවේ DC චිත්රපට අංශයේ සභාපති Geoff Johns සහ Justice League චිත්රපටයේ නිෂ්පාදකවරයෙකු වන Jon Berg දෙදෙනාගේ අසීමාන්තික බලයෙන් ඔහු ක්රියාකල බවත්" Ray මෙහිදී සදහන් කර තිබුණා.

මේ නිසාම බොහෝ දෙනෙක් Justice League චිත්රපටයේ අසාර්ථකත්වය සම්බන්ධයෙන් Joss Wheadon හට චෝදනා එල්ල කරනු ලැබුවා. කොහොම වෙතත් Warner Bros. ආයතනයේ ඒ වන විට හිටපු අධ්යක්ෂක මණ්ඩලය Zack Snyder විසින් ඉදිරිපත් කොට තිබුණු තිර පිටපතේ සමහර කොටස් ගැන එච්චර හොඳ හැඟීමකින් නොහිටපු බවත් වාර්තා පල වෙන්න පටන් ගන්නවා. Batman v Superman චිත්රපටයේදී සමහර සිනමා විචාරකයන් මතු කරපු negative feedback එක නිසාම Justice League චිත්රපටයේ රූගත කිරීම් අතරතුරේ කිහිප අවස්ථාවකදිම තිර පිටපත වෙනස්ව යළිත් ලියැවුණු බවත් ඒ ඔස්සේ කියැවෙනවා. මේ නිසා Zack Snyderගේ vision එකට අසාධාරණයක් වූ බවත් එමගින් චිත්රපටයට සම්පූර්ණ හානි වුණු බවත් Ray Fisher මාධ්ය ඔස්සේ පවසනවා. මේ නිසාම WarnerMedia ආයතනය මේ සිදුවීම් ගැන සොයන්නට වෙනමම පරීක්ෂණයක් සිදු කරන අතර චිත්රපටයේ අනෙක් නළු නිළියන්ගෙන් පවා මේ ගැන ඔවුන් කරුණු විමසන්නට තීරණය කරනවා. ඒ අනුව Warner ආයතනය ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවෙන් කියැවෙන්නේ මේ චෝදනා සියල්ල එල්ල කළ Ray Fisher මේ පරීක්ෂණය සඳහා අවශ්ය සහයෝගය ලබා නොදුන් බවත් එම චෝදනා ඔප්පු කිරීමට තරම් සාක්ෂි ඔහු ලබා නොදුන් බවයි. Justice League චිත්රපටයේ Wonder Woman චරිතය ඉදිරිපත් කළ Gal Gadot මේ පරීක්ෂණය ගැන ප්රකාශ කොට තිබුණේ චිත්රපටය රූගත කිරීම් තුළදී අධ්යක්ෂකවරයා සමඟ ගැටලුසහගත අවස්ථා ඇති වුවත් ඇය ඒ අවස්ථාවලදී ඉහළ නිලධාරීන්ට දැනුම් දී ගැටළු අවම කරගත් බවයි.

කෙසේ වෙතත් මේ ප්රශ්නය තවත් ඉදිරියට ගෙන යමින් පසුගිය ඔක්තෝම්බර් මාසයේ Forbes සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදීත් Ray Fisher මෙවන්වූ අදහසක් පල කරනවා. ඒ Justice League චිත්රපටයේ reshoots අතරතුරේදී තමන් වෙනත් වර්ණයක පුද්ගලයෙක්(කළු ජාතිකයෙකු) වීම නිසා චිත්රපටය තුලදී ඔහුගේ ජවනිකා රැසක් හිතාමතාම අඩු කොට දමා ඇති බවක් තමන්ට හැඟෙන බවයි. කෙළින්ම Joss Wheadon වෙත වරද පටවන Ray විසින් එහිදීත් Zack Snyderගේ දැක්ම ඉතාමත් 'විශිෂ්ඨ' බවත් පවසනවා. එමෙන්ම ඔක්තෝම්බර් 4වනදා යළිත් twitter ඔස්සේ සටහනකින් ඔහු ප්රකාශ කරන්නේ "Justice League චිත්රපටය ගැන තමන්ගේ මේ ප්රකාශත් සමඟ DC චිත්රපට අංශ ප්රධානියා තමන්ට දුරකථනයෙන් කථා කළ බවත් චිත්රපටයේ අධ්යක්ෂ Joss Wheadon සහ නිෂ්පාදක Jon Berg දෙදෙනා හට පමණක් වරද පටවන්නට හැදුවත් තමන් එවක DC චිත්රපට සභාපති Geoff Johns වෙත සානුකම්පිතව නොබලන බවයි." මේ නිසාම Warner ආයතනය, Ray සහ DC චිත්රපට අංශ ප්රධානි Walter Hamada අතර ගැටළුව තවත් තීව්ර තත්වයකට ගෙන එනවා.

මේ සිදුවීම් පෙළේ නවතම සිදුවීම පසුගිය දෙසැම්බර් 30 වනදා වාර්තා වන්නේ New York Times වෙබ් අඩවියේ පුවතක් සමඟ Ray Fisher ඉදිරිපත් කරන ලද චෝදනාවත් සමඟයි.

"Walter Hamada is the most dangerous kind of enabler.
His lies, and WB PR’s failed Sept 4th hit-piece, sought to undermine the very real issues of the Justice League investigation.

I will not participate in any production associated with him."

"වෝල්ටර් හමාඩා යනු ඉතාමත් භයානක පුද්ගලයෙකු බවත්, තමන් මින් පසු ඔහු සම්බන්ධවන කිසිඳු නිර්මාණයකට සම්බන්ධ නොවන බවත් " මෙහිදී Ray පවසනවා. එමෙන්ම හමාඩා සහ ඔහුගේ "බොරු" නිසා Justice League චිත්රපටය සම්බන්ධ පරීක්ෂණයේ සත්ය යටපත් වන බවත් ඔහු චෝදනා කොට තිබුණා.

කෙසේ වෙතත් සත්ය කතා කිරීම නිසා Ray Fisherට මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දෙන්නට සිදුව ඇති බව DC රසිකයන්ගේ අදහසයි. නමුත් Warner ආයතනය පවසන්නේ Ray විසින් මේ එල්ල කරන චෝදනා වලට පරීක්ෂණයක් පැවැත්වුවත් ඒ එල්ල කරන ලද චෝදනා ඔප්පු කිරීමට ඔහු ඉදිරිපත් නොවී ඇති බවයි. DC චිත්රපට අංශ ප්රධානි Walter Hamada කෙරෙහි මේ චෝදනා වලට තවමත් ඔහුගෙන් ප්රකාශයක් ඉදිරිපත් වී නැති මේ අවස්ථාවේ නුදුරේදීම මේ ගැටළුවට පිළිතුරක් ලැබේවි යැයි අපිට විශ්වාස තබන්නට අපහසුයි.

කෙසේ වෙතත් ලබන මාර්තු මාසයේදී Zack Snyder's Justice League ඔස්සේ අපට Ray Fisher DC සිනමා විශ්වයේ Cyborg ලෙස දැකගන්නට ලැබේවි. ඒ ඔහු Cyborg ලෙස රංගනයෙන් දායක වන අවසන් අවස්ථාවද යන්න තවමත් ප්රශ්නාර්ථයක් වනු ඇත.

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න