Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Disney's Black Beauty (2020) - CS Review

Disney's Black Beauty (2020) - CS Review

 


පහුගිය ටිකේ එක දිගට එකම විදිහේ චිත්‍රපටි බලලා පොඩ්ඩක් වෙනස් එකක් බලන්න කියලා තමා මේ

Black Beauty(2020, Directed By Ashley Avis)චිත්‍රපටිය ගත්තේ. සුපුරුදු පරිදි මුලින්ම ගිහින් බැලුවා IMDb එකේ

රේටින්, අපොයි හයයි දශම ගානක් තියෙන්නේ, කමක් නෑ බෑව එකේ බලනවා කියලා බලන්න ගත්තා. පටන් ගන්න

දර්ශණයෙන්ම තේරුනා මේක එහෙම අවුල් වෙන්න බෑ කියලා, කොහොම හරි ඉවර කරලා බැලුවා අවුල මොකක්ද

කියලා, බැලින්නම් කට්ටිය අකමැති වෙලා තියෙන්නේ මේ පොතේ කථාවට වඩා කථාව වෙනස් කියලා. කොහොම නමුත්

මේ නිර්මාණයේ නම අපේ අයට හුරු පුරුදු ඇති. මොකද මේක 1977 Anna Sewell මහත්මිය අතින් රචිත  නවකථාවක්

නිසා වගේම 1994 දී චිත්‍රපටයක් විදිහටත් ආවා ( ඒක සිංහලෙන් හඩකවලා ඉස්සර නිවාඩු කාලෙට සිරසේ ගියා මතක ඇති

කට්ටියට ).

ඉතින් කොහොමින් කොහොම හරි මේ 2020 Disney Plus සදහා නිර්මාණය උන මේ සිනමාපටය නම් මුල්

කෘතියෙන් ආභාශය ලබාගත්ත වෙනමම නිර්මාණයක් කිව්වොත් වඩාත් හොදයි. මොකද කලින් කිව්වත් වගේ පොතයි

මේකයි වෙනස්. කොහොම හරි කථාව පැත්තට හැරුනොත් කථාව පරන අච්චුවම තමා ඩිස්නිලත් වෙනස් කරලා අරන්

තියෙන්නේ. හැබැයි ඒ වෙනස වර්ථමාන කාලයට වගේම චිත්‍රපටයේ අන්තර්ගතයේ ගලායෑමටත් ඉතාමත් හොදින්

ගැලපිලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය ගලාගෙන යන්නේ Black Beauty කියන වෙලඹගේ දෘෂ්ඨි කෝණයෙනුයි,

ඒක අපිට, ඒ කියන්නේ රසිකයට වෙනම රහක් ගේනවා. ඉතින් මේ Black Beauty  කියන වෙලඹ ඉපදුන මොහොතේ

සිට ඇයගේ ජීවිතය හා තදින් බැදුන ජෝ ග්‍රීන් කියන තරුණ ගැහැණු ලමයා වටා අපිව අපූරු චාරිකාවක් පැය 1 විනාඩි 50

පුරාවට රැගෙන යනවා. Black Beauty සදහා හඩ දායකත්වය ලබා දෙන්නේ ජනප්‍රිය නිලි

Kate Winslet (Titanic, Eternal Sunshine of the Spotless Mind), ඒ වගේම ජෝ සදහා තරුණ වගේම ජනප්‍රිය

නිලි Mackenzie Foy (Interstellar, Twilligt Saga) තම රංගන දායකත්වය ලබා දෙනවා. මීට අමතරව

Iain Glen (Game Of Thrones, The Downtown Abbey), Calam Lynch (Mrs. Willison),

Claire Forlani (The Rock, The Medallion) ඇතුළු ජනප්‍රිය නළුනිලියක් රැසක් මේ සිනමා නිර්මාණය හරහා අපිට

දැකගන්න පුලුවන් වෙනවා. මේ සියළු දෙනා චිත්‍රපටයේ රංගනයට ඉතාමත්ම හොද සාධාරනයක් කරලා තියෙනවා.

අනිත් අතට මේ චිත්‍රපටිය බොහොම දැකුම්කළු සිනමාරූපි බවකින් (Cinematography By David Procter) සමන්විත

වෙනවා. ඒ සිනමාරූපි බව මේ චිත්‍රපටයට ලොකු ආලෝකයක් එක කරනවා. ඒ වගේම Guillaume Roussel මහත්මයගේ

පසුබිම් සංගීතයත් හොද සාධාරණයක් නිර්මාණයට එක් කරනවා. 

රේටින් අඩුයි කියලා ගොඩක් අය චිත්‍රපට අතාරින නිසා තමා මේක බලන්න පුලුවන් තරමේ නිර්මාණයක් කියන්නයි මේ

පොඩි ලිපිය කොටන්න හිතුනේ.ඉතින් එහෙනම් මේ නිර්මාණය බලන්න කියලා කියන මම සමු ගන්නවා තවත්

නිර්මාණයකින් ඕගෝල්ලන්ව හමුවෙන තෙක්. එහෙනම් ජයවේවා!



#Scorpion

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න