Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Loki

Loki
ගියවර මම ගෙනාපු Dr.Doom ගේ ලිපියේ අන්තිමට මම කිව්වානේ ඔයාලා කැමති villain කෙනෙක් ඉන්නවනම් කියන්න, මගේ ඊළඟ ලිපිය විදිහට එයා ගැන විස්තර ගේන්නම් කියලා.. ඒකට Rahul Ranveer කියන සහෝදරයා iron man 3 චිත්‍රපටයේ ඉන්න දුෂ්ටයා ගැන දාන්න කියල ඉල්ලීමක් කරලා තිබුනා.. එත් එකේ ඉන්න කිලියන් කියන villain කොමික් චරිතයක් නෙමෙයි,චිත්‍රපටයට අලුතින්ම හදපු චරිතයක් කියලා අපේ ඇඩ්මින් සහෝදරයෙක් ඔහුව දැනුවත් කලාට පස්සේ Rahul ම ඉල්ලුවා Loki(#01) ගැන ඊළඟ ට දාන්න කියලා..


මුලින්ම කියන්න ඕනේ ලොකි කියන චරිතය ඉතාම වැදගත් වගේම ලොකු විස්තරයක් සහිත චරිතයක්.. marvel කොමික් වල මුල් බැසගත්ත චරිතයක්.. එක නිසා කියන්න දේවල් ගොඩක් තියෙනවා උනත් පළමු කොටසින් අපි ලොකි ගේ පසුබිම් කතාව විතරක් ගෙන එනවා.. 
කතාව පටන් ගන්නේ Odin(#02) ගේ තාත්තා Bor(#03) ගෙන්.. Odin කියන්නේ ලෝකිගෙයි තෝර් ගෙයි තාත්තනේ.. ඒ කියන්නේ කතාව පටන් ගන්නේ ලෝකිගේ සීයාගෙන්.. 
Bor, අස්ගාර්ඩ් පාලනය කරන කාලෙක Frost Giants(#04) ල එහෙම නැත්තම් තුෂාර දවන්තයෝ එක්ක කරපු සටනකදී තුවාල ලබපු,එත් පලායන giant කෙනෙක් පස්සේ පන්නනවා.. එත් bor දන්නේ නෑ එයාව උගුලකට අහු කරන්න තමයි මේ giant ල හදන්නේ කියලා. එහෙම පස්සෙන් එන bor ව එයා එනකම් රැකගෙන ඉන්න මායාකාරයට අහු වෙනවා.. තමන්ගේ වර්ගයාට කරපු දේට දඬුවමක් විදිහට ඒ මායාකාරයා bor ව ටිකෙන් ටික ice වෙලා යන්න සලස්වනවා. ඔන්න ඔතෙනට bor ගේ පුතා odin එනවා. තමන්ට මේ ඩේ කරපු මායාකරයාව මරලා,එයාව මේ තත්වයෙන් මුදාගන්න කියල bor,odin ගෙන් ඉල්ලනවා.එත් ඒ ඉල්ලීම odin සලකන්නේ නෑ. මුල්ම කතාවේ නම් තියෙන්නේ odin හිතාමතාම තමන්ගේ තාත්තාව මැරෙන්නේ අරිනවා කියලා උනත් ඊට පසුව ආපු loki ගේ කොමික් පොතකදී සදහන් වෙලා තියෙන්නේ ඒ වෙනකොට bor ව බෙරගන්න අමාරු නිසා odin එක කලේ නෑ කියලයි.. 
කොහොම හරි ඔන්න ඔතනදි bor සාපයක් කරනවා තමන්ගේම පුතා odin ට, " උබට කවදා හරි පරාද වෙච්ච රජෙකුගේ පුතෙක්ව තමන්ගේ වගේ ඇති දැඩි කරන්න වෙයන් " කියලා . ඔන්න ඔතනින් පස්සේ තමයි ලෝකිව මේ කතාවට සම්බන්ද වෙන්නේ.. 
bor ගේ ඒ සාපයෙන් දවස් කිහිපයක (සමහර තැන්වල සතියක්) ට පස්සේ odin, නැවතත් frost giants ලත් එක්ක කරන සටනකදී "Laufey"(#05) කියන frost giant රජෙක් ව පරාජය කරනවා.. ඒ කියන්නේ මරනවා. ඒ මැරිච්ච frost giant රජාගේ මාලිගාව/බලකොටුව ඇතුලේ හංගලා (හිරකරලා?) ඉන්න ලෝකිව odin ට හම්බෙනවා.. 
frost giant ල එහෙම නැත්තම් තුෂාර දැවැන්තයෝ ගොඩක් විශාල නිසා එයාලගේ ළමයි උනත් ටිකක් ලොකුයි. එත් odin ට ලෝකිව හම්බෙනකොට ලෝකිගේ ප්‍රමාණය සාමාන්‍ය අස්ගාර්ඩියන් ළමයෙක් ගේ ප්‍රමාණය කියලයි කියවෙන්නේ.. කතාවේ හැටියට ලොකි කියන්නේ මැරිච්ච "Laufey"ගේ පුතා. අනිත් ෆොරස්ට් ළමයින්ට වඩා දුර්වල,කුඩා ළමයෙක් තමන්ට ලැබුන නිසා ඇතිවෙච්ච ලැජ්ජාව වහගන්න ඕනේ නිසා තමයි ලෝකිව මාලිගාව/බලකොටුව ඇතුලේ හංගලා (හිරකරලා?) තියාගෙන ඉඳල තියෙන්නේ.. ඉතින් ඒ ලමයව odin තමන්ගේ තාත්තාගේ අවසන් වදන් වලට කරන ගෞරවයක් වගේම,තමන්ගේ ජයග්‍රහණයේ සංකේතයක් හැටියට තමන්ගේ භාරයට අරගෙන තමන්ගේම දරුවෙක් වගේ,තමන්ගේ දරුවා thor එක්ක ඒකට හදනවා.. 
තෝර් එක්ක ඒකට හැදුනත් ලොකි තෝර් තරම් ශක්තිවන්ත,නිර්භීත කොටින්ම කියනවනම් "සාමාන්‍ය" අස්ගාර්ඩියන් කෙනෙක් වෙන්නේ නෑ.. එත් ලෝකිගේ බුද්ධිය හෝ අනෙකුත් හැකියාවන් සුළුපටු නෑ.. තොර්ගේ ශක්තිමත් බවට,රාජකීය බවට,අහංකාර කමට වගේම අස්ගර්ඩියන් පුරවැසියෝ තමන්ගේ අනාගත රජුට සලකන විදිහට ලොකි ෙෙවර කරන්න පටන් ගන්නවා.. එකෙන් තෝර් ගේ ලොකුම හතුරා වගේම marvel කොමික් වල ඉන්න ආකර්ෂණීයම හතුරා බවට ලොකි පත්වෙන්න පටන් ගන්නවා.. 
මම කලින් ගෙනාපු දුෂ්ටයන්ට වඩා ටිකක් දිග පසුබිම් කතාවක් ලෝකිට තියෙන්නේ.. මේ ලිපිය තවත් දිග කරපුවාම ලෝකිගේ ආකර්ශනීය භාවයට හානියක් වෙන නිසා ලෝකිගේ powers ගැන එහෙම වෙනම ලිපියකින් කතා කරමු.. මගේ ඊළඟ ලිපිය විදිහට ලෝකිගේ ඉතුරු කොටස හෝ අපේ යාලුවන්ගේ ඉල්ලීමක් අනුව අලුත්ම චරිතයක් ගැන හෝ ඉදිරිපත් කරන්න සුදානම්.. 

#ClownPrinceOfCrime

1 comment:

  1. Riddler ගැන දාන්නකෝ...

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න