Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Hulk - Part 1

Hulk - Part 1
Marvel ගැන දාන්නෑ කියල කට්ටිය බනින හින්ද හල්ක් ගන ලියන්න හිතුව. හල්ක් කියන්නෙ හුගක් ජනප්‍රිය සුපර් හීරෝ කෙනෙක්.. Stan Lee සහ Jack Kirby විසින් Marvel Comics වෙනුවෙන් නිර්මානය කරපු හල්ක් කියන චරිතය මුලින්ම දැක ගන්න පුලුවන් වෙන්නෙ The Incredible Hulk #1 (May 1962) release එකෙන්. හුගාක් වෙලවට කොල පාට විශාල යක්සයෙක් වගෙ තමයි හල්ක්ව නිරුපනය කරල තියෙන්නෙ. එ වගෙම තමයි හල්ක් කියන්නෙ Marvels ලට ඉන්න power full සුපර්හිරෝ කෙනෙක්. Power full ම එකාද මන්දා.


Hulk කියන්නෙ Bruce Banner ගෙ අභ්‍ය්න්තරය.. එහෙමත් නැත්තම් alter ego එක Bruce Banner කියන්නෙ සමාජයෙන් වෙන් වෙච්ච නිහඩ සාමකාමි ඩෑල් එකක්.. දවසක් බෲස්ව gamma bomb එහෙකට නිරාවරනය වෙලා තමයි බෲස්ට හල්ක් බවට transform වෙන්න පුලුවන් වෙන්නෙ.. මොන උනත් බෲස්ට හල්ක්ව පාලනය කරන්න අමාරුයි.. ඒ හේතුව හින්දම තමයි Planet Hulk පටන් ගද්දි avengers ල එකතු වෙලා හල්ක්ව පෘතුවියෙන් පිටත් කරල යවන්නෙ.. Planet Hulk movie එක ගැන වෙනම කතා කරමු පස්සෙ දවසක.. හල්ක්ට කේන්ති යන්න යන්න හල්ක්ගෙ ශක්තිය වැඩි වෙනව වගෙම ඒ ශක්තියේ limit එක ගැන තාම අදහසක් නෑ ආ.. තව දෙයක් කියන්න ඕනේ.. හල්ක්ව marvel universe වල එක එක විදිහට represent කරනව.. එක වෙලාවකට ගෝත්‍රිකයෙක් තරම් ශිලචාර නැති එකෙක් විදිහටත් තවත් වෙලාවකට හික්මුණු රණ ශූරයෙක් විදිහටත් හල්ක්ව දැක ගන්න පුළුවන්..

Hulkව නිර්මානය කරන Stan Lee ට අනුව හල්ක්ව නිර්මානය කරන්න අදහස අරන් තියෙන්නෙ Frankenstein the monster සහ Dr.Jekyll and Hyde චරිත වලින්.. බෲස් පොඩි කාලෙදි එයාගෙ තාත්තා එයාගෙ අම්මට හිoසා කරපු හැටි දැකල බෲස්ගෙ හිතේ වෛරය, කේන්තිය, දුක වගෙ දේවල් තැන්පත් උනා කියල තමයි කියන්නෙ.. 

හල්ක්ගෙ powers ගැන කතා කරනව නම්, හල්ක්ගෙ ප්‍රධානතම හැකියාව ලෙස සැලකෙන්නෙ එයාගෙ අසිමිත කාය ශක්තිය.. ඊට අමතරව හල්ක්ට ගොඩක් උදව් වෙන එයාගෙ healing එක ගැනත් කියන් නැතුව බෑ.. ඒ වගෙම කලිනුත් කිව්ව වගේම හුල්ක්ගෙ මේ පවර්ස් දෙකේ විශේෂත්වෙ තමා හල්ක්ට කේන්ති යන්න යන්න හල්ක්ගෙ ශක්තිය වැඩි වෙන එක.. ඒ වගේම World War Hulk එකේදි World Breaker Hulk ව හදුන්වන්නෙ "Hulk was stronger than any mortal—and most immortals—who ever walked the Earth" කියල.. ඒ වගේම හල්ක්ගෙ speed එකත් වැඩියි කියල තමයි කියන්නෙ.. හල්ක් තුවාල වලට සහ ප්‍රහාර වලට ප්‍රතිරොදිතාවයකුත් දක්වනව… න්‍යෂ්ටික ප්‍රහාර වලට වගේම ග්‍රහලෝක විනාශ වෙන ප්‍රහාරවලත් හල්කා සාර්ථකව මුහුන දීල තියෙනව.. හල්ක්ව chemical weapons වලින් තාවකාලිකව අඩපණ කරන්න පුලුවන් උනත් හල්ක්ගෙ healing පවර් එක හන්ද ඉක්මනට recover වීමේ හැකියාව හල්ක්ට තියෙනව.. ඒ වගේම හල්ක්ට වතුර යට හුස්ම ගැනිමේ හැකියාවකුත් තියෙනව.. හුස්ම ගන්නව කියන්න බෑනේ ඌට අභ්‍යවකාශෙත් ගේමක් නැතුව ඉන්න පුලුවන් .. ඒ වගේම හල්ක්ට mental attacks උනත් කරන්න අමාරුයි උගෙ කැමැත්තකින් තොරව.. හල්කාගෙ තව හැකියාවන් ගැන කතා කරනව නම් විකිරණ ප්‍රහාර වලින් ශක්තිමත් වැඩි වීමත්, dark magic වලින් හල්ක්ට හානි කිරිමට බැරි විමත් හල්ක්ට ලොකු වාසියක්..

Percy_Jackson

1 comment:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න