Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Agent Carter – Origin of Black Widow Ops

Agent Carter – Origin of Black Widow Ops
Agent Carter – Origin of Black Widow Ops
 
මාවෙල් ලා එයාලගේ ෆිල්ම් ටීවී සීරිස් වලින් ලොකු වැඩක් ගන්නවා කියන එක දන්නවා නේ. හොදම උදාහරණේ තමයි ඒජන්ට් ඔෆ් ශිල්ඩ්. හයිද්‍රා සංවිධානයේ නැගිටීම තිබ්බේ ඒ කතාව ඇතුලේ. කවුරු හරි ඒක බලන්නේ නැතුව වින්ටර් සෝල්ජර් බැලුවා නම් ඒක වැඩක් නෑ. ඒ වගේම වැඩක් මේ පාරත් කරනවා මාවෙල් එයාලගේ ඒජන්ට් කාටර් ටීවී සීරිස් එකෙන්. ඒජන්ට් කාටර් ගේන්න ලොකුම හේතුවක් උනේ කාන්තා නියෝජනය මාවෙල් සිනේමෙට්‍රික් යුනිවර්ස් එකේ වැඩි කරන්න නේ. ඒත් ඇවෙන්ජර් ෆිල්ම් එන බ්ලැක් විඩෝ ට වෙනම ෆිල්ම් එකක් නැති එක ගැන ෆෑන්ස් ලා තාමත් මාවෙල් ලට සමාවක් දෙන් නෑ. ඒ වැරැද්ද හදා ගන්න ද මන්දා ඒජන්ට් කාටර් 5 වෙනි කොටසින් එයාලා පොඩි සාධාරණයක් කරන්න හැදුවා.

අපි තාම ඒජන්ට් කාටර් ගැනවත් බ්ලැක් විඩෝ ගැනවත් කතා කෙරුවේ නෑ. ඒවාට ආරම්බයක් විදිහට අපි හිතුවා එජන්ට් කාටර් කතාව ඇතුලේ බ්ලැක් විඩෝ ගැන කතා වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලන්න.

බ්ලැක් විඩෝ ගේ ඉතිහාසය හොයලා බලද්දී එක එක කතා තියනවා. එකක් තමයි බැරන් වොන් ස්ට්‍රයිකර් නටෂා පැහැර ගෙන ආපු කතාව. ඒත් මාවෙල් සිනේමෙට්‍රික් එකේ අපිට හම්බෙන්නේ නම් ඒ කතාව නෙවේ. ඒ වෙනුවට බ්ලැක් විඩෝ බලකාය යටතේ පුහුණු වුණු කතාව. අපි බ්ලැක් විඩෝ ගැන කතා කරද්දී වැඩි පුර මේ ගැන හොයලා බලමු. එතකන් අපිට වැදගත් වෙන්නේ රුසියාව පටන් ගත්තා ගෑණු ළමයි පුහුණු කරන වැඩ පිළිවෙලක්. ඒ කට්ටිය ලෝකේ දරුණුම ඔත්තු කාරයින් කරන්න බලාගෙන තමයි මේක පටන් ගත්තේ.


ඒජන්ට් කාටර් සම්බන්ධ වෙන්නේ මෙතනට. එකේ දී පෙන්වනවා කොහොමද ළමයි කණ්ඩායම පුහුණු කරන්නේ කියන එක. ඒ වගේම තමන්ගේ හොඳම යාලුවා උණත් සටනින් ද්වන්ධ පැරදෙනකොට මරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ඒ පොඩි කෙල්ලක් කොහොමද සෙබල කාණ්ඩයකට තර්ජනයක් උනේ කියන එකත් අපිට බලාගන්න පුළුවන් උනා. ඒ පොඩි කෙල්ලක් ලොකු උනාම කොච්චර දරුණුද කියන එක ඩොටී කියන චරිතයෙන් අපිට පෙන්නුවා. (ඒ නැතත් අපි දන්නවා නේ නතාෂා ගැන හොදට).

මේක ගෙනාවේ කට්ටිය ට ඒජන්ට් කාටර් කතා මාලාව බලන්න කියන්න. මොකද අල්ට්‍රෝන් එනකොට, ඈන්ට් මෑන් එනකොට සමහරක් දේවල් තේරුම් ගන්න අමාරු වෙයි. එතකොට අපරාදේ ඒජන්ට් කාටර් බැලුවා නම් කියලා පසුතැවිලි වෙන්න එපා

#attila_THE_hun

#T04P001

Comic Script ලිපිය




             


No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න