මන් අද කතා කරන්න
සූදානම් වෙන්නේ ඩීසීලගේ සුපර්හීරෝ ෆැමිලීස්වල ප්‍රධානම ෆැමිලි එකක් වෙන ෆීලෑෂ්ලගේ
පවුලේ තවත් සාමාජිකයෙක් ගැන කතා කරන්න.. මේ බාට් ඇලන්ව ඉම්පල්ස් කියලත්
අදුන්වනවා.. ඒ කියන්නේ ඉතින් කලබලකාරයා කියන එකනේ.. හැම ෆ්ලෑෂ් කෙනෙක්ම කලබලකාරයෝ
නම් තමා.. කොහොම හරි දෙවැනි වරට කිඩ් ෆ්ලෑෂ්( Kid
Flash ) කියන
නාමය වගේම හතරවෙනි ෆ්ලෑෂ් වීමේ ගෞරවයත් බාට් ඇලන්ට හම්බු වෙනවා..
ඇලන් කියන නම තියෙන නිසාම කට්ටියට තේරෙනවනේ බැරීගේ නෑදෑයෙක් කියලා.. ඒත් ඒ නෑදෑකමට හුගක් වයසයි.. ඇත්තටම බාට් එන්නේ අනාගතයෙන්.. 30වෙනි ශතවර්ෂයේ ඉදන්.. මේ එන්න හේතුව ගැන කියනවනම් පොරගේ ඇගේ ෆ්ලෑෂ් ගතිය පොඩි කාලේ වැඩියි.. කොල්ලට අවුරුදු 2ක් වෙද්දි මෑන්ට අවුරුදු 12ක කොල්ලෙක්ගෙ පෙනුම තමා තියෙන්නේ.. ඒත් වැඩ කෑලි දාල බාර්ට්ගේ මාන්සික තත්වයත් එයාගේ වයසට සමානව ගේනව.. ඒත් කොල්ල අනිවාරයෙන්ම ඉක්මනට වයසට ගිහින් මැරෙනවා.. බාට්ගේ දෙමාපියෝ වෙන්නේ ඩොන් ඇලන් සහ මෙලෝනි ත්වේන්.. පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු පවුලක පුරුකක් තමා බාර්ට්.. ඩොන් කියන්නේ Tornado Twins ලගෙන් එක්කෙනෙක්.. අපි බාර්ට්ගේ අම්මගේ පැත්තෙන් බැලුවොත් කොල්ල එන්නේ supervillain පරම්පරාවකින්.. ඩේමියන් වගේ.. Professor Zoom සහ Cobalt Blue ඇරුනම බාර්ට්ගේ අර්ධ සහෝදරයා වෙන්නේ Owen Mercer දෙවෙනි Captain Cold. කොල්ලට පුදුම පවුල් පරිසරයක් තියෙනව කියල තේරෙන්න ඇතිනේ.. අපේ යාලුවෝ දන්නවනේ ත්වේන්ල ඇලන්ලට වෛර කරන බව.. ත්වේන්ල බාර්ට්ව මරන්න උත්සහ කරනවා මේ හේතු දෙක නිසා බැරීගේ වයිෆ් Iris බාර්ට්ව වර්ථමානයට ගෙනල්ලා වොලීට දෙනව කොල්ලව පුරුදු කරන්න කියලා.. මන් විශ්වාස කරනවා මේ ටික තේරුනා කියල කට්ටියට..
බාර්ට් හුගක් දුරට වැඩ
කරන්නේ Wally West- Flash ගේ සයිඩ් කික් එක විදිහට.. ඒ
කියන්නේ කිඩ් ෆ්ලෑෂ් විදිහට.. ඒ වගේම බාර්ට් තමන්ගේ ආරූඬ නාමය විදිහට Impulse කියන නම භාවිත කරනවා.. Max Mercury එක්ක බාර්ට්ව Manchester, Alabama වලට වොලී යවනවා.. ඒ වගේම තමන්ගේ
සම්බන්ධතා භාවිතා කරල බාර්ට්ට උප්පැන්න සහතික වගේ ඒවත් හදල දීල කොල්ලව Manchester Junior High එකේ 9
පන්තියට ඇතුල් කරනවා..ඔය කාලය ඇතුලත මැක්ස් බාර්ට්ව පුරුදු කරනව.. ඔය කාලය අතරේ
තමා බාර්ට් Young Justice එකේ founding
member කෙනෙක්
වෙන්නේ.. Young Justice එකෙන් පස්සේ Teen Tatans එකේ සාමාජිකයෙක් වෙන බාර්ට් ඇලන්ට
ඩෙත්ස්ට්‍රෝක්ගෙන් වෙන තුවාලයක් නිසා කොල්ලට කෘතිම කකුලක් යොදා ගන්න වෙනවා.. ඒත්
ඒකත් එක්ක උනත් බාර්ට්ට ආලෝකයේ වේගයේන් දිවීමේ හැකියාව තියෙනවා.. Teen Titans ල හුග දෙනෙක්ව SuperBoy Prime විසින් මැරුවට පස්සේ ට්‍ර්ට්, වොලී වෙස්ට්, ජේ
ගැරික් එක්ක එකතු වෙලා උපරිමම වේගයෙන් ස්පීඩ් ෆෝස් එකට දුවනවා. අන්තිමේදී ජේ දුවන
එක නවත්තනවා වගේම වොලීව නොපෙනී/වාෂ්ප වෙලා යනවා.. ඉතුරු වෙන බාර්ට් සුපර්බෝයි ප්‍රයිම්ව
ස්පීඩ්ෆෝස් එක ඇතුලට ඇදගෙන යනවා.. එතන්දි ස්පීඩ් ෆෝස් එක ඇතුලේ ඉන්න බැරී ඇලන්, ජොනී ක්වික්, මැක්ස්
මර්කියුරි වගේ ස්පීඩ් ෆොස් එකේ හිර වෙච්ච අය ඔක්කොම උදවු වෙනව සුපර්බෝයි ප්‍රයිම්
එක්ක සටන් කරන්න.. මේවයින් පස්සේ ජෝනි ක්වික් කියනව ස්පීඩ් ෆෝස් එක අතුරුදහන් වෙලා
කියලා.. කොහොම හරි මෙතනින් එලියට එන්නේ හුගක් වැඩුණු බාර්ට් ඇලන් කෙනෙක්.. කොහොම
හරි එලියට ඇවිත් සුපර්බෝයි ප්‍රයිම්ව පරද්දනව බාර්ට් අන්තිමට තනියෙන්.. ඊට පස්සේ
හතර වෙනි ෆ්ලෑෂ් බවට පත් වෙන බාර්ට් villain කණ්ඩායමක්
අතින් මරණයට පත් වෙනවා.. ඒ මරණයට පත් වෙන්නේ ජීවිත මිලියන ගණනක් බේරා ගනිමින්..
ඒත් ආයෙත් Braniac 5 ගේ උදව්වෙන් නැවතත් සුපර්බෝයි ප්‍රයිම්ව
පැරදවීමේ අවශ්‍යතාවයක් ඇති වෙන නිසා බාර්ට්ට ස්පීඩ්ෆෝස් එකෙන් ගැලවිලා එන්න
පුලුවන් වෙනවා.. කොහොම හරි ක්ලාක් කෙන්ට්, බාර්ට්
ඇලන්, බ්‍රේනියැක් 5
කියන තුන් දෙනා එකතු වෙලා සුපර්බෝයි ප්‍රයිම්ව නැවතත් Earth
1
එකටම යවනවා.. ඊට පස්සේ එයා ආයෙත් වර්තමානයටම එනවා.. මේක හුගක් රසවත් කතාවක් උනත්
කියන්න හැකියාවක් නිසා මන් දැන් Impulse ගේ
ශක්තීන් සහ හැකියාවන් ගැන කතා කරන්නම්..
බාර්ට්ට එයාගේ පවුලේ හැමෝටම
වගේ හුගක් වේගයෙන් දුවන්න පුලුවන්.. ආලෝකයේ වේගයෙන් දිවීමේ හැකියාවක් තියෙනවා වගේම
ස්පීඩ් ෆෝස් එකට ඇතුලු වීමට තරම් වේගයෙන් දුවන්නත් බාර්ට්ට පුලුවන්.. ඒ වගේම
වේගවත්ම ෆ්ලෑෂ් වොලීට පස්සේ වේගවත්ම ෆ්ලෑෂ් ලෙස සලකන්නෙත් බාර්ට්.. ඒ වගේම
සුළිසුළං නිර්මාණය කිරීම, ජලය මත දිවීම, ඝන ද්‍රව්‍ය හරහා ශරීරය කම්පනය කිරීම තුලින් ගමන් කිරීම
වගේ ඕනෙම ස්පීඩ්ස්ටර් කෙනෙක්ට කරන්න පුලුවන් දෙයක් කරන්න පුලුවන්.. ඒ වගේම එයාටම
ආවේණික හැකියාවන් කිහිපයකුත් තියෙනවා.. එයාට scouts
ල
වශයෙන් ස්පීඩ්ෆෝස් එකේ ඉන්න අවතාර නිර්මාණය කිරිමේ හැකියාවකුත් ඒ අයව timestream එක හරහා යැවීමේ හැකියාවකුත්
බාර්ට්ට තියෙනවා.. ඒත් ඒක බහුලව එයා භාවිතා කරන්නෑ.. මොකද වරක් මේ scout කෙනෙක්ගේ මරණය නිසා බාර්ට් කෝමා
තත්වයට පත්වුනා..ඒ වගේම බාර්ට් කාලයේ සිදුවන විවිධ වෙනස්වීම් වලට රෙසිස්ටන්ට්.. ඒ
වගේම photographic memory එකක් තියෙන බාර්ට්ට තමන්ට අහපු, දැකපු, කියවපු ඕනෙම දෙයක්
ඉක්මනින් මතකයට නගා ගැනීමෙ හැකියාවක් තියෙනවා.. ඒ වගේම තමන්ගේ අත් හුගක් වේගයෙන්
කරකැවීම මගින් තරංග නිපද්වීමේ හැකියාවකුත් බාර්ට්ට තියෙනවා.. ආ ඒ වගේම කියන්න ඕනෙ
අර බාර්ට් ස්පීඩ් ෆොස් එකෙන් එලියට එන වෙලාවේ පොර එන්නේ ස්පීඩ්ෆොස් එකත්
අරගෙනමයි.. ඒ කියන්නේ බාර්ට් තමා ස්පීඩ් ෆෝස් එක.. මුලින්ම ඒක කන්ට්‍රොල් කරන්න
බැරි උනත් පස්සේ ඒක කන්ට්‍රොල් කරන්න කොල්ල පුරුදු වෙනවා.. ඒත් ෆ්ලෑෂ්ගෙ මරණෙන්
පස්සේ ආයෙත් ස්පීඩ්ෆෝස් එක තිබ්බ විදිහටම හරි ගැස්සෙනවා.. ඊට අමතරව සුපිරි සවිබලයක්
(Superhuman Stamina) වගේම Accelerated
Healing Factor එහෙකුත් හැම ෆ්ලෑශ් කෙනෙක්ටම වගේ තියෙනවා.. ඒ වගේම
බාර්ට් එක පාරක් විතරක් පාවිච්චි කරපු Bio-Fission කියන
පවර් එකත් තියෙනවා.. ඒ කියන්නේ මෑන්ට එයා වගේ තව කෙනෙක් නිර්මාණය කරන්න පුලුවන්..
මේ නිර්මාණය කරන ඩුප්ලිකේට් එක බාර්ට්ගේ හැම අණක්ම පිළිපදිනවා වගේම ඒ අණ පිළිපැදලා
ඉවර උනාට පස්සේ නැති වෙලා යනවා.. ඒත් මේ ඩුප්ලිකේට් එකක් මැරුනම බාර්ට්ට හුගක්
දරුණු ශාරීරික වේදනාවක් එන නිසා ඒ පවර් එක එයා ආයෙත් යූස් කරන් නෑ.. සුපිරි
ශක්තියක් නම් බාර්ට්ට නෑ.. සාමන්‍ය මන්ෂ්‍යයෙකුගේ ශක්තිය තමා බාර්ට්ට තියෙන්නේ.. ඒ
වගේම විශේෂිත දුර්වලතාවයක් ගැනත් අද වෙනකම් නම් සදහන් උනේ නෑ..
හැමදෑම හොදම කොමික්ස්
දෙන ඩීසීලගේ තවත් හොදම ස්ටෝරියක් තියෙන බාර්ට් ගැන ලියපු ලිපිය ඉවර වුනත් තවත්
හොදම සුපිරි වීරයෝ සහ දුෂ්ටයෝ ගැනත් ලිපි පෙලක්ම සූදානමින් තියෙනවා පේජ් එකෙ පළ
කරන්න.. ඒ වගේම පේජ් එකට ලයික් 1000 සපිරෙන්න තව වැඩි
කාලයක් නෑ.. ඔය ගොල්ලොන්ගේ යාලුවන්ව පේජ් එකට ඉන්වයිට් කරන විදිහටත් පේජ් එක
ශෙයාර් කරලා අපි මේ කරගෙන යන වැඩේට ශක්තියක් වෙන්න කියල ඉල්ලා සිටිනවා
#H0011
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි.
ReplyDelete