Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Thanos : The Mad Titan - Part 3

Thanos : The Mad Titan - Part 3

Super Villain - Marvel

(පසුගියකොටස හා සම්බන්ධ වේ)




දැන් Thanos සතුව විශ්වයේ බලගතුම මැණික් 6 තිබෙනවා. මේ නිසාම පෙර සිටම ඔහුගේ අභිප්‍රාය වූ මුළු විශ්වයේම පාලකයා වීමට පියවර ක්‍රියාත්මක කරනවා. ඒ අනුව පළමුව ඔහු තාරකා විනාශ කිරීම ආරම්භ කරනවා. මෙලෙස තාරකා විනාශ කරගෙන යන විට Thanosගේ හදාවඩාගත් දියණිය වන Gamoraට මේ කරන්නට යන දේ ගැන වැටහෙනවා. මේ නිසාම ඇය Thanosව රහසින් මරා දමන්නට සැරසෙනවා. නමුත් විශ්වයේ බලගතුම මැණික් 6 සතු කෙනාව මරන එකනම් එච්චර ලෙහෙසි පහසු නැහැ. Thanosව මරන්නට පැමිණෙන Gamoraව Thanosට අහුවෙනවා. මේ නිසා Gamoraව Thanos මරා දමනවා.

Warlockගේ සහෝදරයෙකු වන Pip the Trollද Thanosව මරන්නට පැමිණෙනවා. නමුත් ඔහුට වැඩි වෙලාවක් Thanos වමඟ සටන් කරන්නට හැකිවන්නේ නැහැ. Thanos විසින් Pipව මරා දමනවා. ඔය අතරේ Warlock තමා සතු බලයන් යොදාගෙන පෘථිවියට ගොස් Avengersලා සහ Captain Marvel(Mar-Vell) සමඟ Thanosට පහරදී ඔහුව නැවැත්වීමට Thanosගේ යානයට යනවා. එහිදී ඔවුන් Thanos සාදාගත් Soul Gemඑකට බලය ලැබෙන ප්‍රක්ෂේපණ යන්ත්‍රය(projector)යැක විනාශ කරන්නට සමත් වනවා. නමුත් බලගතු Thanos විසින් Warlockව මරා දමා Avengersලාව සිරභාරයට ගන්නවා. Warlockගේ මියයාමත් සමඟThanos Warlockගේ Soul Gem එක තමන් සතු කරගන්නවා.

පසුව Avengersලාව නිදහස් කරගන්නට Spider Man සහ Thing සැලසුම්කරනවා. ඔවුන් Warlock සතුව තිබූ Soul Gem එකට බලය ලබාදුන් Lord Chaosව සහ Master Orderව හමුවනවා. ඔවුන් සිදුවූ සියල්ල Spider Manගෙන් අසා දැනගැනීමෙන් පසු Thanos නැවැත්විය හැකි එකම ක්‍රමය ක්‍රියාත්මක කරන්නට තීරණය කරනවා. ඒ Warlock සතුවූ Soul Gem එකේ Warlockගේ ආත්මය නිදහස් කිරීමයි. Thing සහ Spider Man ඇතුළු පිරිස Thanosගේ යානයට පහරදෙන විට Chaosව සහ Order විසින් Warlockගේ ආත්මය Soul Gem එකෙන් නිදහස් කරනවා. Warlockට එම Soul Gem එක උරුමයෙන් අයිතිව තිබූ නිසා ඔහුගේ ආත්මයටද එහි බලය සම්පූර්ණයෙන් ලබාගත හැකියි. ඒ නිසා Warlockගේ ආත්මය එකෙණෙහිම Thanosව විශාල නිශ්චල කළු ගලක සිර කොට Avengersලාව නිදහස් කරගෙන යනවා. පසුව Warlockගේ ආත්මය Thanosව මරා දමනවා.

මිය යන විට Thanos තමන් සතුව Death කෙරෙහි ඇති පක්ෂපාතීත්වය ගැන දැඩි විශ්වාසයකින් ඉන්නවා. තමන්ට Deathගේ උදව් ලැබේවි යැයි ඔහු විශ්වාස කරනවා. Thanosගේ මරණය පිළිබඳව දැනගන්නට ලැබෙන Death එයින් මහත් ශෝකයට පතවනවා. සියළු බලයන් ඔහුට යළි ලබාගන්නට හැකිවුණු බවත් ඇයට දැනගන්නට ලැබෙනවා. ඇය එතැනට පැමිණෙන විටත් Tahnos මියගොස් අවසන්. නමුත ඇය කෙරෙහි පක්ෂපාතීභාවයේ අඩුවක් අවසාන මොහොත දක්වාම Thanos කෙරෙහි නොතිබුණු බව දැනගන්නා ඇය Thanosට යළි පණ දී ඔහුව මරණින් නැගිටවනවා.

මරණින් මතු ලොවේදී Thanos මේ Infinity Gems පිළිබඳ සැබෑ විස්තර දැනගන්නවා. ඒ ඔහු මෙතෙක් ලබාගත් Gems වලට වඩා බලයෙන් වැඩි Gems 6ක් තිබෙනා බවයි. ඒ කියන්නේ Elder Gems 6ක් තියෙනවා කියන එකයි. Death විසින් Thanosව මරණින් අවදි කිරීමෙන් පසුවත් ඔහු Infinity Gems පිළිබඳව තමාගේ සිතේ තිබෙන්නා වූ ක්‍රෑර ආශාව සංසිඳුවාගන්නට යළි පෙළඹෙනවා. ඒ අනුව ඔහු විශ්වයේ පවතින Infinity/Soul Gems වලින් බලය වැඩිම Gems 6 සොයා ගන්නවා. ඒවා විශ්වයේ වැඩිමල්(Elder) පුද්ගලයන් 6දෙනෙකු සතුවන බවත් ඔහු සොයා ගන්නවා. ඒ අනුව ඔහු In-Betweenerව පරාජය කර කොළ පැහැති ප්‍රබලම Soul Gem එකද, The Championව පරාජය කර රතු පැහැති ප්‍රබලම Power Gem එකද, The Gardenerව පරාජය කර තැඹිලි පැහැති ප්‍රබලම Time Gem එකද, The Runnerව පරාජය කර දම් පැහැති ප්‍රබලම Space Gem එකද, The Collectorව පරාජය කර කහ පැහැති ප්‍රබලම Reality Gem එකද, The Grandmasterව පරාජය කර නිල් පැහැති ප්‍රබලම Mind Gem එකද ලබා ගන්නවා. පසුව ඒවා සියල්ලම එක්කර විශේෂිත අත්වැස්මක ඒවා සවිකරගෙන Gems 6හි බලයන් එක්වර පාලනය කළ හැකි පරිදි සකසා ගන්නවා.

 
 



to be continued...

‪#‎SmAsHeR

Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න