Asgardians #6
ඇස්ගාඩියන්වරුන් සම්බන්ධව පළකෙරෙන අපේ මීළඟ ලිපි 3 වෙන්වන්නේ Warriors Three සම්බන්ධවයි. Warriors Three යනු රණශූරයන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකටයි. රණශූරයන් කියනවට වඩා මෙයාලා Thorගේ හොඳම යහලුවන් තිදෙනෙක් කියලා කිව්වත් වැරැද්දක් නැහැ. මේ තුන්දෙනාගෙන් අපි මුලින්ම කතා කරන්නේ Fandral ගැන. Thor චිත්‍රපටි දෙක නරඹපු ඔයාලට නම් මතක ඇතිනේ Fandral ගැන.
![]() |
#CA0006 - Fandral the Dashing |
අපි හැමෝම දන්නවනේ Fandral කියන්නේ Thorගේ හොඳ යාලුවෙක් කියලා. ඒ විතරක් නෙවෙයි Fandral ඉතාම කඩවසම් කාන්තාවන් ආකර්ෂණය කරගන්නට සමත් පුද්ගලයෙක්ද වනවා. ඒ වගේම Asgardහි යුද්ධ රැසකදී වගේම ගවේෂණ රැසකටත් Fandral දායක වෙලා තිබෙනවා. ඒ නිසාම රජ පවුලේ පැසසුමට ලක් වන්නටත් Fandralට හැකියාව ලැබිලා තියෙනවා.
වරක් Thor සමඟ Sea of Fearහි සිටි Balder නැමති රාක්ෂයා සමඟ සටනට යෑමේදී Fandral විසින් එම රාක්ෂයාගේ හණු සිදුරු වන්නට තරම් වැරෙන් කඩුවෙන් ඇන Balderව මරා දැමූ බවත්, යළි Thor, Sif, Volstagg සහ Hogun සමඟ Asgard කරා ඒමට මුල්තැන ගත් බවත් සඳහන් වනවා. යළි පැමිණි මොවුන් හට Odin විසින් Ragnarok විනාශය ගැන හෙළිදරව් කරන අතර එයට හේතුව Loki බවත් පවසනවා. පසුව Lokiව Well of Eternal Sleep(සදාකාලික නින්දේ ලිඳ) හි සිරකර තබන්නට භාර දෙන්නේත් Fandral ඇතුළු පිරිසටයි. ඒ අතරම Ragnarok විනාශයේදී භාවිතා කරන්නට Warlock's Eye නැමති මායාගල Fire deamonsලාගෙන් යළි රැගන ඒමටද Fandralට පැවරෙනවා. එහිදී Harokin නැමති Fire deamon නායකයා මරා දමන Fandral විසින් Warlok's Eye එක යළි Asgard කරා රැගෙන එනවා. ඒ වගේම ඔහු Hogun සමඟ එක්ව Mogol නැමති ඉන්ද්‍රජාලිකයා සහ ඔහුගේ පිරිස විනාශ කිරීමටද, Volstagg සහ Thor සමඟ එක්ව Ulagg නැමති මායාකරුවා විනාශ කිරීමටද සමත්ව තිබේ.
Ragnarok විනාශයේදී Fandralද අනෙක් ඇස්ගාඩියන්වරුන් මෙන් මිය යනවා. නමුත් Midgard සමඟ ඇස්ගාඩියන්වරුන් සම්බන්ධ නිසා ඔවුන් මියගිය පසු ඔවුන්ගේ ආත්ම Midgardහි පුද්ගලයන්ගේ ශරීර තුළට යොමුවනවා. Thorගේයළි උපත සිදුවන්නේ Dr. Donald Blake ලෙසටයි. මෙලෙස Dr. Blake බවට පත්වන Thor තම සගයන් සොයා ලොව පුරා සංචාරය කරනවා. එලෙස අප්‍රිකාවට ගිය ගමනේදී සොල්දාදුවන් තිදෙනෙකු ලෙසින් ආත්ම සිරවී සිටින Fandral, Volstagg සහ Hogun හමුවනවා. ඉන්පසු Thor විසින් Mjolnir එක භාවිතයෙන් යළිත් මොවුන් තිදෙනාගේ මතකයන් අවදි කර ඔවුන්ව යළි Warriors Three බවට පත් කරනවා. නමුත් පසු සිද්ධියකදී Thorව Asgard වලින් නෙරපාදැමීමෙන් අනතුරුව ඔවුන් සිව්දෙනා Asgard අතහැර යළිත් Midgardහි තමන්ගේ වික්‍රමයන්හි නිරතවනවා.
Fandralට පිහිටා තිබෙන විශේෂිත වූ හැකියාවන් සහ බලයන් ගැන දැන් අපි කතා කරමු. Fandralට මිනිසුන් මෙන් දස දහස් ගුණයක් ඉක්මවූ ශක්තියක් (Superhuman Strength) පිහිටා තිබෙනවා. එලෙසම ඉතාමත් කඩිසර බවක් (Superhuman Agility), සුපිරි වේගයක් (Superhuman Speed), විශාල ප්‍රත්‍යාවර්තිත හැකියාවක් (Superhuman Reflexes), සුපිරි සවිබලයක් (Superhuman Stamina) සහ අධික දරාගැනීමේ හැකියාවක් (Superhuman Durability) රඳා පවතිනවා. ඒ පමණක් නොවෙයි ප්‍රතිජනක සුවවීමේ හැකියාවක් (Regenerative Healing Factor) එකකුත් පිහිටනවා. ඒ වගේම අනෙක් ඇස්ගාඩියන්ස්ලාට වගේම දිගු කාලයක් ජීවත්වීමේ හැකියාවත්(Superhuman Longervity) තිබෙනවා. ඒ පමණක් නොව සාමාන්‍ය මිනිසෙකුට වඩා 3ගුණයක් ඝනකම් සමක්ද(Superhuman Dense Tissue) Fandralටත් සතු වෙනවා. Fandral සතු සුවිශේශීතම බලය වන්නේ Asgardian Physiology නොහොත් Asgardianවරුන් සතු පොදු හැකියාවන් රැසක්ම තමා සතුවීමයි. තවද තියුණු පහරදීමේ හැකියාවක්ද මොහු සතු වන අතර කඩුහරඹ වලට සහ මුහුණට මුහුණ(ද්වන්ධ) කඩු සටන් වලින් Asgard පුරයේ Fandralව ඉක්මවා යන්නට තරම් සමතෙක් නොමැති තරම්ය.
#CA0006
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න