X-men Part 03
නිව්යෝර්ක්වල ඇනන්ඩේල් ඔන් හඩ්සන්වල බ්‍රැඩ් විද්‍යාලයේ ඉතිහාසය දෙපාර්තමේන්තුවේ ප්‍රොෆෙසර් ජෝන් ග්‍රේ හා ඔහුගේ බිරිද එලයින් ග්‍රේගේ බාලම දුව ජීන් ග්‍රේ..
![]() |
CX0004 |
ජීන් අවුරුදු දහයේදි එයාගේ හොදම යාළුවා ඇනී රිචඩ්සන් එක්ක සෙල්ලම් කර කර ඉන්නකොට කාර් එකක හැප්පෙනවා.. ඇනී මියයමින් ඉන්න අතර ජීන්ට දනුන දුක නිසා ජීන්ගේ ටෙලිපතික් බලය ක්‍රියාත්මක වෙනවා.. ඇනීට දැනෙන හැම වේදනාවක්ම ජීන්ගේ මනසට දැනෙනවා.. මේ සිදුවීම නිසා ජීන් ලොකු කම්පනයකින් හිට්යේ.. ඒ වගේම ජීන්ට අලුතින් ලැබුන ටෙලිපතික් බලය පාලනය කරගන්න බැරුව හිටියේ..
ජීන්ට වයස එකොළහ වෙනකොට මනෝ වෛද්‍යවරයෙක් ඔහුගේ මිත්‍රයෙක් වන චාල්ස් එක්සේවියර් වෙත ජීන්ව යොමු කරනවා.. ප්‍රොෆෙසර් ජීන් මියුටන්ට් කෙනෙක් කියලා හදුනගෙන ජීන්ගේ දෙමව්පියන්ට නොකියා ජීන්ට විතරක් ජීන් මියුටන්ට් කෙනෙක් කියලා පැහැදිලි කරනවා.. දෙමව්පියන්ට පේන්න ජීන්ට බෙහෙත් දෙන අතරේ චාල්ස් එක්සේවියර් ජීන්ට බලය පාලනය ක්රගන්න උදව් වෙනවා.. අවුරුදු දහතුනේදී ජීන්ට ටෙලිකනීසස් පවර් එක ලැබුනට පස්සේ මානසික බලයෙක් වස්තු අහසේ පා කරවන විදිය, වස්තු මනසින් පාලනය කරන විදිය ප්‍රොෆෙසර් එක්සේවියර් ජීන්ට කියලා දෙනවා.. ඒ වගේම චාල්ස් එක්සේවියර් ජීන්ගේ ටෙලිකනීසස් පවර් එකෙන් සෙරීබ්‍රෝ එකත් හදනවා.. අනාථ බාල දරුවෙක් උන ස්කොට් සමර්ස් නින්දේ ඉන්නකොට ඔහුගේ මනස එක්ක සම්බන්ධ වෙනවා දැනුන චාල්ස් එක්සේවියර් ජීන්ගේ ටෙලිපතික් බාධාවන් තවත් පුළුල් කරනවා ජීන් ටෙලිපති පවර් එක හරියට පාලනය කරගන්න පුළුවන් වෙනකම්..
ජීන් තමන්ගේ ටෙලිකයෙන්ටික් පවර් එක පාලනය කරගන්න පුළුවන් නියම මට්ටමට ආවාට පස්සේ ප්‍රොෆෙසර් එක්සේවියර් ජීන්ගේ දෙමව්පියන්ට අළුතෙන් පිහිටුවපු Xavier's School for Gifted Youngstersහි ලියාපදිංචි කරවන්න පොළඹවනවා.. චාල්ස් එකේවියර් තවත් සිසුන් කිහිපදෙනෙක් එකතු කරගන්නකම් ජීන්ගේ දෙමව්පියන්ට මේ අදහස කිව්වේ නෑ.. ඒත් නිල වශයෙන් පාසලේ ලියාපදිංචි වුන පළවෙනි සිසුවා ජීන්.. ජීන් ග්‍රේ පස්වෙනි එක්ස් මෙන් සාමාජිකයා වගේම පළවෙනි කාන්තා එක්ස් මෙන් සාමාජිකාව..
#හෝරස්
comic script ලිපිය
Scoot නෙමේද මුලින්ම ලියාපදිංචි වුනේ o.O
ReplyDeleteබොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .
ReplyDeleteබොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .
ReplyDelete