Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Avatar Articles No:06

Avatar Articles No:06

Avatar Articles No:06

Earthbending- භූමිබන්ධනය
අද අපි කතා කරන්න යන්නේ ඇවටර් චක්‍රයේ සිව්වන මූලධාතුව වන භූමිධාතුව ගැනයි.
භූමිබන්ධනය යනු භූමි වංශික ජනතාව විසින් භාවිත කරන භූමි ධාතු පාලනය කිරීමේ කලාවයි.මෙහිදී භූමියේ සියලු ස්වරූප බන්ධනය කිරීම සිදුවේ.සිංහ ඉදිබුවන්ගෙන් බන්ධක හැකියාව ලබා ගත් ඔමා සහ ෂූ පළමු භූමි බන්ධක මනුෂ්‍යයන් වූහ.පළමු භූමි බන්ධකයන් වූ බැජර් මීයන්ගෙන් (Badgermoles) (1 රූපය) තම බන්ධක කලාව ප්‍රගුණ කල ඔවුහු විරසක වූ ගෝත්‍ර 2ක් අතර සාමය ඇති කරමින් ඔමාෂු නගරය ගොඩනංවා ඇත.භූමිය වනාහී සාරයේ මූල ධාතුවයි.(the element of substance). ජලබන්ධකයන් සේම භූමිබන්ධකයන්ද තමා සිටින පරිසරය අනුව විශාල වශයෙන් පාඩුවක් හෝ වාසියක් ලබති.නමුත් භූමිබන්ධකයන්ට එය ජලබන්ධකයනට තරම් ප්‍රභල ලෙස බල පාන්නේ නැත. භූමි බන්ධකයන්ගේ බන්ධක හැකියාව ඉතා පුළුල් පරාසයක විහිදී ඇත.වැලි කැටයේ සිට ලාවා දක්වා වැනි විශාල පරාසයක භූමි ධාතු පාලනය කිරීමේ හැකියාවක් භූමිබන්ධකයන්ට ඇත. භූමි ධාතුවේ විරුද්ධ මූල ධාතුව වන්නේ වායුවයි.භූමි බන්ධකයන්ගේ ඍතුව වසන්ත ඍතුවයි.(spring)
                           
භූමිබන්ධනයේ යතුර හෙවත් භූමිබන්ධනය කල යුත්තේ උදාසීන ජින් ආකාරයටයි.(neutral jing) ආකාරයටයි.ඒ කෙසේද යත් හොදින් සතුරා නිරීක්ෂණය කරමින්,කිසිවක් නොකර,පහරදීමට නිසි වෙලාව පැමිණෙන තුරු බලා සිට පහර දීමයි. ඔවුන්ගේ මූල ධාතුවේ නිශ්චල ස්වභාවයේ ආකාරයටම අනෙක් බන්ධකයන් මෙන් භූමි බන්ධකයන් පැමිණෙන ප්‍රහාර මග නොහරිති.ඔවුන් ඒවාට ඍජුවම මුහුණ දෙති.
භූමියේ හා භූමිබන්ධනයේ සංකේතය වන්නේ උස සමද්වීපාද ස්ථම්භාකාර සලකුණකි.එතුල ඇතුලට නැමුණු රේඛා 2ක් හා වාමාවර්ත සර්පිලයක් ඇත.මෙහි අදහස වන්නේ භූමිබන්ධකයන්ගේ දෘඩ බව හා ස්ථායිතාවයයි. (2 රූපය)
# භූමිබන්ධක හැකියා (Earthbending abilities)
1. Earth and stone levitation: මෙහිදී ගල්,පස් කුට්ටි ඔසවා පහර දීමට හැක.බන්ධකයාගේ බලවත්කම අනුව එසවිය හැකි ප්‍රමාණ වෙනස් වේ.
2. Earth block: මෙහිදී එල්ල වන ප්‍රහාර භූමියෙන් ගල් ඔසවා එමගින් වැළක්විය හැක.
3. Earth column: මෙහිදී භූමියෙන් අධික වේගයෙන් භූමි ස්ථම්භ මතු කිරීම සිදු වේ.එමගින් ඉහල ඇති ඉලක්ක වලට පහර දීම,යම් යම් ද්‍රව්‍ය විදීමට (shoot) උපකාරකයක් ලෙස ආදියට උපයෝගී කරගත හැක.
4. Earth compression: මෙහිදී භූමිබන්ධකයන්ට ගල්කබලි ආදි භූමි ධාතු එකතු කර ඝනත්වයෙන් හා බරෙන් වැඩි විශාල ගල් බෝල ආදිය සෑදිය හැක.මෙම ක්‍රමය තරමක් අමාරු ශිල්පක්රමයක් බැවින් මේ සඳහා භූමිබන්ධකයන් දෙදෙනෙකුවත් අවශ්‍යය.
5. Earth gauntlet: earth armor තරම් ප්‍රභල නැති මේ ශිල්පක්රමයෙදී අත් වටා පමණක් අත් වැස්මක් ආකාරයට ගල් ආවරණයක් ඇති කර ගනී.මෙහිදී ශරීරයේ ඉතුරු කොටස පමණක් පෙර පරිදිම නම්‍යශීලීව පවතින අතර අත් පමණක් සටන් කිරීමට යොදා ගනී.තමන් දෙසට එන ගල් වැනි ප්‍රහාර ආපසු තල්ලු කිරීමට මෙය යොදා ගනියි. (3 රූපය)
6. Earth mannequin: මෙහිදී මිනිස් සිරුරු වලට සමාන ලෙස ගල් වලින් සිරුරු අඹනු ලැබේ.එවිට භූමිබන්ධකයෙකුට ඒවා මිනිස් චලන දක්වන ආකාරයට බන්ධනය කල හැකි වේ.ටොෆ් අග්නි අධිපති ලෙස රගපාමින් ඇවටර් කණ්ඩායම සමග පුහුණු අභ්‍යාසයක යදෙන විට අග්නි අධිපතිගේ ආරක්ෂකයන් ලෙස ඇය මෙසේ mannequins ඇතිකර අභ්‍යාසයේ යෙදුනාය.
7. Earth launch: මෙහිදී භූමියෙන් පැතලි භූමි කොටස් එකවරම එසවීම මගින් විවිධ ද්‍රව්‍ය අහසට දියත් කල හැක.මෙමගින් ඉතා අධික ප්‍රවේගයක් ගොඩනගාගෙන ඉතා ඉහල උස පිමි පැනිය හැක.බෝලින් භූමි රැජිනගෙන් පලායද්දී මෙම ක්‍රමය අනුගමනය කළේය.
8. Earth line: භූමි බන්ධකයන්ට භූමියේ විභේදන ඇති කල හැක.භූමියේ පැළුම් ඇති කිරීම මගින් සතුරන්ගෙන් ආරක්ෂා විය හැක.
9. Earth material manipulation භූමි බන්ධනය පස් හා ගල් වලට පමණක් සීමා වී නැත.භූමි බන්ධකයන්ට ඕනෑම භූමි ධාතුවක් හැසිරවිය හැක.උදාහරණ ලෙස ගල් අගුරු,මැණික්,පලිගු, ආදියත් උල්කාෂ්ම හා ජෙනමයිට් ආදියත් ගත හැක.
10. Earth shelter: භූමි බන්ධකයන්ට හදිසි අවස්ථා වලදී ඉතා පහසුවෙන් කූඩාරම් ආදිය ඇති කර ගත හැක.
11. Earth sinking: මෙහිදී භූමිබන්ධකයෙකුට තම සතුරාව පොළවෙහි ගිලා බැස්විය හැක.එමගින් සතුරා ව සිරකර තැබීමටද හැක.
12. Earth smash: ශරීර ප්‍රමාණයෙන් කුඩා වුවත් ඕනෑම භූමි බන්ධකයෙකුට ගල්,පස් කුට්ටි ආදිය අත්,පා පහරවල් ආදියෙන් පහසුවෙන් කඩා බිද දැමිය හැක.තම සතුරාද භූමිබන්ධකයෙකු නම් තමාට එල්ල වන ප්‍රහාර වලක්වා ගැනීමටද මෙම ක්‍රමය උපයෝගී කරගත හැක.
13. Earth wall: භූමි බන්ධකයන්ට තාප්ප ආදිය පහසුවෙන් නිර්මාණය කල හැක.ආරක්ෂාවට,පහර දීමට මෙන්ම ගොඩනැගීම් කටයුතු සඳහාද මෙම ක්‍රමය භාවිත කල හැක.
14. Earthquakes/fissures: භූමි බන්ධකයන්ට භූමියට පයින්,අතින් මෙන්ම මිටි වලින් ආදියෙන් පහර දීමෙන් සුළු සුළු භූමිකම්පා,භූමියේ පැලුම් ආදිය ඇති කිරීමට මෙන්ම එමගින් සතුරාගේ සමබරතාව නැති කිරීමටද හැක.තවද බන්ධනය කරනු ලබන ගල්කින්ද බිමට පහර දීමෙන් මේවා ඇති කල හැක.
15. Quicksand: භූමිබන්ධකයන්ට පස් ගල් ආදිය සිනිදු වැලි බවට පත් කල හැක.උසකින් වැටේ නම් ආරක්ෂාව සඳහා මෙම ක්‍රමය වඩා උචිතය.වැලිබන්ධකයන්ට මෙහි ප්‍රතිවිරුද්ධ ක්‍රියාව සිදු කල හැක.එනම් වැලි ඝන කර පස්,ගල් ආදිය බවට පත් කල හැක.
16. Rock hanging: භූමිබන්ධකයෙකු භූමිධාතුවක් පැළඳ සිටින්නේ නම් එමගින් ඔහුට වෙනත් ශිලාමය පෘෂ්ටයකට සම්බන්ධ වී සිටිය හැක.ඩයි ලී නියෝජිතවරු ඔවුන්ගේ ගල් අත්වැසුම් භාවිතයෙන් මෙසේ සිරස් පෘෂ්ට වල රැදී සිටිති.
17. Rock shield: භූමිබන්ධනය කර ඔසවා ගත් ගලක් බන්ධකයා ඉදිරිපිට ස්ථානගත කොට එමගින් ආරක්ෂක පලිහක් ලෙස එල්ල වන ප්‍රහාර වලින් බේරිය හැක.
18. Rock slide: මෙහිදී (අර ලිස්සන බෝට්ටු වගේ) ශයිලමය තල ඇති කල හැක.එමගින් පහසුවෙන් උස ස්ථානයක සිට පහලට ලෙස්සා ආ හැක.
19. Slab shackles: නිවැරදිව කාලගණනය කොට සතුරාව නිශ්චලව (බැඳ) තැබීමට මෙම ක්‍රමය භාවිත කල හැක.ඈන්ග් ඕසායි ගේ බන්ධක හැකියාව ඉවත් කිරීමට පෙර ඔහුව ග්‍රහණය කරගත්තේ මේ අයුරිනි.
20. Water filtering: මෙහිදී භූමි බන්ධකයන්ට මඩ වතුර ආදියෙන් මඩ ඉවත් කොට ඒවා පිරිසිදු වතුර බවට පත් කරගත හැක.
# කෙලපැමිණි භූමිබන්ධක හැකියා (Master level Earthbending)
1. Dust cloud: ටොෆ් ට අනුව භූමිය ඉදිරියට හා පසුපසට සෙලවීමෙන් විවිධ ප්‍රමාණයේ දූවිලි වලාකුළු ඇති කල හැක.
2. Earth armor: නිපුන භූමිබන්ධකයන්ට තමන් වෙතට භූමිධාතු ගෙන්වා එමගින් සන්නාහයක් වැනි ආරක්ෂක ආවරණයක් භූමි ධාතුවලින් නිර්මාණය කරගත හැක.මේ ආකාරයට ඈන්ග් උමන්සොහොන් වලදී අසූලාට එරෙහිව පළිගුමය ආවරණයක් සාදා ගත්තේය.
3. Earth bomb: සතුරා සිටින භූමිය වෙතට විශාල ගල් ප්‍රහාර යොමු කිරීමෙන් භූමි බන්ධකයෙකුට එම සතුරා සිටින භූමිය පුපුරවා හැරිය හැක.එමගින් ඉතා විශාල හානි සිදුකල හැක.
4. Earth tunneling: මෙහිදී භූමිය තුලින් උමන් මාර්ග ඇති කිරීම සිදු වේ.මෙය පහසු ක්‍රියාවක් වුවද අදක්ෂයෙකුට මෙය කල නොහැක.මක්නිසාදයත් සුළු අවධානය වෙනතකට යොමුවීමකින්ම උමග තමන්ගේ හිසට කඩා වැටීමට ඉඩ ඇති හෙයිනි.
5. Earth wave: මෙහිදී භූමි තරංග ඇති කිරීම සිදු වේ.මෙම භූමි තරංග මගින් නිපුන භූමි බන්ධකයෙකුට ගොඩනැගිලි කඩා දැමීමට හා වේගයෙන් සංචරණය කිරීමට හැක.ටොෆ් බොහෝ විට මෙම ක්‍රමය යොදා ගනී. (4 රූපය)
6. Magnetization: නිපුන භූමි බන්ධකයන්ට ඕනෑම ආකාරයක භූමි ධාතුවක් තමන් වෙතට ඇද ගැනීමට හැක.ඩයි ලී නියෝජිතවරු මෙම ක්‍රමය ඉතා තියුණු ලෙස ප්‍රගුණ කර ඇත.එමගින් ඔවුන්ට තම අත්වැසුම් සඳහා කුමන අවස්තාවක වුවත් තමන් වෙත භූමි ධාතු ලඟා කර ගත හැක.
7. Remote earthbending: අති දක්ෂ භූමි බන්ධකයෙකු භූමියෙන් ඉවත් කර තිබියදී,ඔහුට ඈත භූමි ධාතු ඇති බව විශ්වාසයක් පමණක් තිබුනත්,එම භූමිබන්ධකයාට තම ශක්තීන් පිළිබද අවදානය යොමු කිරීම තුලින් ඈත ඇති භූමි ධාතු තමන් වෙත ලඟා කරගත හැක.මේ ආකාරයට 'බූමි', සූර්යග්‍රහණය අවස්ථාවේදී තමන් සිරකර තිබූ යකඩ පෙට්ටියෙන් ගැලවීමට පහල ඇති නිවසක උළු තමන් වෙත ගෙන්වා ගත්තේය.
# ඇවටර් මට්ටමේ භූමිබන්ධක හැකියා (Avatar Level Earthbending)
1. Compressed rock bullets: මෙහිදී ඇවටර් සමාධිය භාවිතයෙන් විශාල ගල් කැබලි කුඩා වෙඩි උණ්ඩ මෙන් හකුලා පහර දීම සිදු වේ.එවිට ඒවා විදින ප්‍රභලතාව මෙන්ම සිදුවන හානියද වැඩිවේ.ඈන්ග් මෙය ඕසායි සමග අවසන් සටනේදී පමණක් භාවිත කොට ඇත.
2. Enhanced earth armor: මෙහිදී අති විශාල mannequin එකක් සාදා (යොදයෙක් වගේ) එය බන්ධනය කරමින් සටන් කිරීම සිදුවේ.ඈන්ග් ඇවටර් සමාධිය භාවිත කොට ජෙනරල් ඕල්ඩ් අයන් නමැති යෝධ ආත්මය සමග සටනේදී මෙම ශිල්පක්‍රමය භාවිත කළේය. (5 රූපය)
3. Enhanced earth levitation: මෙහිදී ඇවටර් සමාධිය භාවිතයෙන් ඉතා විශාල කඳු වැනි භූමි ප්‍රදේශ එකවර එසවිය හැක.කෝරා සහීර් සමග සටනේදී මෙසේ කන්දක් ඔසවා පහරදී සහීර්ව තලා දැමීමට උත්සහ කලාය.
4. Powered compression: මෙය ඈන්ග් විසින් පමණක් සිදු කර ඇත.ඔහු ඔසායි සමග සටනේදී තමා වටා ඇති විශාල ගල්කුට්ටි කඩා ඒවා කුඩා ගල් කැබලි බවට පත් කර ඒවා තම මූලධාතු චක්‍රයට (Elemental Sphere) එක්කරගත්තේය.(අර විශාල ගල් කුට්ටි වලින් බිදක් වත් අපතේ නොයවා)මෙය එකතරා ආකාරයක සම්පීඩනය කිරීමක් වැනිය.
5. Tectonics: මෙහිදී අති විශාල භූමි භාගයන් පවතින ස්ථාන වලින් වෙනස් කිරීම සිදු වේ.ඇවටර් කියෝෂි තම අර්ධද්වීපය ප්‍රධාන භූමියෙන් වෙන්කර ගැනීමට මෙම ක්‍රමය භාවිත කල අතර ඇවටර් ඈන්ග් යූ ඩාඕ නගරය එය පවතින භූමියෙන් වෙන්කිරීමටද මෙම ක්‍රමය භාවිත කළේය.
# විශේෂ ශිල්පක්‍රම (Special techniques)
1. Mudbending: භූමිබන්ධකයන්ට භූමි කොටස් දියවී ඇති ජලය බන්ධනය කල හැක.එය මඩබන්ධනය නම් වේ.
2. Rock gloves: ඩයි ලී ඒජන්තවරු ගල් අත්වැසුම් කලාව ප්‍රගුණ කර ඇත.earth gauntlet ක්‍රමයට සමාන වුවද මෙහිදී යොදා ගන්නේ තුනී ගල් වේ.එමගින් සතුරාට වෙඩි උණ්ඩ මෙන් පහර දීම,දුර ඇති වස්තු ග්‍රහණය කර ගැනීමට මෙන්ම සිරස් බිත්ති නැගීමට උපකාරකයක් ලෙසද භාවිත කල හැක.මෙහි වැදගත්ම වාසිය වනුයේ පහර දුන් පසු නැවත එය තම අතට ලඟා කරවා ගැනීමට හැකි වීමයි.
3. Rock shoes: මෙම ගල් සපත්තුත් ඩයි ලී ඒජන්තවරු භාවිත කරති.එමගින් ඔවුන්ට බිත්ති තරණය ට මෙන්ම අධික වේගයෙන් භූමිය දිගේ ලිස්සා යාමටද හැකියාව ලැබේ.
4. Sandbending: සි වොන් කතරේ වෙසෙන ජනතාව පරිසරයට අනුවර්තනය වීමක් ලෙස මෙම කලාව සොයාගෙන ඇත.මෙහිදී වැලිබන්ධනය කරනු ලබයි.මෙය කාන්තාර වාසී ජනතාව තම එදිනෙදා ජීවිතයට ආදේශ කරගෙන ඇත.ඔවුන් සංචාරය කෙරෙන වැලි පහුරු වලටද ඉදිරියට යාමට ඔවුන් බලය සපයන්නේ කුඩා වැලි කුනාටු ඇති කර එමගින් නිකුත් වන සුලගිනි.වලිබන්ධනය භූමිබන්ධනයට වඩා පහසුය.මක්නිසාදයත් වැලි ගල් හෝ පස් තරම් දෘඩ නොවන හෙයිනි.
# උපබන්ධන හැකියා (Sub-Skills)
1. Lavabending: ලාවා යනු ද්‍රවමය භූමි ධාතුයි.මෙය බොහෝ විට සිදුකර ඇත්තේ ඇවටර් සමාධියේ පරතෙරට ගිය අතිදක්ෂ ඇවටර් වරු විසිනුයි.ඔවුන් මෙය සිදු කර ඇත්තේ මිශ්‍රිත බන්ධන කලාවක් ලෙසයි.ඇවටර් යැන්ග් චෙන්ට පෙර සිටි අග්නිබන්ධක ඇවටර්වරයා ඇවටර් සමාධිය්දී එකවර ගිනිකදු 4 ක ලාවා බන්ධනය කර ඇත.ඉන්පසු ඇවටර් කියෝෂි තම අර්ධද්වීපය ප්‍රධාන භූමියෙන් වෙන්කර ගැනීමට තම අර්ධද්වීපයේ යට කොටස ලාවා බවට හරවා වෙනත් ස්ථානයකට ගෙනගොස් ඇත.ඉන්පසු රෝකු තම දූපතේ ගිනි කන්ද පුපුරන විට ලාවාබන්ධනය කර ඇත.ගසාන් හා බෝලින් ඇවටර්වරු නොවන එකම ලාවා බන්ධකයන් වේ.ඔවුන්ට ලාවාබන්ධන හැකියාව ඇති නිසා මෙය මිශ්‍රිත බන්ධන කලාවක් නොව භූමිබන්ධනයේම උපබන්ධන හැකියාවක් බව පැහැදිලි වේ.මෙම ලාවාබන්ධකයන්ට ඕනෑම භූමි ධාතුවක් ලාවා බවට පත් කල හැකි අතර ලාවා ඝන තත්ත්වයටද පත් කල හැක.සියලු බන්ධක කළා අතුරින් අමාරුම බන්ධන කලාව වන්නේද මෙයයි.
2. Metalbending: ලෝහ බන්ධනය යනු උදක්ම ලෝහ තුල ඇති භූමි ධාතු බන්ධනය කිරීමක් වේ.මෙය ප්‍රගුණ කල විට මෙය කොටින්ම භූමි බන්ධනය මෙන්ම පහසු කාර්යකි.මෙය පළමු වරට සොයා ගන්න ලද්දේ පුරාවෘත්තගත භූමිබන්ධක ටොෆ් බේෆෝන්ග් විසිනි.කම්පන සංවේදනය තුලින් ඇයට ලෝහ තුල වූ භූමි ධාතු පෙනුණු විට ඇයට ලොහබන්ධනය සිදුකල හැකි විය.මෙහිදී සුපිරිසිදු ලෝහ බන්ධනය කල නොහැකි අතර ප්ලැටිනම් වැනි ලෝහ කෙසේවත් බන්ධනය කල නොහැක.සියලුම භූමි බන්ධකයන්ට ලෝහ බන්ධනය සිදු කල නොහැකි අතර මෙය සිදුකල හැක්කේ භූමි බන්ධකයන් 100 කින් එකෙකුට යැයි විශ්වාස කෙරේ.මෙය ටොෆ් විසින් පසුව ලොව පුරා ප්‍රචාරය කෙරුණු අතර පසුව ලෝහ බන්ධකයන්ට සවු ෆු නමින් වෙනම ජනපදයක්ද ඇති කෙරුණි.
3. Seismic sense: කම්පන සංවේදනය යනු භූමියේ ඇති වන කම්පන භූමි බන්ධනය මගින් ග්‍රහණය කර ගැනීමයි.පළමු භූමි බන්ධකයන් වූ බැජර් මීයන්ද අන්ධ සත්ව කොට්ටාශයක් වූ බැවින් ඔවුන් පරිසරය දුටුවේ භූමි බන්ධනය මගින් කම්පන සන්වෙදනයෙනි.මෙහිදී සිදුවන්නේ පරිසරයේ කම්පන සංවේදනය කොට එමගින් මානසික පින්තූරයක් ඇති කර ගැනීමයි.මෙමගින් අංශක 360 කම දෘශ්‍ය පරාසයක් ලැබේ.මෙය කිරීමට නම් සම ඍජුවම භූමිබන්ධනයෙන් බන්ධනය කල හැකි පෘෂ්ටයක් මත ගෑවී තිබිය යුතුය.ටොෆ් අන්ධ අයෙකු වූ නිසා මෙම දුර්වලතාවය ඇයව ලොව දක්ෂතම භූමි බන්ධකයා බවට පත් වීමට හේතු විය.මනිසාදයත් ඇය සියලු දෙය කල යුත්තේ භූමි බන්ධනය මත රඳා පැවතීමෙනි.ටොෆ් ද මෙය ඉගෙන ගෙන ඇත්තේ බැජර් මීයන්ගෙනි.ඈන්ග් මෙන්ම ටොෆ්ගේ දියණියන් වන ලින් හා සූයින් ද ටොෆ් ගෙන් මෙම හැකියාව ලබාගත්හ.මෙමගින් භූමියේ කම්පන පමණක් නොව භූමිය මත ස්පර්ශවී ඇති ඕනෑම දෙයක කම්පන සංවේදනය කලහැක.(උදා-පුද්ගලයෙකුගේ හද ගැස්ම)මෙමගින් පියවි ඇසට නොපෙනෙන දෘෂ්ටි කොන ද නිරීක්ෂණය කල හැක.මෙය එක්තරා ආකාරයක සෝනාර් හෝ රේඩාර් දෘෂ්ටියකට සමානය.
# දුර්වලතා (Weaknesses)
1. Metal and wood: ලෝහ බන්ධනය කල නොහැකි භූමි බන්ධකයන්ව ලෝහ කූඩු වල දමා සිරකර තැබිය හැක.නමුත් ලී කූඩුවල සෑම වර්ගයකම භූමි බන්ධකයන් සිරකර තැබිය හැක.
2. Reliance on the lower body: බොහෝ විට භූමි බන්ධනය කෙරෙනුයේ පාද වලිනි.පාද වල සිදුවන චි මධ්‍යස්ථාන අවහිරයකදීද භූමි බන්ධකයන්ගේ හැකියාව නැතිවී හෝ අඩුවී යයි.
Michael Dante DiMartino, Bryan Konietzko යන ඇවටර් විශ්වයේ නිර්මාතෘ වරු දෙදෙනා භූමිබන්ධක සටන් ක්‍රම (රුපය 5) නිර්මාණය කර ඇත්තේ පහත සටන් ක්‍රම ඇසුරිනුයි. (6 රූපය)
The Hung Gar style of kung fu is the main influence for earthbending; they both feature "heavily rooted stances and strong kicks and punches that evoke the mass and power of earth." Hung Gar itself parallels animal movements such as the tiger's hard blows and the crane's affinity to landing gracefully on the Earth.There are exceptions to this rule — Toph, the blind earthbender's style, is based on Southern Praying Mantis, a precise stepping skill which Toph uses to maintain constant contact with the ground and "see".
The concept of neutral jing is also closely related to the philosophy of "sticky hands", a practice common to some southern Chinese martial arts such as Chu Gar Southern Praying Mantis and Wing Chun. The purpose of sticky hands is to enable the practitioner to predict their opponent's next move. Similar to Toph detecting the movements of others through her connection with earth, a practitioner learns to detect their opponent's upcoming move by maintaining constant contact between their own arm and their foe's arm (may also be between their hands or wrists). By practicing with a partner in this manner, a practitioner will learn to "read" the slight movements of their opponent's arms to detect their next attack and subsequently move accordingly to either strike before the attack is made or move in the same direction with the attack and effectively neutralize it. Concepts such as listening, reacting, balancing attacks and defense, and drawing power from a stable lower body are often referred to in the practice of sticky hands, again, closely relating to many primary concepts in earthbending.
අම්මෝ මෙච්චර කල් බෙන්ඩින් ගැන ලිපි ටිකක් දැම්ම..................දැන් ඔහෙල ටික ආසම ඉලෙමන්ට් ටිකයි,හේතුවයි,ආසම බෙන්ඩර්ස් ල ටිකයි ආසම ඇවටර් රුයි කොටලා යන්න පොඩි සංගණනයක් කරන්න.
අදහස්,උදහස්,ගල්මුල් කොටල ගියානම් හොදයි..........

<Guy Buddhima>

Comic Script ලිපිය

1 comment:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න