DC's Legends of Tomorrow S01E02 Review

CS-LOT-S01E02-01
DC's Legends of Tomorrow S01E02 - Pilot, Part 2

Parlor Room Easter Eggs
මේ දෙවෙනි සතියේ කතාව ගැන ලොකු කතාවක් ඇති වුනා. ඒකට හේතුව තමයි DC කොමික් ආයතනය Instagram හරහා නිකුත් කරපු චයාරුප හින්දා. 

CS-LOT-S01E02-01

මේ චායාරුපයට පස්සේ වෙන වෙනම මේ 6 ගැන කතා කෙරුවා. අපි බලමු ඒ මොනවාද, ඒවාගෙන් කියන්නේ කවුරු ගැනද සහ කතාවේ කොතනද තියෙන්නේ කියන එක. 

1. Jonah Hex's Wanted Poster

CS-LOT-S01E02-02

හැමෝම ලේසියෙන් ම අදුර ගත්ත ඊස්ටර් එග් එක මේක වෙන්න ඕනේ. මේ චායාරුප පලවෙන්න කලිනුත් ගොඩක් කට්ටිය මේක දැකලා තිබ්බා. මේක තියෙන්නේ රාක්කයක් අතර හිඩැසක බිත්තියේ ගහලා. දැකපු නැති කෙනෙක් ට කතාවේ 12.00 විනාඩි යේ දී මේක හොදටම බලා ගන්න පුළුවන්.

CS-LOT-S01E02-03


Jonah Hex එහෙමත් නැතිනම් Jonah woodson Hex කියන්නේ Old Western කැරැක්ටර් එකක්. ඒ කියන්නේ කව්බෝයි තොප්පිය ඔලුවේ දාගෙන අශ්වයා පිටින් ගමන් යන ඉලක්කයට වෙඩි තියන්න දක්ෂ කෙනෙක්. මෙයා ඒ කාලේ හිටපු දක්ෂ බවුන්ටි හන්ටර් කෙනෙක්. ජොනා හෙක්ස් ගෙ පලමු එළිදැක්වීම කරන්නේ 1972 පෙබරවාරි මාසේ එක All-Star Western#10 තුලින්.

CS-LOT-S01E02-09


2. Ma Hunkel's Pot Helmet

CS-LOT-S01E02-04

ජොනා හෙක්ස් ගේ පෝස්ටර් එකට පස්සේ ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දේ තමයි Ma Hunkel ගේ හෙල්මට් එක. පිටිපස්සේ තියන රාක්කයක් උඩ මේක තියලා තියනවා. කතාවේ 10.35 වෙලාවේ දී මේක පැහැදිලිව බලාගන්න පුළුවන් අපිට.

CS-LOT-S01E02-05

මා හනකල් කියන්නේ ගෝල්ඩන් ඒජ් රෙඩ් ටොර්නේඩෝ. මෙයා ගොඩක් ජනප්‍රිය උනේ මේ සාස්පන් හෙල්මට් එක හින්දාමයි. නිව් 52 වල දී ත් ආපහු මෙයාව ගෙන්වලා තියනවා.

CS-LOT-S01E02-06

3. Hourman's Hourglass

CS-LOT-S01E02-07

බලපු ගමන් මේක කොළ හුළගේ යනවාට තියලා තියන එකක් වගේ පේන්නේ. කාම්රය මැද මේසයක් උඩ මේක තියෙන්නේ. කතාවේ 31.06 දී මේක පැහැදිලිව බලාගන්න පුළුවන්.

CS-LOT-S01E02-08

Hourman කියන්නේ එයා හදපු රසායනික ද්‍රව්‍යක් මාර්ගයෙන් හරියටම පැයක කාලයකට අසාමාන්‍ය බලයක් ගන්න පුළුවන් කෙනෙක් ට. කොමික් වල දී මෙයාගේ නම තියෙන්නේ Rex Tyler කියලා. පස්සේ කාලේක මෙයාගේ පුතා Rick Tyler වගේම රෙක්ස් ගේ ක්ලෝනයක් වුනු Matthew Tyler දෙන්නත් Hourman විදිහට ප්‍රසිද්ද උණා. 

CS-LOT-S01E02-10

4. Sgt. Rock's Helmet

CS-LOT-S01E02-11

මේක නම් යාන්තමට වගේ තමයි දකින්න පුළුවන් වෙන්නේ. බිත්තියේ ගහලා තියන සුදු පාට චිත්‍රයකට යටින් මේක තියනවා පෙට්ටියක් ඇතුලේ. ඒ කියන්නේ 12.03 දී වගේ. මේ තැන කිහිප අවස්ථාවකම පෙන්නුවාට පැහැදිළිව බලාගන්න බැරි උනා මට නම්.

CS-LOT-S01E02-12

Sgt. Franck Rock කියන්නේ දෙවෙනි ලෝක යුද්ධ කාලේ දී Easy Company එක මෙහෙයවපු නිලධාරියා. 

CS-LOT-S01E02-13
 
5. Sandman's Gas Mask

CS-LOT-S01E02-14

මේක නම් හොයා ගන්න ගොඩක් අමාරු එකක්. සාජන්ට් රොක් ගේ හෙල්මට් එකට යටින් තට්ටුවේ මේක තියලා තියනවා යාන්තමට වගේ දකින්න පුළුවන්. 

CS-LOT-S01E02-15

Sandman කියන නම ගොඩක් දෙනෙක් භාවිතා කෙරුවා උණාට මුහුණු ආවරණය අනුව නම් මේ කියන්නේ Wesley Dodds ගැන. මෙයාට අනාගතයේ වෙන්න පුළුවන් දේවල් හීනෙන් පේනවා. මෙය කරන්නේ අයහපත් දේවල් කරන අපරාධකාරයෝ පස්සේ පන්නලා විනාශය වෙන්න කලින් එයාලව නවත්වන එක. මේකට යොදා ගන්නේ එයාම හදපු රසායනික වායුවක් මගින් අපරාධකරුවන් අඩපණ කරලා.

CS-LOT-S01E02-16

6.Dr. Mid-Nite's Bombs

CS-LOT-S01E02-17

බොරු කියන්න ඕනේ නෑ. මේ බෝම්බ නම් පැහැදිලිව දැක්කේ නෑ. ඒත් සේරම ඊස්ටර් එග් තියන ෆොටෝ එකට අනුව මේවා තියෙන්නේ සෑන්ඩ්මෑන් ගේ මුහුණු ආවරණය ගාව.

CS-LOT-S01E02-18

Dr Mid-nite එහෙමත් නැතිනම් Charles McNider කියන්නේ අන්ධ කෙනෙක්. එයාට පුළුවන් අන්ධාකරයේ දී පැහැදිලිව දකින්න. ඒ වගේම සතුන් හිලෑ කරන්නත් මෙයාට හැකියාවක් තියනවා. මෙයා යොදා ගන්න බෝම්බ වලින් පුළුවන් කෙනෙක් ව කම්පනයට ලක් කරන්න.

CS-LOT-S01E02-19

මේ අය අතරින් කිහිප දෙනක් වත් ඉදිරි කතාවලට එකතු වෙනවා කියලා තමයි දැනට තියන ආරංචිය. 

Damien Dark
කතාවට අපි අපේක්ෂා නොකළ තව කෙනෙක් එනවා. ඒ තමයි Damien Darhk. Darhk ආවෙ H.I.V.E Ghosts ලා එක්ක. එතනදි පොඩි ප්‍රශ්නයක් ආවා මට.
1. HIVE එකේ ආරම්භකයා ඩේමියන් ද ?
2. එහෙම නැත්නම් ඩේමියන් HIVE එකට එක් වුනු මුල් කාලවකවානුවද මේ කියන දෙක ...

CS-LOT-S01E02-20

අහ් තව එකක් HIVE Ghost ලගෙ කොස්ටියුම් එක ඒ කාලෙට ගැලපෙන්නෙ නැ වගෙ 

Dagger
කූෆූ ව මරන්න බාවිතා කල ඊජිප්තු ආයූදය ගැන පොඩි විස්තරයක් අපිට දැනගන්න පුළුවන්. මේකෙන් තමයි මේ දෙන්නා පලවෙනි ආත්මයේ දීත් මරන්නේ. කොමික් වලට අනුව නම් මේක Nth මෙටල් වලින් හදලා තියෙන්නේ. ඒ වගේම ඛුෆු සහ චේ-ආරා ගේ ආදරයෙන් ඇතිවන බන්ධනය හින්දා තමයි මේක විශේෂ වෙන්නේ. අපිට මුලින්ම මේක දැක ගන්න පුළුවන් වෙන්නේ Flash Comics #1 වල දී.

CS-LOT-S01E02-21

Ivy university 
Ivy universityඑක කියන්නෙ රේ ප්ලාමර් ට ගොඩක් වැදගත් තැනක් , එ කියන්නේ කොමික් වලට අනුව රේ මේ විශ්වශ්ද්‍යාලායයේ හිටපු මහාචාර්යවරයෙක් ... ARROW එකට ජෝන් කොන්ස්තන්තින් ආපු වේලාවේ ඔලීට කියනවා ... Ivy university එකෙ එයා අදුරන කෙනෙක් ඉන්නව කියලා ,ඒ කියන්නෙ රේ ප්ලාමර් ගැන.රේ එකෙ තමා එයාගෙ ඇටොම් කිට් එක ගැන මුල් පර්යෙශන ආරම්භ කරන්නේ(shrinking technolohy). 
CS-LOT-S01E02-22


Professor Martin Stein 
Professor Martin Stein තරුණ මාර්ටිව එහෙම නැත්නම් තරුණ ස්ටයින් ව මුණගැහුණ තැනදී සම්මාන උත්සවයක් ගැන කතාවක් යනවා ......... Carlin Award . ඒ නම යොදලා තියෙන්නේ Mike Carlin මහතාට උපහාරයක් වශයෙන්.ඔහු තමා Legendary SuperMan සංස්කාරක Mike Carlin. 

CS-LOT-S01E02-23

Back to Future
හැමෝම වගේ බැක් ටු ද ෆියුචර් කතාව බලලා ඇති කියලා හිතනවා. එකේ දී අතීතයට යන මාර්ටි කරන වැඩ හින්දා එයාගේ අම්මායි තාත්තයි මුණ ගැහෙන එක වැළකෙනවා. ඒකෙ ප්‍රතිපලයක් විදිහට එයාගේ ෆැමිලි ෆොටෝ එකේ ඉන්න අයියායි, අක්කයි නැති වෙලා යනවා.

CS-LOT-S01E02-25

අපිට මේ විදිහෙම දෙයක් අද කතාවේ දී බලාගන්න පුළුවන් උනා. ඒ තමයි මාර්ටින් ස්ටයින් ගේ අතේ තිබුණු මුද්ද අතුරුදහන් වෙනවා. මොකද අතීතයේ දී එයාගේ බිරිඳ මුණ ගැහෙන එක වැලකුණ හින්දා. පස්සේ ඒ වරද නිවැරදි කෙරුවාට පස්සේ තමයි මුද්ද ආයේ මතු වෙන්නේ.

CS-LOT-S01E02-24

මේ විදිහටම අපි පහුගිය කොටස් සේරම ටික ඉදිරි දින කිහිපය ඇතුලත ඔයාලට ගේන්න බලා පොරොත්තු වෙනවා.

#TMT

1 comment:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න