House of M, ඇවෙන්ජර්ස් වර්සස් එක්ස් මෙන් වගේ ඉවෙන්ට්වලින් මියුටන්ට් ජනගහනය අඩු කිරීම් වගේ මාවල් සමාගමේ නොයෙකුත් අතවරයන්ට ලක් වුණ සහ ඉදිරියේ පළ කිරීමට නියමිත, සයික්ලොප්ස් සහ ඔහුගේ කණ්ඩායම ඉන්හියුමන්ලාට විරුද්ධව සටන් කිරීම අළලා ලියැවෙන ඉන්හියුමන්ස් වර්සස් එක්ස් මෙන් ඇතුළත් ඩෙත් ඔෆ් එක්ස් ඉවෙන්ට් එකෙන් මාවල් යුනිවර්ස් එකෙන් එක්ස් මෙන් කණ්ඩායම ඉවත්ම කරාවි යැයි බොහෝ රසිකයන් (මමත් ඇතුළුව ) හිතාගෙන හිටියේ..
නමුත්, මාවල් සමාගම අළුත්ම ඉවෙන්ට් සීරීස් එකක් වෙන ඉන්හියුමන්ස්/එක්ස් මෙන් : ResurreXion සමග එක්ස් මෙන් කණ්ඩායම ගැන ශුබවාදී බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් වෙයි..
'ඇන් එන්ඩින්ග්.. අ බිගිනින්..' කියන තේමාව යටතේ පසුගිය සතියේ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරලා තිබුණා..
ඒ වගේම අළුතෙන් නිකුත් වීමට නියමිත එක්ස් සීරීස්වල කවර කිහිපයක් පසු ගිය දවසක එළි දක්වලා තිබුණා..
ස්ථීර දිනයක් නියමිත නොවුනත් 2017 ස්ප්‍රින්ග් එකේදි අයිස්මෑන් #1 සහ වෙපන් එක්ස් #1 පළ කෙරේවි..
අයිස් මෑන් #1 කවරය දිහා බැලුවාම අපිට අයිස් මෑන් සහ කාලය හරහා ආපු ළාබාල අයිස් මෑන් දැක ගන්න පුළුවන්.. මේ දිනවල පළ වෙන නෝවා කොමික් එකෙත් රිචඩ් රයිඩර් සහ සෑම් ඇලෙක්සැන්ඩර් දෙන්නම ඉන්න නිසා බොහෝ විට අපිට අයිස් මෑන් සීරීස් එකේදිත් අයිස් මෑන්ලා දෙන්නම දකින්න පුළුවන් වෙයි.. තව දුරටත් මේ කවරයේ කලින් එක්ස් මෙන් කොමික්වල අයිස් මෑන්ගේ විවිධ අවධි දකින්න පුළුවන්.. මේක අයිස් මෑන්ගේ පළවෙනි සෝලෝ සීරීස් එක..
ඒ වගේම වෙපන් එක්ස් #1 කවරයේ 616 ලෝගන්, ලෝරා(x 23), ඩෙඩ් පූල්, සේබර් ටූත්,වයිල්ඩ්චයිල්ඩ්, සවුරොන් දැකගන්න පුළුවන්.. මේ චරිත ඔක්කොම වෙපන් එක්ස් ප්‍රොජෙක්ට් එකේ නිර්මාණ හා එහිම ස්පින් ඕෆ් කිහිපයක්.. වෙනත් ඕල්ටනේට් යුනිවර්ස් එකකින් ආපු ඕල්ඩ් මෑන් ලෝගන් සහ ලෝරා කිනි(ඕල් නිව් වුල්වරීන්) අතරේ සිදුවීමකට වඩා වෙපන් එක්ස් ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව වෙන්න පුළුවන් කියලා හිතෙන්නේ x 23, ඩෙඩ්පූල්, වයිල්ඩ්චයිල්ඩ්, සවුරොන් සහ සේබර්ටූත් ඉන්න නිසා.. සමහර විට ඩෙත් ඔෆ් වුල්වරීන් සීරීස් එකෙන් මියගිය 616 වුල්වරීන්ව නැවත ගෙන්වීමක් වෙන්නත් බැරි නැහැ.. රීසරෙක්ශන් ඉවෙන්ට් එකේ අදුරුතම කතා මාලාව වෙපන් එක්ස් කියලයි නිර්මාණය කරන කණ්ඩායම පවසන්නේ..
ජීන් ග්‍රේ #1 හරහා අවුරුදු 13කට පෙර මැග්නීටෝ ලෙස වෙස්ගෙන සිටි සෝර්න් අතින් මියගිය ජීන් ග්‍රේ නැවත ගෙන්වීමක් සිද්ධ වෙන්න පුළුවන්.. කාලය හරහා පැමිණි ළාබාල ජීන් සහ ක්ලැසික් ජීන් දෙන්නම සමහර විට මේ කොමික් සීරීස් එකේ ඉන්න පුළුවන්.. නැවත ගෙන්වීමකින් හෝ ෆ්ලෑෂ් බෑක් කිහිපයක් හරහා බොහෝ විට.. කවරයේ එක්ස් අකුරේ තියෙන ගිනි දැල්වලින් ෆීනික්ස්ගේ නැවත පැමිණීමක් හෝ ෆීනික්ස්ගේ රීබර්ත් එක(කැල්සික් ජීන් ග්‍රේ නැවත ඉපදීම ) පෙන්නනවා ඇති කියලයි මම හිතන්නේ.
ඒ වගේම රීසරෙක්ශන් එකෙන්ම කාලෙකට පස්සේ ජෙනරේශන් එක්ස් කොමික් සීරීස් එකකුත් නිකුත් කරන්න තීරණය කරලා තියෙනවා..
මේ කවරයේ කලින් එමා ෆ්රොස්ට් සහ බැන්ශී නිර්මාණය කරපු ජුබිලී, චෙම්බර්, සින්ක්, එම්, හස්ක්, ස්කින්, මොන්ඩෝ සහ පෙනන්ස්ගේ මුල්ම ජෙනරේශන් එක්ස් කණ්ඩායමේ රූපයත්, නිවු මියුටන්ට් කණ්ඩායම් කිහිපයක රූපත් දකින්න ලැබෙනවා.. මූන්ස්ටාර්, ජුබිලී, නේචර් ගර්ල්, අයි බෝයි, පික්සී , කැනන්බෝල් සහ ස්පීඩ් කියන මියුටන්ට්ලා 7දෙනාගේ රූප වෙනම දක්වලා තියෙනවා.. මේ අළුත් ජෙනරේශන් එක්ස් කණ්ඩායම වෙන්න පුළුවන්.. මූන් ස්ටාර්, කැනන් බෝල් සහ ජුබිලී බොහෝ විට කණ්ඩායම හසුරුවන අය වෙන්න ඉඩ තියෙනවා..
රීසරෙක්ශන් යටතේ කේබල් කොමික් එකකුත් එනවා කියලා දැනුම් දීමක් කරලා තිබුණා.. අන්කැනි ඇවෙන්ජර්ස්ලා එක්ක සම්බන්ධ වෙලා හිටපු මේ කාලය හරහා යන මියුටන්ට්ගේ මොන විදියේ කතාවක් අපිට කියවන්න ලැබෙයිද බලමු..
මීට අමතරව රීසරෙක්ශන් ඉවෙන්ට් එක ප්‍රධාන කොමික් සීරීස් දෙකක් ඔස්සේ ගලාගෙන යනවා කියලා දැනගන්න ලැබෙනවා..
ඒ එක්ස් මෙන් බ්ලූ සහ එක්ස් මෙන් ගෝල්ඩ්..
මේ කොමික් දෙකේ එක්ස් මෙන් කණ්ඩායම් දෙකක් තියෙන බව සදහන් වෙනවා..
පාඨකයෝ මේ කොමික් සීරීස් දෙකත් එක්ක ටීම් බ්ලූ හෝ ටීම් ගෝල්ඩ් ලෙස තමන් සහය දක්වන කණ්ඩායම් තෝරගන්න්න පෙළඹේවි කියලා ඔවුන් තව දුරටත් සදහන් කර තියෙනවා..











elama sahoo
ReplyDelete